Sri Lanka Brief
පුවත් විශේෂාංග

පුවත් විශේෂාංග

  • වෙනස නොපෙනීමේ වෙනස – රංජිත් හේනායකආරච්චි Read more >

    වෙනස නොපෙනීමේ වෙනස – රංජිත් හේනායකආරච්චි

    (පෙබරවාරි 24 උද්ඝෝෂණය: යාපනයේ ජනයාගේ විරෝධතා දැන් නිදහසේ පැවැත්විය හැකි ය) මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා උදය වන විට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද කල්ලිය රාජ්‍ය දේපළ සහ බලය අන්ත දූෂිත අන්දමින් නීතිවිරෝධී ආකාරයෙන් යොදා ගනිමින් දියත් කළ ජනාධිපතිවරණය, ඔවුන්ගේ මේ සියළු අයථා බලපෑම් මැර බල යොදාවත් […]

  • දිවයින, සමන් ගමගේ අත්අඩංගුවට ගනු! – ගෝ රයිට් සාමූහිකය Read more >

    දිවයින, සමන් ගමගේ අත්අඩංගුවට ගනු! – ගෝ රයිට් සාමූහිකය

    වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සිරකරු ගාතනයට එරෙහිව අසත්‍ය ප්‍රබන්ද මත ජතාවදී ලිපි පෙලක් ලියමින් සිටින දිවයින  පුවත් පතෙහි සමන් ගමගේ නම් ලේඛකයා ට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් කරන  නීතිඥ සේනක පෙරේරා හා ගෝ රයිට් මනව හිමිකම් සංවිධානය එම ලිපි මගින් තමන්ට සහ එම ඝාතනය පිළිබඳ සාක්ෂිකරැට අගතියක් සිදුව ඇති බැවින ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස […]

  • තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි! – නාලක ගුණවර්ධන

    තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්. තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි […]

  • 58 ට වඩා 62 වැඩි බව නොදන්න රාජපක්ෂ බැලයෝ – රංජිත් හේනායකආරච්චි Read more >

    58 ට වඩා 62 වැඩි බව නොදන්න රාජපක්ෂ බැලයෝ – රංජිත් හේනායකආරච්චි

    (මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි! ) වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි. පසුගිය වකවානුවේ එවැනි වන්දනාවලට තවත් අලුත් දේවල් එක්කෝ වෙහෙරක කොත් කැරැල්ලෙන් රැස් විහිදීම, එසේ නැත්නම් පිලිමයකින් රැස් විහිදීම, දෙවි රුවකින් කිරි හෝ කදුළු ගැලීම […]

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • වැලිකඩ හිරගෙදර සිට  විජය කුමාරතුංග  විමුක්තිට ලියූ ලිපිය Read more >

    වැලිකඩ හිරගෙදර සිට විජය කුමාරතුංග විමුක්තිට ලියූ ලිපිය

    විමුක්‌ති – මගේ පුතේ….. එදා පොලිසියේ සහ හමුදාවේ සිය ගණනක්‌ මා අත්අඩංගුවට ගන්නට අපේ ගෙදරට ආවා. වෙන්නේ මොනවාද කියලා ඔයාට තේරුමක්‌ තිබුණේ නැහැ. ඔයා හිටියේ ඔයාගේ කාමරයේ. හමුදාවත් එක්‌ක යන්න කලින් මා කාමරයට ඇවිත් ඔයා දිහා බැලුවා.. ඔයා තොටිල්ලේ හිටියේ තනියෙන්. පුංචි ඇඟිල්ලක්‌ උර උරා මා දිහා බලාගෙන හිටියා. මම ඔයාව වඩාගෙන සිපගත්තෙ නැහැ. ඒ, […]

  • නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව

    ජනාධිපතිවරයා * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය. * දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ කාර්යයන් හැරුණු කොට ජනාධිපතිවරයා විසින් ජාතික සමගිය සහ […]

  • ඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (04) Read more >

    ඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (04)

    සාමාන්‍ය සෙබල DG ගේ කතාව. 1997 වසරේදී තල්ලඩි කඳවුර අසලදී ඹඨනම් සෙබලා පිපිරීමකින් අනතුරු ලැබීය. පිපිරීම නිසා ඔහු තුවාල ලද අතර මානසිකව ද විසිරුනු ස්වභාවයක් පෙන්නුම් කලේය. මාස කිහිපයකට පසුව ඔහු බලවත් හිසරදය, නින්ද නොයාම හා භීතිය පිළිබඳ හැඟිම් ගැන ප‍්‍රකාශ කලේය. ක‍්‍රම ක‍්‍රමයෙන් ඔහු PTSD රෝග ලක්‍ෂණ පෙන්නුම් කලේය. ඔහුට නින්දයාමේ අපහසුතාව තිබි අතර […]

  • මිනිසකු ගැන මතක: ‘කුඩමසෙකි ඔබ මහ සයුර කැලඹූ’ – ජයසිරි ජයසේකර Read more >

    මිනිසකු ගැන මතක: ‘කුඩමසෙකි ඔබ මහ සයුර කැලඹූ’ – ජයසිරි ජයසේකර

    සැණෙකින් කුණාටු සයුරක් සේ කැලඹී, සුනාමියක් සේ උස්ව නැගි ආවේග, වෙරළත වැදී විසිර ගිය රළ පහරක් පරිද්දෙන් සන්සුන් විය. ඒ ඔහු පිළිබඳව නිරායාසයෙන් උපන් ඉහත හයිකුමය සිතිවිල්ලේ ආනුභාවයෙනි.   එහෙත් ඊළග ඇසිල්ලෙහි, අනවරතව නැගි නැගී බිඳෙන සයුරු රළ සේ ඔහු ගැන මතක සයුර යළි කැලඹෙන්නට ප‍ටන්ගනී.   “මෙන්න, අමතක වෙන්න කලින් ලියාගනින්” මම තත්පර ගණනකට […]

  • ඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (03) Read more >

    ඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (03)

    BN34 රයිෆල්කරු . තමන්ගේ කතාව පහත දැක්වෙන අන්දමට දිග හරිමින් BN 34 රයිෆල්කරු පවසන්නේ තමා යාල්දේවි මෙහෙයුමේදී අනතුරට භාජනය වු බවයි. ‘‘…………….. යාල්දේවි මෙහෙයුම මගේ ප‍්‍රථම සටන් අත්දැකීම විය. අපි ධෛර්යයෙන් යුතුව සතුරාට මුහුණ දුන්නෙමු. එහිදී මම දැඩි කම්පනකාරී සිද්ධි දුටුවෙමි. අප ශෝකයට පත්කරමින් සෙබල සගයින් අපගේ නෙත් ඉදිරියේ මරු වැළදගන්තේය. එක් අවස්ථාවකදී සතුරා අප […]

  • වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද? – රංග ජයසූරිය Read more >

    වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද? – රංග ජයසූරිය

    (නිදහස් දින සංදර්ශන පා ගමන) ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය. වර්තමානයේ සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන ඇත්තෙන්ම රාජපක්ෂ හිතන්නේ කුමක්ද? එම වෙනස්කම්, මීට මාස දෙකකට පෙර හීනෙන්වත් සිතාගත හැකිව තිබූ දේවල් නොවේ. ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන ශ‍්‍රී පවන් තමාගේ ජ්‍යෙෂ්ඨත්වය මත අගවිනිසුරු පදවියට පත්වෙතැ යි […]

  • ඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (02) Read more >

    ඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (02)

