Sri Lanka Brief
පුවත්විවරණමංගල සමරවීර රැඩිකල් කේන්ද්‍රයක් සඳහා මැද මාවතක් යෝජනා කරයි

මංගල සමරවීර රැඩිකල් කේන්ද්‍රයක් සඳහා මැද මාවතක් යෝජනා කරයි

by

1947 සිට ගත් කළ 16 වැනි පාර්ලිමේන්තුව තේරීමට අගෝස්තු 5 වැනි දින තවත් මහ මැතිවරණයකට අප සූදානම් වෙමින් සිටින මේ අවස්ථාව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසුම මොහොතකි.

පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ සමග ඒකාබද්ධව විධායක ජනාධිපති ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමේ සිට කවර හෝ ආකාරයක මැතිවරණයක් නොපැවැත්වුණ වසරක් නොවූ තරම්ය.

රටක ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයභාවය මැනීමේ මිනුම් දණ්ඩ මැතිවරණ පැවැත්වීම නම්, ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ඉහලින්ම සිටිනු නිසැකය.

කෙසේ වෙතත්, 2019 ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයෙහි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය (The Democratic Index of the Economist Intelligence Unit) තුළ ශ්‍රී ලංකාව 69 වැනි ස්ථානයෙහි ලැයිස්තුගත කරනු ලැබ ඇත්තේ ‘දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක්‘ සහිත රටක් ලෙසිනි.

2019 ජනාධිපති මැතිවරණයේ සිට පසුගිය මාස ගණනාව මුළුල්ලේ සිවිල් පරිපාලන ව්‍යුහයන් වේගයෙන් මිලිටරිකරණය වීමත් සමග, 2020 දී ශ්‍රී ලංකාව ‘ඒකාධිපති‘ කාණ්ඩය කරා ඉක්මන් ගමනක යෙදී සිටින ‘දෙමුහුම් රාජ්‍ය පාලනයක‘ තත්ත්වයට පහත දමනු ලැබුවහොත් අප පුදුම විය යුතු නැත.

තුවක්කු සහ යුද ටැංකි ගත් මිනිසුන් විසින් හමුදා බලය හා බලහත්කාරය තුළින් මෙහෙයවන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස විසි වෙනි සියවසේදී බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදයන් අභාවයට පත්විය.

ආජන්ටිනාව, චිලී, පාකිස්තානය, තායිලන්තය, ඝානා යන රටවල ප්‍රජාතන්ත්‍රවාදය මෙලෙස මිය ගියේය.

අද, ජනරාල්වරුන් අතින් නොව තමන් බලයට ගෙන ආ, ඡන්දයෙන් තේරී පත් වූ නායකයන් අතින් ප්‍රජාතන්ත්‍රවාදය ‘අභාවය‘ කරා ගෙනයාමට ඉඩ ඇත. සැබැවින්ම, පියවි ඇසට දැක ගත නොහැකි තරම් සියුම් පියවරවලින් බොහෝ ප්‍රජාතන්ත්‍රයන් සෙමෙන් විනාශ වී යන අතර, ඒ සඳහා වූ පසුබෑම ඇරඹෙන්නේ ද ඡන්ද පෙට්ටියෙනි.

ඒකාධිපතිවාදය කරා යන ගමනේ මැතිවරණ හරහා වූ මාර්ගයේ පරස්පර විරෝධය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනම ක්‍රම ක්‍රමයෙන් උඩු යටිකුරු කිරීම, සූක්ෂම ලෙස හා නිත්‍යානුකුලව පවා සහතික කිරීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ ආයතන උඩු යටිකුරු කිරීම හා ක්‍රමයෙන් ගෙල මිරිකා මරා දැමීම දැන් ජනාධිපති ගෝඨාභය විසින් වේගවත්ව කරනු ලැබ ඇත. මේ සඳහා ඔහු අපේක්ෂා කරන තුනෙන් දෙකේ බහුතර බලය ලැබුණහොත් එහි මළගම සිදු කිරීමට ඉඩ ඇති බව නිසැකය.

එසේ වුවත් එයට එකම හේතුව ඔහු පමණක්ම නොවේ. 1970 සිට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒකාධිපතිවාදී නායකයන් විසින් බරපතල ආකාරයෙන් අයුතු ලෙස අල්ලා ගනු ලැබ ඇති අතර, විශේෂයෙන් ම 1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමේ සිට නවීන ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය බොහෝ සංවරණ හා සංතුලන ද අනුකම්පා විරහිත ලෙස මෙහෙයවීම හා පීඩාවට පත් කිරීම සිදු කර ඇත.

