Saturday, October 24, 2020

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය කුමක්ද කෙසේද කොයිබටද ? – ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය.

2020 ජූනි මස 2 දිනැති අංක 2178/17 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රය මගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ‘නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායපිහිටුවන ලදි.

ජනාධිපති කාර්ය සාධක බලකායක්නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට බලය පවරා තිබෙන්නේ කුමන නීතිය යටතේ ද?

ජනාධිපති කාර්ය සාධක බලකායක්නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට විශේෂයෙන් බලය පවරන නීතියක් නොමැත. ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ පවත්නා බලතල භාවිතා කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය මගින් ජනාධිපතිවරයාගේ බලතල දක්වා ඇති අතර, ජනාධිපතිවරයාට පහත සඳහන් දේ කළ හැකි බව පැහැදිලිවම සඳහන් කරයි:

i. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා ගරු කරනු ලැබීම සහ එය තහවුරු කිරීම සහතික කිරීම,

ii. ජාතික සංහිඳියාව හා ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම,

iii. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කවුන්සිලයේ සහ ස්වාධීන ආයතනවල නිසි ‍ක්‍රියාකාරිත්වය සඳහා පහසුකම් සැපයීම,

iv. මැතිවරණ කොමිෂන් සභාවට උපදෙස් දීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීම,

v. පාර්ලිමේන්තුවේදී රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම,

vi. පාර්ලිමේන්තුවේ චාරිත්‍රානුකූල රැස්වීම්වල මුලසුන දැරීම,

vii. පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම සහ විසුරුවා හැරීම,

viii. තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් පිළිගැනීම, හඳුනා ගැනීම සහ පත් කිරීම,

ix. ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම,

x. ජනරජයේ පොදු මුද්‍රාව තබා ගැනීම,

xi. යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීම,

xii. එවැනි සියලු ක්‍රියා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන දේ සිදු කිරීම.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය අනුව පවා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා නිශ්චිත බලයක් නැත. ඊට වෙනස්ව උදාහරණයක් වශයෙන්, 1978 අංක 09 දරණ විමර්ශන නීතිය මගින් විමර්ශනය සඳහා විශේෂ ජනාධිපති කොමිසම් සකස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට බලය ලබා දී තිබේ. කෙසේ වෙතත්, ‘ජනාධිපති කාර්ය සාධක බලකායක්සඳහා එවැනි විශේෂ නීතියක් නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවන එවැනි සියලු ක්‍රියාවන් සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් 33.2 (h) වගන්තියේ පුළුල් භාෂාව මත විශ්වාසය තබන බව පමණක් කෙනෙකුට උපකල්පනය කළ හැකිය.

ගැසට් පත්‍රයේ දී ‘ජනාධිපති කාර්ය සාධක බලකාය’ සඳහා ලබා දී ඇති හේතු

I. අනාගත පරපුර සඳහා ශ්‍රී ලංකාවේ ‌ෙඑතිහාසික උරුමය ආරක්ෂා කිරීම.

II. ශ්‍රී ලංකාවට සාඩම්බර ඉතිහාසයක් තිබෙන අතර පුරාවිද්‍යා ඉතිහාසය යනු එහි අද්විතීයත්වයේ මූලාශ්‍රය කි.

III. ස්වභාවික හා මිනිසා විසින් ඇතිකරවන ලද ක්‍රියාවන් හේතුවෙන් උරුමය පිරිහෙමින් තිබේ.

IV. එවැනි උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ සම්මුතීන් අත්සන් කර තිබේ.

කාර්ය සාධක බලකායේ බලතල

ගැසට් පත්‍රය මගින් කාර්ය සාධක බලකායේ බලතල විස්තර කොට තිබෙන්නේ:

i. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන හඳුනා ගැනීම.

ii. සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය මගින් පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

iii. එවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන ඒවා නිසි ලෙස හා නීත්‍යනුකූලව වෙන් කිරීමට පියවර ගැනීම.

iv. පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානවල සංස්කෘතික වටිනාකම ආරක්ෂා කිරීම සහ දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය ප්‍රවර්ධනය කිරීම සහ එවැනි උරුමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.

