Sri Lanka Brief
අධිකරණ ස්වාධිනත්වය

අධිකරණ ස්වාධිනත්වය

  • විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව  – නිලන්ත ඉලංගමුව Read more >

    විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව – නිලන්ත ඉලංගමුව

    විද්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින නමුත් කාරණයේදී අත්හරින සහ මඟහැරෙන කාරණා රාශියක් පවතින බව දක්නට ලැබේ. මෙය අතිශය සංවේදී කාරණයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම අදාළ […]

  • විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි Read more >

    විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි

    විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා […]

  • බල්ලන් මොනතරම් බිරුවත් තවලම ඉදිරියට යනවා – නීතිඥ ජේ.සී. වැලිඅමුණ

    මුල්‍ය විමර්ශන කොට්ඨාසයට ගහන්නෙ  පදනමක් නැතුවයි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් “සිළුමිණ” පැවැත්වූ සංවාදයකි මේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන්, තීන්දුව ගැන ප්‍රබල සංවාදයක් රටේ ඇතිව තියෙනවා. නීතිඥයකු හැටියට ඔබ මේ කාරණය කියවන්නේ මොන විදිහටද? මෙහෙමයි. දූෂණයට එරෙහිව […]

  • පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා Read more >

    පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා

    (කළහකාරී පිරිස් අධිකරණයට ද පහර දුන්හ) පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සිටිමින් 2015.05.20 දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සාමකාමි විරෝධතාවයට සහභාගි වන ලෙස දෙමළ ගුරු සංගමය, යාපනය ව්‍යාපාරකයින්ගේ සංගමය, විශ්ව විද්‍යාල ප්‍රජාව, ශිෂ්‍ය සහ තරුණ සංවිධානය විසින් විවෘතා ආරධනාවක් කර තිබුණි. ඉන් පසු, විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් විද්වතුන්, ආගමික නායකයින්, ගුරුවරු, සිසුන්, කාන්තාවන් […]

  • ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය Read more >

    ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් නීතිගත වී ඇති බැවින් එයට අනුව රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළයුතු යැයි පුරවැසි බලය කියා සිටී. ඒ අනුව ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම ධූරවලට සුදුසු ගෞරවනීය පුද්ගලයන් පත්කර ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා […]

  • රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය

    අම්මප ඇත්ත! රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං! ඔක්කාරය හැදුණත් මේ කතා ඇත්ත. තමන්ගේම අතීතය අමතකවීම ලෙඩක්! ඒකට කියන්නේ ඩිමෙන්ෂියාව කියළයි. සමහරුන්ට මේ අසනීපය හැදෙන්නේ කැමැත්තෙන්. රාජපක්ෂවරුන්ටත් එහෙම වෙන්න ඇති. ‘‘ මං ඔය අවලන් උසාවි වලට බය නැහැ. […]

  • ‘මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්’ Read more >

    ‘මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්’

    මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව එම මිනීවල සම්බන්ධයෙන් ‘පරීක්‍ෂණ පැවැත්වූ වෘත්තීය විශේෂඥයන්ට කරන ලද බලවත් අපහාසයකැ’යි පරීක්‍ෂණ කටයුතුවල නියැලූණු වෘත්තීයවේදීහු කියා සිටිති. මිනීවලේ කැනීම් මෙහෙයවූ වෝහාරික පුරා විද්‍යාඥයා සහ කැනීම් භාර ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා JDS සංවිධානය වෙත පවසා ඇත්තේ, තමන් මෙම ජනාධිපති කොමිසමේ වාර්තාව හා […]

  • ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල් Read more >

    ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල්

    පොදු රද මඬුලු අධිකරණ මතය ලබාගැනීම සුදුසුම ක්‍රමයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් උත්තර බැඳීමට ඔක්තෝම්බර් මාසය වන තෙක් අධිකරණය තමාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාව ලබා දී නොතිබීම ප්‍රශ්නයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන දඩයමක් සිදු කරන බවට නඟා ඇති චෝදනාවලට පිළිතුරු දීමට තමාට ලෙහෙසියෙන් හැකියාව ඇති බව අවධාරණය කළ අගමැතිවරයා […]

