Tuesday, January 26, 2021

ප්‍රභාකරන්ගේ ජායාරූපය පළ කළැයි යාපනයේ උදයන් පුවත්පතට ත්‍ර.වැ.ප. යටතේ නඩු පවරයි.

ඡායරූපය: මෙම නඩුව පවරා ඇත්තේ පසුගිය නොවැම්බර් 26දා පළ කරන ලද මෙම ජායාරුපය නිසාය.

යාපනයෙහි පළවන වැඩිම අලෙවියක් සහිත යන් පුවත්පතට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් පවරා තිබේ. ඒ පසුගිය නොවැම්බර් 26දා දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙනි.

පොලිසිය විසින් දෙසැම්බර් මස මුලදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව මාර්තු 21 දක්වා කල් දමා තිබේ.

මෙම නඩුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පවරා ඇත්තේ පළිගැනීමේ ක්‍රියාවක් ලෙස යැයි පුවත්පතහි ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී . සරවනපවන් ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

පසුගිය දිනෙක “ වඩේ කාපු යාපනයේ මිනිස්සුන්ට අපි පීසා කන්න හදල දුන්නා” යැයි යාපනයේ පොලිස් මූලස්ථාන පරීක්ෂකවරයා අධිකරණයෙහි ද කරන ලද ප්‍රකාශය උදයන් පුවත්පත විසින් පළ කරන ලදී. පසුව එම පුවත සමාජ මාධ්‍යන්හි වයිරසයක් මෙන් පැතිර ගියේය. පළිගැනිමට හේතුව එය විය හැකියැයි යාපනයේ ජනමාධ්‍යවේදීහු සැක පහළ කරති.

කියවන්නපිට්ටු හා වඩේ කාපු උතුරට අපි පීසා කන්න හදල දුන්නා” – යාපනයේ පොලිස් එච්කියුඅයි ප්‍රසාද් ප්‍රනාන්දු

තමාට හෝ පුවත්පතේ කාර්යාලයට මෙම චෝදනා පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති බවත්, තමන් මෙය දැන ගත්තේ  අන්තර්ජාල ප්‍රවෘත්ති වාර්තා මගින් බවත් පුවත්පතෙහි ප්‍රකාශක සරවනපවන් කියා සිටී.

මෙරට පුවත්පත් සහ වෙබ් අඩවි බොහෝ අවස්ථාවන්හි ප්‍රභාකරන්ගේ ජායාරූප පළකර ඇති නමුත් එවැනි පළකිරීමක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකට එරෙහිව නඩුවක් පවරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

නිදහස් මාධ්‍ය කියාකරුවකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත කියා සිටියේ මෙම ප්‍රකාශණ අයිතියට එල්ල වූ තර්ජනයක් බවත් ඒ ගැන මාධ්‍ය නිදිහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මුනිවත රැකීම පුදුමයට කරුනක් බවත්ය.

පසුගිය නොවැම්බර් මාසයෙහි ප්‍රභාකරන්ගේ ජායාරූප පළ කළැයි නැගෙනහිර පළාතෙහි තරුණ තරුණියන් 50 දෙනෙකු පමණ අත් අඩංඟුවට ගෙන ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මංත්‍රීවරයකු වන රාසමානික්කම් පාර්ලිමේන්තුවට කියා සිටියේය. ඔහුට අනුව එම සියලු දෙනාම අත් අංඩඟුවට ගන්නා ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

එල්ටීටීඊ නායකයාගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රභාකරන්ගේ ජායාරූඵ පල කළැයි පසුගිය නොවැම්බරයේදී 55 දෙනෙකු විමර්ශනය කොට ශ්‍රී ලංකා පොලිසිය 19 දෙනෙකු අත්අඩංගුවට ගනනා ලදැයි ටැමිල් ගාර්ඩියන් වේ අඩවිය වාර්තා කළේය.

උදයන් යනු ශ්‍රී ලංකාවේ වැඩ්ම ප්‍රචන්ඩ ප්‍රහාරයන්ට ලක් වූ පුවත්පත වන අතර එම කිසිදු ප්‍රහාරයක් පිළිබඳව මේ තාක් කවර හෝ පරීක්ෂනයක් පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නැත.

Archive

Latest news

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...

Related news