Friday, December 4, 2020

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි ඉතිරි කරමින් වුවද බහුතර පුරවැසියන්ගේ අපේක්ෂාව සහ ආස්වාදය වූයේ මෙයය. ජනතා පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය ද නීතියේ ආධිපත්‍යයද අභියෝගයට ලක් වී ඇති මොහොතක වුවද පාර්ලිමේන්තුවම සියතින් ගෙල සිද ගනිමින් පෞද්ගලික දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් තම ආත්මය පාවා දුන් දිනයක් ලෙස 2020 ඔක්තෝම්බර් 22 වන දින ඉතිහාසගත වනු ඇත.

මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන කතිකාව දේශපාලන වේදිකා වල සහ පාර්ලිමේන්තුවේ පැවති අතර පසුගිය සැප්තැම්බර් 02 වන දින 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පතට කැබිනට් අනුමැතියද හිමිවන්නේය.

අගමැති කමිටුව භංගවීම

පනත් කෙටුම්පතෙහි අහිතකර බලපෑම පිළිබඳව පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඇති වූ සමාජීය කතිකාව සමඟ අගමැති විසින් යෝජිත 20 වන සංශෝධනයේ අඩුපාඩු සොයා බලා යෝජනා සහ නිර්දේශ සැකසීමට කමිටුවක් පත් කළද කමිටුව විසින් නිකුත් කරන ලද නිර්දේශ එසේ තිබියදීම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද්දේය. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් සැප්තැම්බර් 22 වන දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත්කෙටුම්පතට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වන්නේ මෙමඟින් විධායකය වටා අනවශ්‍ය ආකාරයෙන් බලතල කේන්ද්‍රගත කර තිබේ යැයි යන මූලිකම චෝදනාව සමඟ බැදී ඇති ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ගැටළුව විසඳාගැනීම උදෙසාය. මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ජනතා නීතිඥයෝ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පුද්ගලයන් සහ සංවිධාන 38 ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් යොමු කර තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව ලංකාවේ මෙතරම් පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් වූයේ ඉතිහාසයේ පළමු වතාවටය. සැප්තැම්බර් 29 වනදින අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ආරම්භ කරන ලදී.

එකී පෙත්සම් සලකා බැලූ අගවිනිසුරුතුමන් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ස්වකීය මතය 2020 ඔක්තෝබර් මස 05 වැනි දින ප්‍රකාශ කරන ලදී. ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් නිගමනය පහත පරිදිය.

  1. මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව සම්පාදනය කර ඇති බවත්,

  2. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතිය මත සම්මත විය යුතු බවත්,

  3. කෙටුම්පතේ 3 වන වගන්තිය (ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යය), 5 වන වගන්තිය (ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව), 14 වන වගන්තිය (ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම, වාරාවසාන කිරීම හා විසුරුවා හැරීම) සහ 22 වගන්තිය (මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල) යන ප්‍රතිපාදන යෝජිත මුල් ස්වරූපයෙන්ම පවතින්නේ නම් එම සංශෝධනයක් ආණ්ඩුක්‍රමවි්‍යවස්ථාවේ 3 හා 4 ව්‍යවස්ථා වෙන අනනුකූල වන බැවින් 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවත්, එහෙත් කෙටුම්පතේ 3 හා 14 වගන්ති වෙත කාරක සභා අවස්ථාවේදී සිදු කළ සංශෝධන හේතුවෙන් එකී සංශෝධනයක් ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවත්,

  4. කෙටුම්පතේ 5 වන වගන්තිය සුදුසු පරිදි සංශෝධනය කළ හැකි වන්නේ නම් එය ද ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවත්ය.

පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අවසානයේදී පැවැත්වු පාර්ලිමේන්න්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද සැලකිල්ලට ගනිමින් සංශෝධන කිහිපයක් සිදු කිරීමෙන්ද, නැවත තෙවන වර කියවීමට ඡන්දය ලබා ගැනීමෙන්ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ නීතියක් ලෙස සම්මත විය.

ජනහිතකාමී ආණඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට ජනතා පරමාධිපත්‍ය සහ පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය අභියෝගයට ලක් කරමින් තනි පුද්ගලයකු වටා බලය ඒකරාශී වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සමාජගතව ඇති මේ මොහොතේ මෙම සටහන නැවතත් පල කරනු ලබන්නේ පුරවැසි ඔබට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පතෙන් යෝජනා කර තිබූ මුල් සංශෝධනයන් දෙවන වර තෙවන වර පමණක් නොව නැවත නැවතත් කියවා තබා ගැනීම උදෙසාය.