19 සංශෝධනය යටතේ යළි පණ ගන්වන ලද ව්‍යවස්ථාදායක සභාව දැන් අක්‍රිය තත්ත්වයට ආසන්නව පවතිද්දී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල බෙදීම වඩ වඩාත් බොඳ වෙමින් පවතී. ස්වාධීන කොමිෂන් සභා තම පාලන ශෛලියට කරදරයක් බව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර ඔහු 19 වැනි සංශෝධනය හකුලා දැමීමට ජනවරමක් පතයි.

ස්වාධීන කොමිෂන් සභා තම පාලන ශෛලියට කරදරයක් බව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර ඔහු 19 වැනි සංශෝධනය හකුලා දැමීමට ජනවරමක් පතයි.”

තෝරා ගත් ආකාරයට හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස දීම වෙනුවට සීමා කිරීමට නීතිය අදාල කෙරෙන තත්ත්වයකදී ජාතිවාදයට, වෛරී ප්‍රකාශවලට හා වාර්ගික හා ආගමික අන්තවාදයට නිදහසේ රජ කිරීමට ඉඩ ලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කර ඇත.

ඒ අවශ්‍යයන්ට බහු වාර්ගික, බහු ආගමික හා බහු භාෂාමය සමාජයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මත තවදුරටත් පීඩනය යොදමිනි.

ශ්‍රී ලංකාවේ තිරසර ප්‍රගතිය හා සංවර්ධනය අත් කර ගැනීමට නොහැකි වීමේ මූලිකම සහ වඩාත් වැදගත්ම සාධකය වන්නේ එහි සියළු පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිගනිමින්, ජාතියක් ලෙස විවිධත්වය පැසසීමට හා ගරු කිරීමට ශ්‍රී ලංකාව සතු නොහැකියාවයි.

අද දේශානුරාගය ලෙස වෙස් වලාගත් බහුතරවාදය හා උග්‍ර ජාතිභේදවාදය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ තිරසර ප්‍රගතිය හා සංවර්ධනය අත් කර ගැනීමට නොහැකි වීමේ මූලිකම සහ වඩාත් වැදගත්ම සාධකය වන්නේ එහි සියළු පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිගනිමින්, ජාතියක් ලෙස විවිධත්වය පැසසීමට හා ගරු කිරීමට ශ්‍රී ලංකාව සතු නොහැකියාවයි. ”

නිදහස ලැබීමේ සිට නොනැවතී ඉහළ නගින දූෂණය දැන් අපගේ සමාජයෙහි නිර්මිතය විනාශ කරන පිළිකාවක් බවට පත්ව ඇත. ක්‍රියාශීලී වෙළඳපොල ආර්ථිකයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ හා රෙගුලාසි සහ සම අවස්ථා නොමැතිව 1977 ආර්ථිකය විවෘත කිරීම මගින් ගජ මිතුරු මතවාදයෙහි විබාධක ආකෘතියකට මග පාදා ඇත.

කෙටියෙන් කිවහොත්, දූෂණය, යළි යළිත් ඇතිවන ඒකාධිපතිවාදය හා එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල්, දේශපාලනික හා මානව හිමිකම්වලට එල්ල වූ ප්‍රහාර ශ්‍රී ලංකාවේ දේශපාලන දේහය දුර්වල කර ඇත. අද රට විධායකය, හමුදාව සහ පුජ්‍ය පක්ෂය යන අංශවල විරූපී එක්රැස් වීමක් සහිත ඒකාධිපති රාජ්‍යයක් කරා භයානක ලිස්සා යාමක් අත් දකිමින් සිටී.

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් නව බහුතරවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඇතැම් බෞද්ධ පුජ්‍ය පක්ෂය හා උග්‍ර ජාතිභේදවාදී සිංහල කණ්ඩායම් මුල් වී පිළියෙල කර, රජයට පක්ෂ මාධ්‍ය තුළ විශාල

අගෝස්තු 5 වැනි දින ශක්තිමත් ජනවරමක් ලැබුණහොත්, පූර්වාදර්ශයකින් තොරව, ගෝඨාභය ජනාධිපතිත්වය ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැවරූ දීර්ඝ කාලීන හමුදාමය ඒකාධිපතිවාදයේ අගාධයට ඇදගෙන යනු ඇත. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක්ද නැගී එමින් හා විරැකියාව වැඩිවෙමින් පවතිද්දී මර්දනය හා ඒකාධිපතිවාදය රාජපක්ෂ මානසිකත්වය වඩා රුචි කරන විකල්පය වීමට ඉඩ ඇත.

