Thursday, October 29, 2020

117කට මරු කැඳවූ නවාලි දේවස්ථානයට බෝම්බ හෙළීම: යුක්තිය නැතිව අවුරුදු 25 ක් – රුකී ප්‍රනාන්දු 

1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා අවතැන් වූ දෙමළ ජනයාගෙන් පිරී තිබුණි.දේවස්ථානයේ යෞවන සමාජයේ සාමාජිකයන් ඇතුලු  නවාලි හි ජනතාව අවතැන්වූවන්ට ආහාර සැපයීමල තාවකාලික වැසිකිළි සකස් කිරීම යනාදිය සඳහා උදව් කරමින් සිටියහ.

[title]“පුකාරා” ගුවන් ප්‍රහාරය[/title]

ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දිවි ගලවා ගත් අය පවසන පරිදිල ජූලි 09 වන දින සවස 4.30 -5.00 ට පමණ “පුකාරා” ගුවන් යානයක් මඟින්  නවාලි පල්ලියල ශ්‍රී කතිර්කමා මුරුගන් හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට ඉහළින් බෝම්බ 8-13 ක් හෙළුවේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරමින් සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල ඇති කරවමිනි. ඝාතනයට ලක්වූවන් අතර අවුරුදු 4 දරුවකු සහ 68 හැවිරිදි වියේ පසුවූවන් දෙදෙනෙක් ද විය. ඝාතනයට ලක්වූවන්ගෙන් 45 ක් පමණ නවාලිවල වැසියන් යැයි ගණන් බලා ඇතත් ඝාතනයට ලක්වූවන්ගෙන් වැඩි දෙනෙක් නවාලි වෙත පැමිණි අවතැන්වූවන් විය. මියගිය එක් පිරිමි ළමයෙකුගේ මළ සිරුර හමු නොවීය. 18 හැවිරිදි දියණියගේ මළ සිරුර යට ඥාතියෙකුගේ ළදරුවෙකු ජීවතුන් අතර  සිටි ආකාරය කාන්තාවක විස්තර කළා ය. සමහර සිරුරු සොයා ගනු ලැබුවේ දින කිහිපයකට පසුවය. කැබලි බවට පත් වූ සිරුරු බිම පුරා විසිරී තිබූ අතර ගස් මත කඳෙන් වෙන් වූ හිස් කිහිපයක් තිබී ඇත. බොහෝ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී තිබුණි. එදින සවස යාපනයේ සිට නවාලි වෙත පාපැදියෙන් ගමන් කරමින් සිටිය දී මළ සිරුරු සහ ශරීරකොටස් පාර පුරා විසිරී තිබෙනු දුටු බව කතෝලික පූජකවරයෙකු විසින් පැවසීය.

[title]මියගිය ගණන 117ක්[/title]

මුලදී යාපනයේ කතෝලික රදගුරු සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) මාධ්‍ය විසින් උපුටා දක්වමින් කියා සිටියේ 65 දෙනෙකු මිය ගිය බවයි. පසුව එම මිය ගිය සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ නැගුණි. කෙසේ වෙතත් ගම්වැසියන් විසින් මා වෙත සඳහන් කළ පරිදි එම සංඛ්‍යාව 147, 165 සහ 217 අතර වෙනස් විය. සමහරුන් පැවසුවේ 300 ක් පමණ දෙනා මිය යන්නට ඇති බවයි. ඝාතනයට ලක්වූවන් විවිධ ප්‍රදේශවලින් පැමිණි අවතැන් වූවන් වන අතරම සමහරුන් පසුව ද තුවාල වලට ගොදුරු වී තිබූ හෙයින් නිශ්චිතවම ඝාතනයට හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව නිශ්චය කිරීම දුෂ්කරය. මගේ මිතුරියකගේ නැන්දා කෙනෙකු තුවාල වීමෙන් පසුව මියගිය අය අතර විය. පසුදා (ජූලි 10) තවත් බෝම්බ පිපිරීම් සිදුවී ඇති බවත් අවම  වශයෙන් එයින් එක් අයෙකු මිය ගොස් ඇති බවත් කිහිප දෙනෙක් මට පැවසූහ.

