Tuesday, January 26, 2021

මිග් ජාවාරම: මගේ පියාට මැරෙන්න වුණේ ඇයි? – අහිම්සා වික්‍රමතුංග

මීට වසර දොළහකට පෙර අද සන්ඩේ ලීඩර්හි ප්‍රධාන කතුවරයා වූ ලසන්ත වික්‍රමතුං අධි ආරක්ෂිත කලාපයක් තුළ මහ දවාලෙහි අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. ඔහුගේ ඝාතකයින්ට තවමත්ඩුවම් කර නැත.

මෙන්න ඊට හේතුව.

2007 දී ළමයෙකු ලෙස “මිග් ගනුදෙනුව” යන වාක්‍ය ඛණ්ඩය මා මුලින් ඇසූ විට, අවුරුදු දෙකකටත් අඩු කාලයකදී, මගේ පියාගේ පුවත්පතේ එම වචන දෙක මුද්‍රණය කිරීම නිසා මගේ ජීවිතයේ අඳුරුතම දියෛහි ඔහුගේ විවෘත මිනීවළට ඉහළින් මා සිටිනු ඇතැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි.

සන්ඩේ ලීඩර් පුවත් පතෙහි මිග් ගනුදෙනුව මගේ පියා විසින් හෙළිදරව් නොකළේ නම්, ඔහු අදටත් ජීවතුන් අතර සිටිමින්, තවමත් ලියමින්, වැරදි හෙළිදරව් කිරීමින්, ඍජුව සහ උස්ව ඉන්නට ඉඩ තිබුණැයි මට බොහෝ කලක සිට පැහැදිලි ය.

අන් කිසිවකුට වඩා තමා ශුද්ධවන්තයැයි ප්‍රසිද්ධ කිරීමට කැමැති වූ මිනිසෙකු නිරාවරණය කිරීමේ අවදානම ඔහු දැන සිටියේය. නමුත් එම අවදානම ඔහුගේ රාජකාරිය කිරීමෙන් වැළක්වූයේ නැත.

අද, ඔහුගේ මරණයෙන් වසර 12 කට පසුව පවා, මිග් ගනුදෙනුවේ කරුණු බොහෝ දෙනෙකුට නුහුරු ය. මගේ පියාගේ ඝාතකයින් නීතිය හමුවට පමුණුවනු ලැබිය යුත්තේ ජාතික අවශ්‍යතාවයක් ලෙස බව ශ්‍රී ලාංකිකයින්ට ඒත්තු ගැන්වීමට කරනු ලබන මාගේ උත්සාහයට පහත සදහන් පරිදි මිග් ගනුදෙනුව සරල ලෙස පැහැදිලි කිරීමට උපකාරී වනු ඇතැයි සිතමි. ශ්‍රී ලාංකික රහස් පරීක්ෂකයින් අතළොස්සක්ගේ ආදර්ශවත් ගවේශන මේ සම්බන්ධයෙන් නිසා සිතලුවලට ඉඩක් ඉතිරි වී නැත.

පින්තූරයක් වචන දහසක් වටී යැයි කියැවේ. මම මිග් ගනුදෙනුව පින්තූරයක්  වචන දහසක් සමඟ පැහැදිලි කිරීමට උත්සාහ කරමි. මෙන්න කතාව.

එල්ටීටීඊයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බෝම්බ දමන යානා මිලදී ගැනීම සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවීමට 2006 ජනවාරි මාසයේදී ගුවන් හමුදා අණදෙන නිලධාරී ඩොනල්ඩ් පෙරේරාට අවශ්‍ය විය.

ඊළඟ මාසයේදී උදයංග වීරතුංග සමඟ යුක්රේන නිලධාරීන් සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් ක් ශ්‍රී ලංකාවට පැමිණියේය. යුක්රේනියානුවන් සහ වීරතුංග එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

එම රැස්වීමෙන් පසු විවෘත ටෙන්ඩරයක් කැඳවීමේ සැලසුම කුණු කූඩයට ගිය අතර ගුවන් හමුදාවට බෝම්බ හෙළ යානා සදහා වූ එකම යෝජනාව බවට උදයංග වීරතුංග විසින් ලංකාවට ගෙනඑන ලද යුක්‍රේන සමාගමක් වන යුක්‍රින්මාෂ් ත්විය.

