Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගප්‍රභාකරන්, බාලසිංහම්ට සවන් දුන්නා නම් දෙමළ ජනයාට ස්වයං පාලනයක් යටතේ ජීවත්වෙන්න තිබුණා – එරික් සෝල්හයිම්

ප්‍රභාකරන්, බාලසිංහම්ට සවන් දුන්නා නම් දෙමළ ජනයාට ස්වයං පාලනයක් යටතේ ජීවත්වෙන්න තිබුණා – එරික් සෝල්හයිම්

by

සාම දූතයා ලෙස ඔබ ශ්‍රී ලංකාව තුළ ඉතා තීරණාත්මක හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන් ඔබ සාම සාකච්ඡාකරුවෙකු ලෙස ඔබගේ කාර්යභාරයේ අවසාන භාගයේදී ඔබ මුහුණ දුන් විවේචන හා චෝදනා සැලකිල්ලට ගනිමින් එම භූමිකාව භාර ගැනීම ගැන ඔබ කනගාටු වෙනවාද?

මෙහම බලන්න. මේ වනාහී නූතන යුගයේ සිදු වූ වඩාත්ම ලේවැකි ගැටුමකි. ශ්‍රී ලංකාවේ බොහෝ අයගේ ආදරණීයයන් අතුරුදහන් වී ඇත. ඔවුන් දකුණේ ගමක සොල්දාදුවන් වේවා, උතුරේ දෙමළ සිවිල් වැසියන් වේවා, අතුරුදහන් වි ඇත්තේ මිනිසුන් . මිනිසුන් නැති ව ගොසිනි. එබැවින්, මගේ කනගාටුව නම් අපට සාර්ථක වීමට එනම් එය වැළැක්වීමට නොහැකි වීමයි. නමුත් අප උත්සාහ කළා. දෙපාර්ශ්වයේම අන්තවාදීන් විසින් අපට පහර දෙන කාරණය මම ගැන තැකීමක් නොකරමි. සිංහල ස්වෝත්තමවාදීන් කියා සිටින්නේ මා එල්ටීටීඊය සමඟ ඉතා සමීප බව. දෙමළ අන්තවාදීන් කියා සිටින්නේ එල්ටීටීඊයේ පරාජයට මා පෞද්ගලිකව වගකිව යුතු බවය. එසේ නැතහොත් යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නෝර්වේජියානුවන් වගකිව යුතු බවයි.

සමස්තයක් ලෙස ගත් කල, යුදවාදීන්ට මිසක සාමය ඇති කිරීමට උත්සාහ කරන අයට දොස් පැවරීම ආරම්භ නොකළ යුතු යැයි මම සිතමි. සාමය යනු දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දෙයයි. සාමය යනු සිංහල, දෙමළ හා මුස්ලිම්වරුන්ගෙන් අතිමහත් බහුතරයක් අපෙන් බලාපොරොත්තු වූ දෙයයි.

ඔබ සාම සාකච්ඡාකරුවෙකු ලෙස කටයුතු කළ කාලයේ තිබූ බොහෝ විවේචන නිසා එපා වූ අවස්ථා තිබුනාද?

කවදාවත් නැහැ. අපට බලපෑවේ අපව විවේචනය කිරීම  නොවෙයි. එය සාමාන්‍ය දෙයක්. සාම ක්‍රියාවලිය පුරාවටම සැලකිය යුතු දෙය නම් දෙපාර්ශ්වයේම විශ්වාසය අපට තිබීමයි. සාමය ඇති කිරීමට  අවශ්‍යවන්නේ ඒ අයයි. ප්‍රභාකරන්, බාලසිංහම් සහ එල්ටීටීඊ නායකයින්ගේ විශ්වාසය අපට තිබුණි. ජයේ සියලු ප්‍රධාන නායක නායිකාවන් වූ චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන අයගේ විශ්වාසය ද අපට තිබුණි. ඒ නිසා ඔවුන් අප ගැන විශ්වාසයක් ඇති තාක් කල්, විවෙචකයින් සිටීද නැද්ද යන්න අපට කරදරයක් වුණේ නැහැ.

