Friday, January 15, 2021

මහර බන්ධනාගාර ප්‍රහාරය හා ජනමාධ්‍ය භූමිකා රංගය – ධනුෂ්ක සිල්වා

පසුගිය 30 වැනිදා මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය. ඉන් සිරකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ ගණන 100 ඉක්මවා ඇත. තුවාල ලැබූ තවත් පිරිසක් බන්ධගාරය තුළ සිටිය හැක. ඒ ගණන කොපමණද යන්න ගැන නිල සංඛ්‍යාලේඛන නොමැත. ප්‍රහාරයෙන් රෝහල්ගත කළ පොලිස් නිළධාරීන් අතරින් එක් අයෙකුගේ තත්වය බරපතල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

සිදුවූ දෙය පූර්ණ ලෙස විමර්ශනයට ලක් කිරීමට කමිටු හතරක් පත් කර තිබේ. මෙසේ පෙළගැස්වූයේ ඇතිවූ ගැටුම්කාරී තත්වයට අදාළව අද වන විට ඉස්මතුව පෙනෙන සිද්ධිමය කරුණු කිහිපයකි. සිදුවීම ගැන නිවැරදි තොරතුරු තවමත් සම්පූර්ණ වශයෙන් හෙළිදරව් වී නොමැති වුවත් ඉහත සදහන් කරුණු මත කිසියම් චිත්‍රයක් මවාගැනීමට හැකියාවක් ඇත.

අපකීර්තිමත් ඉතිහාසය

බන්ධනාගාරගතව සිටින සිරකරුවන් ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම රාජ්‍ය සතුය. ඒකී සිරකරුවන්ගේ ආරක්ෂාව ජාත්‍යන්තර නීති මගින් මෙන්ම දේශීය නීති ප්‍රඥප්ති අනුව ද සුරක්ෂිත කර තිබේ. එහෙත් බන්ධනාගාරහතව හෝ පුනුරුත්තාපන කදවුරුවල සිටින සිරකරුවන් මරාදැමීමේ අපකීර්තිමත් ඉතිහාසයකි ශ්‍රී ලංකාවට තිබෙන්නේ.

  • 1983දී බන්ධනාගරගතව සිටි සිරකරුවන් 53දෙනෙකු මරා දැමි.
  • 2000 වසරේ ඔක්තෝබර් 25 වැනිදා බිදුණුවැව පුනුරුත්තාපන කදවුරේ සිටි නේවාසිකයන් 28දෙනෙකු මරා දැමිණ.
  • 2012 වසරේදී වැලිකඩ බන්ධනාගරයේ සිරකරුවන් 27දෙනෙකු මරා තවත් රැදවූවන් පිරිසකට බරපතල තුවාල සිදුකෙරිණ.
  • මේ වසරේ මාර්තු 21 වැනිදා කොරෝනා අවධානමෙන් තමන් බේටාගන්නා ලෙස ඉල්ලූ රැදවියන් පිරිසකගෙන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරිණ.
  • අලුත් සිද්ධිය මහර ඝාතනයයි.

මේ අපකිරීතිමත් සිදුවීම්වලට අදාළ ජනමනස සකස්වන ආකාරය විභාග කර බැලීමේදී ව්‍යුත්පන්න වන එක් එක් මූලික අර්ථයක් නම් සිරකරුවන් මරාදැමීම යුක්ති යුක්ත සත්ක්‍රියාවක් බැව් සනාථ කරන ජනවිඥානයක් ජාතික මට්ටමෙන් අපේ රටේ ඇති බවයි. මහර සිදුවීමට සම්බන්ධ වී සිටි රැදවියන්ගෙන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් යන මතය සමාජගත කරමින් තිබේ.

රිවස් පෙති අඛ්‍යානය

විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුවූ දෙය වෙනුවට රිවස් පෙති ආඛ්‍යානය (කතාන්දරයක්) ගොඩනැගීය. ඒ කතාන්දරය ජනමාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගත් අතර එමගින් ම සිරකරුවන් මරදැමීම සාධරණය යන භයානක උපන්‍යාසයක් සමාජයේ ගොඩනැගිණි. එම විඥානයට අදාළ මහර සිදුවීම මෙම ලේඛකයා අතින් ව්‍යුහ විභාගයට ලක්වෙයි.

