Sunday, October 25, 2020

සිසිපස් ගේ සත්‍ය කතාව. (ආර්ථිකයේ මහ බරක් දෙවුර මත දරන ස්ත්‍රී සිසිපස් ලා වෙනුවෙනි) – මහේෂ් හපුගොඩ

ඡායාරූපය:Sisyphus by Melanie Montenegro
joshmitteldorf.scienceblog.com වෙතිනි.

මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවෙලා තියන කොරෝනා පොකුරේ ආසාදිතයින් සහ ආශ්‍රීතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් රෝගය හෙළිදරව් නොකර සමාජයෙන් සැඟවෙනවා කියල දැන් රාවයක් යනවා. ආයිත් නිකම් කොරෝනා කියන්නේ වැඩ කරන පන්තිය විසින් පතුරවන ලෙඩක් ගානට දැන් ඒක පල්ලම් බැහැල. කෝවිඩ් වෛරසය කියන්නේ පියාපත් ආපු වෛරස් එකක් අපේ ජීවිත කාලේ ඇතුළේ විතරක් ගත්තත්. ඕනෑම කෙනෙකුට අසුරු සැණින් ආසාදනය වෙන්න පුළුවන් සෞඛ්‍ය උපමාන අනුගමනය කළේ නැත්නම්. ඒකට පංති භේදයක් නැහැ කියල තේරුම් ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෝරිස් ජොන්සන් දිහා විතරක් බැලුවත් ඇති. හැබැයි වැඩ කරන මිනිස්සු ලොකු අවදානමක් ගන්නවා ආර්ථිකය ඇතුලේ. මේ මැෂිම දුවවන්න එයාල දෙන බූස්ට් එක ගැන අපි වෙනම සැලියුට් එකක් ගහන්න ඕනි. ඉනුත් විශේෂයෙන් ස්ත්‍රී ශ්‍රමය.

සම්පූර්ණ සිතුවම Sisyphus by Melanie Montenegro. joshmitteldorf.scienceblog.com

මට මේ සටහන ලියන්න හිතුණේ ඉහත පංති දේශපාලනය ගැන ලියනවට වඩා ටිකක් වැදගත් උපනතියක් ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඒ තමයි රෝගය වසන් කිරීම, සත්‍යය තොරතුරු නොදීම සහ සැඟව සිටීම නම් නව කොරෝනා ප්‍රවණතාගැන යමක් සිහිපත් කරන්න. ගොඩක් වෙලාවට මේ ආසාදිත හෝ ආසාදිත යැයි සැක සිතන මිනිස්සු ආගිය තැන්, සම්බන්ද වෙච්ච අය සහ ඒ සම්බන්දතා ඇතුලේ කරන ලද ක්‍රියා වල මිනිස් ස්වභාවයඑළිදරව් වෙන එක වළක්වා ගන්න මේ උදවිය උත්සාහ කරනවා ඇති. සමහර විට ඒ ක්‍රියා නිසා එයාලට සමාජයට මුහුණ දෙන්න බැරුව ඇති. සමහර වෙලාවට ඒ දේවල් එළිදරව් වෙනවට වඩා හොඳයි කොරෝනා හැදිලා මැරෙනවා නම් කියල හිතෙන්න පුළුවන් ඇති අර ක්‍රියා වල බරගැන ඒ අය පසු ආවර්තිත ලෙස හිතන කොට. එයින් අදහස් කරන්නේ ඒ ක්‍රියාවේ බර සහ වරදකාරීත්වය මරණයටත් වඩා ලොකුයි කියන එක. රහස එළිදරව් නොවී මැරිලා යන එක හොඳයි කියල ඒ අය හිතනවා ඇති. ඒකත් එක මිනිස් තේරීමක්.

මට මතක් උනා ලස්සන උදෘත පාඨයක් Munich (2005) කියන ස්පීල්බර්ග් ගේ ෆිල්ම් එකේ තියන. ඒ කතාව කියන්නේ ලුවී ගේ පියා. ඔහුට අනුව අප ජීවත් වෙන්නේ රහස් එකිනෙකින් ඡේදනය වෙලා තියන සහ ඒ ඡේදනය වෙච්ච රහස් කොයිම හෝ මොහොතක නැවත මුණ ගැහෙන්න පුළුවන් ලෝකෙක‘. We inhabit a world of intersecting secrecies, we live and die at the places where those secrecies meet. This is what we accept? ලූවී ගේ පියා ඇව්නර්ගෙන් තවදුරටත් අහනවා අප ඒ සත්‍යය පිළිගත යුතුයි නේද කියල?කොච්චර අමිහිරි උනත් ඒක තමයි ඇත්ත. කොපමණ කාලයක් හරි ගිහිල්ලා ඇත්තට ඇත්ත හමුවෙන එක.