  • මූල්‍ය අපරාධ විමර්ශන අංශය පි‍ළිබඳව අගමැති කාර්යාලය තතු පහදයි Read more >

    මූල්‍ය අපරාධ විමර්ශන අංශය පි‍ළිබඳව අගමැති කාර්යාලය තතු පහදයි

    ( හිටපු ඇමැති ජෙන්ස්ටන්  මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ අනුව අත් අඩංඟුවට ගත් එක් රාජපක්ෂවාදී දූෂකයෙකි) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය සහතික කරන අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවට ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් […]

  • එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති  කොමිෂන් සභාව Read more >

    එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

    එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන් ජනතාවගෙන් 60%ක් පමණ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට […]

  • සෑර් මාර සීන් එක නේ උනේ..! Read more >

    සෑර් මාර සීන් එක නේ උනේ..!

    ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය.. සෑර් මාර සීන් එක නේ උනේ..! ඇයි මොකක්ද මාතේ සීන් එක…? මෙහෙටත් භූමී කම්පාවක්ද..? භූමීය කම්පා නොවෙයිද සෑර්…? ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ? වෙලා තියෙන්නේ…?, ඔබ තුමා කොහෙද ඉන්නේ…? ඉන්න හිටින්න තැනක් නෑ බං.., අනික මම කොහේ හිටියම උඹට මොකටෙයි..? […]

  • විදුලි සංදේශ කොමිසමේ මිලියන 620 වංචාව: ලලිත්-අනූෂ-වටිනාපහ හිමිගෙන් යළිත් ප්‍රශ්න කැරේ Read more >

    විදුලි සංදේශ කොමිසමේ මිලියන 620 වංචාව: ලලිත්-අනූෂ-වටිනාපහ හිමිගෙන් යළිත් ප්‍රශ්න කැරේ

    පසුගිය පාලන සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන හයසිය විස්සක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනම් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පියවර ගෙන ඇත. ‍ෙම් යටතේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන් සහ හිටපු ජනාධිපති උපදේශක වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් […]

  • 19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ  ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය Read more >

    19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය

    සති ගණනාවක් පුරාවට අස්ථාවරව පැවති ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය හොදින් හෝ නරකින් හෝ නිමාව දකින කාලය ඇත්තේ ඉදිරියට ය.  හොඳින් නිමාව දකිනු ඇතැයි කිව හැක්කේ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සදහා වන පාර්ලිමෙන්තු විවාදය අද (27) දිනයේ ආරම්භ වන නිසා ය. එය සම්මත කර ගැනීමෙන් පසු 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජිත නව මැතිවරණ ක‍්‍රමය […]

  • මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම! Read more >

    මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!

    මෙත්සිරි අම්බලන්ගොඩ විසිනි ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි කියන්නේ බහුතර ජන්දයෙන් හය වසරකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනට ය. රාජපක්ෂගේ මේ කතාව සිහි ගන්වන්නේ ‘ නයා සාධාරණ වූ විට […]

  • පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි Read more >

    පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි

    රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ  ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනතා දේපළ සොරා කා […]

  • ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය

    ලෝක කාන්තා දිනය ගෙවී ගියේ ය. ජෙයකුමාරි බාලේන්ද්‍රන් මාර්තු 08 දා වන විට දින 360ක් සිර ගතව සිට තිබුණි. ඇය මවක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. කන්තා දිනයෙන් දෙදිනකට පසු ජෙයකුමාරි බාලෙන්ද්‍රන් ඇප සහ කොන්දේසි පිට නිදහස් කෙරැණි. ඒ වන විට ඇය 362ක්ම ඇය රැඳවා තිබුනේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර ය. අධිකරණය හමුවෙහි පොලීසිය දිගටම කියා […]

  • දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි – ලංකා ජාත්‍යන්තරය Read more >

    දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි – ලංකා ජාත්‍යන්තරය

    (ශ්‍රී ලංකාවේ රැදවියන්: පුසතකාල ජායාරූපයකි) පුවත්පත් නිවේදනය /08.03/2015. පසුගිය ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයෙහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ බහුතර ජනයාගේ කැමැත්ත ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ රටෙහි නීතියේ පාලනය පිහිටුවන බවට දෙන ලද පොරොන්දුවයි. නීතියේ පාලනය පිහිටුවීම යන කාරණයට යනු අවනීතික ලෙස දිර්ඝ කාලයක් චෝදනා ඉදිරිපත් නොකර දේශපාලන හේතූන් උඩ රඳවා සිටින දෙමළ ජාතික […]