මහර සිදුවූ මිනිස් ඝාතනය පිළිබද ප්‍රධාන ධාරාවේ සිංහල මාධ්‍ය පුවත්පත් අනාවරණය විමසා බැලීම සහ මාධ්‍යවේදියාගේ භූමිකා රංගය 2020-12-01 දින පුවත්පත් කතුවැකි අනුසාරයෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

2020- නොවැම්බර් 30 වෙනිදා සිදුවූ මෙම ප්‍රහාරය, දෙසැම්බර් 1 දින සියලුම දිනපතා පුවත්පත්වල පාහේ ප්‍රධාන ශීර්ෂය දිනාගැනීමට සමත් වී ඇත. කතුවැකි සකස් වී තිබුණේද පෙර දින සිදුවූ ප්‍රහාරය තේමාකරගෙනය.

මව්බිම පුවත්පතේ කතුවැකිය

2020.12.01 මව්බිම කතුවැකිය

මව්බිම පුවත්පතේ කතුවැකිය (සිරකරුවෝද මනුෂ්‍යයෝ ය එහෙත්—-) සහ ඉන් පැහැදිළි කෙරෙන විස්තරය ඉතාමත් සිත්ගන්නාසුලුයකතුවරයා හදුනාගන්නා සිරකරුවන් “මත්ලෝලීහු මදාවියෝ අණ්ඩපාළුවෝය. නාහෙට අහන්නේ නැති හිතුවක්කාරයෝය හොරුන්ය මිනීමරුවෝය මැරයෝය”. කතුවරයා සිරකරුවන් හදුනාගන්නා අකාරය සිරකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනප්‍රිය ජනවිඥානය ක්‍රියාත්මක වන ආකාරයට සහාය පළ කරයි. සිරකරුවන් යනු සමාජ ක්‍රමයට වැද්දගත නොයුතු; ඉන් පිටත රදවා තබා ගත යුතු පාදඩයන්ය යන අදහස සෘජුවම යෝජනා කරයි. ඒත් සමගම කතුවරයා බරපතල පූර්ව නිගමනවලට එළඹේ.

බන්ධනාගාර යනු සියලුම ආකාරයෙන් යහපත් වෙසෙන තැනක් නොවන බව අපි කවුරුත් දනිමු. එහෙත් එහි සිටින සියලුදෙනා මව්බිම කතුවරයා යෝජනා කරන ආකාරයේ මැරයන් මදාවියන් මිනීමරුවන් නොවේ. නිදසුනකට රිමාන්ඞ් බන්ධනාගරගතව සිටින අධිකරණ ක්‍රියාවලියකින් දණ්ඩනය හිමි නොවූ පුද්ගලයන් අපරාධකරුවන් ලෙස හදුන්වන්නේ කෙසේද?

2019 බන්ධනාගාර සංඛ්‍යාලේඛන අනුව වසරේ බන්ධනාගාරගත වූ රැදවියන්ගෙන් 70ක් දඩමුදල් ගෙවාගැනීමට නොහැකි වූවන්. සාමාන්‍යයෙන් දඩ නියමවන්නේ බරපතල අපරාධකරුවන්ට නොව සාමාන්‍ය හෝ සුළු වැරදිවලට අදාළවය.

එසේනම් ඔවුන්ව අපරාධකරුවන් ලෙස නම් කිරීමට පුවත්පත් කතුවරයෙකුට ඇති අයිතිය කුමක්ද? මෙහිදී පැහැදිළිවන්නේ සිදුවීම ආශ්‍රයෙන් යම් අර්ථකථන අධිකාරී භූමිකාවක් නිරූපනය කිරීම සදහා කතුවරයා ඉඩ විවර කරගෙන ඇති බවයි. එහිදී “සිරකරුවන් සමාජයෙන් පිටමං කළ යුතුය” යන මතය ශක්තිමත් කර තිබේ. අනෙක් අතින් කතුවරයාගේ අවශ්‍යතාවය සිරකරුවන් මරාදැමූ බන්ධනාගාර, පොලීසියේ හෝ හමුදාවේ (අපරාධකාරී) පාර්ශවයට යම් අධිපති භූමිකාවක් ආරූඪ කිරීමයි.

