Sri Lanka Brief
පුවත්විවරණප්‍රජාතන්ත්‍රවාදයද? පොලිස් රාජ්‍යයක්ද? – මහාචාර්ය රත්නජීවන් හූල්

ප්‍රජාතන්ත්‍රවාදයද? පොලිස් රාජ්‍යයක්ද? – මහාචාර්ය රත්නජීවන් හූල්

by

පොලීසියක් ඇත්තේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට සහාය දැක්වීමටත්. අවාසනාවකට මෙන්, පොලීසිය, බලයේ සිටින රජතෙහි ඇති මෙවලමක් බවට පෙන්වන භයානක සංඥා දැන් පෙනෙන්නට තිබේ. එය අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරකි. බැවින් එය කනස්සල්ල ඇති කරන චෝදනාවක් බවට පත්වෙයි.

බලයේ සිටින රජය සමඟ පෙලගැසී සිටින අයගේ සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. අනතුරුව, ආණ්ඩු වෙනස් වීමත් සමඟ, දිගු කලක් අමතක වූ සිද්ධීන් කෙරෙහි හදිසි උනන්දුවක් ඇති වේ.

විමර්ශනයන්ගෙන් පසු පොලසිය විසින් සැකකරුවන් නිදහස් කිරීමත් නව රජයක් පත්ව හදිසියේම එම සිදුවීම් පළිගැනීමක් ැයි සාක්ෂි එක ගත්තේද, නැතහොත් ඇත්ත වශයෙන්ම අපරාධයක් සිදුවී තිබේද, පොලිසිය විසින් පරීක්ෂණ යටපත් කරන ලද්දේද, ආන්ඩුව වෙනස් වීමෙන් පසු නිසි පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේද යන්න බලා සිටින්නන් වන අපට කිසි විටෙක තේරුම් ගත නොහැකිය. එවැනි තත්වයක් ප්‍රජාතන්ත්‍රවාදයට අයහපත් වන අතර එමගින් පොලීසිය දේශපාලන මෙවලමක් යැයි චෝදනාවට ද ලක්වෙයි.

මැතිවරණ කාලය බෙහෙවින් වෙනස් ය. දේශපාලනයෙකු පෙනන අන්දමට නිදොස්කර තිබියදී මැතිවරණ සමයේදී එම විමර්ශන හදිසියේම යලි පණ ගැන්වූ විට, එය විපක්ෂ දේශපාලනයෙකුගේ නමක් අඳුරු කර ඡන්ද විමසීමේදී ඔහු පරාජයට පත්කිරීමේ උත්සාහයක් දැයි යන බරපතල සැකයකට කාරණයක් බවට එය වෙයි.

19 වන සංශෝධනයට පෙර සිටි මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම ඉන් පසු පත්වූ අනුප්‍රාප්තික මැතිවරණ කොමිසම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මෙම ප්‍රහාරය පිළිබඳව ඉතා සැලකිලිමත් වී තිබේ. මැතිවරණ සමයේ විමර්ශන ආරම්භ කරන විට, ඊට හේතු පිළිබඳව අප තර්කානුකුලව සැක කරන අතර, ඡන්ද විමසීම අවසන් වන තෙක් පරීක්ෂණ කල් තබන ලෙස ඉල්ලා සිටිමු.

අද අපට පෙනී යන්නේ දීර් කාලයක් තිස්සේ පැවති නඩු මැතිවරණ කාලයෙහිදී අතහැර දමා ඇති බවයි. නිදසුනක් වශයෙන්, ටිරාන් ලස් සම්බන්ධ නඩුවක සාක්ෂිකරුවෙක් ඒ සඳහා මෙතරම් කාලයක් ගත වූයේ මන්දැයි පැහැදිලි නොකර ඡායා පිටපත් භාවිතයෙන් සාක්ෂි දීමට නොහැකි යැයි පැවසීම නිසා අලස්ගේ නඩුව විසිකිරීම එවැනි උදාහරණයකි. තවත් උදාහරණයක් නම්, මෑතකදී මියගිය අධිකරණ වෛද්‍ය නිලධාරියකු නඩුවෙහි ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් ක වසීම් තාජුදීන් සත්‍ය වශයෙන්ම ඝාතනය කළ අය සිටියදී එම නඩුව වසා දැමීමයි.