ඊට අමතරව ගැසට් පත්‍රයේ මෙසේ සඳහන් වේ:

v. කාර්ය සාධක බලකායට විමර්ශන සිදුකිරීමට සහ උපදෙස් ලබා දීම කළ හැකිය.

vi. වරින් වර වාර්තා ඉදිරිපත් කිරීම.

vii. සියලුම රජයේ නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයින්ට උපදෙස් හෝ ඉල්ලීම් නිකුත් කළ හැකිය.

කාර්ය සාධක බලකායේ උපදෙස් හෝ ඉල්ලීම් වලට අනුකූල වීම සහතික කිරීම වෙනුවෙන් ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ:

a) සියලුම රජයේ නිලධාරීන් සහ අනෙකුත් පුද්ගලයින් එවැනි උපදෙස්වලට අනුකූල විය යුතුය.

b) රජයේ නිලධාරීන් සහ වෙනත් අය හැකි සෑම සහයක්ම ලබා දිය යුතු අතර සියලු තොරතුරු සැපයිය යුතුය. සහ

c) කිසියම් අමාත්‍යංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් සමාන ඕනෑම රාජ්‍ය ආයතනයක හෝ නිලධාරියෙකුගේ ප්‍රමාදයක් හෝ පැහැර හැරීමක් පිළිබඳ සියලු සිද්ධීන් ජනාධිපතිවරයා වෙත ඍජුවම වාර්තා කළ යුතු ය.

කාර්ය සාධක බලකායේ සංයුතිය

1. කාර්ය සාධක බලකායේ සභාපතිවරයා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ය. බොහෝ සිවිල් ආරවුල් වලට සම්බන්ධ වීමට නියමිත කාර්ය සාධක බලකාය මූලික වශයෙන් හමුදා පුහුණුව ඇති අයෙකු විසින් මෙහෙයවනු ලැබේ.

2. ආගමික කණ්ඩායම් නියෝජනය කිරීම බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුගෙන් සහ සිංහල බෞද්ධ ජනවාර්ගිකආගමික පසුබිමක පෙනී සිටින සාමාජිකයින්ගෙන් ද අනෙකුත් සියලුම සාමාජිකයන්ගෙන් ද සමන්විත වේ. වෙනත් කිසිදු ආගමක් නියෝජනය නොවේ.

3. සෙසු සාමාජිකයින් අතරට ඉඩම් කොමසාරිස්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, නැගෙනහිර පළාතේ ඉඩම් කොමසාරිස්, මිනින්දෝරු ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළත් වේ.

4. දේශපාලන අවශ්‍යතා සඳහා පක්ෂග්‍රාහී බවක් ඇති දෙරණ මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ද මෙහි සාමාජිකයෙක් වේ.

අදහස් දැක්වීම් –ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය

1. කාර්ය සාධක බලකායට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සමාන කාර්යයන් කිහිපයක් තිබේ. ද්විත්ව පරිපාලන ප්‍රවේශයක් අනුගමනය කිරීම විෂය පිළිබඳ පූර්ණ වගකීමක් ඇති ආයතන තුළ ඇති ගැටළු විසඳීමට අසමත් වේ. වැඩ කටයුතු නැවත නැවත සිදු කිරීම සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ දියුණුව සඳහා දේශපාලන නැඹුරුව හඳුන්වා දීම සිදුවන එය මහජන මුදල් නාස්තියකි. පුරාවිද්‍යාව වැනි විෂයයන් හමුදාකරණය කිරීමේ අන්තරාය වන්නේ එමගින් එහි වෘත්තීයභාවය පිරිහීම සහ පවත්නා රාජ්‍ය ආයතනවල නිපුණත්වය අවතක්සේරු වීම යි.