එල්ටීටීඊය සමඟ ඔබ කළ අභ්‍යන්තර සාකච්ඡාවන්ට අනුව එල්ටීටීඊය සාමය සඳහා අවංකවම කැපවී සිටින බව ඔබ කවදා හෝ සිතුවාද?

නියත වශයෙන්ම. දකුණේ වැරදි මතයක් තියෙනවා. එල්ටීටීඊය සාමය හඹා ගියේ සිය බලය උපරිම තත්වයයේ ඇතිව සිටියදී බව කරුණාකර සිහිපත් කරන්න. 2000-2001 කාලයේදී තරම් එල්ටීටීඊය ඊට පෙර හෝ පසු ශක්තිමත් වුණේ නැහැ. එය අලි මංකඩ අල්ලාගෙන තිබුණි. එය මුළු යාපනය අර්ධද්වීපය ජයගැනීමට ඉතා ආසන්න විය. එය අවසන් මොහොතේදී පරාජය වූයේ පාකිස්තාන රජයේ උදව් නිසාය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල කළ ප්‍රහාරයෙන් ඔවුන් ශ්‍රී ලංකා ආර්ථිකය විනාශ කර තිබුණි. එබැවින් සාමය හඹා යෑමට එල්ටීටීඊයේ ඉදිරිපත් වූයේ සිය ශක්තියේ උච්චතම අවස්ථාවේදීය. ඉතින්, එය පෙන්නුම් කළේ එල්ටීටීඊය නියත වශයෙන්ම අව්‍යාජ බවයි. කෙසේ වෙතත්, එය ෆෙඩරල් විසඳුමක් සඳහා අවසානය දක්වා යාමට සූදානම්ව සිටියේදැයි ප්‍රශ්නයක් තිබේ. මා හිතන්නේ ප්‍රභාකරන්ට සාමය අවශ්‍ය වූ අතර සාමය සඳහා සූදානම්ව සිටියද එකඟතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය බොහෝ සම්මුතියන්ට ඔහු සූදානම්ව නොසිටි බවයි.

එල්ටීටීඊය සිය මිලිටරි හැකියාවන් නැවත සංවිධානය කිරීමට හා ශක්තිමත් කිරීමට සාම ක්‍රියාවලිය යොදා ගත් බවට චෝදනා එල්ල විය. එල්ටීටීඊයට ආයුධ මිලදී ගැනීමට උදව් කළ බවට නෝර්වේට ද එවකට චෝදනා එල්ල විය. එම ප්‍රකාශවල සත්‍යතාවයක් තිබේද?

නියත වශයෙන්ම නැත. අපි කිසිම පැත්තක තෑගි දෙන්නේ හෝ තෑගි ගන්නේ නැහැ. නමුත් වඩා වැදගත් දෙය නම් මෙයද දකුණේ ඇති තවත් වැරදි වැටහීමක් වීමයි. එල්ටීටීඊයට වඩා සාම ක්‍රියාවලිය තුළ ශක්තිමත් වූයේ ශ්‍රී ලංකා හමුදාව. 2007 සිට 2009 දක්වා වූ යුද්ධයේ අවසාන අදියර වෙත පැමිණි විට මෙය අපට දැකගත හැකි විය. ඉන්දියාව, එක්සත් ජනපදය හෝ චීනය හෝ යුරෝපීය බලවතුන් වේවා ලෝකයේ සියලුම රජයන්ගෙන් පාහේ ශ්‍රී ලංකාවට සහයෝගය ලැබුණි. ඔවුන් සියල්ලන්ටම සාමය අවශ්‍ය විය. එල්ටීටීඊය සහ රජය අතර තේරීමක් කිරීමට ඔවුන්ට සිදු වූ අතර ඔවුන් සියල්ලෝම රජයේ පැත්තේ සිටියහ. ඉතින්, එල්ටීටීඊය නොව එහි ශක්තිය වැඩිකර ගත්තේ ශ්‍රී ලංකා ආන්ඩුවයි.

සොල්හයිම්, නිමල් සිරිපාල සහ තමිල් චෙල්වම් ස්විසිටර්ලන්තයේ පැවැති සාම සාකච්ජා අතරතුර

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ එකඟතාවයකට පැමිණ සාකච්ඡා කිරීම දුෂ්කර වූවාද?