මේ එකිනෙකාගෙන් අප සඟවා ගෙන ඉන්න රහස් එහෙමම කාලයේ වැලි තලාවෙන් වැහිලා තියනකම් අපි යම් සහනයකින් ඉන්නවා. නමුත් ඒ සත්‍යයන් එකිනෙක මුණ ගැහෙනවා (intersect) කියල දැන ගත්තම අපි ආතතිගත වෙනවා. හේතුව අපි ලෝකෙට, ගෑනිට, මිනිහට, අම්මට, තාත්තට, ඥාතීන්ට, වැඩ කරන තැනට පෙන්නගෙන ඉන්න “චරිතය(personality) සහ අර සත්‍යය ඔස්සේ එළිදරව් වෙන එසේ නොවන චරිතයඅපට සමහන් කර ගන්න බැරි නිසා. ඒ කියන්නේ අපි ලෝකෙට පරකාසේ ඇතුලේ පෙන්නන ශිෂ්ට චරිතයසහ ඒ ශිෂ්ට බවට යටින් අපිටම දරා ගන්න බැරි රාක්ෂයෙක් (monster) අපිව අරක්ගෙන ඉන්නවා කියන එක අපිටම ක්ෂිතියක්. ඒකයි අර කියන “සත්‍යයන් සම්මුඛ වීම” අපිට එක මොහොතක දරා ගන්න බැරි. මොකද එතකොට අපේම යක්ෂයා අපිට මුණ ගැහෙනවා. ඒ එක්ක මැරෙන්න තරම් හැඟීමක් එනවා.

නිකම් හිතන්න වැඩ බිමේ නැත්නම් සේවා ස්ථානයේ ඇතිවෙන ප්‍රේම සම්බන්දතා ගැන (workplace romance). මේක ගෝලීය ලෙස ගත්තත් ලොකු ප්‍රේමවෘත්තාන්ත ශානරයක් (genre of romance). සෑහෙන වෙලාවක් යම් සේවා ස්ථානයක ඉන්න කොට මිනිස්සු මිනිස්සු අතරේ ඇතිවෙන්න පුළුවන් ආදරණිය සහ ලිංගික ආකර්ෂණයන් එක්ක මිනිස්සු නොයෙක් දේ කරන්න පෙළඹෙනවා වෙන්න පුළුවන්. Imitation Game (2014) චිත්‍රපටයේ එක තැනක කියවෙනවා තම කාර්ය සහායකයා (co-worker) අකුරු අමුණන රිද්මය එක්ක උනත් හදවතේ රිද්මය සමපාත වෙන්න පුළුවන් කියන. හොඳින් අහගෙන හිටියොත් එහා අන්තයේ සතුරු කඳවුරක කෙනෙක් අකුරු අමුණන රිද්මය ඔස්සේ උනත් යම් යම් පණිවුඩ තේරුම් ගන්න පුළුවන් කියල. මේක තමයි මිනිස් ස්වභාවය. මිනිසා තම පරිපුර්ණ බව (perfection) සඳහා ගමන් කරන්න නොයෙක් දේ කරනවා. නොයෙක් දේ අත්හදා බලනවා. ආශා වෙනවා. ඒ ආශාවට ඇද වැටෙනවා. ඒ අත්හදා බැලීම් වලින් සමහර ඒවා හොඳ (good) දේවල් වෙන්න පුළුවන් වගේම සමහර දේවල් නරක (evil) දේවල් වෙන්නත් පුළුවන්. දෙවියන් නැති තත්වයක් යටතේ මේවායේ අවසන් විනිශ්චය කරුවා වෙන්නෙත් මිනිසා ම තමයි.

ඉතිං ඇත්තම මිනිස් බව මතුවෙන්නේ අර තමන්ගේම රහස් එළිවෙලා තමන්ගේම රාක්ෂයා තමන්ට මුණ ගැහෙන නිමේෂයේ ආතතියට මුහුණ දීල ඒක තරණය කරන එක එක්ක. මිනිස් නොවෙන දෙයක් (monstrous existence) තමන් තුළ තිබිල තියනවා කියල තමන්ට අභිමුඛ වෙන මොහොතේ ඒක ඒ අයුරින් පිළිගන්නා එක එක්ක. ‘අනේ දෙයියනේ මම අසවලාට වරදක් කළා නේද?’ ‘අසවලා මම වෙනුවෙන් බලා සිටින්න ඇති නේද?’ තමන් කරන කියන දේවල් ඇතුලේ මේ වගේ හැඟීම් ගොඩක් ප්‍රභල ලෙස මතුවෙන්න පුළුවන්. නීට්ෂ කියන විදියට ඒ තමන් යම් කෙනෙක් ගේ විශ්වාසය “පාවා දුන්නා(betrayal) කියල දැනෙන මොහොතේ ඇතිවන වරදකාරී බව සහ බිය නිසා ගොඩක් මිනිස්සු සිය දිවි හානි කර ගන්නවා. මරණය වැළද ගන්නවා. නමුත් අවශ්‍ය වෙන්නේ ඒ වරද සහ බිය තරණය කරලා (beyond good and evil) ඉන් පස්සේ යෙදෙන අවබෝධය (consciousness) පිණිස යුහුසුළු වෙන එක. හොඳ සහ නරක කියන දෙකම මිනිසා යම් විදියකට අත්දකින්න ඕනි ඉන් එහාට යන්න නම්.