2006 ජුනි මාසයේදී රුසියාවේ සහ යුක්රේනයේ ශ්‍රී ලංකාවේ තානාපති ධුරයට පත් වූ පසුවත්, මිග් ගනුදෙනුව අවසන් වී තිබියදීත්, වීරතුංග යුක්‍රේනියානුවන් වෙනුවෙන් ගුවන් හමුදාව සමඟ කෙලින්ම ගනුදෙනු කළේය.

යුක්‍රින්මාෂ් යනු යුක්‍රේන රජයට අයත් සමාගමක් වූ බැවින් මිග් ගනුදෙනුව “ආණ්ඩුවක් සහ ආණ්ඩුවක් අතර ගණුදෙනුවක්” යන පදනම මත ටෙන්ඩර් නොකැඳවීම සාධාරණයැයි ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේය.

නමුත් පුදුමාකාර ලෙස ගුවන් හමුදාව සහ යුක්‍රින්මාෂ් අතර අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවට අනුව මිග් යානා සහ අලුත්වැඩියා සේවා සඳහා වන සියලුම ගෙවීම් කළ යුතු වූයේ එක්සත් රාජධානියේ ලිපිනයක් සහිත පුද්ගලික සමාගමක් වූ, බෙලිමිස්සා හෝල්ඩිංග්ස් ලිමිටඩ් වෙතටය.

ගුවන් හමුදාව සහ යුක්රේනියානුවන් අතර ගිවිසුමේ නියමයන්ට අනුව ශ්‍රී ලංකාව, බෙලිමිස්සා සමාගමට ඩොලර් 14,661,944.24 ක් ගෙවීය.

ගෝඨාභය රාජපක්ෂට අනුව නම් මිග් යානා ලැබී, එකඟ වූ මුදල් ගෙවා ගනුදෙනුව අවසන් වි තිබුණි. එපමණකි.

සන්ඩේ ටයිම්ස් හෙළිදරව්ව

නමුත් මාධ්‍යවේදීන්ට දූෂ ගඳ දැනුණි. මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් යම් වංචාවක් ඇති බව 2006 දී ප්‍රථම වරට වාර්තා කළේ සන්ඩේ ටයිම්ස් හි ඉක්බාල් අත්තාස්. ඔහු පෙන්වා දුන්නේ 2006 දී ගුවන් හමුදාව මිග් යානාවක් සඳහා ඩොලර් මිලියන 2.462 ක් ගෙවා ඇති අතර එය 2000 දී කුමාරතුංග ආණ්ඩුව විසින් ඒ හා සමාන ගුවන් යානා සඳහා ගෙවන ලද මුදල මෙන් දෙගුණයක් බවයි.

2007 දී ලියූ ලිපි මාලාවක් මගින් මගේ පියාගේ පුවත්පත මිග් ගනුදෙනුව ඊටත් වඩා ගැඹුරින් විමර්ශනය කළේය. ටෙන්ඩර් ක්‍රියාවලියක් නොමැතිව කෙලින්ම යුක්‍රේනියානුවන් කරා යෑමට ගත් තීරණයට ගෝඨාභරාජපක්ෂ සෘජුවම සම්බන්ධ වී ඇති බවත් සහ එක්සත් රාජධානියේ බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් නම් කිසිදු සමාගමක් නැති බවත් සනාථ කරමින්, ගනුදෙනුවට වීරතුංග සහ සිංගප්පූරුවන්ගේ සම්බන්ධය දෙරුමක් සේ එම ලිපි මගින් හෙළිදරව් රන ලදී.

මගේ පියා 2009 දී ඝාතනය කළ අවස්ථාව වන විට මෙම සියලු කරුණු කාරණා එකලස් කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටියේය. පොලිස් පරීක්ෂකයින් එක්සත් රාජධානියේ, යුක්රේනයේ, සිගප්පූරුවේ, හොකොංහි සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි ආණ්ඩු විසින් ලබා දෙන ලද සාක්ෂි සම්බන්ධ කරමින් කරන ලද විශ්මය ජනක බහුජාතික උත්සාහයකින් එම කාර්යය නිම කරන ලදී. එමගින් මගේ පියා ලියූ දේ නිවැරදි බව දශකයකට තරම් පසු සනාථ විය.

යුක්රින්මාෂ්ගේ වාර්තාවවල, මිග් යානා සඳහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු “ණ්ඩුවෙන් ආණ්ඩුවට සිදු කෙරුණූ ගනුදෙනුවක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබූ බව හෙළිදරවි විය. යුක්රේනියානුවන් මිග් යානා සිංගප්පූරුවේ ඩී. එස්. එලායන්ස් නම් සමාගමකට විකුණා තිබුණි.