මහින්ද බලයට පත් වූයේ 2005 දිය. සාම ක්‍රියාවලිය හැසිරවිය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි සැලැස්මක් ඔහු සතුව තිබුණි යැයි මම නොසිතමි. ඔහු අපේ අවවාදයන්ට සවන් දුන්නා. නමුත් ඔහුට සාධාරණයක් ඉටු කිරීම සඳහා මෙයද කිව යුතුය. එනම් ප්‍රභාකරන් ඔහුට තත්වය දුෂ්කර කළ බවයි. ඒ එල්ටීටීඊය මාර්ග බෝම්බ මගින් උතුරේ සොල්දාදුවන් ඝාතනය කිරීම ආරම්භ කිරීම මගිනි.

ප්‍රභාකරන් සහ මහින්ද ජිනීවාහි ඔවුන්ගේ නියෝජිතයින් හරහා සාකච්ඡා වට දෙකක් පැවැත්වූහ.

ඒ අවස්ථාවේ මහින්ද මට කීවේ ඔහු ප්‍රභාකරන් සමඟ හමුවක් පැවැත්වීමට ඔහු සම්පූර්ණයෙන්ම විවෘත බවය.  දිගුකාලීන සාම ක්‍රියාවලියකට මහින්ද කැමැති නොවීය. එබැවින් 2006 තත්වය අප අද අපේක්ෂා රන තත්වයට වඩා බෙහෙවින් වෙනස් විය. මම හිතන්නේ එය සාමය සඳහා වූ අතහැරුණු අවසාන අවස්ථාව බවය.

හින්ද රාජපක්ෂ විසින් ප්‍රභාකරන් සමඟ හමුවක් සඳහා දැක්වූ උනන්දුව ඔබ ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන්ට සන්නිවේදනය කළේද? ඔහුගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද?

නියත වශයෙන්ම. මේ කිසිවක් එකල ප්‍රසිද්ධ වුනේ නැහැ. නමුත් දැන් අපට මේ ගැන විවෘතව කථා කළ හැකියි. සාම ක්‍රියාවලියට වෙනස් ප්‍රවේශයන් දෙකක් තිබුණි. එල්ටීටීඊයට අවශ්‍ය වූයේ පියවරෙන් පියවර ප්‍රවේශයකි. විශ්වාසය දිනා ගැනීම සහ සාමය ප්‍රවර්ධනය කළ හැකි අන්දමට දෙපැත්තෙන්ම ක්‍රියා කිරීමයි.

එක් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනයා සඳහා ස්වයං පාලනය හෝ ස්වයං නිර්ණය පිළිබඳ අවසන් සාකච්ඡාවට වඩා වේගයෙන් ඉදිරියට යාමට ආණ්ඩුවට අවශ්‍ය විය. වෙනම රාජ්‍යයක් කිසි විටෙක සාකච්ජා මේසයේ තිබුණේ නැත. එවැන්නක් කිසි විටෙකත් සාම සාකච්ඡාවල ප්‍රතිලයක් විය නොහැකිය. එබැවින් සම්මුතිය විය යුතු වූයේ අතරමැදි දෙයකි. එය ෆෙඩරල් ක්‍රමයක් විය.

මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් ෆෙඩරල්වාදය ගැන ලිහිල්ව සිතිය යුතු විය යුතුයි. ඔබට සයුරෙන් එපිට එය නැරඹිය හැකිය. ෆෙඩරල්වාදය ඉන්දියාවේ ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. දිල්ලි ආන්ඩුවේ මැදිහත්වීමකින් තොරව ප්‍රාන්ත ආන්ඩුවලට තමන්ගේම කටයුතු කරගෙන යා හැකි. ඒ අතරම ඒවා ඉන්දියානු සංගමයේ කොටසක් වේ.

මෙම ගැටුමේදී ඉන්දියාවට මීට වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිවීද?