බොහෝ විට, ‘ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස හැඳින්වෙන රටකට මෙය නිසැකවම ව්‍යසනකාරී විය හැකිය.

ශ්‍රී ලංකාව හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොත සියලු ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය වශයෙන්ම සාංදෘෂ්ටිකවාදී වූවකි. සෑම පුද්ගලයෙකුම අර්ථවත් තේරීම් කළ යුතු අතර ඔවුන් කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත.

අපගේ බිය හා පූර්ව නිගමන මත පදනම්ව අපි අපේ රට වෙනුවෙන් නව අනාගතයක් නිශ්චය කරන්නෙමු ද? එසේත් නැතිනම් සියල්ලන්ම වෙනුවෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපගේ බලාපොරොත්තු හා අභිලාෂයන් මත පදනම්ව අපගේ අනාගතය තීරණය කරන්නෙමුද?

මූලධර්මවාදී උමතුවෙන් සිටින්නන් අතලොස්සකට අපගේ අනාගතය තීරණය කිරීමට ඉඩ දෙන්නෙමුද ?

අප මධ්‍යස්ථභාවය හා අනෙකා ඉවසීම ඈත අතීතයක වඩාත් ශිෂ්ට සම්පන්න යුගයක වියැකී ගිය වටිනාකම් බවට පත්වෙමින් තිබේදැයි නිහඬව සිතමින් සිටින අතර ආගමික හා වාර්ගික උන්මාදයෙන් පෙළෙන්නන් හා අනෙක් මූලධර්මවාදී උමතුවෙන් සිටින්නන් අතලොස්සකට අපගේ අනාගතය තීරණය කිරීමට ඉඩ දෙන්නෙමුද ?

නිහඬ බහුතරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී මත ප්‍රකාශ අභිබවමින් අන්තවාදයේ මහා වියරු හඬ වඩා හොඳ පුවත් බවට පත්ව ඇත. නිදහසේ සිටම ඝෝෂාකාරී කිහිප දෙනෙකුගේ අන්තවාදය, අනෙකා නොඉවසීම, වෛරය හා ව්‍යාජ ජාත්‍යාලය හමුවේ බහුතරයේ නිහඬතාව අවසානයේදී අද අප ජාතියක් ලෙස මුහුණ දෙන ඛේදණීය අර්බුදය ලෙස කූඨප්‍රාප්තියට පත්ව ඇත.

නිහඬ බහුතරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී මත ප්‍රකාශ අභිබවමින් අන්තවාදයේ මහා වියරු හඬ වඩා හොඳ පුවත් බවට පත්ව ඇත. නිදහසේ සිටම ඝෝෂාකාරී කිහිප දෙනෙකුගේ අන්තවාදය, අනෙකා නොඉවසීම, වෛරය හා ව්‍යාජ ජාත්‍යාලය හමුවේ බහුතරයේ නිහඬතාව අවසානයේදී අද අප ජාතියක් ලෙස මුහුණ දෙන ඛේදණීය අර්බුදය ලෙස කූඨප්‍රාප්තියට පත්ව ඇත. ”

මේ මොහොතේ අවශ්‍යතාවය වන්නේ බුදුරජාණන් වහන්සේගේ මැද මාවතේ සිට මහත්මා ගාන්ධිගේ අවිහිංසාවේ මාවත දක්වා, නේරුගේ සිට මාටින් ලූතර් කිං දක්වා, නෙල්සන් මැන්ඩෙලාගේ සිට බැරැක් ඔබාමා දක්වා උකහා ගත් වටිනාකම පද්ධති යළි පණ ගැන්වීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.”

