Sri Lanka Brief
පුවත්රාජ්‍ය නොවන සංවිධාන පාලන පනත මාස දෙකකින් ඉදිරිපත් කිරීම සුසන්ත ගුණතිලක කමිටුවට පැවරේ.

රාජ්‍ය නොවන සංවිධාන පාලන පනත මාස දෙකකින් ඉදිරිපත් කිරීම සුසන්ත ගුණතිලක කමිටුවට පැවරේ.

by

ඡායාරූපය: ශ්‍රී ලංකා රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් රාජා ගුණරත්න පත්වීම් ලිපිය බාර ගනිමින්.

(ශ්‍රී ලංකා බ්‍රීෆ්) රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සීමා කිරීම පිනිස රාජපක්ෂ ආන්ඩුව විසින් නව පනතක් දෙමසක් ඇතුළත ඉදිරිපත් කකරන බව ශ්‍රී ලංකා රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් රාජා ගුණරත්න ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් ගණනාවක් සමඟ පැවැති සාකච්ජාවදීය.

පසුගිය අප්‍රේල් මාසයේදී නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වන රාජ ගුණරත්න මෙම තනතුරට පත් කරන ලද ලිපිය ලබා දෙන ලද්දේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසිනි. රාජා ගුණරත්න ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වූ “වියත් මඟ” සංවිධානයේ ප්‍රබලයෙකි.

මෙම යෝජිත පනත රනිල්සිරිසේන යහ පාලන ආණ්ඩුව විසින් ගෙන ඒමට උත්සාහ කළ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනතේ නව අනුවාදයක් වනු අතැයි දැන ගන්නට තිබේ. රනිල්සිරිසේන කෙටුම්පතෙහි‍ ප්‍රකාශිත අරමුණ වූයේ රාජ්‍ය නොවන සංවිධාන “නියාමනය, අධීක්ෂණය සහ පරික්ෂා කිරීමය”.

රනිල්=සිරිසේන  පනත පීඩිඑෆ් ගොනුවක් ලෙස: NGO act 2018 VSSO Sinhala

එකී පනත් කෙටුම්පත 2018 පෙබරවාරි 20 වැනි දින ගැසට් කරන ලදුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. එම පනතට අමාත්‍ය මණ්ඩලයේ කිසිවකු විරුද්ධ වූ බවත් වාර්තා වී නැත.

එම පනත සකස් කරන ලද්දේ රනිල් සිරිසේන ආන්ඩුවට සහ දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන කිසිවක හෝ අදහස් නෙවිමසාය. එයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනු පිනිස නීතිඥයිින් ද වූ මුල්පෙළේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක සහ ක්‍රියාකරුවකු අතුළත් දිවි පුද්ගල කමිටුවක් පත් කරන ලද නමුත් එම වාර්ථාව ප්‍රසිද්ධ කළේ නැත.

නව පනත කෙටුම්පත් කිරීම සඳහා ප්‍රධානියා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිංහල ජාතිකවාදී ආචාර්යවරයකු වන සුසන්ත ගුණතිලක පත් කර ඇති අතර කමිටුවේ අනෙක් සාමාජික සාමාජිකාවන් කව්රුන්දැයි දැන ගන්නට නැත.

රාජ්‍ය නොව සංවිධාන පාලන පනතක මුල් අනුවාදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රචාරක ලේකම් වන විජිත හේරත් විසිනි.

2005 මහ මැතිවරනයෙන් බලයට පැමිණි රාජපක්ෂ ආන්ඩුව යටතේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය හා බලපෑම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්  පත් කරනු ලද්දේ එවකට ජවිපෙ මංත්‍රීවරයකු වූ  නන්දන ගුණතිලක විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව. එකළ ජවිපෙ රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රබල සහායක බලවේගයක් විය.