ඉන්දියාව සාම ක්‍රියාවලියෙහි ස්ථිරසාර ආධාරකරුවෙකු විය. ඉන්දියාව සැමවිටම කියා සිටියේ සාකච්ඡා මගිින් හැර මෙම ගැටුමට විසඳුමක් නොමැති බවයි. 2008 සැප්තැම්බරයේදී ඉන්දියානුවන් තම මතය වෙනස් කිරීමට පටන් ගත්තේ එය මිලිටරි විසඳුමක් විය යුතු බව පවසමිනි. එහෙත් එතෙක් ඉන්දියාව තරයේ විශ්වාස කළේ ප්‍රතිලය සාකච්ඡා මගින් ලබාගත යුතු බවයි. යුද්ධයේ අවසාන අදියරේදී ඉන්දියාව රජය වෙත මිලිටරි සහ වෙනත් සැපයුම් සහය ලබා දුන් බවද සැබෑය.

නමුත් සාම ක්‍රියාවලිය පුරාම සාමය පෙනෛන්නට පැවති තාක් කල් ඉන්දියාව සාමයට සහයෝගය දැක්වීය. එහි කිසිදු සැකයක් නැ.

සාම සාකච්ඡා කරුවෙකු ආපසු හැරී බලන විට, ලෙස නෝර්වේට ජීවිත බේරා ගැනීම සහ යුද්ධය සාමකාමී ලෙස අවසන් වීම සහතික කිරීම සඳහා වෙනස් ආකාරයකින් කළ හැකි දෙයක් ඔබ දකින්නේද??

එම ප්‍රශ්නය ගැන මෙනෙහි කිරීමට මම බොහෝ කාලයක් ගත කළෙමි. මාර්ක් සෝල්ටර් විසින් රචිත ‘සිවිල් යුද්ධයක් අවසන් කිරීම’ නම් පොතෙහි එය හොඳින් ආවරණය කර ඇත. සාමයට ප්‍රධාන බාධක දෙකක් තිබූ බව මම විශ්වාස කරමි.

එකක් නම් කොළඹ දේශපාලන සහජීවනයත් නොමැතිවීමයි. ඒ වන විට ප්‍රධාන පක්ෂ දෙකක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය. ඔවුහු සෑම කාරණයක් සම්බන්ධයෙන්ම එකිනෙකා සමඟ සටන් කරමින් සිටියහ. එය චන්‍ද්‍රිකා කරන දෙයකට රනිල් විරුද්ධ වූවාමෙන් එහි අනෙක් පැත්තද විය. එබැවින් දෙදෙනා අතර ඇති වූ ගැටුම නිසා එල්ටීටීඊයට සැබෑ යෝජනාවක් කිරීම දුෂ්කර විය. ෆෙඩරල් ක්‍රමයක් සඳහා ඔවුන් එකඟ වූයේ නම් කොළඹ ප්‍රධාන පක්ෂ දෙක එය ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කිරීම ද එල්ටීටීඊයට දුෂ්කර විය. කොළඹ ප්‍රධාන පක්ෂ දෙක අතර ඇති ගැටලු විසඳීමට අපට පුලුවන්කමක් තිබුණේ නැහැ. නමුත් සමහර විට අපට ඉන්දියාව සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන්න තිබුණා වෙන්න පුලුවන්. ‍වෙනත් රටවලටද ඒ සඳහා යමක් කරන්න ඉඩ තිබුණි.

දෙවැන්න නම් ගැටුමට විසඳුම ෆෙඩරල්වාදය බව ප්‍රභාකරන්ට ඒත්තු ගැන්වීමට අපට නොහැකි වීමයි. ප්‍රභාකරන් සමඟ තවත් බොහෝ දේ කතා කිරීමට අපට ඉඩ දිය යුතුව තිබුණි. ඇත්ත වශයෙන්ම මම බොහෝ විට වැඩිපුරම ඔහුව මුණගැසුණු ලෝකයේ දෙමළ නොවන පුද්ගලයා විය හැකිය. ප්‍රභාකරන් මුණගැසුණේ විදේශිකයන් අතළොස්සකි. එය ඔහුට ලෝකය පිළිබඳ වැරදි දෘෂ්ටිකෝණයක් ලබා දුන්නේය. ඔහුට බාහිර ලෝකය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඔහු හමුවීමට තවත් විදේශිකයන්ට ඉඩ දුන්නේ නම්, සම්මුතියක් ඇති කර ගත යුතු බව ඔහුට ඒත්තු ගැන්වීම පහසු වන්නට තිබුණි.