කතුවැකියේ අවසන් කොටස මේසේය: මේ වගේ උදවිය එක තැනක රදවාගෙන බලා කියා ගැනීම ලෙහෙසි නැත. පහසු නැත. ඒ නිසා බන්ධනාගාර නිළධාරීන්ට වෙනම භාෂාවක් වෙනම වැඩපිළිවෙළක් තිබිය යුතුය.” එහි අවසාන අරමුණ විය හැක්කේ මෙම සිදුවීමේදී රජයේ පාර්ශවය සම්මත නීති ප්‍රකාරව කටයුතු කළේය යන සුපිරිමත් රාජ්‍යභාවය පිළිබද පැරඩයිමය ඉදිරියට ගැනීමයි.

 දිනමිණ කතුවැකිය

දිණමිණ කතුවැකිය “හිරගෙදර කැරැල්ල” ලෙස යොදා තිබිණමහර සිරකරුවන් ඝාතනයට අදාළ හේතු වශයෙන් දිනමිණ කතුවරයා දක්වා සිටින්නේ “කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් හිරගෙවල් කඩාගෙන එළියට පනිත් නම් රට විශාල අවුලකට යාමට ඉඩ තිබේ. එක් අතකින් නීතියේ ආධිපත්‍ය එයින් අභියෝගයට ලක් වෙයිතව අතෙකින් මත්කුඩු ජාවාරම් හා පාතාල මර්දනය කිරීමේ වැඩසටහන ඒ මගින් අවුල් වෙයි.”

2020-12-01 දින දිණමිණ කතුවැකිය

මෙහි සැගවුණු අරුත නම් සිරකරුවන්ගේම අනවශ්‍ය දඩබ්බර ක්‍රියාකාරකම් හේතු කොටගෙන ඔවුන් ඝාතනයට ලක්වූ බවයි. සිද්ධිවාචක තොරතුරු හා සත්‍ය නොවූ තොරතුරු සංකලනය කරගනිමින් දිණමිණ කතුවරයා නිර්මිත මේ ප්‍රබන්ධය ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටයක කතා සාරාංශයක් බදුය.

දිණමින කතුවරයාට අනුව මහර සිදුවීමේදී සිදුවී ඇති වූ දේ මෙසේය.

1. මහර බන්ධනාගාර ප්‍රහාරයට කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධ වී තිබේ.

2. ඔවුන් සිරගෙවල් කඩාගෙන එළියට පැන තිබේ.

3. එමගින් නීතියේ ආධිපත්‍ය බිදවැටී තිබේ.

4. සිදුවීම නිසා මත්කුඩු ජාවරම හා පාතාල මර්දනය කිරීමේ රාජ්‍ය වැඩසටහන අවුල් වී තිබේ.

නමුත් මේ ගොඩනැගීම විසින් ම ක්‍රමානුකූලව රචකයා අර්බූදයට ගමන් කරයිඑනම් රැදවියන් ඝාතනයට ලක්වූයේ කෙසේද? යන්න පැහැදිළි නොකර සගවා තබාගැනීමයි.

කතුවැකියේ අග කොටස මෙසේය: “ඇතැම්විට වයිරසයකට වඩා අපරාධකාරයින් භයානකය. අප මේ සිදුවීම විවරණය කළ යුත්තේ අපරාධකාරයින් භයානක බව සිතේ තබාගෙනය”.

