Friday, April 19, 2024

ගම්මන්පිලට ප්‍රගීත් පුත් සංජය දුන් කිස් කන පිළිතුර

උදය ගම්මන්පිල වෙත ලියමි,

පළමුව, අපි බත් කන ගොනුන් නොවන වග ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමි. අපේ තාත්තාව අපෙන් උදුරාගත්තේ 2010යෙ ජනවාරි 24 වෙනිදා. එතකොට බලයේ හිටියේ තමුන් හා දැනටත් තමුන් සහය දක්වන පිරිස බවත් එතැන් සිට පසුගිය ජනපතිවරණය දක්වා වන කාලය තුල මගේ තාත්තා ගැනවත් ලසන්ත වික්‍රමතුන්ග ගැනවත් සෙවීමට උඹලාට කිසිදු උවමනාවක් නොතිබුන බවත් අපිව නිශ්ශබ්ද කිරීමට උඹලා නොයෙකුත් අයුරින් අපහාස හා තර්ජනයන් කළ බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි! ඇත්තෙන්ම! ඔබට අවංක උවමනාවක් තිබුනානම් ………… එය කිරීමට අවරුදු පහක කාලයක් තිබුණු බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි …! අවරුදු පහක් තිස්සේ උඹලා නොකරපු දෙයක් ඉෂ්ඨ කරගන්න නැවතත් උඹලාට බලය පැවරීමට තරම් අපි තකතීරුවන් නොවෙමු! උඹ කොතරම් හැඩුවද …………… උඹ සහ උඹ සහය දක්වන පිරිස කිඹුලන් බව අපි දැනගත්තේ මීට බොහෝ කලකට ඉහතදීයි…..! රෑ වැටුන වලේ දවාලෙත් වැටෙන්න අපි සූදානම් නම් නැති වග සොරමුලේ නායක මහින්ද රාජපක්ෂ ට දැනුම්දෙනු කැමැත්තෙමු!

.ප.ලි. : ඔබ “දුමින්ද සිල්වා සින්ඩ්‍රෝමයේ” රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා කරුණාකර ඔබගේ වෛද්‍ය තුමන් මුණගැසෙන්න.

සංජය එක්නැලිගොඩ.

ගම්මන්පිලගේ පයිත්තියන් කතාව

Archive

Latest news

Related news