Friday, January 15, 2021

ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ගුරුවරයකුට තර්ජනය කර පන්නයි!

අධ්‍යාපන ලේකම්ගේ ස්ථාන මාරු නියෝගයට අනුව කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සේවයේ නියුතු එච්.ජී. වසන්ත මහතා කොළඹ විශාකා විදුහලට ස්ථාන මාරුවක් ලබා තිබුණි. 2020.09.02 දිනැති එම ස්ථාන මාරු ලිපියට අනුව එච්.ජී, වසන්ත මහතා 2021.01.04 වන දින වැඩභාර ගැනීමට විශාකා විදුහලට ගිය අවස්ථාවේදී විශාකා විදුහලේ විදුහල්පතිනය වන සඳමාලි අවිරුප්පල මහත්මිය විසින් ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇගේ ගෝලයන්ට මෙම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය ඇගට විසිකර දමා, පාසලේ ආරක්ෂකයින් 4 දෙනෙකු තම කාර්යාලයට ගෙන්වාගෙන තර්ජනය කොට විදුහල්පති කාමරයෙන් එළියට ඇද දැමීමට උත්සාහ කර ඇත. විශාක විදුහල්පතිනය විසින් ගුරුවරයෙකුට සිදු කරන ලද මෙම අපහාසාත්මක කි‍්‍රයාව ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළෙන් හෙළා දකී. එසේම විශාකා විදුහලේ විදුහල්පතිනිය ගුරු මාරු අධ්‍යක්ෂවරියගේ ද නම සඳහන් කරමින් ඇයට ද දැඩි ලෙස බැනවැදී ඇත.

මේ සම්බන්ධයෙන් එච්.ජී. වසන්ත මහතා අධ්‍යාපන ලේකම්වරයාට 2021.10.05 දිනැතිව ලිඛිත පැමිණිල්ලක් කර ඇති අතර, 2021.01.05 දිනම රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදීම මත  බම්බලපිටිය පොලීසියට  CIB I 180/22 අංකයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇත. විශාකා විදුහලේ විදුහල්පතිනයගේ අත්තනෝමතික කි‍්‍රයාකාරීත්වයන් සම්බන්ධයෙන් විවිධ පැමිණි ඉදිරිපත්ව තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය ඇය සම්බන්ධයෙන් සහනශීලී පියවරක් අනුගමනය කිරීම  බරපතල පක්ෂපාතී තත්වයකි.

විශාකා විද්‍යාලයේ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු වූ අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා 15 ක් අඩංගු චෝදනා පත‍්‍රයක් රාජ්‍ය සේවා කොමිසම විසින් 2019.09.25 දිනැතිව ඇයට ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය මේ දක්වා අවසන් කොට නැත. ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ඉදිරිපත් වී තිබියදී 2021 ට අදාළ ළමුන් ඇතුළත් කිරීමේ කි‍්‍රයාවලියට ඇය ඇතුළත් නොකළ යුතු බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට පැමිණිලි කරන ලදී. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම 2020.07.07 දිනැතිව ESC/GEN/01/09/2019 අංකයෙන් යුතු ලිපියක් අධ්‍යාපන ලේකම් වෙත යොමු කරමින් ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ අධ්‍යාපන ලේකරම්වරයාගෙන් ඉල්ලා තිබුණි. ඒ සම්බන්ධයෙන් ද කිසිදු කි‍්‍රයාමාර්ගයක් මේ දක්වා ගෙන නැත.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන මෙම විදුහල්පතිනියට චෝදනා පත‍්‍රයක් තිබියදී හා මෙලෙස අත්තනෝමතිකව කටයුතු කරද්දී  ඇය ජනාධිපතිවරයා විසින් 2169/2 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් පත් කරන ලද ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස ද පත් කර තිබීම ගැටලූකාරී තත්වයකි.

‍ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

ලංකා ගුරු සංගමය

Archive

Latest news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...

Related news