Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමැතිවරණ ප්‍රතිපලය මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි.- ජයදේව උයන්ගොඩ

මැතිවරණ ප්‍රතිපලය මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි.- ජයදේව උයන්ගොඩ

by

ඡායාරූපය:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images/NYT

පසුගිය සභාග ආන්ඩුවේ අසාර්ථකත්වය උපයෝගී කරගෙන දේශපාලන ස්ථාවරත්වය ප්‍රක්ෂේපනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශාල මහජන ප්‍රසාදයක් දිනා ගත්තේය.

බදාදා පැවති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිලවලින් පෙන්නුම් කරන්නේ රටේ මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි.

සියලුම විරුද්ධ පක්ෂ නොසැළකිය යුතු තත්වයට දමමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමු පහසුවෙන් ලබා ගත් හැකි තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බහුතරයකට ඇති එකම අතීත සමාන්තරය නම් 5/6 තරම් පාර්ලිමේන්තු බහුතර බලයක් ඇතිව 1977 ජූලි මාසයේදී එවකට ජේ.ආර්. ජයවර්ධන විසින් නයකත්වය දෙන ලද එක්සත් ජාතික පක්ෂය විසින් ලබා ගත් ජයග්‍රහණයයි.

ප්‍රධාන ප්‍රවණතා

සාමාජිකයින් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ ආසන 145 ක් පොදුජන පෙරමුණ දිනාගෙන ඇති අතර, හිටපු පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක් ලබා ගනිමින් වඩාත්ම නින්දිත පරාජයකට මුහුණ දී තිබේ. සමානුපාතික නියෝජන ක්‍රමයට ස්තූතිවනන්ට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී මාස කිහිපයකට පෙර පිහිටුවන ලද සමගි ජන බලවේගය ආසන 54 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පැමිණ තිබේ.

පොදුජන පෙරමුණේ පහසු ජයග්‍රහණය බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. එනමුත් එහි ප්‍රකාශකයා සැණෙකින් පිළිගත් ඇති පරිදි, ‘සියලු අපේක්ෂාවන්ට එහා ගිය ජයග්‍රහණය, සෑම ඡන්ද කොට්ඨාශයකම පාහේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දදායකයින් මහා පරිමාණයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණීම නිසා ඇති වූ බවද පෙනේ. මේ අතර,සෑම මැතිවරණයකදී ඡන්ද දායකයින්ගේ ඉහළ සහභාගීත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට සාපේක්ෂව 71%ක් වූ මෙවර සමස්ත ඡන්ද ප්‍රතිශතය පහළ මට්ටමකි.

මැතිවරණ ප්‍රතියන්හි තවත් කැපී පෙනෙන ප්‍රවණතා දෙකක් තිබේ.

පළමුවැන්න ස්වාධීන දේශපාලන ආයතන ලෙස ජනවාර්ගික සුළුතර නියෝජනය පිරිහීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන හා වඩාත්ම වාචික සුළුතර පක්ෂය වන ඉලන්කෙයි තමිල් අරසු ච්චි (දෙමළ ජාතික සන්ධානය) පක්ෂයට සිය මැතිවරණ ශක්තිය අහිමි වී ඇති අතර පසුගිය පාර්ලිමේන්තුවේ තිබූ ආසන 16ය දැන් 10 ක් දක්වා පහත බැස තිබේ. උතුරු හා නැගෙනහිර පළාත්වලින් ආසන හයක් කුඩා දෙමළ පක්ෂ විසින් ලබාගෙන ඇති අතර ඉන් දෙකක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ පෙගැසී සිටී.

දෙමළ දේශපාලන නියෝජනය බිඳී යාම මෙන්ම මුස්ලිම් නියෝජනය ද පිරිහීමක් පිළිබිඹු කරයි. මුස්ලිම් පක්ෂ තනිවම තරඟ කළ දිස්ත්‍රික්කවල එය සමත් වී ඇත්තේ තම ප්‍රජාව සඳහා ආසන දෙකක් පමණක් දිනා ගැනීමට .සමගි ජන බලවේගයට අනුබද්ධ තවත් සුළුතර මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිටිය හැකිය.