2. කාර්ය සාධක බලකාය තාවකාලික ආයතනයක් වීම, කිසිදු පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වීම සහ එහි තීරණවලින් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ගේ නියෝජනයක් නොමැති වීම, එහි තීරණ හේතුවෙන් පීඩාවට පත් වූවන් අතර සැකයක් හා අයහපත් හැඟීමක් ඇති විය හැකි වීම. සංවාදාත්මක නොවන එහි ක්‍රියාවන්, අත්තනෝමතික විය හැකි අතර බලහත්කාරී හෝ ප්‍රචණ්ඩකාරී ලෙස පුද්ගලයන්ට හා ප්‍රජාවන්ට දුක් වේදනා හා හිංසා පීඩා ඇති කරවනු ඇත.

3. කාර්ය සාධක බලකාය තුළ කාන්තාවන් හෝ ජනවාර්ගික හා ආගමික සුළුතරයන් නියෝජනය කිරීමක් නොමැත. කාර්ය සාධක බලකායේ සංයුතිය මගින් නැගෙනහිර පළාතේ හමුදාව නිසා දැනටමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ හිංසාවට ලක් වී සිටින ප්‍රජාවන් අතර නීත්‍යනුකූලභාවය ලැබීම, විශ්වාසය ඇතිවීම හෝ ප්‍රතිසන්ධානය සඳහා දායක වීම (ඇත්ත වශයෙන්ම එය ප්‍රතිවිරුද්ධ දෙයකි) සිදු නොවනු ඇත.

4. නැගෙනහිර පළාතේ ජනවාර්ගික හා ආගමික වශයෙන් දැඩි ලෙස තරඟකාරී වන ඉඩම් ගැටළු තිබේ. වසර ගණනාවක් තිස්සේ සහජීවනයෙන් කටයුතු කළ ප්‍රජාවන් ද සිටිති. එහි ජනගහන ව්‍යාප්තිය, දේශපාලන, ජනවාර්ගික හා ආගමික වශයෙන් සම්පත් වෙන් වෙන්ව ලබා දීම සහ දරුණු සමාජආර්ථික බලපෑම් ඇතුළු දුක්ගැනවිලි විසඳීමේ දීර්ඝ ප්‍රමාදයන් සමඟ ගැටළු රාශියක් තිබෙන ප්‍රදේශයකි. පුරාවිද්‍යා සංරක්ෂණ වැඩපිළිවෙලකට ප්‍රමුඛතාවය දීම, මානව ගැටළු වල සංකීර්ණත්වය සහ නැගෙනහිර ඉඩම් සම්බන්ධ ‌ෙඑතිහාසික දුක්ගැනවිලි නොසලකා හැරීමත්, ඉලක්කගත ප්‍රදේශවල වෙසෙන සියලු ජනතාවගේ ජීවමාන යථාර්ථයන් සහ සැබෑ අවශ්‍යතා හිතාමතාම බැහැර කිරීමත්, ඔවුන්ගේ දුෂ්කරතා තවදුරටත් වර්ධනය කර ඔවුන්ගේ සංවර්ධනය අඩාල කරනු ඇත.

5. කාර්ය සාධක බලකායේ සංයුතියෙන් ඇඟවෙන්නේ සුළුතර අවශ්‍යතාවන්ට හානිවන පරිදි සිංහල බෞද්ධ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය දීමයි. ගැසට් පත්‍රයේ සහජීවනය සහ අන් අයට ගරු කිරීම පිළිබඳව වූ භාෂාවක් නැත. මෙම කාර්ය සාධක බලකායේ සංයුතිය අනුව සුළුතර ප්‍රජාවන්ට බලපෑම් ඇතිවීමට ඉඩ ඇති අතර එමඟින් සිංහල බහුතරයේ කෝපය හා අමනාපය ඇති වී නව ගැටුම් ඇති විය හැකි ය. එමගින් නේවාසික ප්‍රජාවන් අතර අවිශ්වාසය හා ධ්‍රැවීකරණය ගැඹුරු කළ හැකි ය.

