Wednesday, June 26, 2024

රවිට ශානිට චන්ද්‍රා ප්‍රනාන්දු සමඟ හවුලේ බිරූ පාලිත සිරිවර්ධන ගේ දූෂිත පැටිකිරිය මෙන්න!

ඡායාරූපය‍ – රනිල් රාජපක්ෂගේ තනුවට ගැයීම!

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ද පසුගියදා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු විසින් කැඳවන ලද සාමූහික බිරුම් ප්‍රදර්ශනයට එක් වී සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට වගකිව යුත්තේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ  හිටපු ප්‍රධානීන් වන රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර යැයි පාලිත සිරිවර්ධන චෝදනා කළේය.

එම දෙදෙනාට කිසිඳු පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසමක් විසින් එවැනි චෝදනාවක් එල්ල කොට නැත. මෙම පාලිත සිරිවර්ධන එම චෝදනාව සඳහා කරුණු සොයා ගත්තේ කෙතැනින්දැයි දන්නේ ඔහුම පමණක් විය යුතුය.

එම චෝදනා ගැන පිළිතුරු දීම රවි සෙනවිරත්නට සහ ශානි අබේසේකරට ඉතිරි කර පාලිත සිරිවර්ධනගේ පැටිකිරිය මෙසේ දිග හැරිය හැකිය.

පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයකු වීමට පෙර 2016 වසරෙහි කිළිනොච්චි පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙසද සේවය කළේය.

එසේ සේවය කරන කාලයෙහි එනම් 2016 වර්ශයේදී එම පෙලිසියේ පොලිස් පරීක්ෂකයකු වූ ජී එච් එම් ඩී බී තලවත්ත නම් නිලධාරියකු අනවසර කෑනීමක් කරමින් සිටි බව වෙනත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදී. තලවත්ත එහි අපරාධ අංශයේ ප්‍රධානියා විය. කැනීම කරන ලද්දේ පුදිකුඩිඉරුප්පු පොලිස් වසමට අයත් ප්‍රදේශයකය.

තලවත්ත සිටියේ පාලිත සිරිවර්ධන යටතේය. මෙම අනවසර කැනීම කුමක් අරභයා කරන ලද්දේදැයි හරියටම නොදන්නා නමුත් එල්ටීටීඊය විසින් වළ දමන ලද රත්‍රං හෝ  ආයුධ සෙවීමට යැයි සැකයක්  ඇති වී තිබුණි.

මෙම අනවසර කැනීම වසං කිරීමට පොලිස් පරීක්ෂක තලවත්ත ඇතුළු පොලිස් කණ්ඩායම මුසා ගණනාවන්ම අතහැරියේය. පළමුවෙන් කීවේ තමන් මුලතිව් පොලිසියෙන් බවයි. දෙවනුව එය නිසි අවසර ඇති කැනීමක් බවයි යනාදී වශයෙනි.

තලවත්ත පොලිස් සටහන් පොතෙහි සඳහන් කර තිබුණේ තමා සහකාර පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධනගේ නියෝග අනුව බැහැර යන බව පමණි.

මෙම නීතිවිරෝධි ක්‍රියාව පිළිබඳ පරීක්ෂනය කරන ලද්දේ එවකට වන්නි දිසාව බාර නියේජ්‍ය පොලිස්පතිවරයා වූ ටී එම් ඩබ් ටී  තෙන්නකෝන් විසිනි.

එම වාර්තාව පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද්දේ උතුරු පළාත බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඒ ඒ සරත් කුමාර විසිනි.

එහිදී තලවත්ත එම කැණීම කරන ලද්දේ පාලිත සිරිවර්ධන ලද තොරතුරක් අනුව යැයි දෙන ලද නියෝග යටතේ බව සනාථ විය. පාලිත සිරිවර්ධන එම කැණීම කිරීමට පෙර ඉහළ නිලධාරීන් දැනුවත් කර නොතිබුණි. එමෙන්ම කැණීම කරන ලද පුද්කුඩිඉරුප්පු පොලිස් ස්ථානයට එය දන්වා නොතිබුණි.

මෙම කාරණා දෙකින් පෙනී ගියේ එය රහසිගතව කරන ලද නීති විරෝධී  ක්‍රියාවක් බවය.

එම පරීක්ෂන වාර්තාව කරුණු හතරක් මත පාලිත සිරිවර්ධනට එහෙහිව පියවර ගන්නා ලෙස නිර්දේශ කරන ලදී.

එම වැරදි වූයේ අපකීර්තිදායක හැසිරීම‍, අණට අකීකරුවීම, රාජකාරිය පැහැර හැරීම සහ විනය කඩ කිරීමකට ආධාර කිරීමය.

පරීක්ෂනය මෙහෙය වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාට විවිධ අභූත  චෝදනා එල්ල කළ පාලිත සිරිවර්ධන ඊට අකුල් හෙළුවේය.

එම වාර්තාව පෙන්වන්නේ උසස් පොලිස් නිලධාරීන්ට අභූත චෝදනා නැගීම පාලිත සිරිවර්ධනගේ සහජ කැතකමක් බවයි.

සහකාර පොලිස් අධිකාරී පාලිත සිර්වර්ධන පොලිස් ස්ථානයක් බාරව කටයුතු කිරීමට නුසුදුසු මූල්‍ය අක්‍රමිකතාවයන්හි යෙදී ඇති බවට ද එම වාර්තාව සඳහන් කරයි.

මේ අනුව උතුරු පළාත බාරව සිටි නියේජ්‍ය පොලිස්පතිවරයා නිර්දේශ කෙලේ පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ කාර්යාල සහායක ලෙස මාරු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ පෙලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බවට පත් වූයේ එවැනි දූෂිතයෙක් ලෙස නිර්දේශ වූ අයෙකි.

ඔහු එම පත්වීම ලබා ගන්නට ඇත්තේ චන්ද්‍රා ප්‍රනාන්දු මෙන් දූෂිත දේශපාලකයින්ට දරදිය ඇදීමෙන්ද යන ප්‍රශ්ණය නැගීම සාධාරණය.

කිර්තිමත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන රවි සෙනවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව රනිල් රාජපක්ෂ පාර්ශවය වෙනුවෙන් චෝදනා එල්ල කිරීමට ගෙන්වන ලද පාලිත සිරිවර්ධන කළ යුත්තේ මුහුණ බලන කණ්නාඩියක් ඉදිරියට ගොස් සිය නිරුවත දෙස බලා ගැනීමය.

මෙවැනි අභූත චෝදනා එල්ල කරන්නන්ට යම් දිනක ඊට වගකීමට සිදුවන බව නිසැකය.

 

සේ. පියවර්ධන විසිනි.

 

Archive

Latest news

Related news