Sri Lanka Brief
අතුරුදහන් කිරීම්

අතුරුදහන් කිරීම්

  • ජනාධිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද? – සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති සිරිසේන පසුගිය දා බීබීසී සිංහල සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාව ඔහුගේ ‘අම්පාර දේශණා’ වෙන් පසු වැඩිම ප්‍රසිද්ධියට පත් සාකච්ජාව බවට පත් විය. ඒ කණගාටුවකට මෙන් සාධනීය ප්‍රසිද්ධියක් නොව නිශේධාත්මක ප්‍රසිද්ධියක් වශයෙනි. ඇත්ත වශයෙන්ම නම් එකී සම්මුඛ සාකච්ජාව අන්තර් ජාතික වශයෙන් මහත් කුප්‍රසිද්ධියට පත් වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පරික්ෂණ සඳහා විදේශීය විනිසුරන් ගෙන්වීමට […]

  • මාධ්‍යවේදී ප‍්‍රගීත්ගේ නඩු විභාගය නිදහසේ කර ගෙන යෑමටනම් ඥාණසාර හිමිගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට දඬුවම් ලබා දිය යුතුය. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    මාධ්‍යවේදී ප‍්‍රගීත්ගේ නඩු විභාගය නිදහසේ කර ගෙන යෑමටනම් ඥාණසාර හිමිගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට දඬුවම් ලබා දිය යුතුය. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් අනතුරුව, භික්‍ෂූන් රුසක් සමඟ උසාවියට පැමිණ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැමිණිල්ලේ නීතිඥවරුන්ට අපහාස කරමින් කෑ ගසා, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙත කඩා පැන ඉතා අශ්ලීල ලෙස ඇයට අපහාස කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම පිළිකුල පළ කර සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔහුව අත්අඩංගුවට ගෙන, පරීක්‍ෂණ කොට දඬුවම් පමුණුවන ලෙස අවධාරණය […]

  • ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්! Read more >

    ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්!

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනා මාස හයකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය පසුගියදා හෝමාගම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළිදරව් වූ අතර ජනාධිපති නීතිඥ […]

  • ප්‍රගීත් පැහැර ගැනීමේ නඩුවට හමුදාපති අත්අඩංගුවට ගන්න පුලුවන් – මහේස්ත්‍රාත් Read more >

    ප්‍රගීත් පැහැර ගැනීමේ නඩුවට හමුදාපති අත්අඩංගුවට ගන්න පුලුවන් – මහේස්ත්‍රාත්

    ශ්‍රී ලංකා බ්‍රීෆ්/12.01.2016) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සැපයීම වළක්වන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 185වන වගන්තිය යටතේ හමුදාපති අත්අඩංගුවට ගත් හැකි බව හෝමාගම මහේස්ත්‍රාත් රංග ජයසූරිය ඊයේ අනතුරු හැඟවීය. මෙසේ අනතුරු හඟවන ලද්දේ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් නඩුව ඊයේ එනම් ජනවාරි 11දා විභාගයට ගත් අවස්ථාවේදී ය. මෙම නඩු […]

  • ප්‍රෞඩ සංස්කෘතිය, මඩු වලිග සහ තනපට ගැලවීම –  සුනන්ද දේශප්‍රිය Read more >

    ප්‍රෞඩ සංස්කෘතිය, මඩු වලිග සහ තනපට ගැලවීම – සුනන්ද දේශප්‍රිය

    නත්තල නිමාවී නව අව්රුද්දකට මුල පිරීමට ඔන්න මෙන්න කියා ඊටත් වඩා ජනවාරි විප්ලවයේ ප්‍රථම සංවත්සරය අභිමුවෙහි අහෝ! ශ්‍රී ලංකාව ලොව පතල වූයේ කුමන තරමේ කුහක සදාචාරයට ද? එම කුහක සදාචාරය කලඑළියට ආවේ ජනවාරි විප්ලවයේ නායකයා වූ ජනාධිපති සිරිසේනගෙන් වීම කොතරම් ඛේදවාචකයක් ද? ජනාධිපති සිරිසේනගේ වචනයෙන් පසුගියදා කොළඹ පැවැත්වුනු එන්රික් ඉග්ලේසියස් සංගීත සංදර්ශනය මෙරට ප්‍රෞඩ සංස්කෘතියට වින […]

  • අතුරුදහන් කිරීම් වැළැක්වීමේ සම්මුතියට ශ්‍රී ලංකාවත් Read more >

    අතුරුදහන් කිරීම් වැළැක්වීමේ සම්මුතියට ශ්‍රී ලංකාවත්

    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලූම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට රජය තීරණය කරයි. එම අනතර්ජාතික සම්මුතියට ශ්‍රී ලංකාව අද, බ්‍රහස්පතින්දා අත්සන් තබන බවත් ඊයේ බදාදා මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කිසිදු පුද්ගලයෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් නොකළ යුතු අතර එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථ දක්වා එසේ […]

  • ජනපති සමග ඡායාරූපයේ ඉන්නේ අතුරුදහන් දැරිය ද? Read more >

    ජනපති සමග ඡායාරූපයේ ඉන්නේ අතුරුදහන් දැරිය ද?

