Wednesday, October 16, 2024

අබුදස්ස කාලේ ලබුත් තිත්තවීම: ශානිට පක්ෂව කළ වීඩියෝවකට තරිදු ජයවර්ධන සීඅයිඩියට

මාධ්‍යවේදී තරිදු ජයවර්ධන වෙත මෙම කැඳවීම කර ඇත්තේ අපරාධ පරීක්ෂන දෙපාර්ථමෙන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසිනි. ඔහු මෙම තනතුරට පත් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

මෙම කැඳවීම පිළිබඳ නිව්ස් 19 මෙසේ වාර්තා කරයි.

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් MediaLKනැමති Youtube නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ වලට බාධා වන ආකාරයේ විඩියෝ දර්ශන ඉදිරිපත් කරන බවට එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණය කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ අසත්‍ය කරුණු ඇතුලත් මෙම විඩියෝ සමාජයට මුදාහරිමෙන් ලාංකිකයන්ට මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනතාවද නොමග යවන කරුණු ජනගත කිරීමක් සිදුකරන බවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔක්තොම්බර් 03වන දින MediaLK නැමති Youtube නාලිකාව මගින් ඉදිරිපත් කළ ”හැමෝම හොයන රවීට එරෙහි චෝදනා” යන විඩියෝව උපුටා දක්වමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අධිකරණය විසින් මාධ්‍යවේදි තරිදු ජයවර්ධනගේ මෙම විඩියෝ සම්බන්ධයෙන් විමර්ශනය කර එහි ප්‍රගතිය ජනවාරි 15 වනදාට පෙර වර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

හිරුණි විජේසිංහ /නිව්ස් 19 වෙතිනි.

රහස් පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ මෙසේ සඳහන් වේ.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් මාධ්‍යවේදි තරිදු ජයවර්ධන විසින් MediaLK නැමති Youtube මාධ්‍ය ජාලය මගින් මෙම විමර්ශනයට භාදා වන ආකාරයෙන් සම්පුර්ණ අසත්‍ය කරුණු ඇතුළත් විඩියෝ දර්ශන දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලය තුළින් සමාජයට මුදාහැර ඇති බැවින්  ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනතාවද නොමග යවන කරුණු ජනගත කිරීම සිදුකරන බව ගරු අධිකරණයට ගෞරවයෙන් වාර්තා කරනු ලබන අතර මාධ්‍යවේදි තරිදු ජයවර්ධන විසින් 2024.10.03 වන දින සිදුකරන ලද විඩියෝ පටයේ පහත සදහන් කරුණු අන්තර්ගතව ඇති බව වාර්තා කරමි.

MediaLK Youtube නාලිකාවෙන් මාධ්‍ය වේදී තරිඳු ජයවර්ධන විසින් සමාජ මාධ්‍යට මුදා හරින ලද විඩියෝ දර්ශනයේ ඇතුලත් ප්‍රකාශය “. …………..  ”

  1. ඉහත සදහන් ප්‍රකාශය සිදුකිරිමෙන් මොහුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් මෙම සිද්ධියට අදාල ඉදිරි විමර්ශන කටයුතු වලට දැඩි ලෙස හානියක් හා විශාල බලපෑමක් සිදුව ඇති බව ගරු අධිකරණයට ගෞරවයෙන් වාර්තා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සදහා මෙම අසත්‍ය කරුණු ප්‍රකාශය තුළින් මෙම විමර්ශන කටයුතු සදහා බලපෑමක් සිදුවන බව වාර්තා කරමින් මෙම මාධ්‍යවේදි තරිදු ජයවර්ධන යන අයට එරෙහිව ගරු අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

  2. ඉහත කරුණු ගරු අධිකරණයට ගෞරවයෙන් වාර්තා කරනු ලබන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ප්‍රගතිය වාර්තා කිරිම සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

 

2024.10.09

ස්ථානාධිපති,                                                                                                                    මිනිමැරුම් විමර්ශන අංශය, අපරාධ විමර්ශන අංශය

 

අදාල විඩියෝව පහතින්,

Archive

Latest news

Related news