Sunday, October 25, 2020

පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් තමන්වත් සිය කැමැත්තෙන්ම ඝාතනය කරනු ඇත්ද?- සකුන්තලා කදිරගාමර්

පසුගිය සතියේ (සැප්තැම්බර් 15) ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරනු ලැබූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම සනාථ කරමින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයන් ද සමඟ අපි විසින් ද එය සමරනු ලැබුණා. වරින් වර මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අපගේ කැපවීම කෙතරම් ගැඹුරුද? කොතරම් පුළුල්ද?

මුහුණ දෙමින් සිටින අභියෝග මාලාවක පළමුවැන්නට අපි මේ අවස්ථාවේදී මැදිව සිටින්නෙමු.  පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ලක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා දුර්වල ලෙස කෙටුම්පත් කර ඇති බවටත් නොගැලපීම්වලින් පිරී ඇති බවටත් රජය විසින් විවේචනය කරන 19 වන සංශෝධනය අවලංගු කිරීමකට වඩා වැඩි යමක් සිදු වෙමින් තිබේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට ඒකාධිකාරී ජනාධිපති බලතල සහිත යුගයකට රැගෙන යමින් තිබේ.

එසේම මෙය නව ව්‍යවස්ථාවේ අනුග්‍රාහකයන්ගේ සහ සංශෝධනය කෙටුම්පත් කරන්නන්ගේ අරමුණ නිරාවරණය කෙරෙන කවුළුවක් ද වේ. ව්‍යවස්ථාව වෙනස් කිරීමේ දී සිදු කළ යුතු සංශෝධන මේවා නම්  නව ව්‍යවස්ථාව” විසින් කුමන ස්වරූපයක් සහ හැඩයක් ගනු ඇතැයි අපිට අපේක්ෂා කළ හැකිද

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද ව්‍යවස්ථා සංශෝධනවලින් බොහොමයක් ඒ ඒ අවස්ථාවේ බලයේ සිටින පක්ෂයට ගැලපෙන ආකාරයට සිදු කර තිබේග ජනාධිපතිවරයා තුළ බලතල සමුච්චනය වීමක් තිබුණි. පාර්ලිමේන්තුව විසින් තම මුද්‍රාව තබා ඊට අනුමැතිය ලබා දීමේ කාර්ය සිදුකළ අතර සියලුම සංශෝධන අනුමත කරනු  ලැබීය. ජනාධිපති ජයවර්ධන විසින් පාලක පක්ෂය තුළ සිටි සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තම ඉල්ලා අස්වීමේ ලිපි ලබා දීමට  ඒත්තු ගැන්වූ” බව අපට අමතක වී ඇත්ද? ඔවුන් මත රැවටිලිකාරී නියෝගයක් වශයෙන් එය සාර්ථක වූ අතරම එමගින් ඔවුන්ව විවේචනාත්මකව ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙතට ඇද ගනු ලැබුණි. වසර 37 ක කාලයක් තුළ ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම අරමුණු වලට සරිලන පරිදි හැසිරවීම තව තවත් පහළට වැටී තිබේ. මෙම ව්‍යවස්ථාව කෙතරම් අපකීර්තියට පත් වූවාද යත්, සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම විසින් ඒ සඳහා ප්‍රතිස්ථාපනයන් කිරීමට පොරොන්දු වී තිබේ.  