මෙම මැදමාවත, නිදහස් මතධාරී බව හා මධ්‍යස්ථවාදී වටිනාකම් වෙනුවෙන් රැඩිකල්වාදී කැපවීමකට නිවහන විය යුතුය. මේ මොහොතේ අවශ්‍යතාවය වන්නේ බුදුරජාණන් වහන්සේගේ මැද මාවතේ සිට මහත්මා ගාන්ධිගේ අවිහිංසාවේ මාවත දක්වා, නේරුගේ සිට මාටින් ලූතර් කිං දක්වා, නෙල්සන් මැන්ඩෙලාගේ සිට බැරැක් ඔබාමා දක්වා උකහා ගත් වටිනාකම පද්ධති යළි පණ ගැන්වීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.

1977 දී වෙළෙඳපොල ආර්ථිකය වැළඳ ගත් පළමු රටවල් අතරින් එකක් වූ ශ්‍රී ලංකාවේ තවමත් ඇත්තේ, ඉඳුරාම යල් පැන ගිය නීති හා ‘සමාජවාදී මානසිකත්ව‘ ගොහොරුවෙහි ගිලී ඇති විධාන ආර්ථිකයකි. අප රජයන් ව්‍යවහාර කරන ගජමිතුරු ධනවාදී ක්‍රමය වෙනුවට දුප්පතුන්, දුර්වලයන් හා අවාසනාවට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට සියල්ලන් ඇතුළත් කර ගන්නා සමාජ ආරක්ෂක ජාලයක් කෙරෙහි අවධාරණය සහිත සැලකිලිමත් හා ක්‍රියාශීලී සමාජ වෙළෙඳපොල ආර්ථිකයක් ආදේශ කළ යුතුව ඇත.

සියල්ලන්ටම සම අවස්ථා සහතික කරන, සියල්ල ඇතුළත් කරගන්නා කුසලතා තන්ත්‍රයක් අවශ්‍යව ඇත. ඒ සඳහා පුද්ගලවාදී දේශපාලන අනුග්‍රාහකත්වයේ සංස්කෘතිය අවසන් විය යුතුව ඇත.

ශිෂ්ටසම්පන්න සමාජයකට නීතියේ ආධිපත්‍ය ද පූර්ව අවශ්‍යතාවකි. එබඳු සමාජයක රජු, පූජකයා හෝ සොල්දාදුවා වේවා කවර හෝ තැනැත්තකුවත් නීතියට ඉහළින් නොසිටී. ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම මෙන්ම අපගේ ජාතික සංවර්ධනය තුළ අර්ථවත් ලෙස සහභාගි වීමට අපේම පුරවැසියන්ගේ පැහැදීම හා විශ්වාසය දිනා ගැනීම ඇතුළුව අර්ථපූර්ණ ප්‍රගතියක් අත් කර ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව ඇත.

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දේශපාලන හා ආර්ථික අර්බුදයක් කරා වේගයන් ඇදී යද්දී, වාමාංශික හා දක්ෂිණාංශික පසමිතුරු දේශපාලනයෙන් ඔබ්බට විහිදුණු සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී නව්‍යකරණය, හදිසි අවශ්‍යතාවක්ව පවතී.

එය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ වදන්හි අනුනාදයක් මෙන් ක්‍රි.පූ. 350 දී ඇරිස්ටෝටල් ඔහුගේ ‘පොලිටික්ස්‘ නම් නිබන්ධයෙහි මෙම ‘මධ්‍යස්ථ මූලධර්මය‘ පිළිබඳව ලියමින් එය ධනවතුන් හා දුගියන් අතර පවතින විවරය යා කරන ධාතුව බව පවසයි.

අද, ශ්‍රී ලංකාව එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ඇද වැටෙද්දී අපට ඇති එකම විකල්පය මධ්‍යස්ථ ප්‍රවේශය බව වඩ වඩා තහවුරු වෙමින් පවතී.

මැද මාවත යනු “ඕනෑම දෙයක් පිළිගත හැකි” යන ආකල්පයෙන් ‘උණුවන හිතැති නිදහස් මතධාරීන්‘ ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් නිදහසට කරුණු සෙවීමට සහ සාධාරණීකරණයට උත්සාහ කරනු ඇත්තා වූ හා නීතියේ ආධිපත්‍යය අදාල නොවන්නා වූ දුර්වල බවෙහි හා බෙලහීන බවෙහි දර්ශනයක් ලෙස සිතන්නෝ ද සිටිති.

සැබැවින්ම බොහෝ දෙනෙක් මධ්‍යස්ථවාදය, ස්වාධීනතාවාදයෙහි නිර්බාධවාදී ආකල්පය සමඟ පටලවා ගනිති.

