Thursday, February 6, 2025

බිමල්ගේ කෑම සහ බිල් ප්‍රදර්ශනය: කුප්පකමක් – චූලා; මෙන්ටිසෝරි වැඩක් – ලොකු කුමා

පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාර වේලේ සුඛෝපභෝගීත්වය සහ ඊට අයකරනා මුදලේ අඩුකම පඩුගිය කාලයේ වේදිකාවන් දෙදරවූ මාතෘකාවකි. එය හඳුන්වන ලද්දේ පාර්ලිමේන්තු දන්සැල නමිනි. රටේ යහපත උදෙසා කළයුතු වැඩ දහසක් තිබියදී ඒ වෙනුවට දියවන්නාව සැනටෝරියමක් කරගත් පසුබිමක ජනතාව ද ඒ කෙරේ පසුවූයේ නොපහන් සිතිණි.

අලුත් ආණ්ඩුව ආ විට මහත් ප්රහර්ෂයෙන් කළේ කෑම මිල උස්සා ඇද්ද තොපිට වැනි ආතල් එකක් ගැනීමය. ඒ සමග එතෙක් ජවිපේ මන්ත්රීලා කොතගසාගෙන කනවායයි උපහාස අපහාස කල දැන් විරුද්ධ පක්ෂය පල්ලම් බැස සිටිනා අය දැන් අපිට කන්න සල්ලි නෑ කියා කෙඳිරිගාති.

බැලූ බැල්මට මේ සියල්ල ආතල් ය. එහෙත් සැබැවින්ම කල යුතුව තිබුනේ පාර්ලිමේන්තු කෑම වේලෙහි ආටෝපය අඩුකර ඊට ගැලපෙන සාධාරණ මිලක් නියමකර කාටත් ගැලපෙන තත්වයක් ඇති කිරීම ය.

ඊයේ මුහුනු පොතෙහි මේ ආතල් තවත් කූතල් කරනා පෝස්ටු දෙකක් දුටිමි. ඉන් එකක් බිමල් ගේය. අනෙක නවක මන්ත්රීවරයෙකුගේය.

එහි වූයේ පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑ බිලක පොටෝවකි. මතක හැටියට එක් සටහනක වූයේ කිවුව දේ කෙරුවා වැන්නකි.

මේ පොටෝ දමනා අය වටහා ගත යුතු එක් දෙයක් තිබේ. ව්යුහාත්මක වෙනස්කම් කළයුතු අවස්ථාවක, රටේ බරපතල අහිරහස් නිලධර හස්තය යට වැලලෙන්නට යන විට, සාමාන්ය බත් පතක් රුපියල්300-500 අතර වනවිට තමන් ජීවත්වන්නේ සහෝදරත්වයේ සුහද සහයෙන් යයි කියනා පිරිසක් සිය කෑම බිල මුහුනු පොතේ අපුල්ලන එක අපුල බවයි.

පසුගිය කාලයේ සුඛෝපභෝගී වාහන කතාවද එවැන්නකි. මේ වන විට ඒ කෝලාහලය නතරව ඇත්තේ අනවශ්ය නම් වාහන වෙන්දේසි කලහැකි යයි පැවසෙන තැනකය. රාජ්ය සේවයේ ප්රාඩෝ නාඩගම එලෙසමය. නිලධරයා නිහතමානී නොවන සෑම තැනකම තත්වය එයය.

වාහන සම්බන්ධයෙන්ද ආණ්ඩුව කලයුතුව තිබුනේ ප්රතිපත්තිමය තීරණ ගැනීමය. නොවන්නේද එයමය.

මේ පත්ව ඇත්තේ රට වෙනස් කරන්නට ලැබිය යුතු බලය ජනතාව විසින් නොඅඩුව ලබා දුන් ආණ්ඩුවකි. ඔවුන් කල යුත්තේ තම වගකීම ඉටුකිරීම මිස කෑම බිල් පෝස්ටු දමා අපට ආතල් දීම නොවේ. එය හා තමන් කනබොන පොටෝ මුහුනු පොතේ දමන්නන් අතර වෙනසක් නැත.

මිත්රවරුනි, රට නිවැරදි මගට ගැනීමට ඇවැසි සෞඛ්යසම්පන්න ආහාර වේලකින් සැනසෙන්න. අපට අපි දන්සැල වැහුවායයි එක්දහස් දෙසීයේ බිල් නොපෙන්වන්න. ඒ වෙනුවට කල යුතු සැබෑ වෙනස වෙනුවෙන් කැපවෙන්න.

මේ බිල් ප්රදර්ශනය යනු විහිලු කිරීමක් නොවේ. ගමේ භාෂාවෙන් ඊට කියන්නේ කුප්පකම කියාය.

—-

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර පානාදිය සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වැඩි කළ මිල ගණන් අය කිරීම පෙබරවාරි 05 වන දින සිට ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.

මෙහිදී දෛනික ආහාර වේලක මිල රුපියල් 2000 දක්වා වැඩි කෙරිණි.

