Friday, January 15, 2021

දයා පතිරණ ඝාතනයේ අදට උචිත පාඩම් – දයාපාල තිරාණගම

දෙසැම්බර් 14වනදාට යෙදුණූ දයා පතිරණ ඝාතනයේ 34 වැනි වාර්ෂික අනුස්මරණය වෙනුවෙනි.

දයා පතිරණ යනු කවුද?

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාව සිටි දයා පතිරණ ඝාතනය කොට අදට අවුරුදු 34 කි.1986 දෙසැම්බර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලය අසලදී වෑන් එක කට නං වාගෙන පතිරණ සහ ඔහුගේ මිත්‍රයෙකු වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සෝමසිරි ද සමග ජවිපෙ සන්නද්ධ මැර කල්ලියක් විසින් පැහැර ගෙන යනු ලැබිය.ඔවුන්ගේ උගුලේ වැටීමට තරම් පතිරණ දයා පතිරණ අවංක වුයේ වාමාංශික සංවිධාන තුල පැවති සම්ප්‍රදායට ඔහු ගරු කරමින් සාකච්චාවක් සදහා එකඟ වීම නිසාය. පතිරණ සහ සෝමසිරි පිළියන්දල බොල්ගොඩ වැව අසල ස්ථානයකට ගෙන ගොස් අඳුර වැටුන පසු පතිරණගේ බෙල්ල කපා ඝාතනය කරනු ලැබිය. සෝමසිරි ටද එම ඉරනම අත් නොවුයේ ඒ අසලට පැමිණි ගම් වාසින් පිරිසක් නිසා මිනීමරුවන්ට හැකි ඉක්මනින් එතනින් ඉවත් වීමට සිදු වූ නිසාය. බරපතල තුවාල ලැබූ සෝමසිරි රාත්‍රියේම රෝහල් ගත කෙරිණි. මේ අවධිය වන විට විශ්ව විදයාලයේ රැකියාව හැර දමා යටිබිම් දේශපාලන ජිවිතයක් අරඹා තිබුණු මට දයා පතිරණගේ ඝාතනය දැන ගැනීමට ලැබුනේ එයට පසුදා උදේ එවකට ස්වාධීන ශිශ්‍ය සංගමයේ ක්‍රියා කරිකයෙකු වූ පසුව සමාජ විද්‍යා අංශයේ ඉගැන්වූ, ස්වාභවික හේතු නිසා දිවියෙන් සමුගෙන අප හැර ගිය අජිත් සේරසුන්දර ගෙනි. දයා පතිරණ පෝලිමේ මුලට සිටි බව සහ කාලය සහ අවස්ථාව අනුව එයට පසුව මා වැන්නවුන්ගේ ස්ථානයන් ඝාතක පෝලිමේ සටහන්ව ඇති බව එදිනම මට පසක් විය. මට මතක හැටියට එයට පසුව එළඹෙන සතියේ ඔහුගේ ඉල්ලීම අනුව සාකච්චාවක් සදහා මම පතිරණ හමුවීමට සැලසුම් කරගෙන සිටියෙමි.

දයා පතිරණ ඝාතනය කල සන්දර්භය

පතිරණ ඝාතනය කිරීම 1987-89 කලා පරිච්චේදය තුළ මේ රටේ දකුණේ පැවති මිනි මැරුම් වල ආරම්ය සනිටුහන් කෙරින. පතිරණ මරා දැමීමට හේතු වුයේ ඔහු එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය බලගතු සංවිධානයක් ලෙස ගොඩ නැගුවා පමණක් නොව එහි දේශපාලනය සහ න්‍යාය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනවාර්ගික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ දේශපාලන කතිකාවත සමග සම්බන්ධ කරනු ලැබූ නිසාය.

දයා පතිරණ දකුණේ දිළිඳු පවුලකින් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ සටන් කාමි එඩිතර ශිෂ්‍ය නායකයෙකු වීම මෙන්ම දේශපාලන අවකාශය ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් අත් පත් කර ගෙන තිබීම නිසා ජවිපෙ ඇතුළු අනෙක් දේශපාලන සංවිධාන වලට දැඩි න්‍යායික සහ ප්‍රායෝගික අරගලයක් කිරීමට සිදු වූ බව කීම නිවැරදිය.

