Sri Lanka Brief
පුවත්විවරණරාජපක්ෂ පාලනය හමුවේ අභියෝග තුනක් – මහාචාර්ය අමීර් අලි

රාජපක්ෂ පාලනය හමුවේ අභියෝග තුනක් – මහාචාර්ය අමීර් අලි

by

ගෝඨාභය, මහින්ද සහ බැසිල් යන රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණෙහි ජයග්‍රහණය සෑම දෙනා පාහේ අපේක්ෂා කළ නමුත්, එම ජයග්‍රහණයේ දෙගොඩතලා යාමක් වැනි විිසල් ජයග්‍රහණය සෑම දෙනාගේම ගණනය කිරීම් වලට හමු නොවීය. රනිල් වික්‍රමසිංහ සහ ‘සීතල යුද්ධ භික්ෂූන්’ විසින් මෙහෙයවනු ලබන අන්ත ජාතිකවාදය හැර අන් සාධක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මෙම අවස්ථාවේ දී පැවැත්වීම අර්ථ විරහිත ය.

වික්‍රමසිංහගේ පංති විඥානය, පූර්ණ ආත්මාර්ථකාමිත්වය සහ ප්‍රතිපත්ති බංකොලොත්භාවය ඔහුගේ ආණ්ඩුව බලයෙන් නෙරපා දැමුවා පමණක් නොව, ඔහුගේ දේශපාලන පක්ෂය ද විනාශ කළේය. ඒ අතරම, පූජ්‍ය පක්ෂයේ පිටුබලය සහිත අන්තජාතිකවාදී බුද්ධිමතුන් නැවත වරක් මැතිවරණ ජයග්‍රහණය සඳහා ප්‍රබල මෙවලමක් බව ඔප්පු විය. 2019 නොවැම්බයේදී සිය බලය පෙන්වා සිටිය ඔවුහු දැන් යළි සිය බලය පෙන්වා තිබේ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බහුතරයක් සහිතව (කිසියම් සුළු අඩුපාඩුවක් තිබුනහොත් නිසැකවම එය විපක්ෂයේ අවස්ථාවාදීන්ගෙන් පිරෙනු ඇත) ගෝටා ජනාධිපති ධුරයට තමන් ප්‍රසිද්ධියට පත්කළ “සුරක්ෂිත, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක” සමාජයක් නිර්මාණය කර ගැනීමටත් සමෘද්ධිය සහ තේජස” ඇති කිරීමටත් හැකිවනු ඇත්ද?

එය මුදුන් පමුනුවා ගැනීම දුෂ්කර කරන බාධක කට්ටල තුනක් තිබේ.

සහෝදර අරගලය

පළමුවෙන්ම, බලයේ මධ්‍යස්ථාන දෙක වන ජනාධිපති සහ අගමැති අතර බලය බෙදා ගැනීමේ ගැටළුව සහෝදරයින් දෙදෙනා වන ගෝටා සහ මරා අතර දිගටම පවතින සටනක් බවට පත්විය හැකි අතර තුන්වන්වැන්නා වන බැසිල්ඊට ඇතුළත් විය හැකි. මෙය නොනවතින පවුල් ආරවුලක් බවට පත් වීමට ඉඩ තිබේ. ගොටා සිය නව දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු බලාපොරොත්තු ආයෝජනය කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම කෙරෙහිය. මෙම බල කේන්ද්‍ර ගැටළුව භ්‍රමණය වනු ඇත්තේ එම ප්‍රශ්ණය වටාය.

