Friday, January 15, 2021

කොවිඩ් මිලිටරිකරණය රටම වසා ගනී; යුදසමයක මෙන් දිසා 25ටම ජෙනරල්වරු 25ක්!

ගෝඨාභය රාජපක්ෂ පාලනයේ මිලිටරිකරණ පිළිවෙත ඉදිරියට ගෙනයමින් මෙරට දිස්ත්‍රික්ක25ම සඳහා ජෙනරල්වරුන් විසිපස්දෙනෙකු පත්කර තිබේ. මේ අතර මේජර් ජෙනරල්වරු, බ්‍රිගේඩියර් ජෙනරල්වරු සහ කරනල්වරු වෙති.

නිල නිවේදනයේ දැක්වෙන්නේ එම පත්වීම්කර ඇත්තේ කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීමට බවය.

මෙම සියලු දෙනාම පත් කර ඇත්තේ යුදහමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා යටතේ ඇති යුද  හමුදාවෙන් පමණක්වීමද විශේෂයකි.

මෙම පත්කිරීම් කර ඇත්තේ මෙරට ඉතා හොදින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා ජාලයක් තිබියදීය. ලෝකයේ කිසිම රටක මෙළෙස කොව්ඩ් පාලනය යුද හමුදාවට පවරා නැත. මෙම පියවර රටෙහි සිවිල් පාලනය මිලිටරිකරණය කිරීමේ භයානක පියවරක් විය හැකි බවට දේශපාලන විචාරකයෝ බිය පළ කරති.

ප්‍රථම වටයේ කොව්ඩ් 19 රැල්ල ඉතා හොදින් පාලනය කළ සෞඛ්‍යසේවා ප්‍රධානීන් ඉවත් කරන ලද අතර දැන් සමස්ත කොවිඩ් පාලන මෙහෙයුම යුද හමුදාව අතට මෙමගින් පත්වෙයි.

මෙම පත්කිරීම් පිළිබද පහත පළවන නිල නිවේදනය යුද හමුදා වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත.

බ්‍රහස්පතින්දා (31) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් පසුගියදා ජෙනරල් නිලයට උසස් කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් පැවැති හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයෙන් අනතුරව අදාළ දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ලබාදීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදු කෙරිණි.

ඒ අනුව, නව පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන් කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකාරනය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇත.

දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ.

උතුරු පළාත
මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී එන්ඩියු – මන්නාරම
උතුරු මැද පළාත
මේජර් ජෙනරල් ජේ සී ගමගේ එන්ඩිසි පිඑස්සි – පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු – අනුරාධපුර
වයඹ පළාත
මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල
බස්නාහිර පළාත
මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර
මධ්‍යම පළාත
මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ – මාතලේ
සබරගමුව පළාත
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල
නැගෙනහිර පළාත
මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය – ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ – මඩකලපුව
ඌව පළාත
බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ – මොණරාගල
දකුණු පළාත
මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර

Archive

Latest news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...

Related news