    N නම් සෙබලා හා ‘‘දිවි ගලවා ගැනීමේ වරදකාරී හැඟීම’’(survival guilt ) සටනේ යෙදී සිටියදී තම මිතුරෙකු මිය යාම නිසා යුද අත්දැකීම් බහුල සෙබළුන් තුල විෂාදියට අදාළ වඩාත් ඉහල ප‍්‍රවණතාවයක් පවතී. දිවිරැුකගැනීමට අදාලව තමන් වරදකරුවෙකුයි සිතීම, විශේෂයෙන්ම අවධානයට යොමු වියයුතු රෝග ලක්ෂනයකි. සාමාන්‍යනේ අනෙකුත් යුද සාමාජිකයන් විශාල ලෙස බිලිගන්නා ආපදාවකින් වාසනාවන්ත ලෙස දිවිරැුකගන්නා පුද්ගලයින් විස්තර කිරීම […]

  • ඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (01) Read more >

    ඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (01)

    ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දෙස බලන කල සිවිල් වැසියන්හට යුද්ධයෙන් ඇති වූ බලපෑම හා තදබල ආතතිය පසුගිය වසර කිහිපය තුලදි විශේෂ අවධානයකට ලක්වුවද රණවිරුවන් විසින් අත් දකින ලද යුධ කම්පන තත්ත්වයන් පිළිබඳ ප‍්‍රමාණවත් පරිදි හෙලිදරව් වී නැත. පසුගිය දශක කිහිපය තුළ ප‍්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදු කළවුන් ලෙස සමහර අන්තවාදී වාර්තා මගින් රණවිරුවන්ගේ ප‍්‍රතිරූපය අමානුෂිකරණයට පත් කොට […]

  • රට බේරුනේ අනූ නමයෙන්? – රංජිත් හේනායකආරච්චි Read more >

    රට බේරුනේ අනූ නමයෙන්? – රංජිත් හේනායකආරච්චි

    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’ සමාගම සහ ‘ඇවන් ගාඩ්’ ආදී පුද්ගලික සමාගම්වලට බව පැවසේ. මේ වන විට ගාල්ල වරායේ නාවික හමුදා භූමිය තුලද මෙවැනි අවි ගබඩා තුනක් සීල් […]

  • 2015 ජනාධිපතිවරණය ගැන පසු විපරමක් – ලයනල් බෝපගේ Read more >

    2015 ජනාධිපතිවරණය ගැන පසු විපරමක් – ලයනල් බෝපගේ

    ( සතුට සමරන ජනයා: ජායාරූපය බුද්ධික විරසිංහ/ගෙටි ඉමේජ්) පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන් පමණක් යහපාලනයක් ඇති වන්නේ නැත. ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් විසින් යහපාලනයට අදාළ වන්නාවු විශ්වයීය වටිනාකම් වලට […]

  • සීරුවේන් සිටින්!  – සුනන්ද දේශප්‍රිය Read more >

    සීරුවේන් සිටින්! – සුනන්ද දේශප්‍රිය

    වෙනස පටන් ගන්නේ තමන්ගෙනි. යහපත සඳහා වුවත් අයහපත සඳහා වුවත් වෙනස පටන් ගන්නේ එළෙස ය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි කියන්නේ එනිසා ය. පළමු දලු දෙකෙන්ම පැලය හොඳද නරකදැයි කීමට ගොවියාට ගෙවිලියට හැකි ය. ගොවි පවුලකින් එන ජනාධිපති සිරිසේනටත් ඒ හැකියාව නොතිබෙන්නට හේතුවක් නැත. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අවශ්‍ය වූ පුළුල් පෙරමුණ සඳහා සිමෙන්තිය ද […]

  • නීතියේ ආධිපත්‍ය පිහිටවීම පලිගැනීමක්ද? – රංජිත් හේනායකආරච්චි Read more >

    නීතියේ ආධිපත්‍ය පිහිටවීම පලිගැනීමක්ද? – රංජිත් හේනායකආරච්චි

    ( ජවිපෙ මංත්‍රී සුනිල් හදුන්නෙත්ති රාජපක්ෂ ජෙිමයේ රහස් අඩංගු ලිපි ගොනු පරීක්ෂා කරයි. ජායාරූපය ඒසියන් මිරර්) රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයකි. නීතියේ ආධිපත්‍ය නැති තැන යහපාලනයක් […]

  • ගුණරත්නම් සැලුන් දොරෙන් ඇතුලට;  එළියට එන්නෙ මුදලිගේ ! Read more >

    ගුණරත්නම් සැලුන් දොරෙන් ඇතුලට; එළියට එන්නෙ මුදලිගේ !

    මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම – නිලන්ත ඉලංගමුව විසිනි – කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන් ඉතා භයානක දේවල් කරති. වරක් ජිජැක් පෙන්වා දුන්නේය. විපක්ෂයේ සන්ධානයේ පක්ෂ දෙකක් අතර එනම් එජාපය සහ […]

  • ජනාධිපති රාජපක්ෂ වෙත අවසන් ලිපිය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති රාජපක්ෂ වෙත අවසන් ලිපිය – සුනන්ද දේශප්‍රිය

    ප්‍රිය ජනාධිපතිතුමනි. මා මේ ලියන්නේ ජනාධිපති රාජපක්ෂට ලියන අවසන් ලිපිය යි. මන්ද යත් එළඹෙන 08 දින මෙරට ජනයාට නිදහසේ  බියෙන් තොරව ජන්දය දීමට අවස්ථාව ලැබුණ හොත් ඔබගේ ජනාධිපතිධුරය අවසන් වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණක් නිසා ය. අනෙත් අතට මෙම ජනාධිපතිවරණය ජන්ද මංකොල්ලයක් බවට පත්කීරීමට දැන් ඉතිං ඉඩක් නැත. මන්ද යත් මෑත කාලීන ශ්‍රී ලංකාවේ  […]

  • දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය Read more >

    දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය

    ( පොදු විපක්ෂයේ රුස්වීමක්) 1971 අප්‍රේල් කැරුල්ලට සහභාගි වූ පිරිස් විසින් පවත්ා ගෙන යන ‘71 සහෝදරක්ව සංසදය“ එලඹෙන ජනාධිපතිවරණයෙහිදී  රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.  ඒ 1971 මහ නඩුවේ සැනකකරුවකු වූත් දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකුවූත් ප්‍රේමපාල හේවාභටගේ විසින් සංසදයවෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලියැවිල්ක් මගිනි. එය මෙසේ කිය යි. ‘‘ මෙවන් දේශපාලන හා ආර්ථික […]

  • පොදු විපක්ෂ අපේක්‍ෂක මෛත්‍රීට සහාය දැක්වීමේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශණය Read more >

    පොදු විපක්ෂ අපේක්‍ෂක මෛත්‍රීට සහාය දැක්වීමේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශණය

    ද්‍රවිඩ ජාතික සන්ධානය ඉතාමත් සුපරික්‍ෂාකාරී අධ්‍යයනයකින් අනතුරුව මෙම ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා පිළිබඳව ද්‍රවිධ ජනතාව සහ ද්‍රවිඩ බස කතාකරන ජනතාවගේ විශේ්ෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ජනතාවගේ අදහස් උදහස් මති මතාන්තරවලට ඉතාමත් ́නෑකමින් සවන් දීමෙන් පසුවයි. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ බස කතා කරන ජනතාවට නායකත්වය දෙන පක්‍ෂයක් […]

  • ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය Read more >

    ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය

    සුනන්ද දේශප්‍රිය– රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ සහ නිදහස් මැතිවරණයන් ය. මන්ද යත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ රටක බාරකරුවන් පත් කිරීමට මහා ජනයා සතු මෙවළම නිදහස් ජන්දය නිසා ය. මැතිවරණ නිදහස් සහ […]