ඩොලර් 14,661,944.24 ඩොලර් 7,833,000 වීම

මෙම ඩී. එස්. එලායන්ස් සමාගම කියා සිටියේ තමන් පෙනී සිටින්නේ ශ්‍රී ලංකා ආන්ඩුව වෙනුවෙන් බවයි. ඩී. එස්. එලායන්ස් විසින් යුක්‍රේනියානුවන්ට ගෙවා ඇත්තේ ඩොලර් 14,661,944.24 ක් නොව එම මුදලින් අඩක් වූ ඩොලර්  7,833,000 කි.

ඩී. එස්. එලායන්ස්‍ සමාගම අයිති වූයේ සිංගප්පූරුවේ වෛද්‍ය උපකරණ වෙළදාමෙහි අධිකාරයක් සහිත වූ ලී තියන් සූ නම් අයෙකි. ඔහුගේ වගතුග හෙළිදරව් කැරුණේ මගේ පියාගේ ගවේශන මගිනි.

මෙම අද්භූත බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් යනු බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල රහසිගත සමාගමක් වූ අතර එය සතු වුයේ ලී තියන් සූ සහ ඔහුගේ සහෝදර ලී තියන් බොක්ටය. ලී තියන් සූගේ බිරිඳ එන්ග් ලේ කිම් එම සමාගමේ අධ්‍යක්ෂවරියක වූ අතර ඔහුගේ පෞද්ගලික නීති ලිම් කිම් ලාර්ක් සමාගමේ ලේකම් විය. රහසිගත සමාගම භාවිතා කරනු ලද්දේ ලී පවුල සහ ඩී. එස්. එලායන්ස් යන සමාගම් දෙකම ශ්‍රී ලංකා නිලධාරීන්ගෙන් සැඟවීමටය. මන්ද යත් එම සමාගම් දෙක ගුවන් හමුදාව විසින් අසාදු ලේඛනයට දමා තිබූ නිසාය.

මිග් ගනුදෙනුව කෙටියෙන්

මිග් ගනුදෙනුවේ හරය මෙයයි:

සිංගප්පූරු ජාතික ලී පවුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දිය යුතු භාණ්ඩ හා සේවා සඳහා යුක්‍රින්මාෂ් Ukrinmash වෙත ගෙවූයේ ඩොලර් 7,833,000 ක් පමණකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොදන්නාකමට ලී පවුලට ඩොලර් 14,661,944.24 ක් එම භාණ්ඩ හා සේවා සඳහා ගෙවූයේය. එය සියයට 87 ලාභයක් ලී පවුලට ලබා දීමකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔවුන්ට පොරොන්දු වූ භාණ්ඩ හා සේවා ලැබුණි. එනයින් ගුවන් හමුදාවට වංචාකරුවන් ඉක්මවා ගිය බුද්ධියක් තිබී නැති බවයි.

සියයට 87 කොමිස් මුදල ගියේ කාටද?

ඉතින්, සිංගප්පූරු ලී පවුල ලද ඩොලර් 6,828,944.24 ක සියයට 87 ක කොමිස් මුදලකට සිදු වූයේ කුමක්ද? කණගාටුවට කරුණක් නම්, ගෝඨාභය රාජපක්ෂ විසින් මිග් ගනුදෙනුවෙහි පතුළටම යෑමට පෙර ඒ පිළිබඳ පොලිස් විමර්ශනය වසා දැූ බවය. නමුත් පොලිස් පරීක්ෂකයින්ට ඊට පෙර යම් මුදලක් ආගිය අත සොයා ගැනීමට හැකි විය.

ලී පවුල විසින් පාලනය කරනු ලබන සිංගප්පූරු බැංකු ගිණුම් වලින් අවම වශයෙන් ඩොලර් 400,397 ක් මාරුකර ඇත්තේ කොමර්ෂල් බැංකුවේ ගම්ප ශාඛාවේ ගිණුමකටය. එම ගිනුමේ හිමිකරු වූ අපජල ඉංජිනේරුවෙකු වන ලෙලම් දුමින්ද මන්නම්පෙරුමගේ නම් ඔබ අසා නැතුවා විය හැකිය. ඔහු විවාහ වී ඇත්තේ කුප්‍රකට උදයංග වීරතුංගගේ සහෝදරිය සමඟය එනයින්, ඔවුන් දෙමස්සිනෝය.