31 වන ව්‍යවස්ථාව සංශෝධනය – අවුරුදු හතරකින් ජනාධිපති ඉල්ලන ජනවරමේ වාර ගණන සීමා කෙරේ

අවුරුදු 4 ක් ජනාධිපති තම ධුරය දැරූ පසු නැවත වැඩිදුර කාලයක් සදහා තමාව පත් කර ගැනීමට වන වරමක් ලබා ගැනීමට ජනතාවගෙන් ඉල්ලීමක් සහිත ප්‍රකාශයක් කිරීමට 18 වන සංශෝධනයෙන් ප්‍රතිපාදන සකසා ඇති අතර 20 වන සංශෝධනය මගින් එය දෙවන ධුර කාලයක් සදහා යනුවෙන් සංශෝධනය කර තිබේ.

33 හා 33 () ව්‍යවස්ථා ඉවත් කිරීම – ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට වූ වගකීම ඉවත් කෙරේ

19 වන සංශෝධනයෙන් හදුන්වා දුන් ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට හා අනුගමනය කරන බවට වන ව්‍යවස්ථාව ඉවත් කර තිබේ.

35 වන ව්‍යවස්ථාව ප්‍රතියෝජනය – ජනාධිපතිට එරෙහිව නඩු පැවරීමේ ඉඩ සීමා කෙරේ

19 වන සංශෝධනයෙන් ජනාධිපතිට කිසිම අධිකරණයක සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු බව සදහන් විය.

20 වන සංශෝධනයෙන් එය ඉවත් කරමින් ජනාධිපතිට විරුද්ධව ඔහු කරන හෝ නොකර හරින ලද කිසිම කරුණක් සම්බන්ධයෙන් කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු බව සදහන් වේ.

ජනාධිපතිවරයා කරන හරින ලද්දක් හෝ නොකර හරින ලද මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන කරුණකදී නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට 35 ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණු ඉඩ මෙයින් අහෝසි කර තිබේ.

VII අ පරිච්ඡේදය ප්‍රතියෝජනය කිරීමආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම

19 වන සංශෝධනය මගින් 7 () පරිච්ඡේදයෙන් හදුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරමින් පාර්ලිමේන්තු සභාව හදුන්වා දී තිබේ. කොමිෂන් සභා වල සියලු පත්කිරීම්ද, අගවිනිසුරු ඇතුලු ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ද, අභියාචනාධිකරණයේ සභාපති ඇතුලු විනිසුරුවරුන්, අධිකරන සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අනෙක් සාමාජිකයින්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, ඔම්බුඞ්ස්මන්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ජනාධිපති විසින් පත් කරනු ලබන අතර මෙම පත්කිරීම් සදහා පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණය පමණක් ජනාධිපති විසින් ඉල්ලා සිටිනු ලබයි.

පාර්ලිමේන්තු සභාවේ සංයුතිය 5 කි. (අගමැති, කතානායක, විපක්ෂ නායක, අගමැති විසින් පත් කරන අයෙක්, විපක්ෂ නායක විසින් පත් කරන අයෙක්)

විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව උපලේඛන ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

VII වන පරිච්ඡේදය ප්‍රතියෝජනය – අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිගේ බලය තහවුරු කිරීම

42 වන ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සදහන් කර තිබේ.

43(2) ව්‍යවස්ථාව මගින් අමාත්‍ය මණ්ඩලය විසිර ගියද ජනාධිපතිවරයා තවදුරටත් ධුරය දරන බවට වන නව ව්‍යවස්ථාවක් ඇතුළත් කර තිබේ.

44(2) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට යම් විෂයක් හෝ කාර්යයක් තමාටම පවරා ගැනීම සිදු කළ හැකිය.

19 වන සංශෝධනය මගින් අමාත්‍ය මණ්ඩලයේ මුලු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුය ලෙසට තිබූ සීමාව සහ අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතුය යන සීමාව 20 වන සංශෝධනයෙන් ඉවත් කර තිබේ.

47() ව්‍යවස්ථාව මගින් අගමැති ඇතුලු අමාත්‍ය මණ්ඩලයේ අයෙක්, වෙනත් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ව ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් වුවද ඉවත් කිරීමට හැකියාවක් ඇත.

61 () ව්‍යවස්ථාව ප්‍රතියෝජනය – ජනාධිපතිවරයාට නීතිපතිවරයා පත් කිරීමේ තනි බලය හිමි වීම

70 ව්‍යවස්ථාව සංශෝධනය – ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඇති බලතල වැඩි කිරීම

19 වන සංශෝධනය මගින් 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පාර්ලිමේන්තුව රැස්වී අවුරුදු හතරයි මාස හයක කාලයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වන බවට වූ ප්‍රතිපාදනය හදුන්වා දෙන අතර 20 වන සංශෝධනය මගින් එය ඉවත් කරමින් මහමැතිවරණය පැවැත්වූ දින සිට එක් අවුරුද්දක කාලයක් ඉක්ම ගිය පසු එය සිදු කළ හැකි බවට වූ ප්‍රතිපාදනයක් හදුන්වා දී තිබේ.