සාමකාමී විසඳුමක් අවශ්‍ය නම් දෙපාර්ශ්වයම සම්මුතීන්ට පැමිණිය යුතුයි.

ඔබ ඔහු සමඟ බොහෝ රැස්වීම් පැවැත්වූ බැවින් ප්‍රභාකරන් නම් පුද්ගලයා ගැන කියන්න. ඔහු හුදෙක් අවධානය යොමු කළේ සටන් කිරීමටද නැත්නම් ලෝකයේ අන් අය අත්විඳින දේ භුක්ති විඳීමට ඔහු කැමැත්තක් දැක්වීද?

ඔහු යුද්ධයේ අවසාන අදියර දක්වා ඉතා දිගු කාලයක් දක්ෂ හමුදා නායකයකු විය. එල්ටීටීඊය තමන්ගේම ගුවන් හා නාවික හමුදා පිහිටුවා ගත් ලොව එකම සටන්කාමී සංවිධානයයි.

අවාසනාවකට මෙන් ඔහුගේ දේශපාලන අවබෝධය ඊට වඩා බෙහෙවින් අඩු විය. ඔහුට දකුණ, ඉන්දියාව සහ බාහිර ලෝකය පිළිබඳ  තිබුණේ ඉතා අල්ප අවබෝධයකි. ඩයස්පෝරාවේ බොහෝ දෙමළ අය ඔහුට වැරදි උපදෙස් ලබා දුන්හ. ගැටුමෙන් මිදීමට මාර්ග සොයා ගන්නවාට වඩා සම්මුති විරහිත හා දැඩි ලෙස කටයුතු කරන ලෙස ඔවුහු ඔහුට කීහ.

ඔහු දුන් සියලු පොරොන්දු ඉටු කළේය. සන්නද්ධ ක්‍රියා නතර කරන බවට පොරොන්දු වූ සෑම විටම ඔහු නතර කළේය. ඔහුගේ හමුදාවන්ගේ පූර්ණ පාලනය ඔහුට තිබුණි. බාලසිංහම් ඔහුගේ ප්‍රධාන විශ්වාසවන්තයා සහ ප්‍රධාන උපදේශකයා විය. ඔහු බාලසිංම්ට ඇහුම්කන් දෙන තාක් කල් සෑම දෙයක්ම පාහේ හරියට සිදුවිය. ඔහු බාලසිංහම්ට ඇහුම්කන් නොදුන් විට හරි පාරෙන් පිට පැන්නේය.

ඔහු හොඳ ඉවුම් පිහුම්කරුවෙකි. අපි දෙන්නා එකට හොඳ කෑම කෑවෙමු. නමුත් ඔහු සිය සිතැඟි වසංකරගත් ආවෘත පුද්ගලයෙක් වූ නිසා ඔහුට ළංවීම පහසු නොවීය.

ඔබ මෑතකදී ට්වීට් කරමින් කියා සිටියේ එවකට එල්ටීටීඊයේ සාම සාකච්ඡාකරු වූ ඇන්ටන් බාලසිංහැම්ගේ සිතුවිලි අනෙක් බොහෝ දෙනාට වඩා ඔබ දන්නා බවයි. එල්ටීටීඊය ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර එම ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ එල්ටීටීඊයේ සැලසුම් බැලසිංහම් කවදා හෝ ඔබට හෙළි කළේද?

නියත වශයෙන්ම නැත. පැහැදිලි හේතු නිසා. බාලසිංහම් කිසි විටෙකත් හමුදා සිදුවීම් හෝ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීමට සම්බන්ධ නොවූ බැවිනි. ලසිංහම් යනු ප්‍රභාකරන්ගේ සිවිල් දේශපාලන උපදේශකයා. දකුණ තේරුම් ගන්නේ කෙසේද සහ ගෝලීය සන්දර්භය තේරුම් ගන්නේ කෙසේද සහ සාමයට එළඹෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු ඉතා හොඳ උපදෙස් ලබා දුන්නේය. අවසානයේදී බලසිංහැම් සාම ක්‍රියාවලියේ අඩිතාලම විය. එය සැබවින්ම ඉදිරියට ගෙන ගියේ ඔහුය.

