Thursday, March 28, 2024

චොකාස්ලා වෙනුවෙන් නීතිය නවාස්ලා – පුංචිහේවා

නවනහැටි  දැනගෙන හිටියත් හැමෝටම නීතිය නවන්නට බැරිය.

වෙනත් දේවල් නවන්නට ඇඟේ හයිය අත්‍යවශ්‍ය අයුරින් නීතිය නවන්නට අවශ්‍ය හයිය වනුයේ දේශපාලන හයිය හෙවත් දේශපාලන බලයයි.
ධනබලයට එකවරම නීතිය නවන්නට තරමක් අපහසුය.

ධනබලයට දේශපාලන බලය ඩිංගිත්තක් හෝ මුහු වෙන්නට ඕනෑමය.

වෙනත් දේවල් නැවීමේදී මෙන්ම නවන්නට කළින් අතටගන්නටද ඕනෑය.නීතිය අතට අරගෙන දේශපාලන හයිය දාල ධනබලයත් සමග ෆුල් ඩම් එක දාල නවන්න වෙර යොදනවිට එක්තරා මොහොතකදී නීතිය වක ගැහිල නැවෙන්නට පටන්ගන්නේය.

එතැන්සිට වැඩි ආයාසයක් නොමැතිව දිගටම නවාගෙන නවාගෙන යා හැකිය.

කෙටියෙන්ම කිව්වොත් ඒ මට්ටමට ළඟාවුනාට පසුව  ටෙලිෆෝන් කෝල් එකකින්ද නීතිය නවන්නට හැකියාව ලැබෙන්නේය.

ඡන්ද හැටනවලක්ෂයේ පවර් එකෙන් දැන් ඉතින් දිගටම නවාගෙන නවාගෙන යා හැකිය.

හිටපු පොලිස්පතිතුමා ප්‍රසිද්ධියේම කිව්ව නීතිය නවන ක්‍රමවේදය..පොලිසිය බාරවසිටි ඇමතිවරයා  එම පොලිස්පතිතුමාට නීතිය නවන්නට නියෝග  කෙරූහැටි  රූපවාහිනියෙන් රටටම දැකගැනීමට හැකිවිය.

හිටපු අගවිනිසුරු කෙනෙක් ප්‍රසිද්ධියෙ කිව්ව සුනාමි ආධාරමුදල් නඩුවකදි එතුමා  නීතිය නවල, අඹරල, කරකවල, රෝල් කරපු අපූරුව.
හිරගෙදරට යන්න නියමිත මිනිහා රජගෙදරට ගියේ අගවිනිසුරු වූ තමාගේ නීතිය නැවීමේ ප්‍රතිඵලය හේතුවෙන් යැයි ප්‍රසිද්ධියේ පාපොච්චාරණයක්  ද කෙරුවේය.

වොඩ්කා වැනි සුපිරි මත්පැන් එකවරම වතුර බවට පත්වීම, මහ රෑ දඩාවතේ ගිහිල්ල වාහනයෙන් එනවිට වාහනය පිටුපස මෝටර්බයිසිකල් හැප්පීම, පාරෙ තියෙන ලයිට් කණු ඇවිදගෙන ඇවිත් ඩබල්කැබ් ඇතුළට කඩාවැදීම,

එවැනි අවස්ථාවලදී CCTV කැමරා අක්‍රියවීම ආදී කී-නොකී නහුතයක් සිදුවීම් නීතිය නැවිල්ලේ ප්‍රතිඵලයන්ය.

නවපු නීතියට යටින් රිංගල නීතියට කොකා පෙන්වල  නීතියට  කෝචොක් කරන පිරිස තමයි කොචාස්ලා හෙවත් චොකාස්ලා.!
නීතිය නවන්නෝ නවා-ස් ලා ය !

අපේ ලොකු අක්කා ඉංගිරිස්   පංති යනකාලෙ කපුටන් ට පාන් රොඩු දමන්නේ කාක්ස්..කාක්ස් කියලාය.

මං ඇහුව මොකෝ බං අක්කෙ කපුටන්ට “කාක්” “කාක්” නොකියා “කාක්ස්”,”කාක්ස්” කියන්නෙ කියල.

අක්ක කිව්ව ඉංගිරිස් බහුවචන නාම පදයෙ අගට “එස්” ශබ්දය යොදන නිසාලු කපුටු රංචුවට කාක්ස්…කාක්ස් කියල ආමන්ත්‍රණය කොරන්නෙ.

අපෙ අක්කාගේ ඉංගිරිස් අනුව බැලුවම කපුටෝ වනාහී කාක්ස් ය !

නවන්නෝ වනාහී  “නවා-ස්” ලා ය !

( LankaeNews)

Archive

Latest news

Related news