[title]ගුවනින්  බෝම්බ හෙලීම මරණ සහතිකයටත්[/title]

මට හමු වූ නවාලි හි සියලු දෙනා නිශ්චිතවම කියා සිටියේ බෝම්බ ප්‍රහාරය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවයි. මරණයට හේතුව වශයෙන් “ගුවනින්  බෝම්බ හෙලීම නිසා ඇති වූ තුවාල නිසා මරණය සිදුවීම” ලෙස දැක්වෙන මරණ සහතික නිකුත් කිරීම මඟින්  මෙය වඩාත් ශක්තිමත් විය. 1995 දී ගුවන් බෝම්බ හෙලීමට හැකි ගුවන් යානා සතු වෙනත් සන්නද්ධ කණ්ඩායමක් සිටියේ නැත.

අවසන් චාරිත්‍ර ඉටු කිරීමට හෝ මියගිය පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට නිසි භූමදානයක් කිරීමට නොහැකි වීම ගැන බොහෝ දෙනෙක් තවමත් දුක් වෙති. මිනී පෙට්ටි සොයා ගැනීම දුෂ්කර වූ අතර බොහෝ මළ සිරුරු ට්‍රැක්ටර්වලින් යාපනයට ගෙන ගොස් තිබුණි. ට්‍රැක්ටරයකට සිරුරු පටවමින් සිටි එක් මිනිසෙකුට තමාගේම පුතාගේ සිරුර හමු වී තිබුණි. තුවාල ලැබූවන් යාපනයේ රෝහල වෙත යැවීම ද දුෂ්කර විය. එක් කාන්තාවක් මට පැවසුවේ ඇය රෝහල්වල නැවතී හා ඉන් පිටත මාස ගණනාවක් ප්‍රතිකාර ගත් නමුත් මේ දක්වාම ඇයට ඇවිදීමට අපහසු බවයි.ඇගේ දියණිය සහ පුතා මිය ගොස් තිබුණි. තවත් කෙනෙක් බෝම්බ ඔහු වටා වැටෙද්දී පාරේ වැතිරී ඇති අතර මිනිත්තු කිහිපයකට පසු ලේ වැගිරෙමින් ඔහු නැඟිටින විට තවත් කෙනෙකුගේ ලේ ගලන අතක් ඔහුගෙන් වැටී තිබුණි. ඔහු ශාරීරික තුවාල වලින් බේරී ඇති නමුත් කම්පනය සහ මානසික අවපීඩනය හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ තිබුණි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් පල්ලියේ ගොඩනැගිල්ලට (වහලය ඇතුලුව) හින්දු කෝවිලට සහ නිවාස 30 කට පමණ දැඩි හානි සිදුවී තිබුණි. කතෝලික පල්ලිය, හින්දු කෝවිල සහ විනාශ වූ හා හානි වූ නිවාස බොහොමයක් දැන් ප්‍රතිසංස්කරණය කර තිබේ. කෙසේ වෙතත් සුන්බුන් පමණක් ඉතිරිව ඇති නිවාස තුනක් මම දුටුවෙමි. තවත් නිවසක බිත්ති හරහා පෙනෙන සිදුරු තිබුණි. බෝම්බවල බලපෑම කොතරම් ද යත් මීටර් සිය ගණනක් ඈතට යකඩ ගේට්ටුවක් පිපිරී ගොස් තිබුණි.

බෝම්බ ප්‍රහාරයෙන් සති කිහිපයකට පසුව  නවාලිවලට බෝම්බ දැමූ ගුවන් හමුදා ගුවන් යානයට තමන් වෙඩි තැබූ බව දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) කියා සිටි බවත් එම යානයේ කොටසක් යැයි ඔවුන් කියා සිටි ලෝහ කැබලි ප්‍රදර්ශනය කළ බවත් ගම්වාසීන් කිහිප දෙනෙකු පැවසූහ.

[title]රැකවරණපැතූවන් ඝාතනය කිරීම[/title]

නවාලි හි ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ මරණ තුවාල හා ගොඩනැගිලි වලට සිදු වූ හානිය සනාථ කරමින් යාපනයේ කතෝලික රදගුරුතුමා සහ ICRC වෙතින් සිදුකළ ප්‍රකාශවල උපුටා දැක්වීම් මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත අවතැන්වූවන් පල්ලියේ හා කෝවිලට රැකවරණය පතා ඇති බව රදගුරුතුමා වාර්තාකරයි. එම මාධ්‍ය වාර්තාවේම සඳහන් වූයේ ප්‍රහාරයෙන් පසු දින රදගුරුතුමා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඛේදවාචකය විස්තර කරමින් “කෝවිල්, පල්ලි, පාසල් සහ රෝහල් වැනි සිවිල් ඉලක්ක වෙත බෝම්බ හෙලීම, අඛණ්ඩ ශෙල් ප්‍රහාර, කාලතුවක්කු රොකට් ප්‍රහාරවලින් වළකින ලෙස ඔබේ හමුදාවන්ට කාරුණිකව උපදෙස් දෙන ලෙස” ඉල්ලා සිටි බවයි. 1995 අගෝස්තු 07 වන දින ඔහු තවත් ලිපියක් ලියා ඇති බව වාර්තා වන අතර එහිදී ” මා  එම සිද්ධිය සිදු වූ ස්ථානයට ගියෙමි. පල්ලියේ වහලයට හානි සිදුවී ඇති අතර සියලු දොරවල් සහ ජනෙල් රාමු වලින් ගැලවී ගොස් ඇති අතර කැඩුණු වීදුරු කැබලි පොළවේ විසිරී තිබුණි. පොළවේ ඇති ලේ පැල්ලම් සහ ලේ පැල්ලම් සහිත ඇඳුම් තවමත් තිබෙන බව මට පෙනී ගියේය ” යනුවෙන් සඳහන් කර තිබු බවට වාර්තා වේ.

