Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමිලිටරි කාර්ය සාධක බලකාය මිලිටරි ආඥාදායකත්වයක් ඇති කිරීමේ පළමු පියවර බවට පත්විය හැකිය – සිකුරාදා මණ්ඩපය අනතුරු හඟවයි.

මිලිටරි කාර්ය සාධක බලකාය මිලිටරි ආඥාදායකත්වයක් ඇති කිරීමේ පළමු පියවර බවට පත්විය හැකිය – සිකුරාදා මණ්ඩපය අනතුරු හඟවයි.

by

මෙරට මෙන්ම අන්තර්ජාතිකවද මහත් පිළිගැනීමක් ඇති සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත “සිකුරාදා මණ්ඩපය” ප්‍රකාශණයක් නිකුත් කරමින් “මෙම කාර්ය සාධක බලකාය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ සිවිල් පරිපාලනයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් වනු ඇතැයි අපේක්ෂා කරන පාලන තන්ත්‍රය තුළ ශ්‍රී ලංකාවෙහි මිලිටරියක් රිජීමයක් පිහිටුවෙනු ඇත” යැයි ප්‍රකාශ කරයි. තවද එම ප්‍රකාශණය පෙන්වා දෙන්ෙනේ “මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිසම, තොරතුරු දැන ගැනීමේ කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, රාජ්‍ය විශ්ව විද්‍යාල සහ රාජ්‍ය මාධ්‍ය වැනි ස්වාධීන කොමිෂන් සභා “මහජන” ආයතන වේ. මිලිටරි කාර්ය සාධක බලකාය විසින් ඒවාටද නියෝග ලබා දිය හැකි බවත්, මෙම නියෝග පිළිපැදිය යුතු බවත් පෙනී යන බවයි. මෙම මිලිටරි කාර්ය සාධක බලකාය ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපති රාජපක්ෂට බල කිරීම පිනිස ස්වාධීන කොමිෂන් සභා, වෘත්තීයමය සංගම්, මාධ්‍ය, ඇදහිලි කණ්ඩායම්, වෘත්තීය සමිති ඇතුළු සියලුම පුරවැසියන් ඉදිරිපත් විය යුතු බවද එය අවධාරණය කරයි.

ඉංග්‍රිසියෙන් පළ කරන ලද එම ප්‍රකාශනයේ ශ්‍රී ලංකා බ්‍රීෆ් සිංහල පරිවර්ථනය පහත පළවේ. 

නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය.

2020 ශ්‍රී ලංකා නීතීසංගමය විසින් සංවිධානය කරන ලද 2020 වාර්ෂික ජාතික නීති සම්මන්ත්‍රණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය පවත්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “අධිකරණය, රජය, නීති වෘත්තිකයින් සහ අනෙකුත් සියලුම පුරවැසියන් ඇතුළු සියලු පාර්ශවකරුවන් යුක්තිය පසිඳලීමේ ක්‍රමය ජනතාවට මිත්‍රශීලී, කාර්යක්ෂම හා පලදායී බවට පත් කිරීම එකට වැඩ කිරීම සඳහා කාලය පැමිණ තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යයේ මුල් ගලයි. අධිකරණයේ ස්වාධීනත්වය නොමැතිව නීතියේ ආධිපත්‍යය අනිවාර්යයෙන්ම අසාර්ථක වනු ඇත.” (ඩේලි නිවුස් 17 පෙබරවාරි 2020).

පාර්ලිමේන්තුව නැවත කැඳවීම හා මහ මැතිවරණය කල් දැමීම සම්බන්ධ සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් කිසිදු හේතුවක් සඳහන් නොකර ශ්‍රේෂ්ඨාධිකරණය සිය නියෝගය ලබා දුන් 2020 ජුනි 2 වන දින රාත්‍රියේම ජනාධිපතිවරයා විසින් සේවයේ නියුතු හමුදා නිලධාරීන්ගේ කාර්ය සාධක බලකායකට අතිවිශාල වරමක් සහ ආන්ඩුකරන බලතල ලබා දෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළේය.

කාර්ය සාධක බලකායේ මුලසුන හොබවන්නේ ආරක්ෂක ලේකම් විසිනි. එහි සාමාජිකයින් වන්නේ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන්, මෙම හමුදාවන්හි බුද්ධි සේවා අධ්‍යක්ෂවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ තවත් ජ්‍යෙෂ්හමුදා නිලධාරීන් ය. ඉන් කිහිප දෙනෙක් විශ්‍රාමික ජේෂ්ඨ හමුදා නිලධාරීන් වුවද බොහෝ දෙනෙක් තවමත් හමුදාවේ සේවය කරති. “සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින (නිර්වචනය කර නොමැති) නීතිය උල්ලංනය කරන (අර්ථ දක්වා නැති) සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ඔවුන්ට බලය පවරා ඇත.” “ආරක්ෂිත හා සුරක්‍ෂිත රටක්, විනයගරුක හා ගුණ ගරුක හා නීත්‍යානුකූල සමාජයක් ගොඩනැගීම” සඳහා මෙම මිලිටරි කාර්ය සාධක බලකාය වෙත වගකීම පැවරී ඇත.