වීරතුංගගේ මස්සිනාගේ ගිණුමට සැක සහිත ගනුදෙනුවකින් බැරවූ අවම වශයෙන් තවත් ඩොලර් 80,000 ක් ශ්‍රී ලංකා රහස් පරීක්ෂකයින් විසින් සොයා ගත් නමුත් ඔවුන්ගේ විමර්ශනය වසා දැමිමට පෙර එම මුදල මිග් ගනුදෙනුව සම්බන්ධයැයි තහවුරු කිරීමට ඔවුන්ට නොහැකි වූ බවක් පෙනේ. කෙසේ වෙතත්, ඔවුන්ට කළ හැකි වූයේ, මන්නම්පෙරුම ලද මුදල් වලින් කළ බොහෝ දේ සොයා ගැනීමයි.

ඩුබායිහි සුඛෝපබෝගී නිවස

ඉහත කී මාන්නප්පෙරුම විසින් අවම වශයෙන් ඩොලර් 324,971.66 ක්, ඩුබායි හි ස්ටාර් ගිගා එස්ටැබ්ලිෂ්මන්ට් නමින් හැඳින්වූ දේපල වෙළඳාම්කරුවකුට අජ්මාන් හි ගෝල්ඩ් ක්‍රෙස්ට් වීව්ස් 2 ම් විසල් මහල් සංකීර්ණයක අංක 3403 දරණ සුඛොපභෝගී මහල් නිවාසමිලදී ගැනීම සඳහා ගෙවීමක් ලෙස මාරු කරන ලදී. මේ පිළිබඳ අපූරු සාක්ෂියක් නම්, ඩුබායි පොලිසිය විසින් 2018 දී වීරතුංගව සොයාගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා මංචු දමා අත්අඩංගුවට ගත්තේ මෙම මහල් නිවාසයේදීම වීමයි.

වීරතුංග සහ ගෝඨාභය ඥාතීන්ය.

ඉතින් ඒක තමයි මිග් ගනුදෙනුව.

එල්ටීටීඊය පරාජය කිරීම සඳහා භාවිතා ක ආයුධ සහ සේවා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ වංචාකාරී ජාවාරම්කාරයකුට සියයට 87 ක කොමිස් මුදලක් ගෙවා ඇත. ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සහෝදරයා වන උදයංග වීරතුංගට එම සිංගප්පූරුවන් අවම වශයෙන් ඩොලර් 400,000 ක් ගෙවා ඇති අතර, එම මුදල ඔහු ඩුබායි හි සුඛෝපභෝගී මහල් නිවසක් මිලදී ගැනීමට යෙදවූ බව අපි දනිමු.

කැපී පෙනෙන ශ්‍රී ලාංකිකයන් විසින් පාලනය කරනු ලබන ගිණුම් සඳහා ඉතිරිව ඇති ඩොලර් 6,428,547.24 න් ලොකු කොටසක් ගලා ගිය බව පෙනේ. යම් දිනෙක, විමර්ශන නැවත ආරම්භ කිරීමට ඉඩ ලැබුණහොත්, මෙම අල්ලස් හරියටම සාක්කුවේ දමා ගත්තේ කවුරුන්ද යන්න අපට සොයා ගත හැකිය.

මිස්ටර් සියයට 10 ලෙස ආදරයෙන් හඳුන්වන රාජපක්ෂ සහෝදරයෙක් සිටී. මගේ තාත්තා නොමැරී ඔහුගේ ගවේශණය අවසන් කර උසාවියේදී සාක්ෂි දීමට ජීවත්වූයේ නම්, තවත් සහෝදරයෙක් මිස්ටර් අසූ හතේ ප්‍රතිශතයට සුදුසු බව ශ්‍රී ලාංකිකයන්ට වැටහෙන්නට තිබුණි. සාක්ෂි මගින් වෙනත් හේතුවක් සනාථ කරන නෙකෙරන තාක්, මගේ පියා මිය යා යුතු යැයි නපුරු මිනිසුන් තීරණය කළේ මේ නිසා බව මට ඒත්තු ගොස් තිබේ.

( ඉංග්‍රිසි බසින් ග්‍රවුන්ඩ්ස්විවිස් වෙබ් අඩවියේ පළ වූ ලිපියෙහි සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...

Related news

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...