6. හමුදාව හා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කාර්ය සාධක බලකායට ඇතුළත් කිරීම මඟින් මෙම කාර්ය සාධක බලකායට තම අභිමතය පරිදි අවශ්‍ය නම් සන්නද්ධ ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට නීත්‍යනුකූලව ආයතනිකව යන දෙයාකාරයෙන්ම විධිනියෝගය හිමිව ඇති බවට පණිවිඩයක් සපය යි.

ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ නිගමනය

අවසාන වශයෙන්, ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අභිබවා යන ලෙස විධායක බලය අනවශ්‍ය ලෙස භාවිතා කිරීමකි. රාජ්‍ය ආයතන මුහුණ දෙන කුමන හෝ අඩුපාඩුකම් හෝ අභියෝගයන්ට මුහුණ දිය යුත්තේ රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීම මගින් මිස ඒවා ඉවත දැමීමෙන් නොවේ. මිනිසුන් ඉඩම්වලින් ඉවත් කිරීම සහ සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් නොමැතිකම ඇති වීමට පුරාවිද්‍යාව පදනම් කරගත් සාධාරණීකරණයන් අනිසි ලෙස භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ පවත්නා හුරුපුරුදු ප්‍රවණතාවයකි. PARL විසින් එවැනි අවස්ථා බොහොමයක් ලේඛනගත කර තිබේ. විශේෂයෙන් මෙම මැතිවරණ ප්‍රචාරක කාලය තුළ, නොසන්සුන්තාවයක් ඇති කිරීම සහ සුළුතර ප්‍රජාවන් බිය ගැන්වීම මගින් දේශපාලන වාසි ලබා ගැනීම සියලු ශ්‍රී ලාංකිකයින් විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. ඉඩම් පාලනය හා පරිපාලනය සාධාරණ හා යුක්ති සහගත විය යුතුය.

ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ නිර්දේශ

රට පුරා පුළුල් අදහස් විමසීමෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලද මහජන ඉඩම් ප්‍රතිපත්තිය සඳහා ඉදිරිපත්කරන ලද නිර්දේශ PARL සිහිපත් කරයි :

නිර්දේශය 7.1 සුළුතර ප්‍රජාවන් ‌ෙඑතිහාසිකව භාවිතා කළ භූමියෙන් ඈත් නොකළ යුතු ය. මෙම ප්‍රජාවන් අවතැන්වීම සඳහා හේතුවන ව්‍යාජ පුරාවිද්‍යාත්මක සාක්ෂි හෝ වන ජීවීන් හා වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධ හේතු දැක්වීම නතර කළ යුතුය.

නිර්දේශය 7.2 ජනවාර්ගික හා ආගමික බහුත්වවාදය අස්ථාවර කරන භූමිය පිළිබඳ සුවිශේෂී හිමිකම් ශක්තිමත් කිරීම සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය අනිසි ලෙස භාවිතා කිරීම නැවැත්වීමට රජයන් විසින් වහාම පියවර ගත යුතුය. යම් ප්‍රදේශයක වෙසෙන සුළුතර ප්‍රජාවන්ගේ සමාජ, සංස්කෘතික හා දේශපාලන පැවැත්මට තර්ජනයක් වන අයුරින් පුරාවිද්‍යාව හා ඉතිහාසය හැසිරවීම අධෛර්යමත් කළ යුතුය.

මෙම සටහන සකස් කොට ඇත්තේ ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) විසින් වන අතර ඉහත සඳහන් ගැසට් පත්‍රය පිළිබඳ විවරණය පදනම් වී ඇත්තේ 2020 ජුනි 22 දිනට ලබා ගත හැකි වූ තොරතුරු මත ය.

Archive

Latest news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

Related news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...