Sunday, October 25, 2020

කොවිඩ් පොලීසියට අලුත් නීති!

කොව්ඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා නව නීති පනවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබේ. ඇය කියා සිටින්නේ කොවිඩ් පාලනය සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ නීතියක් බවට පත්කර ගැසට් කිරීමට පියවර ගන්නා බවයි.

වසංගතය සෞඛ්‍ය ප්‍රශ්ණයක් වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක් යැයි නිර්වචනය කර පොලීසියට තවත් බලතල ලබා දීම මෙමගින් සිදුවේ.

මේ සඳහා  දින දෙක තුන ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමට  ආණ්ඩුව සැළසුම් කරයි.

ඇය මෙසේ ද කියා  තිබේ.

“මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරිම සඳහා රජය විසින් විවිධ තීන්දු ගනිමින් තිබෙනවා. ඒ අනුව රෝගය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදින පිරිස් සඳහා නීතිමය වශයෙන් පියවර ගැනීමට මා විසින් තව දින දෙකක් ඇතුලත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින අයට, සමාජ දුරස්ථභාවය මීටරයක දුර අනුව කටයුතු නොකරන අයට, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයින් ඇතුලත්වීමේ දී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබාදිය හැකි වන ආකාරයටයි.”

“ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි වෙනවා.”

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news