Saturday, April 20, 2024

විරෝධතාකරුවනට වෙඩි නොතැබී යැයි රනිල් රාජපක්ෂ බ්‍රිගේඩියර්වරයෙක් ඉවත් කරයි; තරුණ ජනමාධ්‍යවේදීන් පරීක්ෂණයක් ඉල්ලයි

ජුලි 13 වැනිදා අගමැති කාර්යාලය අරගලකරුවන් විසින් අත්කර ගැනීමේදී එම ස්ථානයේ හමුදා ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කොළඹ 112 බල සේනාධිපති ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරව රනිල් රාජපක්ෂ වැඩ බලන ජනාධිපති බවට පත් වූ වහාම එනම් 13දා සිට සියලුම රාජකාරිවලින් ඉවත් කර තිබේ. ඒ සඳහා හේතු වී ඇත්තේ අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමේ අවස්ථාවේදී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට හා රාජ්‍ය දේපල වලට හානි නොකරන ලෙස ඔහු කරන ලද දැනුම් දීමය.

මෙම කාරණය සම්බන්ධයෙන්ම අගමැති කාර්යාලය අල්ලා ගත් අවස්ථාවෙහි දී බ්‍රිගේඩියර් සෝමවීර අසල සිටි සිංහ රෙජිමේන්තුවේ 12 වන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී. ගුණවර්ධනවද රාජකාරියෙන් ඉවත් කර ඇත.

අගමැති කාර්යාලය අරගලකරුවන් අත්පත් කරගැනීම ගැන රාජකාරියෙන් ඉවත් කරන ලද මේජර් ජෙනරාල් සෝමසිරි සහ ලුතිනන් කර්නල් ගුණවර්ධන රාජකාරියෙන් ඉවත් කිරීමේ තීරණය ප්‍රශ්න කළ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ තනතුරෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වේ.

රනිල් රාජපක්ෂ යනු ගෝඨාභයටත් වඩා  මොලේ කචල් වූ දේශපාලන අබ්බගාතයෙක් බවට දිනක් පාසා එකතු වන කරුණූ අතරට අලුතෙන්ම එක් ව ඇත්තේ මෙම පන්ගොට්කමය.

(ලසන්ත රුහුණගේ විසින් වට්ස් ඇප් කණ්ඩායමකට එවන ලද පණිවිඩද ඇසුරිණි)

මේ අතර , ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි අධ්‍යක්ෂ (විමර්ශන) වෙත ලිපියක් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම සිදුවීම ගැන විමර්ශණයක් කරන ලෙස ඉල්ලා සිටී. එම ලිපිය පහත පළවේ.

සුලාරි ලියනගම,
අධ්‍යක්ෂ – විමර්ශන,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

මහත්මියනි,

සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙනි

ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි අද වාර්තා විය.

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සාමකාමීව අරගල කර පුරවැසියන් පිරිසක් 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලූ අතර එම සාමකාමී පුරවැසියන්ට වෙඩි නොතබන බවට ඉහත හමුදා නිලධාරියා ප්‍රකාශ කරන වීඩියෝවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය විය.

එම නිලධාරියා තනතුරුවලින් ඉවත් කළේ වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ නිසා නම් එය බරලතල තත්ත්වයකි.

එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන⁣ ලෙසත්, ඔහු ඉවත් කර ඇත්තේ ඉහත කාරණය නිසා නම් ඔහු යළිත් එම තනතුරුවලම පිහිටුවීමට කඩිනම් නිර්දේශයක් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

 

Archive

Latest news

Related news