මිනිසා කියන්නේ හොඳ සහ නරක කියන දෙකේම එකතුවක් සහ ඉන් ඔබ්බට යන්න ආශා කරන්නෙක් (Man has the desire to transcend beyond good and evil) කියන දෙය මිනිස් ශිෂ්ටාචාරය ඇතුලේ අවබෝධ කර ගන්න එක ටිකක් අමාරු වැඩක්. ගෙස්ට් හවුස් ගානේ පැන පැන ජෝඩු කුදලා ගෙන එන්න තදියමේ දඟලපු පොලිසිය දැන් කියනවා අපි කිසි දෙයක් එළිකරන්නේ නැහැ ඇත්ත තොරතුරු දෙන්න කියල. නමුත් මිනිස් ඇත්තවෙනුවෙන් කවදාවත් එයාල පෙනී සිටලා නැහැ. ධෛර්යමත් කරලා නැහැ. සත්‍යයන් මර්ධනය කරන්න, යටපත් කරන්න කටයුතු කළා මිසක් යමක් ගැඹුරින් එළිදරව් කරගන්න සහ ඒක දරාගන්න එයාල කවද්ද කටයුතු කළේ? කසිප්පු පොට්, බූරු පොළවල්, ජොයින්ට් තියන තැන්, නීති විරෝධී කියන ගණිකා නිවාස වගේ තැන් වලට මිනිස්සු යන්න ඇති. රහස් සම්බන්දතා තියෙන්න ඇති අනන්තවත් ඔය මිනිස් කැළ ඇතුලේ. නමුත් සියවස් ගණනක් තිස්සේ සදාචාරය ඇතුලේ මිනිස් ක්‍රියා වරදකාරී කරපු, හෙළා දැකපු, ලැජ්ජාවට පත් කරපු සහ බියපත් කරපු අපේ මිනිස් ආත්ම ගොඩක් හැංගෙනවා ඇරෙන්න වෙන දෙයක් කරයි කියල හිතන්න බැහැ. මේක තමයි සියවස් ගණනක අපේ ශේෂ පත්‍රය.

අපි මිනිස්සු බිහි කරලා නැහැ. ළදරු වැඩිහිටියෝ ටිකක් නම් උදේ හවස රූපවාහිනී තිර වල ඉන්නවා පේනවා. විකසිත වන මිනිසුන් තමයි සමාජයකට ඕනි. විකසිත වීමට සීමාවක් නැහැ වගේම විකසිත මිනිසෙකුගේ සීමාව කොතරම් දැයි කීමටත් බැහැ කියල නීට්ෂ කියනවා. ඔහුට අනුව වර්ධනය විය හැකි එකම දෙයත් මිනිස් බව පමණයි (Anything truly human can grow).

මිනිසා හොඳ සහ නරක කියන දෙකම අතික්‍රමනය කරලා එයාගේම අවබෝධයක් කරා එන්න ඕනි. ඒක වෙන කෙනෙකුට පොවන්න බැහැ. එහෙම පෙව්වට ඇති වැඩකුත් නැහැ. මිනිසා අත්දැකීම් හොයාගෙන යනවා. ඒක එයාගේ හැටි. එයා පරිණත වෙන්න කරන උත්සාහය ඇතුලේ තමයි එහෙම වෙන්නේ. වැරදෙන්න ඕනි යමක් තේරුම් ගන්න. සමහර විට කිහිප වරක් වෙන්නත් පුළුවන්. ඒ වැරදීම් වල මිළ ගොඩක් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ඊට පස්සේ තමයි ශිෂ්ටාචාරයේ බරට කරගසන්න එයාට පුළුවන් වෙන්නේ. ශරීරයෙන් කොච්චර ලොකු වුණත් අත්දැකීම් නැති ළදරුවෙකුට බැහැ ශිෂ්ටාචාරයේ දැවැන්ත බර කර මතට ගන්න. සිසිපස් බවට පත් වෙන්න.

“මිනිසා නිදහස් වන්නේ නිදහස සොයා යාම ඔස්සේ නොව තමන්ට පුළුවන් උපරිම බර කර තබා ගෙන උපරිම දුරක් යන අදිටනෙන් ගමන් ආරම්භ කිරීමෙනි”.

(මේ සටහන සමස්ත ලාංකික ආර්ථිකයේ විශාල කොටසක් තම දෙවුර මත දරා සිටින ස්ත්‍රී සිසිපස් ලා වෙනුවෙනි. එකම අවුල නම් පිරිමියා විසින් එම බර වරින් වර කන්ද පහළට තල්ලු කර විනෝද වීමයි).

මහේෂ් හපුගොඩ මුහුණු පොතිනි.

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...