  • ජනාධිපතිට යැවූ ලිපි චම්පික රණවක ප්‍රසිද්ධ කරයි Read more >

    ජනාධිපතිට යැවූ ලිපි චම්පික රණවක ප්‍රසිද්ධ කරයි

    තමා විසින් ජනාධිපති රාජපක්ෂ වෙත යවන ලද ලිපි 13ක් ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක විසින් මහා ජනයාට කියවිය හැකිවන පරිදි අන්තර්  ජාලයෙහි ප්‍රසිද්ධ කර තිබේ. මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව […]

  • මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත Read more >

    මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

    (කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා හෝ මගේ බලය යොදා හෝ ඡුන්දය නිම වනතුරු අවහිර කර තැබිය යුතුය. එය අපූරුවට සිදුකර තිබේ. විරුද්ධ පාර්ශවයේ කටවුට්, පෝස්ටර් ගැලවියයුතුය. ඒවා අලවන්නන් බිය වද්දා පලවාහැරිය යුතුය. මට කිසිම […]

  • මෛත්‍රී  ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම Read more >

    මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම

    මෛත්‍රී ගේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවන්න අද එළිදැක්වුනු මෛත‍්‍රී ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරේ. අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව හා සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යූහයක් හඳුන්වා දීමට පියවර ගැනේ. එහිදී ජනාධිපතිවරයා අන් පුරවැසියන් මෙන්ම සමානව නීතිය ඉදිරියේ සැළකෙයි. නීතිමය වශයෙන් විශේෂ වරප‍්‍රසාද නව ආණ්ඩුක‍්‍රම ව්‍යූහය යටතේ ජනාධිපතිවරයාට නොලැබේ. සියලූම […]

  • එල්ටිටීඊ මනසැති කණ්ඩායම් ජන්ද වර්ජනයකට සැරසේ Read more >

    එල්ටිටීඊ මනසැති කණ්ඩායම් ජන්ද වර්ජනයකට සැරසේ

    ශ්‍රී ලංකාවතුල මෙන්ම විදෙස්ගතව ද සිටින එල්ටීටීඊ මනැසැති පිරිස් එළමෙන ජනාධිපතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන පෙරමුණ නම් කුඩා පක්ෂ අද යාපනයේ දී ජන්දය වර්ජනය කරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. එළෙස තීරණයකට එම සංවිධානයට ඇති අයිතිය ප්‍රශණ කළ නොහැක. එමෙන්ම එම තීරණය පිටුපස ඇති හේතු […]

  • මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි Read more >

    මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි

    ( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්‍රචණ්ඩත්වය යි) තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය සේවයට පවසා තිබුනි. ඒවාගේම තවදුරටත් බොදු බල සේනාව ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ පවතින රජයට විරුද්ධව ඡන්දය දුනහොත් 1915 දී වැනි තත්වයක් 2015 දී ඇතිවිය හැකි බවයි. මේ ගැන […]

  • මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ Read more >

    මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ

    මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය වන්දිභට්ට දේශපාලකයින් සහ චණ්ඩින් හරහා අපට නිරන්තරයෙන් ඒත්තු ගන්වමින් සිටියි. නවතම සිදුවීම වන්නේ සංගීතවේදියෙකු සහ සහ සමාජ ක්‍රියාධරයෙකු වන ජයතිලක බණ්ඩාර කලාකරුවා සහ සමාජ ක්‍රියාධරයෙකු වන සමන්ත ඈපා ඇතුළු ‘වීදියේ විරෝධය’ […]

  • ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක් Read more >

    ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්

    සුනන්ද දේශප්‍රිය විසිනි- ගරු ශුද්ධොත්තම පියතුමනි, ඔබ වහන්සේ  ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස මම මේ ලිපිය ඔබට ලියමි. මේ විවෘත ලිපිය ඔබ වහන්සේට ලියන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්මි. මිලිටරි ආන්ඩුවක් සමඟ නොබා අත නැහැර සටන් කළ ආජන්ටීනාවේ මායෝ චතුරශ්‍රරයේ නිර්භීත මව්වරුන්ගේ […]

Back to Top