මැතිවරණ ක්‍රියාවලියට මෙම විමර්ශනයන් විසින් සිදුකරන බරපතල මැදිහත්වීම පිළිගනිමින් මැතිවරණ කොමිසම, කෙරීගෙන යන කවර හෝ මැතිවරණයක් අවසන් වන තුරු එවැනි පරීක්ෂණ කල් තබන ලෙස දිගටම ඉල්ලා සිට තිබේ. තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පෙර ඔවුන් ගැන දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, මාස ගණනක් සහ වසර ගණනාවක් තිස්සේ අක්‍රියව පැවති නඩුවක් මැතිවරණ සමයකදී යළි විමර්ශනයට ගත් කළ ඊට හේතු පැහැදිලිවම දේශපාලනික. එවිට වහාම මැදිහත්වීමක් අවශ්‍ය වේ.

මීට වසර ගණනාවකට පෙර සුප්‍රසිද්ධ මිනල් වැඩසටහනේ ශ්‍රී රංගා හදිසියේම මාරාන්තික අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී, පළාත් පාලන මැතිවරණය සඳහා කාලය සදහා ආරම්භ කරන ලදැයි පෙනුන එම පරීක්ෂණ මැතිවරණය අවසන් වන තෙක් කල් තබන ලෙස කොමිසම පොලිසියෙන් ඉල්ලා සිටියේය.

පොලසිය ස්තුතිවන්ත ලෙස එම ඉල්ලීමට එකඟ විය. එසේම, නාමල් රාජපක්ෂ සහ සරණ ගුණවර්ධන යන මහත්වරුන් සම්බන්ධයෙන් දීර් කාලයක් තිස්සේ අක්‍රියව පැවති නඩු පිළබඳ විමර්ශන මැතිවරණවලදී සමයක යළි ආරම්භ කළ විට මැතිවරණ අධිකාරිය මැදිහත් විය. විමර්ශන කල් දැමීමට අප ඉල්ලා සිටි අතර එයට ගරු කරන ලදී.

අද, රිෂාඩ් දියුදීන්, 2019 අප්‍රියෙල් 21 වන දින සිදුවූ දුක්ඛිත සිදුවීම් සමඟ සම්බන්ධ වී තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. මාස 15 කට පසු, ඡන්ද විමසීම් සති දෙකක් පමණක් තිබියදී මෙම විමර්ශනය ආරම්භ කරන්නේ ඇයි? මාස 15 ක් බලා සිටි පොලීසියට පසු ඡන්ද විමසීම අවසන් වන තෙක් තවත් සති දෙකක් පමණක් බලා සිටිය නොහැක්කේ ඇයි?

කොමිසම ඒකමතිකව එකඟ වූ ප්‍රබල ලිපියක් පොලිස්පතිවරයාට යවමින් මැතිවරණය අවසන් වන තෙක් එම විමර්ශනය කල් තබන ලෙස ඉල්ලා සිටියේය. එය නොසළකා, රහස් පොලිසිය දියුදීන්ගෙන් මූලස්ථානය වාර්තා කරන ලෙස ඉල්ලා සිට තිබේ.

ඔහුගේ පැත්තෙන් සිදු වූයැයි කියන යම් යම් දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන නැවත පණගන්වමින් රවී කරුණානයක මහතාට සිතාසි ලැබුණි. උග්‍ර පොලිස් මැදිහත්වීමේ රටාවක් මතුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබූ හෙයින්, ජූලි 17 දා පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී කොමිසම මේ කාරණය මතු කළේ.

බැසිල් රාජපක්ෂ ඇතුළු ඉහළ පෙළේ දේශපාලනයින් කිහිප දෙනෙක් ම රැස්වීමට පැමිණ සිටියහ. කොමිසමේ ස්ථාවරය නිවැරදි බව ඔවුහු ඒකමතිකව එකඟ වූහ. වහාම අපි නැවතත් පොලසියට ලිපියක් යැව්වෙමු. තමා අද රාත්‍රියේ අම්පාරෙහි පැවති රැලියකට සහභාගී වීමට නියමිත බවත්, හෙට උදෑසන කොළඹදී සිය කාර්යාලයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට තමාට දන්ව ඇති බවත් ඊයේ මට දියුදීන්ගෙන් දැනගන්නට ලැබුණි.

අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ඇති අයිතිය අපට අහිමි වී තිබේද?

(ලේඛකයා මැතිවරණ කොමිසමේ සමාජිකයකු වන අතර මෙහි සඳහන් සඳහන් අදහස් ඔහුගේ වන අතර කොමිසමේ අදහස්ම නොවන බව සළකන්න. මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ඉංග්‍රිසි බසින් පලකරන ලද ලිපියක මෙම සිංහල  පරිවර්ථනය ශ්‍රි ලංකා බ්‍රිෆ් වෙතිනි.)

Back to Top