[title] ස්මරණයන්, වන්දි සහ යුක්තිය[/title]

ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානවල සිවිල් ජන සංහාර රාශියක් සිදුවී ඇති අතර අපරාධකරුවන් වන්නේ කවුරුන් ද යන්න මත එක් එක් සිද්ධියට රජය විසින් දක්වන ප්‍රතිචාරය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. නිදසුනක් වශයෙන් එල්ටීටීඊ ප්‍රහාර එල්ල කර තිබූ කාන්තන්කුඩි මුස්ලිම් පල්ලියට, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සහ මහනුවර දළදා මාලිගාව යන බෞද්ධ විහාරස්ථාන මෙන්ම ISIS ආභාශය ලත් මුස්ලිම් අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා බෝම්බ හෙලීමට ද ප්‍රධාන ධාරාවේ ජාතික මාධ්‍යවල සහ රජයන්ගෙන් සැලකිය යුතු අවධානයක් ලැබුණි. නවාලි ගුරුනගර් සහ ඇල්ලපිඩ්ඩි වැනි යාපනයේ කතෝලික පල්ලිවලට බෝම්බ හෙලීමෙන් සිවිල් වැසියන්ගේ ජීවිත හා තුවාල විශාල වශයෙන් අහිමි වී ඇති නමුත් ඒ සඳහා ජාතික මාධ්‍ය ආවරණයක් හෝ රජයන්ගෙන් පිළිගැනීමක් හෝ ලැබී නැත. ඊට හේතුව ශ්‍රී ලංකා හමුදාව මෙම අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නිසාත් වින්දිතයින්ගෙන් බහුතරය දෙමළ ජාතිකයන් නිසාත් විය හැකි ද?

වගවීම සහ යුක්තිය සම්බන්ධයෙන් ගත් කළ  මහනුවර දළදා මාලිගාවට එල්ටීටීඊ බෝම්බ හෙලීම සම්බන්ධයෙන් අවම වශයෙන් තිදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මා අසා තිබේ. නියමිත ක්‍රියාදාමයට අදාළව සහ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව බරපතල ගැටලු තිබුණ ද මාස කිහිපයක් ඇතුළතල බහු පක්ෂ පාර්ලිමේන්තු කමිටුවක් සහ  පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් මඟින්  විශේෂ විමර්ශන දියත් කරන ලද අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මා සමඟ කතා කළ නවාලිවල පුද්ගලයින්ට අනුව වසර 25 ක් තිස්සේ නවාලි සංහාරය පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති අතර කිසිවෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීම හෝ වරදකරු කිරීම සිදුකර නැත. මගේ දැනුමට අනුව සිදුවීම් වලින් දශක ගණනාවකට පසුවත් උතුරේ වෙනත් දේවස්ථානවල බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් සහ වරදකරු කිරීම් කිසිවක් ද සිදු වී නැත.

වන්දි ගෙවීමේදී නවාලි හි එක් මහලු මිනිසෙක් මට පැවසුවේ 1997 දී මියගිය පවුලේ සාමාජිකයෙකුට වන්දි වශයෙන් තමා රු:15,000 ලැබුණු බවයි. උතුරේ ඝාතන වලින් දිවි ගලවා ගත් බොහෝ අය සහ වින්දිත පවුල් මට පැවසූවේ ඔවුන්ට කිසිදු වන්දි මුදලක් ලැබී නොමැති බවයි. නමුත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සහ වින්දිත පවුල් සඳහා වෛද්‍ය ප්‍රතිකාර, මනෝවිද්‍යාත්මක සත්කාර, අධ්‍යාපනය, නිවාස හා ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම ඇතුලු සැලකිය යුතු ප්‍රමාණයක් රජය සහ පල්ලිය විසින් සිදුකරන ලද වන්දි ගෙවීම් හරහා සිදු කර තිබේ. විවිධ තත්වයන් සහ කාල අවකාශයන් වුව ද සමහර විට නවාලි සංහාරයේ ගොදුරු වූවන්ගේ පවුල් සහ වෙනත් යුද කාලීන සංහාර සඳහා වන්දි ගෙවීමේදී මෙය සලකා බැලිය හැකි ආදර්ශයක් වනු ඇත.