සැබවින්ම දයා පතිරණ ගේ දේශපාලන බල පෑම නිසා ජාතික ප්‍රශ්නය ට ප්‍රජාතන්ත්‍ර වාදී විසදුමක් දීම නිවරදි දේශපාලන ස්ථාවරයක් බව පිලි ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙක් එහි සිටි බව මට මතකය. එම නිසා දයා පතිරණගේ පැවැත්ම ජවිපෙට සහ එහි සංවිධාන කටුතුවලට ඉමහත් තර්ජනයක් විය.

දයා පතිරණ මේ යුගයේ ධනපති විරෝධී, ජයවර්ධන විරෝධී එජාප පාලන තන්ත්‍රයේ මෙන්ම ද්‍රවිඩ ජනතාවට පක්ෂපාතී ප්‍රජතනතන්ත්‍ර කතිකාවේ සාරය මුර්තිමත් කල ප්‍රගතිශීලි ශිෂ්‍ය නයකයෙක් විය.

දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම්

දයා පතිරණගේ ඝාතනය ඉතාමත් වටිනා දේශපාලන පාඩමක් කියා දුන් සිද්ධියක් විය. එනම්,සන්නද්ධ නැගිටීමක් සිදුකරන දේශපාලන සංවිධානයක් විකල්ප මති මතාන්තර ඉවසන්නේ නැති බවය.

ඔහුගේ මරණය සිදු වූ සන්ධර්භය එහි පළමු වන්න නොවෙනවා පමණක් නොව සන්නද්ධ නැගිටීමක් සිදු කරන පක්ෂයක් විකල්ප අදහස් පිලි නොගන්නේ නම් එහි අවසානයද නොවේ.

දයා පතිරනගෙන් ඇරඹී ඝාතනය ජවිපෙ විසින් එහි අන්තයටම, පසු කාලීනව 1989 වන තෙක් ගෙන යනු ලැබිණ. ජවිපෙ දේශපාලනයෙන් අයින් වී පොලක සපත්තු වෙළඳාමක් කල නන්දන මාරසිංහ පවා කිසිම විකල්ප අදහසක් නොදැරුවද ඝාතනයට ලක්විය. ඒ ජවිපෙන් ඉවත්ව නිහඬ වූ නිසාය. මෙවැනි පළිගැනීමේ සංස්කෘතියක් විප්ලවාදී සංස්කෘතියට බද්ධවුයේ අහම්බයෙන්ම නොවේ.

ඝාතන සංස්කෘතියේ විප්ලවවාදී පදනම

එය හුදෙක්ම ප්‍රංශ විප්ලවයේ සන්නද්ධ බලවේගය වූ ජැකොබියන්වාදය කරා දිවයයි. නමුත් එය නිවැරදියැයි එයින් අදහස් කරන්නේ නැත. එවැනි සාපරාධි ඝාතනයන්ට අවසානයේ ප්‍රංශ විප්ලවයේ නායකයෙකු රොබස්පියර්ට 1994 දී සිය ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.

සෑම බෝල්ෂෙවික්වාදියෙකුම ජැකෝබියන්වදියෙක් විය යුතු බවට ලෙනින්ගේ විශ්වාසය සමගද දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කල යුතුය යන විශ්වාසය බැදී පවතින බව පෙනී ගියත් විකල්ප අදහස් දරන්නන් ඝාතනය කල යුතු බව ලෙනින් විශ්වාස කලේ නැත.

එනමුදු බෝල්ෂෙවික් විප්ලවයත් සමග රුසියානු මාක්ස්වාදයේ පියාලෙස හැදින්වූ ප්ලේඛනොව් රුසියාවේ සිට ස්විස්ටර්ලන්තයට දිවි ගලවා ගැනීම පිණිස පැන ගියේය. නමුත් ලෙනින්ගේ නායකත්වය යටතේ එවැන්නක් සිදු කිරීමට කිසිසේත්ම ඉඩක් නොවිය. විප්ලවයෙන් පසුව සමාජ විප්ලවාදීන් මුළුමනින්ම පාහේ බෝල්ෂෙවික් විප්ලවය සමග සහයෝගයෙන් කටයුත් කරන ලද්දේ ලෙනින්ගේ මේ නිවැරදි ප්‍රතිපත්තිය නිසාය.

දයා පතිරණ සමග එදා අවසාන ගමන් යාමට ඔන්න මෙන්න කියා තිබියදී අහම්බයෙන් දිවි ගලවා ගත් සෝමසිරි සහෝදරයා අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ වී සිටින බවද මෙහි ලා සටහන් කිරීම වටී.