මැද මාවත නැතහොත් රැඩිකල්වාදී මැද මාවත, සාධාරණ, සැලකිලිමත් හා සෞභාග්‍යමත් සමාජයක් දරා සිටින කුළුණු සතර ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාව සහ සාධාරණත්වය යන මූලධර්ම මත පදනම්ව ඇත.

රැඩිකල්වාදී මැද මාවත යනු යෙදුම්වල පරස්පරයක් බව බොහෝ දෙනෙකු කීමට ඉඩ ඇති නමුත්, මෙම වටිනාකම් ආරක්ෂා කිරීමට හා සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වුවහොත් හා අවශ්‍ය වූ විට අවිහිංසාවාදී අරගල දියත් කිරීමට පවා මැදිහත් වීමද, ඒ උදෙසා යම් අයකු විශ්වාස කරන දේ මතින් පැනනගින ධෛර්යය හා සමඟම මධ්‍යස්ත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි රැඩිකල්වාදී කැපවීම ද හදිසි අවශ්‍යතාවකි.

රැඩිකල්වාදී මැද මාවත, ඒකාධිපතිවාදය, වර්ගවාදය සහ අනෙකුත් සියලු ආකාරයේ අන්තවාදයන්ට සක්‍රියව හා ශක්තිමත්ව එරෙහිවීමට හා සටන් කිරීමට නිහඬ බහුතරයට සැපයෙන මාධ්‍යස්ථතාවයෙහි වේදිකාවකි.

දේශපාලන පරාසයෙහි සෑම කොටසකින්ම නැගෙන විකල්ප මතධාරීන්ගේ හඬට හා මතවලට විමධ්‍යගත පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ස්ථානයක් හිමිවනු ඇත්තා වූ මධ්‍යස්තවාදී මැද මාවතක් නිර්මාණය කිරීම රැඩිකල්වාදී මැද මාවතට උරුම වේ.

එය, විද්‍යමාන වන සියළු ආකාරයෙන් විවිධත්වයට ගරු කරන ක්‍රමයකි; බහුත්වවාදය සහ ආගමික සහ අධ්‍යාත්මික සංකල්පවලින් බැහැරවීම, වැජඹෙන අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ විවිධ ප්‍රජාවන් අතර වසර ගණනක ගැඹුරු අවිශ්වාසයේ වේදනාවන් වියැකී යා යුතුය.

රැඩිකල්වාදී මැද මාවත, නොඉවසන සුලු තැනැත්තන්ට ඔවුන් වෛර කරන්නන් සැබැවින්ම ඔවුන්ට බොහෝ සෙයින්ම සමාන බවත්, මනුෂ්‍යයින් ලෙස ඔවුන්ටද එකම සිහින හා අභිලාෂයන් මෙන්ම බිය සහ කණස්සල්ලද තිබෙන බවද පෙන්වා දිය යුතුය.

රැඩිකල්වාදී මැද මාවත, සියලු ශ්‍රී ලාංකිකයන් ජාතියේ, ආගමේ හා කුලයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් ඔවුන්ගේ පොදු මනුෂ්‍යත්වය සොයා ගන්නා ස්ථානය විය යුතුය.

1970 දී, 1977 දී හා 2010 දී අල්ලස් මගින් අත් කරගත් 2/3 බහුතරය ආදී වශයෙන් වූ 2/3 බහුතරය ලබා ගත් සියළු ආණ්ඩු අප අද සාක්ෂි දරන කුණු වීමට හා ජරාවාස වීමට දායක වී ඇත.

ගෝඨාභය රාජපක්ෂටවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටවත්, බෙදී සිටින විපක්ෂයටවත් මෙම ප්‍රජාතන්ත්‍රවාදයෙහි හා පාලනයෙහි අර්බුදය, එනම් දශක ගණනාවක අයහපත් පාලනයෙහි හා විධිමත් නොවූ කළමනාකරණයෙහි කුඨප්‍රාප්තිය, විසඳීම සඳහා දැක්මක් නොමැති හෙයින් අගෝස්තු 05 වැනි දින මැතිවරණයෙහි ප්‍රතිඵලය කුමක් වුවද එය අදාල නැත.

දේශපාලන අවස්ථාවාදයෙහි සහ අන්තවාදයෙහි බලවේග විසින් එහි විශ්වාසනීයත්වය අන්තයටම තල්ලු කෙරෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයෙහි පැවැත්ම තහවුරු කළ හැකි එකම මග වන්නේ, මධ්‍යස්තවාදී වටිනාකම් කරා නැවත ගමන් කිරීමයි.

විකල්පය වන්නේ ජනාධිපතිවරයා විසින් ඉඟි කරන ලද විධායකය, හමුදාව සහ පුජ්‍ය පක්ෂය ඒකරාශී වීම මත පදනම් වූ ඒකාධිපතිවාදයක් නොවන්නාක් මෙන්ම අගමැතිවරයා හඹායන 2/3 බහුතරය සහිත ශක්තිමත් රජයක්ද නොවේ.

1970 දී, 1977 දී හා 2010 දී අල්ලස් මගින් අත් කරගත් 2/3 බහුතරය ආදී වශයෙන් වූ 2/3 බහුතරය ලබා ගත් සියළු ආණ්ඩු අප අද සාක්ෂි දරන කුණු වීමට හා ජරාවාස වීමට දායක වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වහා යළි කැප වීමක් අද යුගයේ අවශ්‍යතාවයි. අප විසි එක් වන සියවසෙහි දෙවන කාර්තුව කරා ගමන් කරද්දී, ප්‍රජාතන්ත්‍රවාදය එහි සියලු දෝෂ හා අඩුපාඩු තිබියදීත් හොඳම පාලන ක්‍රමය ලෙස පවතී.

නිරන්තරයෙන් මැතිවරණ පැවැත්වීම මගින් අප ප්‍රජාතන්ත්‍රවාදය වචනයට පමණක් සීමා කරමින් සිට ඇති නමුත් වසර ගණනාවක් මුළුල්ලේ අවශ්‍ය සංවරණ හා තුලන සමඟම අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ලම පාහේ තදබල ලෙස පීඩාවට පත් වී ඇත.

එබඳු ආයතන ශක්තිමත් කරනු වස් 2015 දී ගන්නා ලද පියවර කිහිපය පවා මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල බහුතරයක් ලබා ගතහොත් හකුලා දැමීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව මුළුල්ලේ සිටින නිවැරදි චින්තනයක් ඇති සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ඔවුන්ගේ නිහඬතාවය බිඳ දමා එක්සත් විය යුතුය. කිහිප දෙනෙකුගේ දුෂ්ට පාලනය පරාජය කළ හැක්කේ නිහඬ බහුතරය, සැබෑ දේශප්‍රේමින් ‘දැන් හොඳටම ඇති‘ යැයි කීමට ඔවුන්ගේ නිද්‍රාවෙන් අවදි වුවහොත් පමණි.

සැමුවෙල් ජොන්සන් කියූ පරිදිම ශ්‍රී ලංකාවේ දේශප්‍රේමිත්වය දැන් ‘ප්‍රයෝගකාරීන්ගේ අවසාන රැකවරණය’ බවට පත් ව ඇත. අද දිරිගැන්වෙන ව්‍යාජ දේශප්‍රේමිත්වය, නිදහසේ සිටම අපගේ පරිහානියේ ගමනට ප්‍රධාන හේතුව වී ඇති තුනී පටලයකින් සැඟවූ, ජාතිවාදය සහ පමණට වැඩි උනන්දුවක් සහිත උග්‍ර ජාතිභක්තිමදයයි.

වැඩවසම් ගෝත්‍රීක ආකල්ප සහ පශ්චාත් 56 යුගයේ ‘කුඩා ළිඳ තුළ විසල් මැඩියා‘ මානසිකත්වය ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී ලංකාවක ඉලක්ක සහ අභිලාෂයන් පිළිබිඹු කිරීමට දේශප්‍රේමීත්වය යළි නිර්වචනය කිරීම අවශ්‍ය ව ඇත.

අපගේ එක් එක් පෞරාණික සංස්කෘති සහ ආගම්වල විවිධත්වයට සහ මහිමයට ගරු කරන අතරම ජාතිකවාදී සහ විශ්ව දේශී ශ්‍රී ලංකාවේසත්‍ය දේශප්‍රේමීන් නිදහස, ප්‍රගතිය හාසෞභාග්‍ය කරා සෙසු ලෝකය සමග අත්වැල් බැඳ ගමන් කිරීමට එක්සත් විය යුතුය.

Back to Top