  • “ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ Read more >

    “ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ

    මේ වන විට වැඩිම අවධානයට යොමුව සිටින දේශපාලන සිරකාරිනිය වන්නේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි බව කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. වසරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බාලේන්ද්‍රන් ජයකුමාරිට එරෙහිව චෝදනා ඇත්නම් ගොනු කරන ලෙස සහ එසේ නොමැති නම් ඇය නිදහස් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) රජයෙන් […]

  • කෝටි 150 ක ගල් අඟුරු ගසාකෑවයි කාංචන රත්වත්තේ අත් අඩංඟුවට Read more >

    කෝටි 150 ක ගල් අඟුරු ගසාකෑවයි කාංචන රත්වත්තේ අත් අඩංඟුවට

    (කාංචන රත්වත්ත රාජපක්ෂ යුගයේ ප්‍රබලයෙකි) කල්පිටිය, නොරොච්චෝලේ බලාගාරයට ලංකා කෝල්ට්ස් සමාගමෙන් ගෙන්වූ බව කියන ගල් අඟුරු නැව් දෙකකින් කෝටි 154 ක් පමණ වංචා කළැයි දැනට නැව් සංස්ථාවේ සභාපති කාංචන රත්වත්තේ ඇතුළු නිලධරයන් 4 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක මෙවන් සිල්වා මහතා පවසා තිබේ. විදුලිබලාගාරය විසින් 2012/2013 වසරවල ගෙන්වූ මෙම ගල් […]

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල  සමරවීර Read more >

    මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

    ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් […]

  • නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව

    ජනාධිපතිවරයා * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය. * දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ කාර්යයන් හැරුණු කොට ජනාධිපතිවරයා විසින් ජාතික සමගිය සහ […]

  • ජනපතිවරණයෙන් පසු ආණ්ඩුකරණය හා ආයතන යළි ගොඩනැගීම – මහාචාර්ය ජයදේව උයන්ගොඩ Read more >

    ජනපතිවරණයෙන් පසු ආණ්ඩුකරණය හා ආයතන යළි ගොඩනැගීම – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

    මහින්ද රාජපක්ෂ පාලනයෙන් පසු ලංකාවේ ආණ්ඩුකරණ න්‍යාය පත‍්‍රයේ ඇති ප‍්‍රධාන තේමාවක් වන්නේ, ආණ්ඩුකරණ ආයතන යළි ගොඩනැගීමයි. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය, මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාලවල සිට ගමේ ග‍්‍රාම නිලධාරී හා සමෘද්ධි කාර්යාල දක්වා ”ආයතන යළි ගොඩනැගීමේ” අභියෝගය විහිදී තිබේ. මෙම කරුණ ගැන ආණ්ඩුවේ කොටස් අතර අවබෝධයක් සහ වුවමනාවක් තිබෙන බව පෙණුනත්. එය කොතරම් ශක්තිමත් එකක් ද […]

  • මොහාන් පිරීස් පරදවා සත්‍යය ජය ගත්තේය – කේ. ඩබ්ලිව්. ජනරංජන Read more >

    මොහාන් පිරීස් පරදවා සත්‍යය ජය ගත්තේය – කේ. ඩබ්ලිව්. ජනරංජන

    යුක්තිය වෙනුවෙන් රටේ ජනතාව විසින් කරන ලද තවත් අරගලයක නිමාව අවුරුදු දෙකකට පසු ව සිදු විය. තත්ත්වාකාර අගවිනිසුරු වෙනුවට නීත්‍යනුකූල අගවිනිසුරුවරිය නැවත ධුරයේ පිහිටුවන්නට හැකි විය. එසේ කළ හැකි වූයේ ‘සත්‍යය කවදා හෝ ජය ගනීවියැ’යි පතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිකුත් කළ නිවේදනයක් මාධ්‍යවල පළ වී තිබුණු දිනයේ දී ම වීම උත්ප‍්‍රාසජනක ය. තත්ත්වාකාර අගවිනිසුරුට […]

  • නව අගවිනිසුරු සමානාත්මතාවයේ සංකේතයක් – උතුරේ මහ ඇමති Read more >

    නව අගවිනිසුරු සමානාත්මතාවයේ සංකේතයක් – උතුරේ මහ ඇමති

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහා ඇමති.වී.විග්නේස්වරන් ප්‍රකාශ කරයි. ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ නව අගවිනිසුරුවරයා වශයෙන් කේ. ශ්‍රීපවන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය තුලින් රටේ නීතිය හා සාධාරණය පැහැදිලිව ඉස්මතු වන බවත් ඒ තුළින් ශ්‍රී […]

  • ශිරානිට බණ කියන රාජිත සේනාරත්න නීති ගරුක ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    ශිරානිට බණ කියන රාජිත සේනාරත්න නීති ගරුක ද? – සුනන්ද දේශප්‍රිය

    හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායකට විරැද්ධව ජනාධිපති රාජපක්ෂ ගෙන ආ දෝශාභියෝගය සාධරණ කිරීමට නව ආණ්ඩුවේ ප්‍රකාශක වන දැන් රාජිත සේනාරත්න ඉදිරිපත්ව සිටී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වශයෙන් බලයට පත් වූයේ රාජපක්ෂ පාලනය විසින් ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පැනවූ අනීතික සහ නිනිදිත දෝශාභියෝගයට විරුද්ධව පෙළ ගැසුණු නීති ප්‍රජාවේ සහාය ද ඇතිව බව රාජිත සේනාරත්නට අමතක පාට ය. අගවිනිසුරුවරියට […]

  • පීරිස් ගෙදර;ශිරාණි බණ්ඩාරනායක යළිත් අගවිනිසුරු (ජායාරෑප) Read more >

    පීරිස් ගෙදර;ශිරාණි බණ්ඩාරනායක යළිත් අගවිනිසුරු (ජායාරෑප)

    දෝෂාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් පහ කෙරුණ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, යළිත් අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබ තිබේ. පත්වීම ලැබීමෙන් පසුව අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පිවිසි ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරවරිය නීතිවේදීන් සහ රැස්ව සිටි ජනතාව විසින් උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබිණ. පසුව සිය නිල කාමරයට පිවිසි අගවිනිසුරුවරිය සිය වැඩ කටයුතු ආරම්භ කළාය. හිටපු අග්‍රවිනිශ්චයකාර මොහාන් […]

  • හෙට ප්‍රමාද වැඩියි – රංජිත් හේනායකආරච්චි Read more >

    හෙට ප්‍රමාද වැඩියි – රංජිත් හේනායකආරච්චි

    කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ ආකාරයකින් මහින්දලා අතින් බලය ඉවතට ගෙන දැන් සති 2 ක් ඉක්ම ගොසිනි. බලය පෙරලීමට මුල්වූයේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය මත පාලනය සහ දූෂණය වැනි හේතූන්ය. අලුතින් බලය අතට ගත් අය දැන් ඔවුන්ගේ […]

  • වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්‌ Read more >

    වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්‌

    (වැලිකඩ ඝාතනයේ ආරම්භය) වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා විශේෂ කාර්ය බළකාය අතර 2012 නොවැම්බර් මස 09 වැනිදා ඇති වූ ගැටුම පිළිබඳව නිසි විමර්ශනයක්‌ සිදුකර මියගිය හා වින්දිතයන් බවට පත් වූ අයට සාධාරණයක්‌ ඉටුකිරීම සඳහා අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ ඊයේ (23 දා) පත්කර තිබේ. මීට පෙරාතුව පත්කර සිටි ත්‍රිපුද්ගල කමිටුවට […]

  • ඉල්ලං කෑමට පෙර හොර අග විනිසුරු පීරිස් පන්නන ජන බලය කැදවනු! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඉල්ලං කෑමට පෙර හොර අග විනිසුරු පීරිස් පන්නන ජන බලය කැදවනු! – සුනන්ද දේශප්‍රිය

    ( ඒ ජන බලය යළි කැඳවනු) හොර අගවිනිසුරු මොහාන් පිරිස් දැන් මෛත්‍රී – රනිල් ආන්ඩුව තුට්ටු දෙකකට දෑමිමට සැරසෙයි. තමා ඉල්ලා අස්වීමට කැමැති බව මෙම හොර දෙටුවා නව ආණ්ඩුවට දෙවරක්ම අඟවා සිටියේ පසුගිය දින දහය ඇතුළත ය. පළමුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිවේදියෝ පැවැත් වූ උද්ඝෝෂනය හමුවේ මොහාන් පීරිස් ඇඟවූයේ තමා පාප්තුමාගේ සංචාරයෙන් පසු ඉල්ලා අස්වන බවයි.ඉන් […]

Back to Top