ප්‍රභාකරන් බාලසිංහම්ට ඇහුම්කන් දුන්නේ නම් බොහෝ දේ වෙනස් වනු ඇත. බාලසිංහම් මට කිව්වා එල්ටීටීඊයට නැගෙනහිර නැති වෙන්න පුළුවන් කියා. බලසිංහම්ගේ උත්සාහයට ප්‍රභාකරන් විරුද්ධ වූ නිසා එය උතුර පවා අහිමි විය හැකි බවත් කීවා. ඔහු (බාලසිංහම්) සිතුවේ සාම ක්‍රියාවලිය අඛණ්ඩව පැවතිය යුතු බවත් එල්ටීටීඊය නව මිලිටරි උපාය මාර්ගයකට නොඑළඹිය යුතු බවත්ය. ඉතිහාසයේ බොහෝ එසේ වූයේ නම්” අවස්ථා තිබේ. එල්ටීටීඊය බාලසිංහම්ගේ උපදෙස් ගත්තේ නම් ශ්‍රී ලාංකික දෙමළ ජනයා අද වඩා හොඳ තත්වයක සිටිනු ඇති බව මට විශ්වාසය. එසේ වීනම් අද එක් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනයා උතුරේ යම් ස්වයං පාලනයක් භුක්ති විඳීමට ඉඩ තිබුණි.

එල්ටීටීඊ නායකයන් සමඟ ඔබ අවසන් වරට සංවාදය කළේ කවදාද?

අපගේ අවසන් සංවාදය සිදුවූයේ 2009 මැයි 17 වන දින. එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූ පුලිදේවන් මා හා සම්බන්ධ වී ඔවුන්ට (එල්ටීටීඊයේ සාමාජිකයින්ට) හමුදාවට යටත් වීමට අවශ්‍ය බවත් උපකාර අවශ්‍ය බවත් පැවසුවා. යුධ පිටියෙහි කවර හෝ උදව්වක් කිරීමට ප්‍රමාද වැඩියි කියා අ පැවසුවා. වැන්නක් කිසි විටෙකත් කළ නොහැකියි. එය සිදුවිය යුතුව තිබුණේ ඊට කලින්. විශාල සුදු කොඩියක් එසවාගෙන, ශබ්ද විකාශන යන්ත්‍ර හරහා නිවේදන නිකුත් කරමින් යටත් වීමට අවශ්‍ය බව ඔවුන්ගේ කැමැත්ත පැහැදිලි කිරීමට අපි ඔවුන්ට උපදෙස් දුන්නෙමු. අනතුරුව අපි ඔවුන්ගේ අභිප්‍රාය ගැන අපි ලංකාන්ඩුව වෙත දැනුම් දෙන බවද කීවෙමු.

නඩේසන් සහ පුලිදේවන් ඝාතනය යුද අපරාධයක් විය හැකිය

ඒ නිසා අපි ලංකාන්ඩුව වෙත ඒ බව දැනුම් දුන්නා. වෙත් අයත් එයම දැනුම් දුන්නේය. ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාල කිහිපයක් ඊට සම්බන්ධ විය. මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිසි පරිදි දැනුවත් දුන්නෙමු. එදිනට පසු පුල්ලිදේවන් සහ නඩේසන් (එල්ටීටීඊ පොලිස් ඒකකයේ ප්‍රධානියා) ඝාතනය කර ඇති බවට අපට පණිවිඩයක් ලැබුණි. සිදුවූයේ කුමක්දැයි නිශ්චිතවම මම නොදනිමි, නමුත් ඔවුන් ශ්‍රී ලංකා හමුදාව විසින් අමු අමුවේම ඝතනය නොකළ බව විශ්වාස කිරීම ඉතා දුෂ්කර ය. එසේ කළේ නම් එය යුද අපරාධයකි. මිනිසුන්ට යටත් වීමට අවශ්‍ය නම් ඔවුන්ට යටත් වීමට ඉඩ දී අධිකරණයට ​​ඉදිරිපත් කළ යුතුව තිබුණි.