මහජන ආරක්ෂාව, සුරැකීම සඳහා මිලිටරි කාර්ය සාධක බලකායක් ඇති කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. සාමය, නීතිය හා විනය පවත්වා ගැනීමට ඔවුන්ට බලය පවරා ඇත. මෙය පිහිටුවා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් අභියෝගයට ලක් කරමින් ජනාධිපති, රජයේ ඇමතිවරුන් සහ නීතියින් මහජන ආරක්ෂාවට තර්ජනයක් වන තත්වයක් හෝ හදිසි අවස්ථාවකට හෝ නීතිය කඩ කිරීමකට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව පුන පුනා ප්‍රකාශ කර තිබියදීත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පාර්ලිමේන්තුව නොමැතිව සහ සිය බලතල සඳහා කිසිදු ව්‍යවස්ථාමය සීමාවන් නොමැතිව දින නියමයක් නැතිව පාලනය කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බවට හැඟීමක් ඇති වී ඇති බව පෙනේ. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ සහ විධායකයේ වෙනත් අංශයන්හි රාමුවෙන් පිටත පවා ක්‍රියාත්මක විය හැකි ආන්ඩුකරන ආයතන ඔහුට නිර්මාණය කළ හැකි බවටත්. මෙම කාර්ය සාධක බලකායට මෙන් නොව ජනාධිපතිවරයා මෙන් අග්‍රාමාත්‍යවරයා විධායක ශාඛාවේ කොටසක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තත්වයක් ඇති අතර එය පාර්ලිමේන්තුවේ කොටසක් ද වේ. එසේ නම් කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය සහ වගකීම කුමක්ද?

මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ධිකරණය කිසිදු හේතුවක් නොදැක්වීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සම්මතයක් වන, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ බලතල අතර සමබරතාවය පිළිබිඹු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය විනිසුරුවරයන් විසින් අර්ථකථනය කළේ කෙසේදැයි අපි නොදනිමු. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති ප්‍රකාශයේ දින සිට මාස 3 කට පසු මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ මැතිවරණ පනතේ විධිවිධාන ඔවුන් අර්ථකථනය කළේ කෙසේදැයි අපි නොදනිමු.

මෙම අත විශේෂ ගැසට් පත්‍රයේ තොරතුරු විමසා බලන ලෙසත්, මෙම ලේඛනය අපේ රටේ නීතියේ ආධිපත්‍යය අඩපණ කරනවාද, ශක්තිමත් කරනවාද යන්න විමසා බලන ලෙසත් 2020 නීති සමුළුවෙහිදී ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කල සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. එය රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද? එසේ නොවන්නේ නම් එය නීතියේ ආධිපත්‍යයට පටහැනි ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වූ දිවුරුම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ ඔහුගේ නෛතික යුතුකම් සහ ප්‍රසිද්ධියේ ප‍්‍රකාශිත කැපවීම් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම ඉල්ලා අස්කර ගත යුතුය

ඒ හා සමානව, ධුරයන් දරන හමුදා නිලධාරීන් මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය භාර නොගත යුතුය. හමුදා නිලධාරීන්ද (මෑතකදී ඇමරිකා එක්සත් ජනපදය වැනි වෙනත් අධිකරණ බල ප්‍රදේශයන්හි ගෞරවනීය හා ප්‍රවීණ විශ්‍රාමික හමුදා ජෙනරාල්වරුන් විසින් පෙන්වා දුන් පරිදි) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හා ගරු කිරීමට දිවුරුම් දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය මෙම ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත්තේ මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමට සහ මෙම වරම නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා බලසතු කිරීම සහ බලගැන්වීම පිනිසය.

33 වන වගන්තියේ කිසිදු කොටසක් හෝ උප වගන්තියක් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයේ විෂය පථය ආවරණය නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි නොවන හෝ ජාත්‍යන්තර නීතියෙන් බලය පවරන ලද ලිඛිත නීතියක් මගින් ජනාධිපතිවරයාට බලය ලබා දෙන උප වගන්තියක් විසින් නිසැකවම මෙවරම ආවරණය නොකරයි. (33 (2) (එච්) වගන්තිය.) මෙම ගැසට් පත්‍රයෙහි ව්‍යවස්ථාවේ මෙම වගන්තිය සදහන් කරන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ කව්රුන්දැයි අපි නොදනිමු. ඇත්ත වශයෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන පරිච්ඡේදය සහ මහජන ආරක්‍ෂක ආරක්ෂක පනත, නිශ්චිත විධිවිධානවලට අනුව මහජන ආරක්ෂාව පිළිබඳ ඉල්ලීම්වලට ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්විය යුතු බව දක්වයි. නීතිය හා සාමය හා මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඔහු හමුදාව භාවිතා කරන විට පාර්ලිමේන්තුව සමඟ සන්නිවේදනය කිරීම මෙම නීති රාමුව අනුව අවශ්‍ය කරයි.