හමුදා විනයානුකූළ ගෝටා මේ අරභයා සාටෝපකාරී මරා අභිබවනු ඇත්ද? නැතහොත් විකල්ප වශයෙන් හා ප්‍රායෝගිකව, සංශෝධනය එලෙසම තිබියදී වරින් වර මුහුණ දෙන ගැටලුවේ ස්වභාවය අනුව ජනාධිපති ස අගමැති යන බල කේන්ද්‍ර දෙක අතර බලය බෙදා ගත හැකි වනු ඇත්ද? කෙසේ වෙතත්, එක් පවුලක් බලයේ මුදුන අල්ලාගෙ ඇති මෙම මැතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවීමේ නව හා කුතුහලය දනවන පරිච්ඡේදයක් විවර කර තිබේ.

ආර්ථික අභියෝගය

පළමුව, “සමෘද්ධිය සහ තේජස” පිළිබඳ දැක්ම මුළුමනින්ම රඳා පවතින්නේ ආර්ථිකයේ තත්වය සහ වර්ධනය මත ය. ආර්ථික පසුබෑම පසුගිය රජය සමයේ සිටම ආරම්භ වූ නමුත් එය උග්‍ර වූයේ, පළමුව ගෝටාගේ ජනාධිපති ධුරය යටතේ මූල්‍ය නොසැලකිලිමත්කම සහ දෙවනුව කෝවිඩ්-19 හි ආර්ථික පිරිවැය නිසාය. ලෝක බැංකුව දැනටමත් ශ්‍රී ලංකාව අඩු මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස නැවත පහත හෙලා වර්ගීකරණය කර ඇත. ගෝලීය ආර්ථික අවපාතය හේතුවෙන් ආර්ථිකය නැවත පූර්වකෝවිඩ්-19 මට්ටමට නැවත ගෙන ඒම අතිශයින් වේදනාකාරී හා මන්දගාමී වනු ඇත. වර්තමානයේ V- හැඩැති, U- හැඩැති හෝ පිරිසි කෝප්ප හැඩැති ආර්ථික නැගීමක් පුරෝකථනය කිරීම බුද්ධිමය අභ්‍යාසයකට වඩා වැඩි දෙයක් නොවේ.

ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා නව රජය ප්‍රයත්න දරනු ඇති අංශ තුනක් තිබේ. පළමුවෙන්ම, ගෝලීය ආර්ථික අවපාතය නිසා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන වෙළඳපොල වියළී ගොස් තිබේ. ඒවා වෙනුවට නව වෙළද පොළවල් ලක්ක කර නව අපනයන පරාසයකට මාරුවීමට පවා, විදේශයන්ගෙන් අමතර යෙදවුම් අවශ්‍යවන අතර එ ජාතියේ සොච්චම් විදේශ සංචිතවලට බරක් වනු ඇත.

දෙවනුව, ලාභදායී විදේශ මුදල් උපයන්නෙකු වන සංචාරක කර්මාන්තයට දැඩි ලෙස කොවිඩ්-19 යෙන් පහර වැදී ඇත්තේ ජාත්‍යන්තර සංචාර සඳහා ඇති සීමාවන් නිසාය. අවම වශයෙන් 2024 වන තෙක් ගුවන් සේවා කර්මාන්තය පූර්වකෝවිඩ්-19 මට්ටමට නැවත පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැත. එසේ වුවද, 100% සාර්ථක එන්නතක් සොයා නොගතහොත් ධනවත් රටවල වඩාත්ම සංචාරකප්‍රිය වයස් කාණ්ඩය විදේශීය ගමනාන්තවල සංචාරය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යය අවදානමට ලක්කර ගැනීමට මැළිවනු ඇත.

තෙවනුව, ආදායම් සඳහා රට බෙහෙවින් යැපෙන මැද පෙරදිග ශ්‍රම වෙළඳපොළ විදේශීය ශ්‍රමිකයන් සිය දහස් ගණනින් ඉවත් කිරීමට පටන් ගෙන තිබේ. මෙම ආපසු පැමිණීම් විසින් දැනටමත් විශාලවෙමින් ඇති රැකියා විරහිතයින්ගේ ඝනයට එකතු වනු ඇත. සමස්තයක් ලෙස ගත් කල, අපනයන, සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ අඩුවෙමින් පවතින්නේ නම්, ණය ගැනීම තුළින් හැර “සමෘද්ධිය සහ තේජස” පිළිබඳ දැක්ම සඳහා අරමුදල් සම්පාදනය කිරීම සඳහා නව රජය මූල්‍ය සම්පත් සොයා ගන්නේ කෙසේද? අප නැවතත් සිහිතබා ගත යුත්තේ, රට දැනටමත් ණය බරින් මිරිකී ඇති බවයි.

