Sri Lanka Brief
පුවත්ඊළඟ ආන්ඩුවත් “පළිගැනීම් සොයන කොමිසමක්” දැම්මොත් මොනව වෙයිද?

ඊළඟ ආන්ඩුවත් “පළිගැනීම් සොයන කොමිසමක්” දැම්මොත් මොනව වෙයිද?

by

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසන් සභාව හමුවේ දැන් ඉදිරිපත්වන පැමිණිළි දෙස බලන විට අතිශය වැදගත් ප්‍රශ්ණයක් මතුවේ.

එනම් වරින් වර බලයට පත් වන ආන්ඩු මෙවැනි කොමිසන් සභා පත් කර විවිධ භීෂන දූෂන ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වා නීතිපති දෙපාර්ථමේන්තුව විසින් නඩු අධිචෝදනා යටතේ නඩු පවරණ ලද පිරිස් වලට දේශපාලන වේදිකා සාදාා දෙන්නට පටන් ගත් විට නීතියේ අධිපත්‍යට කුමක්වනු ඇත්ද යන්නයි.

මෙම බිය ජනක ප්‍රශ්ණය මතුවන්නේ පසුගිය දින ගණනාව පුරා පළිගැනීම් කොමිසම හමුවේ තමන්ට නඩු පවරණ ලද්දේ දේශපාලන පළිගැනීම් නිසා යැයි කියා සිටි පුද්ගලයින් දෙස බලන විටය.

ඔවුන් අතර අතිශය ආන්දෝ්ලනාත්මක දූෂණ චෝදනාවන්ට ලක් වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, දූෂන චෝදනා ලද රජයේ සේවකයකු ද නොව අවන්ගාඩ් ප්‍රධානී නිස්සංක සේනාධිපති, වැළිකඩ ඝාතන සම්බන්ධයෙන් චොදනා ලද පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී ඒමිල් රංජන් ළමාහේවා, හිටපු විදේශ කටයුතු ඇමැතිවරයකු වන රොහිත බෝගොල්ලාගම යනාදීහු වෙති.

මෙම සියලුදෙනාටම අධිකරණය ඉදිරියෙහි සිය නිර්දෝශිත්වය පෙන්වීමට අයිතිය තිබේ. එනමුත් දැන් සිදුවන්නේ තමන්ට නීතිපති දෙපාර්ථමේන්තුව මගින් නඩු පවරා ඇත්තේ දේශපාලන පළිගැනීම්වලටයැයි කියමින් කොමිසම වෙත යෑමය.

මෙළෙස පැමිණිළි කර ඇති වීරතුංග පසුගිය මැතිවරණයේදී අගමැති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයටද සහභාගි විය. ඔහු රාජපක්ෂවරුන්ගේ සමීප ඥාතියකුද වෙයි. ඔහුගේ පැමිණිල්ල ඉදිරිපත් කළ යුතු අන්දම ගැන කොමිසන් සභාව ඔහුට උපදෙස් දුන් බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.

උදයාංග වීරතුංගගේ පැමිණිළි පිළිගෙන උදාහරණයක් ලෙස වීරතුංගට නඩු පවරා ඇත්තේත් රතු වරෙන්තු නිතුක් කර ඇත්තේත්, යළි මෙරටට ගෙන ඒන ලද්දේත් දේශපාලන පළිගැනීම් වශයෙන් යැයි කොමිසම තීන්දු කළහොත් සිදුවනු ඇත්තේ කුමක්ද?

නීතිපති දෙපාර්ථමේන්තුවට පිළිතුරු දීමට තමන් බැඳී නැතැයිද කොමිසම දැනටමත් ප්‍රකාශ කර තිබේ.

එවිට පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව නීතිපති දෙපාර්ථමේන්තුවද දේශපාලන හස්තයක් ලෙස සේවය කර ඇති බව පිලිගැනීමට සිදුවනු ඇත. මෙම කොමිසමට අධිකරණ බලයක් නැතත් එයට පුලුල් ප්‍රචාරක සහ සමාජ බලයක් තිබේ.

කවර ආන්ඩුවක්වත් සදාකාලික නැත. ඊළග ප්‍රශ්ණය මතුවන්නේ රාජපක්ෂවරුන් පරදා කවර දිනක හෝ බලයට පත්වන ආන්ඩුවක්ද මෙවැනිම කොමිසමක් පත් කර මෙම ක්‍රියාදාමයම ක්‍රියාත්මක කළ විට කුමක් සිදුවනු ඇත්ද යන්නයි. එවැනි බියක් නිසාම නීති ආයතන දැන් සිටම අකර්මන්‍ය නොවනු ඇත්ද? කවර හෝ භීෂන දූෂන ක්‍රියාවක් ගැන නඩු පැවරීමකින් වැඩක් නොවනු ඇතැයි අදහසක් සමාජ ගත නොවනු ඇත්ද? නීතියට වඩා දේශපාලනය බලගතු යැයි අදහසක් ඇති නොවනු ඇත්ද?

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි නීතිඥ ප්‍රජාව මෙම ප්‍රශ්නයන්ට දෙන පිළිතුර කුමක්ද යන්න ඉතා වැදගත්ය.

මෙම ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ “ජනතා නීතිඥයෝ”සංවිධානයේ කැදවුම්කාර මණ්ඩලයේ සාමාජික නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ මෙමගින් අධිකරණ ක්‍රියාවළියට බලපෑමක් විය හැකි බවයි. මෙමගින් අධිකරණය ගැන මහජන විශ්වාසය බිඳවැටීමේ අනතුරක්ද ඇතැයි ඔහු ප්‍රකාශ කලේය.

තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා මෙසේද සදහන් කළේය. “රටක වැදගත්ම දෙයක් තමයි නීතියේ ආධිපත්‍ය පැවතීම. මෙවැනි තත්වයත් ඇති වූ විට සාක්ෂිකරුවන්ට පවා මානසික බලපෑමක් ඇතිවන්න පුලුවන්. තමන්ට අසාධරණයක් සිදුව තිබෙනවා නම් ඒ් බව අධිකරණය හමුවේ පැවරී ඇති නඩුවලදී ඔප්පු කිරීම තමයි හොඳම ක්‍රමය. නමුත් අධිචෝදනා ලද පුද්ලයකුට කොමිසමක් ඉදිරියේ තමන් නිර්දෝශී යැයි කීමට තහනමක් නැහැ. මෙවැනි ජනාධිපති කොමිසමක් පත් කිරීමට තහනමකුත් නැහැ. ඒය ජනාධිපතිවරයාගේ බලය. නමුත් ප්‍රශ්ණය නම් එමගින් දැනටමත් විභාග වෙමින් ඇති නඩුවලට වන බලපෑමක් වීමට ඇති ඉඩයි”.

නම සදහන් කිරීමට අකමැති වූ වෙනත් නීතිඥයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත කියා සිටියේ  දැනටමත් අධිචෝදනා පැවරී ඇති පැවරී නඩු සහ පුද්ගලයින් සම්බන්ධයෙන් කොමිසන් සභා මගින් විභාග කිරීමත් එම පැමිණිළි සම්බන්ධයෙන් තීන්දු දීමත් පිළිගත් නීති සම්ප්‍රදායන්ට විරුද්ධ විය හැකි බවයි. අධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් විභාග කිරීමට වෙනත් ආයතන පිහිටුවීම සම්ප්‍රදායක් බවට පත් වුවහොත් රටක නීතියේ ආධිපත්‍ය වල්වැදෙනු ඇති බවද එම නීතිඥවරයා ප්‍රකාශ කලේය.

Back to Top