කතුවරයා යෝජනා කරන ආකාරයට මහර සමස්ත සිදුවීම පැහැදිළි කරගත යුත්තේ “සියලු සිරකරුවන් අපරාධකරුවන්” යන ධාරණාවෙනි. ඒ අනුව අපරාධකරුවන් විනාශ කිරීමට කලක සිට ලංකා රාජ්‍ය යොදාගන්නා අපරාධකරුවන් භෞතිකව විනාශ කිරීම ඉදිරියටත් ගෙන යාමට අවශ්‍ය ධෛර් දිනමිණ කතුවරයා සපයා දෙයි.

අරුණ කතුවැකිය

අරුණ පුවත්පත සිය කතුවැකිය “පහර දිය යුත්තේ මහර පැනයටයි” ලෙස සකසා තිබිණ. සමාජයට අවශ්‍ය තොරතුරු ලබාදී පුද්ගලයන් සක්‍රීය දේශපාලන ක්‍රියාකරුවන් කිරීමට මාධ්‍යයට හැකිය.

2020.12.01 අරුණ කතුවැකිය

එහෙත් මාධ්‍ය විසින් ඉටිකරන දේශපාලන භූමිකාව හදුනාගැනීම පහසු නැත. මන්ද දේශපාලන පිළිගැනීම් අනුව සිද්ධි හා එම සිදිධි මවන්නා වූ ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් නිරූපනය කිරීමේ හැකියාව මාධ්‍යට ඇති නිසාය. කතුවැකියේ අවධානයට ලක් කළ යුතු වැකි කිහිපයක් මෙසේය:

මෙරට බන්ධනාගාරවල රැදවූවන්ගෙන් 80ක්ම මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ය. නැතත් බන්ධනාගාරවල සිටින සියලුදෙනා කුමක් හෝ නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ වූවෙකි. ඔවුන්ගෙන් නීතිගරුක චර්යාවන් අපේක්ෂා කළ නොහැකිය.”

මේ මොහොතට අදාළව රැදවියෝ වැරදිකරුවොය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත.”

ඉහත අරුණ කතුවැකිය විමසිල්ලෙන් කියවන විට යහපත් සමාජය සහ අයහපත් සමාජය අතර ආඛ්‍යානයක යුගළ ප්‍රතිපක්ෂ (Binary Opposition) ආකාරයේ බෙදුම් රේඛාවක් ඇදීමට අවශ්‍ය බව පෙනේ.

යහපත් සමාජය (ලංකා රාජ්‍ය) මත්ද්‍රව්‍ය චෝදනා නොලබන, නීතිගරුක, නීතිගරුක චර්යා අපේෂා කළ හැකි.

අයහපත් සමාජය (සිරකරුවන්) මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ, නීතිවිරෝධී, නීතිගරුක චර්යාවන් අපේක්ෂා කළ නොහැකි.

අරුණ කතුවැකිය හෙළිකරන්නේ ලංකා රාජ්‍ය හා රාජ්‍යපෞද්ගලික මාධ්‍ය මෑත්කාලයේ ගොඩනගන ලද එක්තරා ආඛ්‍යානයක මූලික සවරූපයකි.

එනම් ලංකාව යහපත් සමාජයක් වශයෙන් ගෙන ඒ යහපත් සමාජයේ “අනෙකා” ලෙස මත්ද්‍රව්‍ය භාවිතකරන්නන්, ජාවාරම්කරුවන් හා බන්ධනාගාර රැදවියන් ගොඩනැගීමයි. එවිට සාමාන්‍ය මනසකට ගෝචර වන සිරකරුවා මිනිසෙකු (සිරකරුවෝද මනුෂ්‍යයෝ) ලෙස නොව යහපත් සමාජයේ පැවැත්මට බලපෑම් කරන ජනඝාතකයෙකු, අධමයෙකු, පාදඩයෙකු ලෙස ගොඩනැගෙයි.

එසේ ගොඩනැගීම තුළින් ඊළගය කළ යුත්තේ කුමක්ද? යන්න යෝජනා කරයි. එහිදී මර්දනීය ව්‍යාපෘතියක් එළියට එයි. අරුණ පුවත්පත් ඉදිරිපත් කරන මෙම ආඛ්‍යානය අනෙකුත් පුවත්පත් වාර්තා තුළද අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

 

Archive

Latest news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...

Related news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...