70 () () ව්‍යවස්ථාව අනුව මහමැතිවරණයකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු පළමු රැස්වීමේදි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කලද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නැත. නමුත් එවැනි අවස්ථාවක ඊට පසුව ගෙනෙන විසර්ජන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවිය යුතුය.

78 වන ව්‍යවස්ථාව සංශෝධනය – සාමාන්‍ය පනතක් ගෙන ඒමේදි ජනතාවට නිරාවරණය කළ යුතු කාලය අඩු කෙරේ

සෑම පනත් කෙටුම්පතකම් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට දවස් 14 කට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතු බව 19 වන සංශෝධනයෙන් 78 වන ව්‍යවස්ථාව යටතේ හදුන්වා දෙන ලදී. 20 වන සංශෝධනය මගින් එය දවස් 7 ක් දක්වා අඩු කර තිබේ.

85 වන ව්‍යවස්ථාව සංශෝධනය – පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ජනාධිපතිට ජනමතවිචාරණයකින් සම්මත හැකි වීම

85(2) ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා විසින් ස්වකීය අභිමතය පරිදි ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැකිය. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම, සංශෝධන කිරීම හෝ පරිච්ඡින්න කිරීම සම්බන්ධයෙන් නොවන)

91 වන ව්‍යවස්ථාව සංශෝධනය – විදේශ රටක පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තුවට පත් වීමටත් ජනාධිපති ලෙස පත්වීමටත් ඉඩ ලබා දීම

91 () හිxiii ඉවත් කර තිබේ. එනම් ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට, ඡන්දය දීමට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගැනීමට සුදුස්සෙක් නොවන බවට වූ ව්‍යවස්ථාව ඉවත් කර තිබේ.

92 වන ව්‍යවස්ථාව සංශෝධනයජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කෙරේ

19 වන සංශෝධනය යටතේ හදුන්වා දුන් ජනාධිපති ලෙස තේරී පත්වීමට ඇති නුසුදුසුකම් යටතේ දක්වා ඇති වයස අවුරුදු 35 සම්පූර්ණ කර නොසිටීම යන්න වයස අවුරුදු 30 සම්පූර්ණ කර නොසිටීම ලෙස සංශෝධනය කර ඇත.

104 ආ සංශෝධනය සහ 104 උඋ ඉවත් කිරීම – මැතිවරණ කොමිසමේ බලතල අඩු කෙරේ

19 වන සංශෝධනය මගින් හදුන්වා දුන් මැතිවරණ කොමිෂන් සභාවේ විධිවිධාන වලට අනුකූල නොවීම වරදක් වන බවට වූ ව්‍යවස්ථාව 20 වන සංශෝධනය මගින් ඉවත් කර තිබේ.

107 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම – ඉහළ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධ තනි බලය ජනාධිපතිට

19 වන සංශෝධනය මගින් අගවිනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති, ශේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයට යටත්ව ජනාධිපති විසින් පත් කළ යුතු වූ අතර 20 වන සංශෝධනය මගින් එය ජනාධිපතිවරයාට හිමි කරදී තිබේ.

111 ඉ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම – අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් කවර හෝ හේතුවකට ඉවත් කිරීමට ජනාධිපතිට හැකි වීම

122 වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම – හදිසි පනත් පිළිබඳ ප්‍රතිපාදන යළිත් හඳුන්වා දීම

19 වන සංශෝධනය මගින් 122 වන ව්‍යවස්ථාව ඉවත් කර තිබූ අතර 20 වන සංශෝධනය මගින් 122 වන ව්‍යවස්ථාවක් හදුන්වා දෙමින් හදිසි පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය ලබා දී තිබේ. ඒ අනුව ජාතියේ හිතසුව පිණිස වහා සම්මත කර ගත යුතුයැයි සලකන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැය විසිහතරක් ඇතුළත පරීක්ෂා කර බලා එය නීත්‍යානුකූල වන්නේද යන තීරණය ජනාධිපතිට හා කථානායකට පමණක් දැනුම් දිය යුතු වේ.

XIX අ වන පරිච්ඡේදය ඉවත් කිරීම – අල්ලස් හෝ දූෂණ විමර්ශණ සභාවේ බලය ඉවත් කිරීම

මෙමඟින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභා පනතට තිබූ ව්‍යවස්ථාමය පිළිගැනීම ඉවත් කර තිබේ.

XIX ආ වන පරිච්ඡේදය ඉවත් කිරීම – ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වීම

153 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම – විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම

154 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම – රාජ්‍ය සමාගම් සහ ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති කාර්යාලය විගණකාධිපති අධීක්ෂණයෙන් ඉවත් කිරීම

155 ඊඊ ව්‍යවස්ථාව ඇතුළත් කිරීම – ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම
මෙමගින් මහජන පැමිණිලි විමසීමට ඇති ඉඩ සීමා කර තිබේ.

Archive

Latest news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...

Related news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...