කාර්ය සාධක බලකායේ වරම විමසා බැලීමේදී, ආන්ඩුකරණය සඳහා මෙයින් ඇති ඇඟවුම් මොනවාද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුය. කාර්ය සාධක බලකායට ඔවුන්ගේ පුළුල් වරම තුළ සියලු කරුණු විමර්ශනය කිරීමේ අතිවිශාල බලතල ඇත. ඔවුන්ට “සමාජ කණ්ඩායම්”, සියලු රාජ්‍ය සේවකයින්, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සංස්ථාවලට උපදෙස් නිකුත් කළ හැකිය. එම නියෝග පිළිපැදීමට අපොහොසත්වීම් කෙලින්ම ජනාධිපතිවරයාට වාර්තා කරනු ලැබේ. මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිසම, තොරතුරු දැන ගැනීමේ කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, රාජ්‍ය විශ්ව විද්‍යාල සහ රාජ්‍ය මාධ්‍ය වැනි ස්වාධීන කොමිෂන් සභා “මහජන” ආයතන වේ. මිලිටරි කාර්ය සාධක බලකාය විසින් ඒවාටද නියෝග ලබා දිය හැකි බවත්, මෙම නියෝග පිළිපැදිය යුතු බවත් පෙනී යයි.

රාජ්‍ය පරිපාලනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි අධිකාරී දාමය සඳහා මෙම මිලිටරි කාර්ය සාධක බලකාය විසින් ඇති කරන ඇඟවුම් මොනවාද? මැතිවරණ පැවැත්වීම, පත්වීම් හා රාජ්‍ය සේවයේ සහ පොලීසියේ ස්ථාන මාරුවීම් වැනි කාරණා සහ පුළුල් පරාසයක සංවර්ධන ක්‍රියාකාරකම් ද කාර්ය සාධක බලකායට ලබා දී ඇති බලතල තුළට පැමිණිය හැකිය. මෙම කාර්ය සාධක බලකාය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ සිවිල් පරිපාලනයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් වනු ඇතැයි අපේක්ෂා කරන පාලන තන්ත්‍රය තුළ ශ්‍රී ලංකාවෙහි මිලිටරියක් රිජීමයක් පිහිටුවෙනු ඇත.

කොරෝනා වසංගතය, පාස්කු ඉරිදා ප්‍රචණ්ඩත්වය හා සුනාමියෙන් ඉක්බිතිව සාර්ථකව කටයුතු කිරීමට සිවිල් ආන්ඩුකරන ක්‍රමයකට හමුදාව සහයෝගය දැක්වීම නිසා අප සමත් වූ බව අමතක නොකරමු. මහජන ආරක්ෂාව පිළිබඳ මිලිටරි කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වනු ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ සිවිල් ආයතනවල තුළන සහ සංවරයන් නොමැතිව. එය මේ රටේ මිලිටරි ඥාදායකත්වයක් ඇති කිරීමේ පළමු පියවර බවට පත්විය හැකිය.

මෙම ගැසට් නිවේදනය බැරෑරුම් ලෙස සලකන ලෙස සිකුරාදා සංසදය, ස්වාධීන කොමිෂන් සභා, වෘත්තීයමය සංගම්, මාධ්‍ය, ඇදහිලි කණ්ඩායම්, වෘත්තීය සමිති ඇතුළු සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. හදිසි කාරණයක් ලෙස සළකා එහි අන්තර්ගතයට මෙම සියල්ලන් තනි තනිව හා සාමූහිකව ප්‍රතිචාර දැක්විය යුතුය. මෙම ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගන්නා ලෙස අප සියලු දෙනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරන ලද ආයතනවලට සමාන්තරව ක්‍රියාත්මක වන මිලිටරි කාර්ය සාධක බලකායකට මෙම පුළුල් බලතල ලබා නොදෙන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුය.

මේ වනාහී අප සැවොම බලය වෙත ඇත්ත කීමට කාලයයි.

සිකුරාදා මණ්ඩපය

මහාචාරිනී සාවිත්‍රි ගුණසේකර සහ චන්ද්‍ර ජයරත්න මහතා

පහත සදහන් අය වෙනුවෙනි:

ප්‍රියන්ත ගමගේ මහතා, මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, ෆයිස්උර් රහ්මාන්, රදගුරු දුලීප් දි චිකේරා, ගරු ආචාර්ය ජයසිරි පීරිස්, ආචාර්ය ඒ.සී.විස්වාලිංගම්, තිස්ස ජයතිලක මහතා, පුලස්ති හේවාමන්න මහතා, මහාචාර්ය රංජිනි ඔබේසේකර, මහාචාරිනී කමීනා ගුණරත්න, මහාචාරිනී ගමිලා සමරසිංහ, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ශාන්ති ඩයස්, දනේෂ් කාසී චෙට්ටි, සංජයන් රාජසිංහම් මහතා.

Back to Top