Sunday, October 25, 2020

ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය : අප එයට එරෙහි විය යුතු නොවේද?- ජයදේව උයන්ගොඩ

1978 වර්ෂයේදී මෙරට ස්ථාපිත ව්‍යවස්ථාවට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය දිනෙන් දින වේගවත් වෙමින් පවතී. රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජනාව නියත වශයෙන්ම ව්‍යවස්ථාමය බෝම්බ හෙලීමකි. ඔවුන්ගේ විධිවිධාන, අරමුණු සේම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිවිපාකද ඉතාම විනාශකාරීය. බොහෝ දුරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උපදෙස් සපයන කළමනාකරණ ගුරුවරුන් සහ මාධ්‍ය ඔස්තාර්වරු , ඔහුව ‘නිර්මාණාත්මක විනාශය’ පිළිබඳව තරමක් බොළඳ නමුත් දේශපාලනික වශයෙන් ඇති භයානක මුලධර්මයන්ට අනුකූලව අති සාර්ථකව පරිවර්තනය කර ඇති බවක් පැවසිය හැකිය.

[title]අරමුණු[/title]

20වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි ඉක්මන් කියවීමක් පවා පාඨකයාට පවසන්නේ එය පහත සඳහන් ක්ෂණික දේශපාලන අරමුණු දෙකෙන් රාමුගත වී ඇති බවයි.

1. නව විධායක ජනාධිපති ධූරයක් පිහිටුවීම සහ කැබිනට් මණ්ඩලය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, දේශපාලන ක්‍රමය සහ සමාජය කෙරෙහි බලපැවැත්වෙන බලතල රැසක් අනවසරයෙන් හා නිසි පාලනයකින් තොරව ලබාදීම. ඒ අනුව ජනපති ධුරය යලිත් වරක් 1978 සහ 2009 වසරවලදී මෙන් රාජ්‍ය බලයේ කේන්ද්‍රීය ආයතනය වනු ඇත. එය අප සමාජයේ සහ දේශපාලනයේ අන් සියල්ලන්ටම වඩා ඉහළින් සිටින උසස් ආයතනයක් වනු ඇත.

2. ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ ඒකාධිකාරය එක් පාලක පවුලකට පැවරීම සහ ඔවුන්ගේ පාලනය සුරක්ෂිත කිරීම.

[title]ප්‍රතිවිපාක[/title]

යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් නීති ප්‍රකාරව සම්මත කළහොත් ඉන් බොහෝ ඍණාත්මක ප්‍රතිඵල ඇති විය හැක. මෙකී විපාකයන්ගේ සමහරක් කෙටිකාලින වියහැකි අතර අනෙක්වා මධ්‍යම සහ දීර්ඝ කාලීන වනු ඇත. ඊට පහත සඳහන් ඒවාට කොන්දේසි නිර්මාණය කිරීමේ විනාශකාරී විභවයක් ඇත.

1. ශ්‍රී ලංකාවේ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වූ උත්තරීතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට සේම ආයතන වලට ඵලදායී අවසානයක් ගෙන ඒම.

2. 1931ට පෙර යටත් විජිතවාදී රාජ්‍ය පාලනයට යටතේ අප සතුව පැවති ක්‍රමයට සමාන දේශපාලන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීම සහ එමඟින් 1931 සිට ශ්‍රී ලංකේය ජනතාව දේශපාලනිකමය වශයෙන් ලබා ඇති දියුණුව සහ සියලු ජයග්‍රහණයන් නොසලකා හැරීම සහ මකා දැමීම.

3. වත්මන් පාලක පවුල හෝ ජනාධිපති ධුරය හොබවන ඕනෑම අයෙකු සාමකාමී මැතිවරණ ක්‍රමයක උපකාරයෙන් බලයෙන් පහ කිරීම දුෂ්කර වීම සහ කල නොහැකි වීම.

4. විවෘත, තරඟකාරී, බහුපක්ෂ හා මැතිවරණ ප්‍රජාත්න්ත්‍රවාදීය රාමුව තුළ , සාමකාමී මාර්ගයන් ඔස්සේ, පවතින ආණ්ඩු වෙනස් කිරීම සහ තම විශ්වාසය කඩකරන පාලකයින් ඉවත් කිරීමට ශ්‍රී ලාංකීය ජනතාවට ඇති ස්වෛරී අයිතිය අහිමි කිරීම.

5. විධායකය විසින් දේශපාලන බලය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නොපවතින්නේ නම් ඉතා සීමාසහිත වූ ව්‍යවස්ථාමය පාරිශුද්ධ භාවය ලබා දීම.

6. අග්නිදිග ආසියානු සංවර්ධනවාදී රාජ්‍ය ආකෘතියට අනුකූලව අවසානයේදී ශ්‍රී ලංකාව තුල ඒක පාර්ශවිය රාජ්‍යයක් ස්ථාවර කිරීම.

7. () සිතීමේ නිදහස () අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස () ආශ්‍රය කිරීමේ නිදහස සහ () විසම්මුතියේ අයිතිය දැඩි ලෙස සීමා කිරීමට උත්සාහ කරන තත්වයක් තුළ නිදහස සහ පුරවැසියන්ගේ නිදහස, අත්තනෝමතික විධායක ක්‍රියාමාර්ගයන්ට ගොදුරු වීම.

8. දුර්වල ප්‍රජාතන්ත්‍රවාදයේ සිට අත්තනෝමතික හා කුරිරු ආණ්ඩු ක්‍රමයකට සීඝ්‍රයෙන් මාරුවීමට අවැසි පහසුකම් සැලසීම.

එම ප්‍රතිවිපාක සමඟ, ශ්‍රී ලාංකීය පුරවැසියන්ට () පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එහිම නිශේධනය සහතික කිරීම සඳහා යොදා ගැනීම, එනම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයම අවසන් කිරීම, () යෝජිත කෙටුම්පත මඟින් අපේක්ෂා කරන පරිදි පාර්ලිමේන්තු සාමාජිකයන් 150ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නව ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමෙන් ඔවුන්ගේ සංකේතාත්මක මරණ වරෙන්තුව සාමූහිකව අත්සන් කිරීමට බල කිරීම යන තත්වයන් තුළ ඉතා ඛේදනීය තත්වයක් නැරඹීමට සිදුවනු ඇත.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය දේශපාලනිකව හා ව්‍යවස්ථාමය වශයෙන් එතරම් විනාශකාරී වන්නේ එබැවිනි.එය ශ්‍රී ලංකාවේ නූතනත්වයේ හා ප්‍රගතියේ වටිනාම දේශපාලන උරුමය විනාශ කර පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී අත්තනෝමතික රාජාණ්ඩුවක් නිර්මාණය කරනු ඇත.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කිරීම සහ විරුද්ධ වීම අවශ්‍ය වන්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ පාලකයා වශයෙන් ඔහුගේ හැකියාවෙන් යම් තරමක දේශපාලන සිහිබුද්ධියක් හා විචක්ෂණභාවයක් ඇති කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඔහුගේ සියලු විවේචකයන්ගෙන් ඉල්ලා සිටිය යුත්තේ එබැවිනි.

Groundviews වෙබ් අඩවියේ End to Sri Lanka’s Democracy: Shouldn’t it be Resisted?  නමින් පළවූ ලිපියේ පරිවර්ථනය විකල්ප විසිනිිිි. 

(විකල්ප අඩවියෙනිි)

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news