Friday, October 30, 2020

සුනිල් රත්නායකට සමාව දීම අභියෝගයට ලක්කැරෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බරයට කල්යයි.

මිරුසුවිල් හි සමූලඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හමුදා සාජන්වරයා වූ සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීම සඳහා 2020 සැප්තැම්බර් 24 නියම කර තිබේ.

2000 දී මිරුසුවිල්හිදී දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුනිල් රත්නායකට 2015 ජුනි මාසයේදී මරණ ඩුවම නියම කරන ලද නමුත් මේ වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට සමාවක් දී නිදහස් කරන ලදී.

එළෙස සමාවදීම සම්බන්ධයෙන් එල්ල වූ අන්තර් ජාතික විවේචනයන්ට පිළිතුරු වශයෙන් ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ අත් අඩංඟුවට ගත් එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් 12,000 නිදහස් කළ පරිද්දෙන් තමා සුනිල් රත්නායකට ද නිදහස ලබා දුන් බවයි.

එසේ නමුත් එළෙස පුනරුත්ථාපන කඳවුරුවල රඳවා තැබීමෙන් පසු නිදහස් කරන ලද කිසිදු එල්ටීටීඊ සාමාජිකයකු අධිකරණය මගින් දඩුවම් කර තිබූ අය නොවන බව ඊට ප්‍රතිඋත්තර වශයෙන් විවිධ පිරිස් විසින් දක්වා තිබේ.

අම්බිකා ත්කුනනාදන්

සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාවට එරෙහිව මහජන අයිතිවාසිකම් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා ත්කුනනාදන් විසින් විසිනි.

මෙම පෙත්සම පසුගිය 17වනදා සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවෙහි සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් කලු ඉල්ලා සිටි අතර පෙත්සම වෙනුවෙන් මූලික කරුණු දැක්වීම සදහා 2020 සැප්තැම්බර් 24 වන දින නියම කරන ලදී.

මිරිසවිල්හිදී ඝාතනයට ලක්වූ පුද්ගලයින් අට දෙනා අතර වයස අවුරුදු 5, 13 සහ 15 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙක් ද වූහ.

අප්‍රේල් මාසයේදී ගොනු කරන ලද පෙත්සමේ නීතිපති, වරදකරු රත්නායක මුදියන්සලේගේ සුනිල් රත්නායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිමල් සිරිපාල ද සිල්වා, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා, ජනාධිපති ලේකම් සහ අපරාධ වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂා කිරීමේ අධිකාරිය වගඋත්තරකරුවන් දක්වා තිබේ.

එවැනි සමාව ලබා දීමේ ක්‍රියාවලිය විනිවිදභාවය හා වගවීම තිබිය යුතු බවත්, එබැවින් අධිකරණ සමාලෝචනයට යටත් විය යුතු බවත් ඇය සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

පෙත්සමෙහි ඉංග්‍රිසි පිටපත් පීඩීෆ් ගොනුවක් ලෙස:FR petition by Ambika S re Sunil Rathnayake

Archive

Latest news

බිගේඩියර් වරයකු සම්පත් නුවර දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි: “පර දෙමළු, තොපි මරණවා”

පසුගිය දිනක මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර දිසා රොහලට කඩා වැදුණූ බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්  එහි ප්‍රධානියා ඇතුලු කාර්‍ය මණ්ඩළයට “පර දෙමළු, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්,...

සිංහරාජය හරහා කපන ලංකාගම මාර්ගය සම්බන්ධ පරිසර වාර්තා වහාම අධීක්ෂණය පිනිස ලබා දෙන්න; යුනෙස්කෝව ලංකාන්ඩුවට දන්වයි!

"ලෝක උරුම දේපලක්”වන ශ්‍රී ලංකාවෙහි “සිංහරාජ වන රක්ෂිතය” හරහා යන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් රාශියක් තමන්ට ලැබී ඇතැයි පවසන...

පාාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලිකයින් 300 ගැන සිරිසේන වගකියයුතු බවට කාදිනල්ගේ නීතිඥයා යෝජනා කරයි!

2018 වර්ශයේ අප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බොම්මබ ප්‍රහාරයන්ගෙන් මියගිය 300ක් පමණ කතෝලිකයින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන වගකිය යුතු බව...

අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයින්ගේ තත්වය ගැන හදිසි අභියාචනයක්

"මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා...

Related news