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යපාර සිදු කළ සමයේ ඔහු සමග පාසල් දැරියන් සිටින ඡායාරූපවල සිය අතුරුදහන් දැරිය සිටින බත් ඇය සොයා දෙන්න ලෙසත් වවුනියාව උතුර නෙඩුනේකේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි කාසිපිල්ලේ ජෙයලවදනි නැමැති මවක් කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී මනෝ ගනේෂන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. කාසිපිල්ලේ ජෙරෝමි නැමති තම දුව පසුගිය 2009-03-04 දින අවසන් යුද්ධය පැවැති ඉරට්ටයිවායිකාල් […]

  • රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක් නාවික කඳවුරෙන් මතුවෙයි Read more >

    රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක් නාවික කඳවුරෙන් මතුවෙයි

    ( අරුත් ගමුද? නාවික හමුදාපති සමඟ රාජපක්ෂ දෙබෑයන්) පසුගිය පාලන සමයේදී කප්පම් ගැනීම සඳහා සිසුන් හා වෙනත් පුද්ගලයින් පැහැරගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන වැගන් රථයක් ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකින් අනතුරුව, ඊට සහභාගී වූ සිසුන් […]

  • මර්වින්ගේ ලේකම්වරු පැහැරගත්  සුදු වෑන් කල්ලි පිළිබඳ පරීක්ෂණ තවදුරටත් Read more >

    මර්වින්ගේ ලේකම්වරු පැහැරගත් සුදු වෑන් කල්ලි පිළිබඳ පරීක්ෂණ තවදුරටත්

    සුදු වෑන්වලින් තම ලේකම්වරු තිදෙනකු පැහැරගෙන යාම සම්බන්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව ‘සුදු වෑන් කල්ලිය’ පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා විසිනි. 2011 වසරේ දෙසැම්බර් මස අගභාගයේ සිට 2012 වසරේ අපේ‍්‍රල් මාසය දක්වා කාලය […]

  • එජා විශේඥයින් හමුවූ පවුල්වලට හමුදා තර්ජන; පරණ පුරුදු හමුදාවේ තවම තියෙනවා – මංගල Read more >

    එජා විශේඥයින් හමුවූ පවුල්වලට හමුදා තර්ජන; පරණ පුරුදු හමුදාවේ තවම තියෙනවා – මංගල

    ( අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂක හමුදා විසින් තර්ජනය කිරීම ‘කිසිසේත්ම පිළිගන්න බෑ’යැයි  එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුව කියයි) අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මේ දක්වාම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල තර්ජනවලට සහ හිරිහැරවලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී තමන් හමු වී සාකච්ඡා කළ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂක හමුදා විසින් තර්ජනය කරන ලද බවට […]

  • අතුරුදන් කිරීම් සහ  අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – රුකී ප්‍රනාන්දු Read more >

    අතුරුදන් කිරීම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – රුකී ප්‍රනාන්දු

     බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වීම ලැජ්ජාවට කරුණකි.  එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමෙන් ලැබී ඇති නවතම දත්තයන්ට අනුව, මේ වන විට තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත යොමු […]

  • අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතුයි Read more >

    අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතුයි

    මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතු බවත්, චෝදනා කරන රැදවුම් මධ්‍යස්ථාන සහ සමූහ මිනීවලවල් ඇති ස්ථානවලට පිවිසීමේ හැකියාව සහතික කළ යුතු අතර ක‍්‍රියාකාරී කණ්ඩායමේ ව්‍යායාමයට පහසුකම් සලසා දීම සඳහා සියළුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළ යුතු බවත් , බලහත්කාරයෙන් අතුරුදන්කරවීම හා අනිකුත් […]

  • අභියෝගය: ජිනීවා යෝජනාව සහ හරි දේ තෝරා ගැනීම – රුකී පුනාන්දු Read more >

    අභියෝගය: ජිනීවා යෝජනාව සහ හරි දේ තෝරා ගැනීම – රුකී පුනාන්දු

    ( ආණ්ඩුව කතා කරන්නේ සිංහල ජනයා අස්වැසිමට පමණද?) ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවති සිවිල් යුද්ධ කාලයේදී සිදු වී ඇතැයි කියන බරපතල ගනයේ අපරාධ වලට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර […]

  • ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය

    ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ වරනීයතාවය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය පිලිබඳ ඔහු විසින් තර්ක කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණ. ශ්‍රී ලංකාව […]

  • එක්නැලිගොඩ ඝාතකයන් බේරා ගැනීමට ගෝඨාභය යුද හමුදාව මෙහෙයවයි: යුද හමුදා අරමුදල යොදවයි Read more >

    එක්නැලිගොඩ ඝාතකයන් බේරා ගැනීමට ගෝඨාභය යුද හමුදාව මෙහෙයවයි: යුද හමුදා අරමුදල යොදවයි

    රටේ පවතින සියළුම නීති වලට සහ යුද හමුදා නීතියටද සම්පූර්ණයෙන්ම පටහැනිව නිරායුධ අහිංසක මාධ්‍යවේදියෙක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුතු යුද හමුදා නිලධාරීන් සඳහා යුද හමුදාව විසින් වෙනම හමුදා අධිකරණයක් මගින් පරීක්ෂණ සිදු කළ යුතුව තිබියදී මහජන මුදල් වූ යුද හමුදා අරමුදලේ මුදල් වියදම් කරමින් ඔවුන් බේරා ගැනීම සඳහා නිර්ලජ්ජිත ආකාරයෙන් […]

  • එක්නැලිගොඩ පරීක්ෂණ ‘රාජපක්ෂවරුන් අඩාළ කරනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ Read more >

    එක්නැලිගොඩ පරීක්ෂණ ‘රාජපක්ෂවරුන් අඩාළ කරනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ

    කේඑස් උදයකුමාර් කොළඹ සිට. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව සිදු කරන පරීක්ෂණ අඩාළ කිරීමට රාජපක්ෂවරුන් ක්‍රියාකරන බව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කරයි. නඩු විභාගයක් සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේ දී ඇය මාධ්‍ය වෙත මෙම අදහස් පල කළාය.”ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිවේදී කාලිංග ඉන්දතිස්ස. කාලිංග ඉන්දතිස්ස නීතිවේදියා අවස්ථා කීපයකදීම […]

  • ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු Read more >

    ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

    මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය – කෙටුම්පත් යෝජනාවලිය. 2 වන අයිතමය – ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.   මානව හිමිකම් කවුන්සලය. පෙර වදනට අදාළ ඡේද:   අර්ථ නිරූපනය: යෝජනාවලියක පෙරවදනට අදාළ ඡේද මගින් සිදු කරන්නේ අදාළ යෝජනාවලියේ පසුබිම සහ හරය පැහැදිලි කිරීමටයි. යෝජනාවලියේ ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද මෙන් පෙරවදනට අදාල ඡේද […]

  • ‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

    වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය. එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි […]

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන්  “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි Read more >

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන් “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි

    ( රැදවියන් සමඟ වැලිකඩ සිරගෙදර ඇතුලත දර්ශණයක්) වොච්ඩෝග් විසිනි.  නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී. 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි. තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15 අවුරුද්දක්. අවසාන තීන්දුවක් නොමැතිව නඩු වාර 400-500 අතර ප්‍රමාණයකට මුහුණ දුන් අයෙක්. එක් පුද්ගලයෙකුට එරෙහිව නඩු 15ක් තිබේ. පුද්ගලයන් 21ක් (හෝ ඊට වැඩි […]

  • ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන්  විමසා බැලීමක් Read more >

    ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන් විමසා බැලීමක්

    ( මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් වාර්තාව ඉදිරිපත් කළේ සැප් 18වනදා ය) ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම  පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද? ශ්‍රී ලංකාව තුල පැවතී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ මැයි මස අග බාගයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතීන්ගේ මහ […]

  • ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය

    ( ජීනීවා හි  ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ තම රට වාර්තාව සැළකල්ලට ගන්නා බව කීවේ ය) රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූයේ යැයි කියන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පසුගිය 30 දා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. අනතුරුව ඒ පිළිබද විවිධ […]

  • එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු Read more >

    එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු

    2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී මම ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොමැති, වයස අසූ ගණන් වල පසු වන ඔහුගේ දෙමාපියන් රාමචන්ද්‍රන් නැවත පණ පිටින් එතැයි බලාපොරෙත්තු අතහැර ගත් සෙයකි. නමුත් ඔවුන් සිටින්නේ සිය […]

  • වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු Read more >

    වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු

    ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පිළිබඳ ජිනීවා වාර්තාව දෙමළ සහ සිංහල යන ප්‍රජාවන් දෙකටම අභියෝගයක් බව පවසන රුකී ප්‍රනාන්දු මෙම වාර්තාව පසුබිමෙහි දැන් අප විසින් අප කෙරෙහිම බැලිය යුතු එනම් යුද්ධයට අපගේ දායකත්වය කුමක්විද යන්න කල්පනා කර බැලීමට කාලය එලඹ ඇති බවට තතර්ක කරයි. ශ්‍රී ලංකවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු ජිනීවාහිදී ලබා දෙන […]

  • සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි Read more >

    සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය. පහතින් අත්සන් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන වන අපි, සංහිඳියාව, වගවීම සහ ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත් කළ වාර්තාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මානව […]

  • යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක් Read more >

    යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්

    (මහ කොමසාරිස් සෙයඩ් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින්) ජීනීවා ,16 සැප්තැම්බර් 2015. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇත. යුක්තිය ඉටු කිරීමේ […]

  • හමුදාව ගෙන ගිය 158ක් ආගිය අතක් නෑ! අතුරුදහන් වූ නැගෙනහිර වැසියන් වෙනුවෙන් උද්ඝෝෂන

    මීට වසර විසිපහකට පෙර හමුදාව විසින් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ පුද්ගලයන් 158 දෙනෙකු මඩකලපුවේ දී ඥාතීන් විසින් සිහිපත් කෙරුණි. 1990 සැප්තැම්බර් පස් වෙනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවති අනාථ කඳවුර වැටලූ යුද හමුදාව එහි රැකවරණ ලබා සිටි 45000 ක් පමණ පිරිස අතරින් 158 දෙනෙකු තෝරා, බස් රථවලින් රැගෙන ගිය බවයි එම සරණාගත කඳවුරේ කළමනාකරණ කටයුතු කළ […]

  • ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් මහතා අතුරුදහන් වී වසර 9කට පසු – රුකී ප්‍රනාන්දු

    2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු විසින් ජිම් බ‍්‍රවුන් පියතුමාට තර්ජනය කර තිබිණි. එල්.ටී.ටී.ඊ ය සහ රජයේ හමුදා අතර ගැටුම් පැවතුණු කාලයේදී තුවාල ලැබූ සිවිල් වැසියන්ට අල්ලයිපිඩි ප‍්‍රදේශයෙන් ඉවත් […]

  • අතුරුදහන් වූවන් සමරා ඇම්නස්ටියෙන් ‘නිහඬ කළ සෙවණැලි’ Read more >

    අතුරුදහන් වූවන් සමරා ඇම්නස්ටියෙන් ‘නිහඬ කළ සෙවණැලි’

    ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සිදු කරනු ලැබූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කාව්‍ය නිර්මාණ තරඟයක් දියත් කොට තිබේ. දශක ගණනාවක් පුරා සිදු වූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් ‘නිහඬ කළ සෙවණැලි’ කාව්‍ය නිර්මාණ තරඟයට සහභාගි වන මෙන් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අතුරුදහන් වූවන් පිළිබඳ […]

  • සුදුවෑන් වලින් උස්සල මිනී මැරුවේ මහින්ද දැනුවත්ව ! ඩොනල්ඩ් පෙරේරා හෙළිකරයි

    රාජපක්ෂ යුගයේදී සුදුවෑන් වලින් කළ පැහැරගෙන යාම් සිය ගනනක් සිදුවිය. ඒ පැහැර ගෙන ගිය මිනිස්සු ආපසු ආවේ නැත. එහෙත් ආපසු එන්නට වාසනාව පෑදුන් ව්‍යාපාරික ඩොනල්ඩ් පෙරෙරේරා මහතා තමන් අත්වින්ද සත්‍ය ‘සත්හඬ ‘පුවත් පතට හෙළි කර ඇත. ඔහුගේ ප්‍රකාශය අනුව මෙම සුදුවෑන් මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අවබෝධය මත සිදුව ඇත. නම? අංගගේ ඩොනල්ඞ් රංජිත් පෙරේරා. […]

  • අතුරුදහන් කිරීමට හේතු වූ ප්‍රගීත් ලියූ ‘පවුල් ගස‘ පොතෙන් පළ වු එකම කොටස Read more >

    අතුරුදහන් කිරීමට හේතු වූ ප්‍රගීත් ලියූ ‘පවුල් ගස‘ පොතෙන් පළ වු එකම කොටස

    රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි. මමයි ලොකු අයියා. මට  ඕන ඉඩම්. පොලිසියේ කොස්තාපල් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉඳන්ම මට තිබච්ච හීනයක් ඒක. නමුත් කරගන්න බැරි වුණා. මල්ලි ජනාධිපති වුන එක වාසනාවට හිටියා දැන්  ඕන තරම් ඉඩම් තියෙනවා, සල්ලිත් කියෙනවා. මිනිහෙකුට කවදහරි චාන්ස් එකක් වදිනවා කියලා මට කිව්වේ අපේ තාත්තා. මං බලාපොරොත්තු වෙනව ලොකු වතු […]

Back to Top