දෙවැන්න නම් නව පාර්ලිමේන්තුවේ විශාල පක්ෂ දෙක වන පොදුජන පෙරමුණ සහ සහ සමගි ජන බලවේගය ඉතා මෑත කාලීන සම්භවයක් ඇති ඒවා වන අතර ඒවා ගොඩ නගා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් බීදී ගිය කණ්ඩායම් විසින් වීමයි.

තීරණාත්මක සාධක හතර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය තුළ මෙම තීරණාත්මක වෙනසට හේතු වූ සාධක හතරක් තිබේ.

පළමු වැන්න නම්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් 2015 ජනවාරියේ බලයට පත්වූ පෙර සභාග ආණ්ඩුවේ අවාසනාවන්ත අසාර්ථකත්වයයි.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් යහපාලන සන්ධානය 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේදී පුදුම සහගත ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදී පුනර්ජීවනය, සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, දූෂණයෙන් තොර පාලනය ස්ථාපිත කිරීම සහ අධික ලෙස බලය සංකේන්ද්‍රණය කරගත් පාලන රටාව අවසන් කිරීම පිළිබඳ එහි පොරොන්දු ඡන්දදායකයින්ගෙන් සානුකම්පිත ප්‍රතිචාරයක් දිනා ගත්තේය. කෙසේ වෙතත්, බලයට පැමිණි, වික්‍රමසිංහසිරිසේන තන්ත්‍රයේ පාලන වාර්තාව එම උතුම් අරමුණු මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම අතහැර දැමීමේ එකකි.

වහාම යළි පැමිණි දූෂණය, පාලක සභාගය තුළ අසමගිය, සතුරු කන්ඩායම්වාදය, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බල අරගල සහ එහි ප්‍රතිලයක් ලෙස පරිපාලන හා ජාතික ආරක්ෂක පද්දති අක්‍රීය වීම ද ප්‍රරජාතන්ත්‍රවාදීව පාලනය කිරීමයන්නට සුවිශේෂි නරක නාමයක් ලබා දුන්නේය.

එහි වැදගත්ම දේශපාලන ජයග්‍රහණය වූ ආණ්ඩු‍ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කර ගැනීමට සහ පවත්වා ගැනීමට ද යහපාලන පාලන තන්ත්‍රය අපොහොසත් විය. මෙම සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල විශාල ලෙස අඩු කර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ විධායක හා ව්‍යවස්ථාදායක අධිකාරියට අදාළ තුළන සහ සංවරණ යළි පිහිටුවන ලදී.

මෙම අසාර්ථකත්වය විසින් පොදුජන පෙරමු, කල් පවත්නා හා දුරදිග යන දේශපාලන ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති එහි වඩාත්ම ලදායී මැතිවරණ සටන් පාලබා දුන්නේය: එනම් ශක්තිමත් නායකයෙකු, ශක්තිමත් රජයක්, මිලිටරි කාර්යක්ෂමතාවයකින් යුත් ශක්තිමත් පරිපාලනයක් සහ තුළ සහ සංවරණ නොමැති ශක්තිමත් එක් බල කේන්ද්‍රයක් සහිත නව රැඩිකල් නව දේශපාලන විකල්පයකි.