පවතින පාලක පක්ෂයට සෘජුවම වාසිදායක නොවූ සංශෝධන කිහිපය අතරට 13 වන ව්‍යවස්ථා සංශෝධනය – පෙරදී පළාත් සභා මැතිවරණයට බොහෝ දෙනා උද්යෝගයෙන් තරඟ කළද දැන් දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ.  ස්වාධීන කොමිෂන් සභා සඳහා පත්වීම් නිර්දේශපාලනීකරණය කිරීමට පොරොන්දු වූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අතිරික්ත ජනාධිපති බලතල සමහරක් සීමා කර ස්වාධීන කොමිෂන් සභා යථා තත්වයට පත් කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් වේ. එකතු වීමට නියමිත මෙම අධිකතර බලතල අතරට අග්‍රාමාත්‍යවරයාට ක්‍රියාකාරී බහුතරයකගේ සහයෝගය තිබියදීත් අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නෙරපා හැරීමේ බලය, රජයේ ප්‍රධානම පත්වීම් සඳහා විනිවිද පෙනෙන හා විවෘත ක්‍රියාවලියක් නිර්මාණය කිරීම, විශාල කැබිනට් මණ්ඩලයක් සකස් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල සීමා කිරීම (බොහෝ දුරට ස්ථාපිත දේශපාලන අනුග්‍රහය සහ අනුකූලතාවය සුරක්ෂිත කිරීම) සහ ජනාධිපති ධුර සඳහා කාලීන සීමාවන් නැවත හඳුන්වාදීම අඩංගු වේ. එමගින් අධිකරණ පත්වීම් සිදු කිරීම ජනාධිපතිවරයා යටතට ගෙන ඒම, වැදගත් කොමිෂන් සභා දෙකක් (විගණන හා ප්‍රතිසම්පාදන කොමිෂන් සභා) ඉවත් කිරීම සහ දුර්වල පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කිරීම සහ අපක්ෂපාතී හා පක්ෂග්‍රාහී නොවන ක්‍රියාවලියක් මගින් ප්‍රධාන කොමිෂන් සභා සඳහා පත්වීම් සිදු නොකිරීමට වගබලා ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාමූහික තීරණ ගැනීමේ අවස්ථාව නිර්මාණය කළ අතර එය ද ඉවත් කරනු ලැබේ.  ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට තරඟ කිරීමට අවස්ථාව ලබා දීම සඳහා වන, එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුට ධුරය සඳහා තරඟ කිරීමට හැකිවන පරිදි  සකස් කළ  බැසිල් රාජපක්ෂ” වගන්තිය ලෙස ප්‍රසිද්ධියේ හැඳින්වෙන වගන්තිය හඳුන්වා දීම, මෙම පක්ෂග්‍රාහී පියවර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු මතවාදියෙකු විසින් කිසිදු චකිතයක් පෙන්වන්නේ ද නැත.  පුද්ගලවාදී” නීති නරක නීති ලෙස සළකන ලෙස කීර්තිමත් මහාචාර්යවරයකු විසින් නීති ශිෂ්‍යයින්ව පරම්පරාගණනාවක් තිස්සේ පුහුණු කරනු ලැබ තිබේ.  පවුලේ සාමාජිකයෙකුට හෝ වෙනත් කෙනෙකුට වාසිදායක වන පරිදි සකස්කළ වගන්ති වලින් පිරවූ ව්‍යවස්ථාවකට අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

කෙසේවෙතත්, අග්‍රාමාත්‍යවරයා යටත් භූමිකාවක් දක්වා පහතට වැටී ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු ජීවිතය විහිළුවකින් අවසන් කිරීමට එකඟ වන්නේ මන්දැයි කෙනෙකුට සිතිය හැකියි. ඇතැම්විට විට ඔහුට තමන්ගේ පවුල් සබඳතා කෙරෙහි විශ්වාසයක් තිබිය හැකි නමුත් අපේ ඉතිහාසය මගින් පෙන්නුම් කෙරෙන්නේ බලය පසුපස හඹා යාමෙන් මෙම බැඳීම් පවා දූෂිත විය හැකි බවයි. සීගිරිය ගැන සිතන්න!