ජවිපෙ නායකත්වය වගකිව යුතුය.

ලංකාවේ දයා පතිරණ සහ මාරසිංහ වැනි සහෝදර වරුන්ගේ ඝාතනයන් ට කෙලින්ම සනද්ධ ව්‍යාපාරයේ නායකත්වය වග කිව යුතුය. මේවා හුදු අත පසුවීම් නොව හිත මතා ම සැලසුම් කොට ක්‍රියාත්මක කල ඝාතනයන්ය.

උතුරේ ද්‍රවිඩ සටන්කාමී සංවිධානයන්ට ද ද්‍රවිඩ කොටින්ගෙන් ද අයත් වුයේ එවැනිම ඉරණමකි.ටෙලෝ, ප්ලොට් වැනි සංවිධානයන් සමුලඝාතනය කිරීම ඉතාමත් උද්වේගයෙන් සහ සැලසුම් සහගතව සිදු විය. මගේ බිරිඳ රාජනී තිරාණගම ද කොටි සංවිධානය විසින් ඝාතනය කලේ ඒ අයුරින් විකල්ප අදහස් සමාජ ගත කරමින් කොටි සංවිධානය නිර්දය ලෙස විවේචනය කිරීම නිසාය.

විමුක්තිකාමියයි පෙනී සිටින සංවිධානයන්ට වෙනස් දේශපාලන මත දරන්නන් දේශපාලන සතුරන් ලෙස සලකා ඝාතනය කිරීම නිසා ඇතිවන දේශපාලන අවාසිය සහ එයට මුලික වූ දේශපාලන අත්තනෝමතිකත්වය දශක ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවක් යනතෙක් මහජන මනසින් අකා මකා දැමීමට නොහැකිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ඇති රටක ජීවත්වීමේ අයිතිය සුරැකීම පහර හැරීම බරපතල දේශපාලන අපරාධයක් ලෙස කුමන දේශපාලන මත දරුවත් ජනතාව බැරෑරුම් ලෙස සලකන බැවිනි.

කාම්බෝජයේ පොල්පොට්වාදීන් 1970 ගණන්වල මැදභාගයේ සන්නද්ධ නැගිටමකින් ජයග්‍රහණය කලද වසර කිහිපයක් යනවිට ඔවුන්ට ජනතාවට ජීවත්වීමේ අයිතියක් ඇති බව නොසලකා හරිමින් ජනතා සමුලඝනයකට ලක් කිරීම නිසා ඔවුන් කාම්බෝජියානු භූමියෙන් අතු ගෑවී ගියේය.

ජවිපෙ ප්‍රතිචාරය ව්‍යාජයක්

දයා පතිරණ ගේ ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම අනෙක් ඝාතනයන් සම්බන්ධයෙන් ද ජවිපෙ මේ දක්වා දී ඇති ප්‍රතිචාරය යන්තම් ඇඟ බේරා බේරාගැනීමක් මෙන්ම ඍජු වගකීම භාර ගැනීමක් නොවේ. ඔවුන් අතින් මිය ගිය අවංක වාමාංශිකයන් ජවිපෙ ට අයත් සටන් බිමේදී මිය ගිය සාමාජිකයන් මෙන් මිනිස් වටිනාකම් අතින් අඩු වැඩි නොවූ සමාජවාදය අපේක්ෂා කල තරුණයන්ය.

දයා පතිරණද එබඳු තරුණයෙක් විය. දයා පතිරණ ඝාතයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සමහර සාමාජිකයන් ජවිපෙන් පළිගැනීම උදෙසා මෙන්ම තමන් ද ජවිපෙ ඊළඟ ඉලක්කය වෙතයි සිතා ආරක්ෂා අංශ සමග කටයුතු කිරීම පිලිබදව දයා පතිරණ ගේ වග කීමක් නැත. ඔහු ජීවත්ව සිටියේනම් එවන් දෙයක් කිසි දිනක සිදු නොවිය හැකිව තිබුණි.

ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රතිපත්ති ගරුක තරුණයෙකු විය. වාමශිකයන්ගේ මිනිස් වටිනාකම සහ ජීවිතය තමන්ගේ දේශපාලනය පිළිනොගත් නිසා අඩු තක්සේරුවක් කිරීම වැරදි සහගතය. වාමාංශිකයන් ඝාතනය කිරීම හුදෙක්ම තමන්ගේ සිදු වූ අඩුවක්තමන් අතින් නොකළ යුතු දේ සිදු වූ බවකියා සිටීම අතිශයින්ම අප්‍රමාණවත් දේශපාලන ප්‍රතිචාරයකි.