ම යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශාධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම, එම රාජ්‍ය නොවන සංවිධානයන්හි මූල්‍ය කටයුතුවල පවත්නා විනිවිදභාවය කවරාකාරදැයි සොයා බැලීම, එකී රාජ්‍ය නොවන සංවිධානයන්හි ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා ජාතික ආරක්ෂාව කෙරෙහි බලපා ඇත්තේ කවර අයුරින්දැයි හඳුනාගැනීම, එම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය ජාතික සහ සමාජ යහපැවැත්ම කෙරෙහි බලපා ඇත්තේ කවර අයුරින්දැයි හඳුනා ගැනීමට,, මෙම රාජ්‍ය නොවන සංවිධාන අරභයා ශ්‍රී ලංකා රජය කටයුතු කළ අන්දම පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ නිකුත් කිරීම පිණිස පාර්ලිමේන්තුවට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිසද විශේෂ කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. පසුව නන්දන ගුණතිලක පෞද්ලික හේතුවක් මත කාරක සභාවේ සභාපතීත්වයෙන් ඉවත් වන අතර ඒ සඳහා විජිත හේරත් පත් කරයි. කමිටුවේ සමස්ත සාමාජික සංඛ්‍යාව 23ක් විය. (සමබිම).

මෙම නව පනත මගින් ඉන්දියාවෙහි රාජ්‍ය නොව සංවිධානයන්ට පනවා ඇති අන්දමේ සීමා පැනවීමට නියමිතය. මෙමගින් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවා පිළිබඳ කටයුතු, අන්තර් ජාතික බලපෑමේ කටයුතු, රාජ්‍ය නොවන සංවිධාන විසින් මාධ්‍ය පවත්වාගෙන යෑම යනාදිය සඳහා සීමාවන් පැනවෙනු ඇතැයි අපේක්ෂා කැරේ.

2020 පෙබරවාරීයේදී රජය විසින් ආණ්ඩුව විසින් කළ යුතු සංවර්ධන වැඩ සඳහා සිය අරමුදල් වලින් සියයට 70ක් වැය ‌නොකරන රාජ්‍ය නොවන සංවිධාන වැඩ සටහන් අනුමත නොකරන බව මුල්ලතිව් දිස්ත්‍රික් අතිරේක ලේකම් කේ. කනකේශ්වරන් විසින් දන්වා සිටියේය. ඔහු මේ බව දන්වා යැවූ ලිපිය මගින් ස්ත්‍රීන් සවිබල ගැන්වීම, ළමා අයිතිවාසිකම්, තරුණ පුහුණුව, මානව හිමිකම්, ඉඩම් අයිතිවාසිකම් පුහුණු කිරීම, ස්වයං ආධාර කණ්ඩායම් ශක්තිමත් කිරීම වැනි වැඩසටහන් අවම කරන ලෙස රාජ්‍ය නොවන සංවිධානවලට දන්වා යවන ලදී.

යෝජිත පනත මගින් එවැනි නීති පනවනු ඇත්ද යන්න තවම පැහැදිළි නැත.

රාජ්‍යයේ අනවශ්‍ය අතපෙවීම් වලින් තොරව රාජ්‍ය නොවන සංවිධාන පවත්වා ගෙන යෑම අද ලෝකය පිළිගත් අයිතියකි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනුබද්ධ ආයතන රාජ්‍ය නොවන සංවිදාන සඳහා විශාල අවස්ථාවන් සපයයි. එමෙන්ම ලොප පුරාම මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අරගලයේ ප්‍රමුඛ කාරය භාරයක් රාජ්‍ය නොව අංශය විසින් ඉටු කරයි. ශ්‍රී ලංකා ආන්ඩුව යෝජිත නව පනත මගින් මෙරට ජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ සමාගමයේ නිදහස සීමා කිරීමට උත්සාහ කළ හොත් ඊට විරුද්ධව අන්තර් ජාතික විරෝධයක් එල්ලවනු ඇතැයි මානව හිමිකම් ක්‍රියාකාරිනියන් ගණනාවක්ම ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙක කියා සිටියහ.

 

 

 

Back to Top