තුන්වන බාධක පැන නගින්නේ මෙතැනදීය. සංවර්ධන ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් ණය ගැනීම් සිදු කරන්නේ නම්, එවැනි ණය ගැනීම්වල පිරිවැය ණය සඳහා නිතිපතා සේවා සැපයීමේ බරට වඩා වැඩි වනු ඇත. ණය දෙන්නන්, විශේෂයෙන් ඔවුන් විදේශීය රජයන් නම්, පොලී සහ ණය වාරිකවලට වඩා වැඩි යමක් ඉල්ලා සිටිනවා ඇත. මේ වන විටත් රට සිය හම්බන්තොට වරාය චීන ජාතිකයින්ට වසර 99 ක බද්දට ලබා දී තිබේ. ඉන්දියාව සමඟ මුදල් හුවමාරු ගනුදෙනුවක් සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී. එම ගනුදෙනුව තවමත් අවසන් නොවන්නේ ඇයි? සාකච්ඡාවට සම්බන්ධ තවත් සැබෑ වත්කම් කොටසක් තිබේද? සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ද එම ප්‍රශ්නයම ඇසිය හැකිය. යාචකයන්ට පැහැදිලිවම තේරීමක් කළ නොහැකිය.

ඉන්දියානු සාගර භූදේශපාලනයේ සුළි කුණාටුව තුළ ශ්‍රී ලංකාව කොටු වී ඇති ආකාරය නම්, රට අඥාන සිවිල් යුද්ධය සඳහා ගෙවීමට රටට බල කෙරෙන මිල ය. ආධාර සහ ණය දෙන්නන් සමඟ ආධාර හෝ ණය ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකාවට තම භෞමික ස්වෛරීභාවය කේවල් කිරීමේ අංගයක් බවට පත්වීමෙන් වැළක්ව්ය නොහැක. න්ත ජාතිකවාදීන් මෙම ප්‍රකාශයට එකඟ නොවිය හැකි නමුත් අවසාන විනිශ්චයකරු වනු ඇත්තේ අනාගතයයි.

මෙම සියලු දුෂ්කරතා විසින් මෙම රජයට ඡන්දය දුන් අය ඇතුළු බොහෝ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට ආර්ථික ජීවිතය දරාගත නොහැකි තත්වයකට පත් කරනු ඇත. මීළඟ අයවැය හෝ ඉන් පසු අයවැයෙන් රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත. මෙයින් අදහස් කරන්නේ, බදු ඉහළ යාමට, ආනයන සීමා කිරීමට සහ රාජ්‍ය වියදම් කපා හැරීමට හෝ දැඩි ලෙස තෝරා බේරා ගැනීමට සිදුවනු ඇති බවයි. ක්ෂණික අවධානය යොමු කිරීම අවශ්‍යවන විශේෂයෙන් අධ්‍යාපනය හා මහජන සෞඛ්‍යය සඳහා වන සුභසාධන වියදම් මේ නිසා අඩුවනු ඇත.

ඉහළ යන ජීවන වියදම

මේ සියල්ල ඉහළ යන ජීවන වියදම තුළින් පිළිබිඹු වනු ඇත. දරිද්‍රතාවය සහ ආදායම් විෂමතාව මහජන උද්ඝෝෂණයහි ප්‍රධානතවය ගනු ඇති අතර ආර්ථික අසහනය විසින් රජයට වඩාත් අධිකාරීවාදීවීමට බල කළ හැකිය. කෙටියෙන් කිවහොත්, අතිරික්ත අයවැයක් නොමැතිව, සහ ගෙවුම් ශේෂයේ අතිරික්තය ආර්ථික සංවර්ධනය දුෂ්කර අරගලයක් බවට පත් කරනු ඇත. මැතිවරණ දෙගොඩතලායෑමට ආර්ථික පසුබෑම වැළැක්විය නොහැක. සීතල යුදවාදී භික්ෂූන් වහන්සේලාට මැතිවරණ ජයග්‍රහණය කළ හැකි නමුත් ආර්ථිකයක් සංවර්ධනය කළ නොහැකිය.

ප්‍රතිසන්ධානයේ වැදගත්කම

අවම වශයෙන් ආර්ථික දුෂ්කරතාවන්ගේ වැඩිවන පීඩනය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි එක් දෙයක් වන්නේ ප්‍රතිසන්ධානය තුළින් ජාතික සමගිය ඇති කිරීමයි. සංහිඳියාව ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් මිස ජනාධිපතිවරයා සිතන ආකාරයට අනෙක් පැත්ත නොවේ. ප්‍රතිසන්ධානය සඳහා වන ඕනෑම උත්සාහයක් අවහිර කිරීමට අන්ත ජාතිකවාදී බුද්ධිමතුන් සහ සීතල යුදවාදී භික්ෂූන් වහන්සේලා ක්‍රියා කළ හැකි නමුත් ඔවුන්ගේ බලවත් ක්‍රියාකාරිත්වය ආර්ථික විනාශයට හේතු වනු ඇත.රජය තුළ සිටින සිහිබුද්ධිය සහිත පිරිස් වලට මෙම පිරිස් අභිබවා යා හැකිද යන්න තවම කිව නොහැක. එහෙත් එක් අතකින් සංහිඳියාව හා එකමුතුකම නැතිවීමත් අනෙක් අතට සහ ආර්ථික උග්‍ර දුෂ්කරතාවයන් සහ බාහිර බලපෑම් විසින් අන්තවාදය එහි කැත හිස එසවීමටද ඉඩ තිබේ. ඇත්ත වශයෙන්ම, ආරක්ෂාව ශක්තිමත් කළ හැකි නමුත් ඒ සඳහා අමතර සම්පත් අවශ්‍ය වේ.

අවසාන වශයෙන්, ජනාධිපතිවරණයෙන් පසු පොදුජන පෙරමුණ ලද මුළු ඡන්ද ප්‍රමාණය ස්ථිතිකව පැවතුනද, දෙගොඩතලායෑමෙන් ලද ආසන ප්‍රමාණය රජයට වැඩි මහජන සහයෝගයක් බවට පරිවර්තනය නොකළ යුතුය.

විපක්ෂය බහුවිධ ලෙස බිඳී ගොස් ඇති නමුත් සමස්තයක් ලෙස දුර්වල වී නැත. මෙයින් අදහස් කරන්නේ රජයේ මැතිවරණ බලකොටුව අපරාජිත නොවන බවයි. ආර්ථිකය ගෝටාගේ සහ ඔහුගේ මරා ආණ්ඩුවේ අංක එකේ සතුරා ලෙස පවතිනු ඇත. ඔහුගේ “සුරක්ෂිත, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල” සමාජය සහ “සමෘද්ධිය සහ තේජස” සඳහා වූ දැක්ම අවාසනාවකට මෙන් මිරිඟුවක් ලෙස පවතිනු ඇත.

(ලේඛකයා බටහිර ඕස්ට්‍රේලියාවේ මර්ඩොක් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා පාලන විශ්ව විද්‍යාලයේ සේවය කරයි.)

(ඩේලි එෆ්ටී හි පළවූ ලිපියක සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීප් වෙතිනි.)

Back to Top