ඔබ සතුව ඇති තොරතුරුවලින් ප්‍රභාකරන් ද යටත් වූවාදැයි ඔබ දන්නවාද?

මට ඒ ගැන කිසිම තොරතුරක් නැහැ. සියලු ඇඟවුම් වන්නේ ඔහු සහ ඔහුගේ පවුලේ අය 2009 මැයි 18 වන දින ඝාතනය වූ බවයි.

වඩා වැදගත් කරුණ නම්, එම අවස්ථාවේ දී ගැටලුව විසඳා ගත හැකි යැයි මා විශ්වාස කළ ඉල්ලීමක් අප විසින් ඉදිරිපත් කිරීමයි. මෙම යෝජනාවට අප, එක්සත් ජනපදය සහ ඉන්දියාව සහයෝගය ලබා දුන්නේය. එය ඉතා ශක්තිමත් යෝජනාවකි.

අප ප්‍රභාකරන්ට කිව්වා ඔහු යුද්ධය පරාජය වෙන බව. ඔහුට දිනන්න ක්‍රමයක් තිබුණේ නැහැ. යෝජනාව වූයේ සෑම සිවිල් වැසියෙකු හා සෑම එල්ටීටීඊ කාඩර්වරයකුම ලියාපදිංචි ක, නම් ලියාගෙන සහ සිවිල් වැසියන් නැවකින් දකුණට හෝ විදේශයකට ගෙන යාම. ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ ප්‍රධාන පිටුබලය විසින් භාරවන කිසිවෙකුට හානියක් නොවනු ඇති බවට සහතිකයක් තිබුණි. මෙය සාර්ථක වනු ඇතැයි අපට විශ්වාසක් වු නමුත්, 2009 අප්‍රේල් මාසයේදී ප්‍රභාකරන් එම සැලැස්ම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ කිසිදු එල්ටීටීඊ නායකයෙකු දිවි ගලවා ගැනීමට නොහැකි වූ අතර දස දහස් ගණනක් සිවිල් වැසියන් මිය ගියහ.

ශ්‍රී ලංකාව අද යුද්ධයෙන් පසු නැවත ගොඩනැඟෙමින් තිබේ. එල්ටීටීඊය කිසිසේත්ම එකඟ නොවූ නිසා මිලිටරි ක්‍රියාමාර්ගය හොඳම විසඳුම වී යැයි ඔබ සිතනවාද?

පළමුවෙන්ම අපි සාමය සැමරිය යුතුයි. සාමය ඉතා වැදගත් ය. මිනිසුන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගත හැකිය. නමුත් මම හිතන්නේ නැහැ මිලිටරි විසඳුමක් නිවැරදි එකක් කියා. මම හිතන්නේ සම්මුතියක් සොයා ගත යුතුව තිබූ බවයි. ශ්‍රී ලංකාව බිදවැට්ටවූ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය තවමත් විසඳී නොමැති බව අප මතක තබා ගත යුතුය. ශ්‍රී ලංකා රජය යටතේ තමන් දෙවන පන්තියේ පුරවැසියන් යැයි දෙමළ ජනයාට හැඟෙනවා. මෙය බොහෝ විට සිංහලයන්ට තේරුම් ගැනීමට අපහසුයි.

නමුත් අවම වශයෙන් දැන් සාමය ඇත. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු විය යුතුයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි ශ්‍රී ලංකාවේ ධනාත්මක ප්‍රති රාශියක් ඇත. එය යහපත් ජීවිතයක් සහිත සුන්දර ස්ථානයකි.

දැන් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරයක් දිනා ඇත. මේ කල්පවතින සම්මුතියක් සොයා ගැනීම සඳහා ඔවුන්ට දෙමළ ජනයා වෙත ළඟා වීමට කාලයයි.

Easwaran Ratnam විසින් Erik Solheim සමඟ කරන ලදුව ඩේලි මිරර් 2020 සැප්තැම්බර් 02 දින පළ වූ ලිපියක සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

Back to Top