සන්නද්ධ අරගලය පරාජයෙන් පසුව නැවත පාර්ලිමේන්තු මාවතට අවතීරණය වන ඕනෑම පක්ෂයකට මෙබඳු මිනීමැරුම වලට සාධාරණ ලෙස ප්‍රතික්‍රියා නොකරන වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයට පවතින බලවත් අවාසිය දකුණේ ජවිපෙට මෙන්ම උතුරේ කොටි සංවිධානයට ද මුහුණ පෑමට සිදුවෙයි.

වැරදි පිළිගැනීමට කරුණු දෙකක්

මේ වැරදි පිළිගැනීම කරුණු දෙකක් නිසා වැදගත්ය.

පළමුවැන්න තම දේශපාලන ප්‍රතිවාදීන් සතුරන් නොව විකල්ප මත දැරූ සමාජවාදීන් නැත්නම් විමුක්තිකාමින් බව පිලි ගැනීම ඔවුන්ගේ මනුෂත්වය ට කරන ගරු කිරීමකි.

දෙවැන්න වන්නේ අනාගතයේ කිසිසේත්ම එවැනි ඝාතනයන්ට ඉඩක් නොදෙන බව පක්ෂයක් වශයෙන් පිලි ගැනීමයි. මෙය ඉෂ්ට කිරීම පක්ෂයක් වශයෙන් පසු බෑමක් නොව තම ශක්තිය වැඩි වීමක් බව ජවිපෙ තේරුම් ගැනීමේ අවශ්‍ය තාවයක් ඇත.

උතුරේ කොටි සංවිධානයට මෙන්ම ජවිපෙටද මෙය පොදුය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන සංවිධාන දෙකක් ජවිපෙ මෙන්ම කොටි සංවිධානයද අනෙක් සංවිධාන වල විකල්ප මත ධාරීන් ඝාතය කිරීම සහ එහි පශ්චාත් දේශපාලනයන් ප්‍රතිපලයන්ගේ ඉරණමේ පොදු අභාග්‍යකට අද පත්ව තිබීම බාගදා දෛවයේ සරදමකි.

නිගමනය

දයා පතිරණ හුදු හුදකලාවේ හෝ අහම්බයෙන් සිදු වූ වැරද්දක් නොව 1987-89 කාලයේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් දේශපාලන ක්‍රියාකාරීන් මරාදැමීම මෙන්ම ජවිපෙ විසින් සැලසුම් කල වාමාංශික ඝාතනයන් සංකේතවත් ල දරුණු ඝනයේ දේශපාලන අපරාධයකි.

ජවිපෙ සන්නද්ධ අරගලයෙන් ජයග්‍රහණය කලේ නම් දයා පතිරණ ගේ නම ද්‍රෝහියෙකු ලෙස හෝ සටහන් නොවන නොවැදගත් කරුණකි. මෙය ලිවීමට පවා යම්හෙයකින්න් මා ජීවත්ව සිටියේනම් ඉඩ නොලැබෙයි.

මෙය වර්ෂයක් පාසාවත් මෙනෙහිකිරිම දයා පතිරණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිය වෙනුවෙන් ඔහු කල කැප කිරීමට ප්‍රණාමය පුද කිරීමක් ලෙස සලකමි. මැතිවරණ සමයේදී ජවිපෙට සහ පෙරටුගමින්ට සහයෝගය දෙන ලෙස ඉල්ලා ම කල ප්‍රකාශයට සමහර දේශපාලන මිතුරන් උරණ වුයේ ජවිපෙ විසින් කල දේශපාලන ඝාතනයන් මා අමතක කරන බවට චෝදනා කරමිනි.

වාමාංශික පකෂවලට චන්දය දීම ඒ දේශපාලන සන්ධිස්ථානය තුල පවතින් දේශපාලන වගකීමක් ලෙස මම තවමත් සලකමි. ජවිපෙ විසින් කල වමාශිකයන් ඝාතනය කිසිදා අමතක කල නොහැකිය. එම ඝාතනයන් පිලිබදව සමාව ඉල්ලා සිටීම අද ඔවුන් සිටින තත්වයන් අනුව පරණ හැව හැර දමා වාමාංශික ඝාතන නොවසන ශිෂ්ඨ සම්පන්න ලෝකයට පිවිසීමයි.

Archive

Latest news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...

Related news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...