[title]තවමත් බයෙන්[/title]

සමූල ඝාතනයෙන් වසර 25 කට පසු මාගේ නවාලි සංචාරය අතරතුර සමහරු කම්පනය හා බිය හේතුවෙන් මා සමඟ කතා කිරීමට අකමැති වූ අතර සමහරු ඔවුන්ගේ නම් සඳහන් නොකරන ලෙස මගෙන් ඉල්ලා සිටි අතර තවත් සමහරු හඬා වැලපුණි. බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එක් නවාලි නිවැසියෙක් මට පැවසුවේ ඇගේ සිංහල මිතුරන් බොහෝ දෙනෙක් විසින් ඇයට මේ සිද්ධිය පිළිබඳ තොරතුරු බෙදා නොගන්නා ලෙසත් සිදුවීම් අමතක කර ඉදිරියට යා යුතු ව ඇති බවට ඇයට උපදෙස් ලබා දුන් බවයි. නමුත් ඇය පැවසුවේ එය අමතක කළ නොහැකි බවයි. එය නවාලි හි බෝම්බ පිපිරීම් අත්විඳිමින් දිවි ගලවා ගත් මා කතා කළ සෑම කෙනෙකුම බෙදාගත් හැඟීමක් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට ගොදුරු වූවන් සඳහා ස්මාරක මාස කිහිපයක් ඇතුළත කටුවාපිටිය (මීගමුව) සහ කොච්චිකඩේ (කොළඹ) ඉදිකර ඇති අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පළමු වසර සැමරීම සඳහා කොළඹ අගරදගුරු විසින් රජයේ පැහැදිලි සහයෝගය ඇතිව පුළුල් විධිවිධාන ප්‍රකාශයට පත් කරන ලදී. කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් මේවා සීමා කිරීමට සිදු වූ නමුත් 1 වන සංවත්සරය වෙනුවෙන් ජාතික වශයෙන් රූපවාහිනියෙන් සජීවී ආවරණය ලබා දුන් සැමරුම් පැවැත්විණි. යුක්තිය ඉල්ලා සිටි කොළඹ අගරදගුරු තුමාට ජාතික මාධ්‍ය මඟින් ප්‍රමුඛ ආවරණයක් ලැබුණි. මෙම ප්‍රතිචාරය මඟින් වින්දිතයින්ගේ සහ දිවි ගලවා ගත් අයගේ කම්පනය පිළිගැනීමට හා ගරු කිරීමට ලක්වූ අතර එය දුක් වීම, යුක්තිය සහ වන්දිගෙවීමේ දී ඔවුන්ගේ අභිමානය සඳහා ද වැඳගත් විය.එසේම එය වින්දිතයින්ට සහ දිවි ගලවා ගත් අයට සැලකිය යුතු ආකාරය පිළිබඳ සිහිපත් කිරීමක් ද වේ. ඇත්ත වශයෙන්ම උතුරු හා නැගෙනහිර පලාත්වල කොපමණ සංඛ්‍යාවකට එවැනි පිළිගැනීමක් ලැබී ඇත්ද යන්න පැහැදිළි නැත. විශේෂයෙන් ම චූදිතයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වන විට නවාලි සමූල ඝාතනයෙන්දිවි ගලවා ගත් අයගේ පවුල්වල අයට සහ උතුරේ දෙමළ ආගමික නායකයින්ට ජාතික මාධ්‍ය දේශපාලනඥයින් සහ ආගමික නායකයින්ගෙන් වැඩි අවධානයක් නොලැබෙනු ඇත.