පසුගිය වසරේ නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයේදී සහ දින හතරකට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතිවිශිෂ්ට ජයග්‍රහණය ඡන්දදායකයින් එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායකත්වයට ලබා දුන් දරුණු ඩුවමක් ලෙස සැලකිය හැකිය. වගකීම් විරහිත, රණ්ඩු සරුවල් සහ අකාර්යක්ෂම පාලනයේ වසර හතරහමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන් මෙතරම් දරුණු ලෙස නොසළතා හැරීම ගැන ඡන්දදායකයින් සමාව දී නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඡන්දදායකයින් එතරම් ප්‍රබල ලෙස ආකර්ෂණය වීමට තවත් ප්‍රධාන හේතු තිබේ. බලවත් රාජපක්ෂ පවුල විසින් 2016 දී පිහිටුවන ලද සාපේක්ෂව නව දේශපාලන පක්ෂයක් වන පොදුජන පෙරමුණෙහි දෘෂ්ටිවාදය සහ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තුළ අතිමහත් ආකර්ශනීය ‘ජනතාවාදී’ මානයක් තිබේ. ශක්තිමත් නායකයෙකුගේ නායකත්වයෙන් යුත් ශක්තිමත් රාජ්‍යයක් සඳහා වන එහි සටන් පා සිංහලබෞද්ධ දේශප්‍රේමී සංකේතවාදය හා කතිකාව තුළ ස්ථාන ගත කර තිබේ. මෙය ඇත්ත වශයෙන්ම සිංහල සමාජයේ සියලුම සමාජ පංතිවල එහි ඡන්ද දායකයින් සඳහා වන මූලික ආයාචනයයි.

පොදුජන පෙරමුණෙහි ආර්ථික හා බටහිර විරෝධී ජාතිකවාදය පිළිබඳ චතුරත්වය, සුභසාධන රාජ්‍යයේ අංග නැවත ගෙන ඒමේ පොරොන්දුව, පසුගිය ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම විසින් අනුගමනය කරන ලද නව ලිබරල් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිවලින් දැඩි ලෙස පීඩාවට පත් දුප්පත් හා මධ්‍යම පංතිය ආයාචනයක් බවට පත් විය.

ණය අර්බුදයෙහි සිර වූ මන්දගාමී ආර්ථිකයක් හේතුවෙන් ඇති වූ පුළුල් සමාජ අතෘප්තිය මධ්‍යයේ, සංවර්ධනවාදී ජනතාවාදයේ ගුණාංග, ජාතික ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය මත ගොඩනැඟුණු ව්‍යාපාරයක් කෙරෙහි ආකර්ශණය පැහැදිළිවම දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙත නැවත පැමිණීමට වඩා වැඩිවිය.

වසංගත හැසිරවීම, මත්ද්‍රව්‍ය යුද්ධය

මේ අතර, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ මහජන සෞඛ්‍ය අභියෝගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාර්යක්ෂමව හසුරුවනු ලැබීම විසින් මිලිටරි මැදිහත්වීම ඇතිව ජනාධිපතිවරයා පුද්ගලිකවම මෙහෙයවනු ලබන නව දේශපාලන අත්හදා බැලීමකට අවස්ථාවක් ලබා දීම වටින්නේයැයි ශ්‍රී ලංකා ඡන්දදායකයින්ගේ අතිමහත් බහුතරයකට ඒත්තු ගැන්වූ බව පෙනේ.

සිත් කළඹවන සොයා ගැනීම්, වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සඳහා දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින්, භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මාස දෙකක නිර්දය යුද්ධය, ජනාධිපති කඳවුරට සමස්ත විපක්ෂයම අභිබවා යන තීරණාත්මක මැතිවරණණ වාසියන් ලබා දුන්නා පමනක්ම නොවේ. පරණ විලාසිතාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් මෑත කාලයෙහි අසමත්වූ, පුරවැසියන්ට නව ආරක්‍ෂාවක් පිළිබඳ හැඟීමක් ඇති කිරීමට පොරොන්දු වන, නීතියේ සහ පාලනයේ තන්ත්‍රය රොමැතිකකරණය කරන්නාවූ නව ජනතාවාදී දේශපාලනයේ ගෝලීය ප්‍රවණතාවය අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද එය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි රැඩිකල් ප්‍රතිසංස්කරණ පිළිබඳ මැතිවරණ පොරොන්දුවේ අවසාන හා සමහර විට වඩාත්ම වැදගත් කාරණය නම්, පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක හදිසි අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා පුරවැසියන්ට ඇති බවට එහි ඇති සියුම් යෝජනාවයි. එහිලා ජාතික ආරක්ෂාව, නීතිය හා පාලන දේශපාලන ස්ථාවරත්වය, පාලන තන්ත්‍රයේ අඛන්ඩත්වය, ආර්ථික සමෘද්ධිය සහ ආගමිකසදාචාරාත්මක පුනර්ජීවනය සඳහා අතිශයින්ම ප්‍රමුඛතාවය ලැබෙනු ඇත.

පක්ෂ ක්‍රමයේ මාරුව

අවසාන වශයෙන්, පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රති මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත දේශපාලන පක්ෂ ක්‍රමයේ කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරයි. පැරණි පක්ෂ දෙකක් වන යූඑන්පී සහ ශ්‍රිලනිපය පදගතාර්තයෙන්ම පාර්ලිමේන්තුවෙන් අතුගා දමා ඇති අතර නව ජනතාවාදී පක්ෂයක් වන පොදුජන පෙරමුණ තනි අධිපති පක්ෂයක් ලෙස ඉස්මතු වී තිබේ.

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයට තිබූ හුරුපුරුදු භූමිකාව ආපසු හැරවිය නොහැකි ලෙස අහිමි වී ඇති අතර, දැන් එ ස්ථානය භාරගෙන ඇත්තේ මාස කිහිපයකට පෙර එජාපයෙන් වෙන් වූ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි. ශ්‍රී ලංකාව අධිපති තනි පක්ෂ පාලන ක්‍රමයක් බවට පත්වීම වලක්වා ගත හැක්කේ සමගි ජන බලවේගයේ පලදායී හා බලපෑම් සහගත දේශපාලනයකට පමණි.

පොදුජන පෙරමුණ සිය ව්‍යවස්ථාමය හා ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ වැඩ සටහන ඉදිරිපත් නොකිරීමට මේතාක් සැලකිලිමත් වී තිබේ. එහෙත්, එය අංගසම්පූර්ණ විධායක ජනාධිපති ක්‍රමයක් නැවත ගෙන ඒමත් හමුදාවට පරිපාලනමය කාර්යභාරයක් ලබාදීම අරමුණු කරගත් ප්‍රධාන ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති කරන බවටත් ප්‍රමාණවත් ඇඟවුම් ලබා දී තීබේ. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවත්නා බල තුලනය ද විධායකට බරව වෙනස් වනු ඇත.

මෙතරම් දැවැන්ත ජයග්‍රහණයකින් පසු නොවැළැක්විය හැකි ප්‍රීති ප්‍රමෝදය මධ්‍යයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සැබවින්ම අභියෝගාත්මක කාලයක් උදාවනු ඇත. වසංගතය නිසා ඇති විය හැකි ගෝලීය ආර්ථික කඩාවැටීම නිසා මුවහත් ඇති, පෙර නොවූ විරූ මට්ටමෙන් ඉදිරියේදී සිදුවීමට නියමිත ආර්ථික හා සමාජ අර්බුද විසින්, වසංගතය ආරම්භ වීමට පෙර සකස් කර තිබූ බොහෝ සැලසුම් සමාලෝචනය කිරීමට රජයේ නායකයින්ට බල කරනු ඇත. මෙම අභියෝගාත්මක සන්දර්භය තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවශ්‍ය වන්නේ හුදෙක් ශක්තිමත් ආණ්ඩුවක් නොව මානුෂීය රජයකි.

ජයදේව උයංගොඩ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකි.

ද හින්දු පුවත්පතෙහි අගෝ 08 දින පළවූ ලිපියක සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Back to Top