Friday, January 15, 2021

රට විරු-වරියන්ට ඇර යුක්රේනියානුවන්ට රට ඇරීම; සංක්‍රමණික ශ්‍රමිකාවියෝ ජනපතිට සාප කරති! (වීඩියෝ)

විදේශගත ශ්‍රි ලාංකිකයින් මාස නමයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල ඉතා අසරණව තම රැකියාව පවා අහිමිව දුක් විදින තත්වයක් තුල යුක්‍රේන ජාතිකයින් පිරිසක් ගුවන් යානා කිහිපයකින් මෙරටට රැගෙන ඒම පිලිබදව විදෙස්ගත ශ්‍රී ලංකික ශ්‍රමකින් දැඩි විරෝධයක් වත්මන් ගොඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ලකිමින් සිටී.

ඔවුන් සමාජජාල වලට වීඩියෝ එක්කරමින් තම විරෝධය ජනාධිපතිවරයාට මෙන්ම වත්මන් ආණ්ඩුවට එල්ල කරමින් සීටී.

යුක්‍රේන සංචාරකයින් සදහා කිසිදු නිරෝධායන ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් දක්වන සැලකිල්ල රටට ඩොලර් ගෙන එන රට විරුවන් ලෙස මීට පෙර හැදින්වු මෙම රජය බලයට ගෙනඒමට ඡන්දය ලබාදුන් තමන්ට නොලැබෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්ණ කරයි.

ඇතැම් කාන්තාවන් මේ වනවිට මෙරටට පැමිණීමට මුදල් සෙවීම සදහා තම ඇඟ විකුණන තත්වයට පත්ව ඇති බවද ඔවුන් පවසයි.

මෙහිදී සමාජජාලයට වීඩියෝවක් එක්කරමින් එක්තරා කාන්තාවක් ප්‍රකාශ කරන්නේ “ජනාධිපතිතුමනි දැන් සතුටුයිද ඔයාලට.. මාස 09ක් තිස්සේ වැහිලා තිබ්බ එයාපෝට් එක රටේ ජාතියට ඇරියේ නැති ඔබතුමා කොහෙවත් නැති විදේශිකයින්ට රට ඇරලා පාවඩ දාලා නැටුම් නටලා ගෙන්න ගත්තා නේද..? විදේශිකයින්ට රට ඇරියා..ලාංකිකයින්ට රට වැහුවා.. ලැජ්ජයි ජනාධිපතිතුමෝ .. ලැජ්ජානැති වැඩ කරන්න එපා.. මේවා පව් සිද්ධවෙන වැඩ..“ යනුවෙනි.

විදේශගතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංවේදී ආයාචනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ ඔවුන්ගෙන් සමහරෙකුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මෙවැනි වීඩියෝ ගණනාවක්ම මේවනවිට සමාජජාල තුල සංසරණය වන අතර ඉන් කිහිපයක් පහත පලවේ..

ජනාධිපතිතුමෝ ඔබට සතුටුද දැන්..විදේශිකයින්ට රට ඇරියා..ලාංකිකයින්ට රට වැහුවා..

ජනාධිපතිතුමෝ, අපි කක්කුස්සි හොදලා හොයන සල්ලි වලින් හම්බකරගෙන කන්න එපා

“බංගාලියෙක් එක්ක බුදියලා හරි ලංකාවට එන්න සල්ලි හොයනවා“ අපි සාපකරනවා ඔබලාට..

යුක්‍රේන සංචාරකයින් ගෙන්වන ආණ්ඩුව අපි ගැන බලන්නේ නෑ

Archive

Latest news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...

Related news