2020 සැප්තැම්බර් 6 වන ඉරිදා අභාවප්‍රාප්ත වූ  ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බේරාගත් තැනැත්තා” වන ස්වාමි කේෂවනන්ද භාරතීට උප මහද්වීපය ගෞරව කරමින් සිටින අතරතුර, ශ්‍රී ලංකාව තම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ව්‍යුහය විනාශ කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටීග කේෂවනන්ද භාරතී ශ්‍රීපාදගල්වාරු සහ කේරළ ප්‍රාන්තය අතර වූ එම කැපී පෙනෙන නඩුවේදී සහ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය  සංශෝධන කිරීමේ බලය තුළ ව්‍යවස්ථාව අවලංගු කිරීමේ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය හෝ රාමුව මූලිකව වෙනස් කිරීමේ බලය ඇතුළත් නොවේ ” යැයි තීන්දු විය. 

 එම නඩුවේ විවිධ විනිසුරුවන්ගේ අදහස් අනුව සියළුම නොගැලපීම් හා අපේක්ෂාවන්ට වෙනස්ව ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම් ව්‍යුහය හා ඔවුන්ගේ සංකීර්ණ බහු වාර්ගික හා බහු ආගමික සමාජය ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදයක් වශයෙන් එකට එක්කොට තබා ඇති බැඳීම් මොනවාද යන්න පිළිබඳව සිතා බැලීමට ඉන්දියානුවන්ට බොහෝ දේ ලබා දෙනු ලැබිණි. අපේම ව්‍යවස්ථාව සහ එහි සංවර්ධනය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූවත්, පුරවැසියන් වශයෙන්, යම් මූලික සාරධර්ම සහ ඉහළ අරමුණු මේ හා ඊට පසුව එන ඕනෑම ව්‍යවස්ථාවක් සඳහා ඇතුළත් විය යුතුව ඇතැයි අපේක්ෂා කළ යුතු නොවේද?

ඉන්දියාවේ අධිකරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වලංගු වන පරිදි සංශෝධනය කළ නොහැකි ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය සාමූහිකව සමන්විත වන නිර්ණායකයන් පිළිබිඹු කරනු ලැබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ආධිපත්‍යය, ජනරජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ස්වරූපය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලෞකික ස්වභාවය, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලතල බෙදීම සමඟ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ෆෙඩරල් ස්වභාවය රාජ්‍ය ප්‍රතිපත්තියේ නියම මූලධර්මවල අඩංගු සුභසාධන රාජ්‍යයක් ගොඩනැගීමේ වරම, ජාතියේ ඒකීයභාවය සහ අඛණ්ඩතාවය, ඉන්දියාවේ ස්වෛරීභාවය, දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය, රටේ එක්සත්කමල පුරවැසියන්ට ලබා දී ඇති පුද්ගල නිදහසෙහි අත්‍යවශ්‍ය අංග යන ඒවායින් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය සමන්විත බව අධිකරණය විසින් සඳහන් කරනු ලැබිණි. ඒ සඳහා නොබිඳුණු ඉතිහාසයක් ඇති අතර, එය 1949 දී සම්මත කර 1950 දී බලාත්මක වූ දා සිට පොහොසත් නීති විද්‍යාවක් ජනනය කර තිබේ.

එසේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සාරධර්ම මොනවාද? ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වේද? එය සියළුම ජනතාව සමානව ආරක්ෂා කරයිද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන්නේ මෙය නම් මෙම නිර්නාමික කෙටුම්පත්කරුවන්ගේ අතේ ඇති නව ව්‍යවස්ථාවක් කුමන ස්වරූපයක් හා හැඩයක් ගනු ඇත්ද?

20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව සිය සියළුම බලතල ඉවත් කරගනිමින් ඒවා එක් මිනිසෙකු අතට ජනාධිපතිවරයාට ලබාදීම ඉතාම ඛේදනීය වේ. මෙම විකාර රූපී විහිළුව ජනතාවගේ ස්වෛරීභාවයේ ප්‍රකාශනයක් ලෙස හඳුන්වා තිබේ.

සකුන්තලා කදිරගාමර්, විධායක අධ්‍යක්ෂක නීතිය හා සමාජ භාරය.

(උපුටා පළ කිරීමකි)

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...