නවාලි හි සරල ස්මාරකය

මෙම රික්තය තුළ ප්‍රජාව විසින් වින්දිතයින් සඳහා නවාලි හි සරල ස්මාරකයක් ඉදිකර තිබේ. ප්‍රදේශවාසීන් පවසන පරිදි සෑම වසරකම මෙහි දී ප්‍රජා මූලික ස්මරණයක් පවත්වනු ලැබේ. මම පසුගිය සති අන්තයේ සංචාරය කරන විට ගමේ තරුණයන් ස්මාරකය පිරිසිදු කරමින් සිටි අතර කතෝලික පූජකවරුන් සහ ප්‍රජා නායකයින් කිහිප දෙනෙකු 25 වන වසරසැමරුම් උත්සවයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියහ. වසර 25 කට පසුවත් ඛේදවාචකයේ වේදනාවල දිවි ගලවා ගත් අයගේ වින්දිත පවුල්වල සහ නවාලි ප්‍රජාවේ හදවත් තුළ සහ මනසෙහි තවමත් නැවුම්ව පවතින අතර සමූල ඝාතනය සැමවිටම මතකයේ රැඳෙනු ඇත. දිවි ගලවා ගත් සියලු දෙනා සහ වින්දිතයින්ගේ පවුල් සඳහා යුක්තිය, වන්දි ගෙවීම සහ අනුස්මරණය කිරීමේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා අත්වැල් බැඳ ගැනීම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා අභියෝගයක්ව පවතී. යාපනය රදගුරු පදවියේ කතෝලික දේවස්ථාන ආශ්‍රිතව සිදු වූ සමූල ඝාතනවල ඉතිහාසය සහ පසුගිය වසරේ කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන දෙකකට පාස්කු ඉරිදා බෝම්බ හෙලීම මගින්ල කතෝලික පල්ලියට මෙමඅරගලයට සාමුහිකව එක්වීමට තවත් අවස්ථාවක් ලැබී ඇතග සමහර වින්දිතයින් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සහ අනෙක් අය කොන් කිරීම මඟින් ප්‍රතිසන්ධානය සහ සුවපත්වීම තව දුරටත් අසීරු වනු ඇත.

Archive

Latest news

බිගේඩියර් වරයකු සම්පත් නුවර දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි: “පර දෙමළු, තොපි මරණවා”

පසුගිය දිනක මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර දිසා රොහලට කඩා වැදුණූ බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්  එහි ප්‍රධානියා ඇතුලු කාර්‍ය මණ්ඩළයට “පර දෙමළු, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්,...

සිංහරාජය හරහා කපන ලංකාගම මාර්ගය සම්බන්ධ පරිසර වාර්තා වහාම අධීක්ෂණය පිනිස ලබා දෙන්න; යුනෙස්කෝව ලංකාන්ඩුවට දන්වයි!

"ලෝක උරුම දේපලක්”වන ශ්‍රී ලංකාවෙහි “සිංහරාජ වන රක්ෂිතය” හරහා යන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් රාශියක් තමන්ට ලැබී ඇතැයි පවසන...

පාාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලිකයින් 300 ගැන සිරිසේන වගකියයුතු බවට කාදිනල්ගේ නීතිඥයා යෝජනා කරයි!

2018 වර්ශයේ අප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බොම්මබ ප්‍රහාරයන්ගෙන් මියගිය 300ක් පමණ කතෝලිකයින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන වගකිය යුතු බව...

අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයින්ගේ තත්වය ගැන හදිසි අභියාචනයක්

"මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා...

Related news

බිගේඩියර් වරයකු සම්පත් නුවර දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි: “පර දෙමළු, තොපි මරණවා”

පසුගිය දිනක මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර දිසා රොහලට කඩා වැදුණූ බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්  එහි ප්‍රධානියා ඇතුලු කාර්‍ය මණ්ඩළයට “පර දෙමළු, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්,...

සිංහරාජය හරහා කපන ලංකාගම මාර්ගය සම්බන්ධ පරිසර වාර්තා වහාම අධීක්ෂණය පිනිස ලබා දෙන්න; යුනෙස්කෝව ලංකාන්ඩුවට දන්වයි!

"ලෝක උරුම දේපලක්”වන ශ්‍රී ලංකාවෙහි “සිංහරාජ වන රක්ෂිතය” හරහා යන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් රාශියක් තමන්ට ලැබී ඇතැයි පවසන...

පාාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලිකයින් 300 ගැන සිරිසේන වගකියයුතු බවට කාදිනල්ගේ නීතිඥයා යෝජනා කරයි!

2018 වර්ශයේ අප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බොම්මබ ප්‍රහාරයන්ගෙන් මියගිය 300ක් පමණ කතෝලිකයින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන වගකිය යුතු බව...

අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයින්ගේ තත්වය ගැන හදිසි අභියාචනයක්

"මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා...