Tuesday, April 23, 2024

යෝෂිතට ආරක්ෂාව දෙන පොලිස්පතිගෙන්, ආරක්ෂාව ඉල්ලූ ශානි අබේසේකරට තෙමසක්  ගත වීත් පිළිතුරක්වත් නැහැ!

තමාට  සහ තම පවුලේ සාමාජිකාවනට ඉතා බරපතළ ජීවිත අවදානමක් ඇති  බැවින්   ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පොලිස්පතිවරයා වෙත  පසුගිය ජූනි 28 දා යවන ලද ලිපියට තවමත්  පිළිතුරක් ලබා දී නැතැයි අදාළ ආරංවි මාර්ග ප්‍රකාශ කරයි.

එසේ නමුත් රජයේ සේවකයකු හෝ මහජන නියෝජිතයකු නොවන රාජපක්ෂ පුත් යෝෂිතගේ වාහනයේ දොරටු ඇරීමට පවා ආරක්ෂක නිලධාරීන් යොදවා සිටින අයුරු පසුගියදා දක්නට ලැබුණි.

මාස 10කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශානි අබේසේකර  ඇප ලබා නිදහස් වූයේ පසුගිය පසු ගිය ජූනි 16දාය. තමාට සහ පවුලේ සාමජිකාවනට ආරක්ෂාව ඉල්ලා ඔහු විසින් එම ලිපිය යවන ලද්දේ නිදහස් වී දින 10කට පසුය.

තමා පොලිස් සේවයේ යෙදී සිටි කාලයේ  නීත්‍යනුකූලවත්, අපක්ෂපාතී‍ ලෙසත්, විනිවිධභාවයෙන් යුතුවත් රාජකාරි කිරීම හේතුවෙන්  දේශපාලනඥයන්ගෙන්, ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් තමාට හා තම පවුලට තර්ජන එල්ල වී තිබූ බවත්, ඒ් හේතුවෙන් සපයා තිබූ ආරක්ෂාව අසාධාරණ ලෙස වැඩ තහනම් කිරීමේ දී ඉවත් කර ඇති බවත් එම ලිපිය මගින් ශානි අබේසේකර පවසා තිබේ.

එයට පෙර 2020 ජනවාරි 08වන දින එවකට වැඩ බලන පොලිස්පතිවරයා වූ වික්‍රමරත්න වෙත තමන්ට සහ සිය පවුලට එල්ල කරන ලද මරණ තර්ජන සම්බන්ධයෙන්ද ශානි අබේසේකර ලිපියක් යවන ලදී. එම ලිපියෙහි ලා තමන්ට එල්ල කරන ලද මරණීය තර්ජන පිළිබඳව ඔහු විස්තරාත්මක කරුණු දක්වා තිබුණි.

ආරක්ෂාව පිනිස තමා පුද්ගලික මුදලින් මිලදී ගත් පතුරම් තුවක්කුව සහ පිස්තෝලයද දැන් ඇත්තේ පොලිස් බාරයේ බවද ජූනි 28දා යවන ලද ලිපියෙහි සඳහන් වේ. එබැවින් ඔහුට දැන් හදිසියකදී ආත්මාරක්ෂාව සළසා ගැනීමට කිසිදු ක්‍රමයක් නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමයේදී තම නිවසට පවා විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ ආරක්ෂාව ලබා දී තිබුණේ,  තමාට සහ තම පවුලට  ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් තහවුරු කොට තිබූ නිසා බවත් එම ලිපියෙහි දැක්වේ.

තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් හා ඔවුන් අධීක්ෂණය කරන පොලිස් නිලධාරීන්ගේ පූර්ව ක්‍රියාකාරකම් හා ඔවුන් මාධ්‍යවලට කරන ලද ප්‍රකාශයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ දී තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට අත්‍යාසන්න හා ප්‍රබල ජීවිත අවධානමක් ඇති බව ප්‍රකටව පෙනී යන  බැවින් මීට පෙර ලබා දී තිබූ ආරක්ෂක විධිවිධාන කඩිනමින් නැවත ලබා දෙන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා එම ලිපිය මගින් ඉල්ලා සිටින ලදී.

ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සහ වත්මන් ප්‍රධානි සුරේශ් සලේ යන දෙදෙනාම ශානි අබේසේකර ‌විසින් කරන ලද අපරාධ පරීක්ෂණයන්ට ගැවී සිටි බව ද වාර්තා වේ.

මාස තුනකට වඩා ගතව තිබියදී පොලිස්පති වික්‍රමරත්න එම ලිපිය ලැබුණූ බව හෝ මෙම කීර්තිමත් රහස් පරීක්ෂකයාට දන්වා එවා නැත.

තමා පොලිස් සේවයේ සිටි කාලය තුළ කරන ලද අපරාධ පරීක්ෂණයන් 82ක් පිළිබඳව එම ලිපියට ඇමුණුමක් වශයෙන් පොලිස්පතිවරයාට යවා තිබේ.

එම ලිපිය ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැපයීමේ අධිකාරිය යන ආයතනවල සභාපතිවරුන්ට ද යවන ලද නමුත් එම කිසිදු ආයතනයකින් හෝ කවර හෝ පිළිතුරක් ශානි අබේසේකර වෙත එවා නැත.

එම ඇමුණුමෙහි සඳහන් ශානි අබේසේකර විසින් කරන ලද අපරාධ පරීක්ෂණ ලැයිස්තුව පහත දැක්වේ.

 

Archive

Latest news

Related news