සභානායක බිමල් රත්නායක මෙදින සිය ෆේස් බුක් පිටුවේ  තමන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලබා ගත් ආහාර සදහා ගෙවන ලද මුදල සඳහා නිකුත් කළ බිල් පත් එල්ලා තිබුණේ “කිව්වා, කලා ” යනුවෙන් සටහනක්ද තබමිනි.(කරන ලද බව ලිවීම කළ යුතු නම් “කළා”යනුවෙන් නිවැරිදි විය යුතුය.බිමල් ලියා ඇති ආකරයට ඉන් කියවෙන්නේ “කලාව” ගැනය)

සිංහලයන් කතා බස් කරන විට බොහෝ අවස්ථාවලදී ක්‍රියා පද දෙකක සංයෝගයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ රුසියන්ය.බිමල් රත්නායක උජාරුවෙන් ලියා තමන්ගේ කෙරුවාව පවසා තිබුණේද ඒ විදියටමය.අපිත් කන බොන මිනිස්සු යැයි බිමල් රත්නායක ඇඟවූවා දැයි අපි නොදනිමු.එසේත් නැතිනම් පාර්ලිමේන්තුවේ ආහාර පාන වල බිල වැඩි වීම තමන්ට ප්‍රශ්ණයක් නොවන බව පෙන්වීමටද විය හැකිය.බිමල් රත්නායකගේ ඒ ෆේස් බුක් සටහන මොනිටසෝරි දරුවෙකුගේ හපන්කමක් විදියට ගලපා ඇතැමුන් සිතන්නට ඉඩ හැකියාව පවතී.

ඒ ⁣ප්‍රකාශනයේ බිමල් රත්නායකගේ පෞද්ගලික නිර්වචනයන් කවර ආකාරයේ වුවද අපට ලියන්න⁣ට තියෙන්නේ මෙරට පොදු මිනිස් සමාජයට මන්ත්‍රීවරුන් කන බොන එක දැනගැනීම කිසි වැදගැම්මක් නැති බවය.සමාජය මේ හෝරාවේ විඳවමින් සිටින්නේ හාල් පොල් මිල වැඩි වීම දරා ගත නොහැකිවය.

ජාතික ජන බලවේගයේ ඇතැම් කෙරුමන් ඒ ආර්ථික ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීම පැහැර හරිමින් ජනතාවගේ සිත රිදවන බිඳවන ආකාරයට උද්දච්චව හැසිරෙමින් සිටී.දන්න දන්න උප්පරවැට්ටි යොදා තම පාක්ෂිකයන් ⁣ගෙන් ගැලවීම ඔවුන්ගේ උත්සාහයද වී තිබේ.ජාජබයේ බොහෝ ඇමතිවරුන් මාධ්‍ය වල ප්‍රශ්ණ කිරීම් වලදී මර්වින් සිල්වා ගේ මදාවිකාර හැඩයට රූපාන්තරණය වන ආකාරයක්ද පෙ⁣නී යයි.බොහෝ දෙනෙකු පාක්ෂික හිතවතුන්ගේ දුරකථන ඇමතුම් හා සම්බන්ධ නොවේ.බලයට පත් වීමට පෙර තමන් හා සමීපයේ සිටි ක්‍රියාකාරීන්ද ඔවුන්ට මග හැරී තිබේ.

දූෂිතව පැවැති රාජ්‍යය සමග ජාජබ ආණ්ඩුවේ එක ගෙයි දීගය පොදු මහජනතාවට රුස්සනේ නැති බව මේ කෙරුමන් වටහා ගෙන නැත.එසේ වටහා ගන්ට ඕනෑ කමක් ඇති බවක්ද  නොපෙනේ.රාජ්‍යයේ නාමධාරී දූෂිතයන් ඉවත් කර තමන්ට නිසි තැන ලැබෙනු ඇති බවට විශ්වාස කරමින්  ජාජබය බලය⁣ට ගෙන ඒමට මතවාදීව දේශපාලන ප්‍රචාරණයේ නිරත වූ රාජ්‍ය  පරිපාලනයේ ඡ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු මේ වන විටත් ⁣වෘත්තිය කැඹුරීම කරන්නේ කිසිත් කර ගියා ගත නොහැකිවය.පොලීසිය එහෙම් පිටින්ම අවුලකි.පොලීසියේ දූෂිතයන් රැළ තමන්ගේ ආණ්ඩුවේ කෙරුවාව තුළ එළකිරි සේවාවක් මහජනතාවට සපයනු ඇතැයි ජාජබ කෙරුමන් විශ්වාස කර සිටී.

එහෙත් මේ වන විටත් එම දූෂිතයන් රැළ විසින් ජාජබ කෙරුමන් ගොනාට ඇන්දූ අවස්ථා ගණනාවක්ද වාර්තා වී තිබේ.ඒ සිදුවීම් පිළිබඳව පොදු සමාජයට වග උත්තර බඳින්නටද ජාජබ ආණ්ඩුවට සිදු වූ බව  පැහැදිලිව දැක කියා ගත හැකි වූයේ අධිකරණ ඇමති විසින් අපරාධකරුවෙකුට සම්මාන දීමේ සිද්ධියෙනි.

මේ සමාජමය පසුතලය උඩ සභානායක  බිමල් රත්නායක ගේ ෆේස් බුක් ප්‍රකාශනය සවැනි පැරකුම්බා රජු⁣ ලියන ලද “කෙළී සියොළඟ දූලි ගාලා”කවිය අපට සිහිපත් කරයි

දත් කැකුළු පාලා

සුරතල් සිනාසීලා

බොළඳ බස් දීලා

කෙළී සි⁣යොළඟ දූලි ගාලා

  • Loku Kuma

Archive

Latest news

Related news