Sri Lanka Brief
පුවත්“ජීවිත කාලයෙම මං උන්නේ විප්ලවයක් බලාපොරොත්තුවෙන්” – කිකි පාමර්

“ජීවිත කාලයෙම මං උන්නේ විප්ලවයක් බලාපොරොත්තුවෙන්” – කිකි පාමර්

by

ජායාරූපය: කිකි පාමර් නිළියකි, සංගීතවේදිනියකි, රෑපවාහිනී සංවාද මෙහෙයවන්නියකි. එමෙන්ම නැගී එන ක්‍රියාකාරිනියකි.

මම නීති රීති අනුගමනය කිරීමට සහ මට පවස දේ කිරීමට කැමතියි. ළමා කාලයේහිදී එවැනි නීතිවලින් ඔබ බැඳගනී. නමුත් ලාබාල වියෙහිදී පවා නිවැරදි යැයි හැඟෙන්නේ නැති දේවල් ප්‍රශ්න කිරීමට ම ඉගෙන ගත්තෙමි. මා වයස 10 හෝ 11 තරම් කුඩා සන්දියේදී පවා අධ්‍යක්ෂවරයා මට තේරුමක් නැති දෙයක් පැවසුවහොත්, අප කියන තේරුම් ගන්නා තෙක් ඔහුට අභියෝග කරන ලෙස මගේ අම්මා මට කියා දුන්නේය. එය එසේ නොවී නම්, අපි වෙනත් තැනකට ගියෙමු.

සමහර විට, අධිකාරිය සීමාව පසුකර යන බව යළි යලි පෙනෙන විට, අධිකාරියට එරෙහිව යාම වෙනසක් සඳහා ඇති එකම පිළියම බවට පත්වෙයි. ඉතින් ඔබ සීමාව අඳින්නේ කොතැනද? සීමාව ඇඳිය යුතු බව ඔබ දන්නේ කෙසේද? සීමාවක් තිබේද?

ලොස් ඇන්ජලීස්හි පැවති [“කලු ජීවිත වටී” ‍] විරෝධතාවලට එක්වීමට මම තීරණය කළේ ඇමරිකාවෙහි ඇති අයුක්තිය පිළිබඳව හැකි තරම් දැනුවත් කිරීමත් සුදු ජාතික පරමෝත්තමවාදය අපේ ජාතියට කරන විපතට එරෙහිව සටන් කිරීමටත්. එක් අවස්ථාවකදී, එක් ස්ථානයක් පසුකර යාමෙන් අපව වැළක්වූ ජාතික ආරක්ෂක භටයන් සමඟ මා කතා කරමින් අප සමඟ ගමන් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කළෙමි. මුළු පන්තියක්ම පාසලෙන් පිටව ගිය කිසිවෙකු ‍පැසලෙහ් රඳවා තබා නොගන්නා පරිදි ඔවුන් සියලු දෙනාම දඬුවම් ලැබීමේ අවදානමකින් තොරව අප සමඟ ගමන් කරනු ඇතැයි සිතිය හැකි වූයේ මගේ දරුණුතම සිහින වලදී පමණි‍‍. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට සේ ගමන් කිරීමට පෙලඹීමක් ඇති වුවහොත්, එය මහත් ආශ්වාදයක් ලබා දී අර්ථවත් ආකාරයකින් ව්‍යාපාරයට සාධනීය බලපෑමක් වන්නට තිබුණි.

කිකි පාමර් ආරක්ෂක භටයින් සමඟ සංවාදයේ යෙදෙන වීඩියෝව මෙම දිගුවෙන් බැලිය හැක: https://twitter.com/GadiNBC/status/1267945648705298433 

ඔවුන් අප සමඟ ගමනේ යෙදුණේ නැත. එක් අයකු කෙටි දුරක් යෑමට ඉදිරිපත් වූ නමුත් ඔහු පැවසුවේ තමන් ම ප්‍රදේශයේ “ව්‍යාපාරසහ ගොඩනැගිලි ආරක්ෂා කළ යුතු බවයි.

නමුත් ඇත්ත වශයෙන්ම මිය යන මිනිසුන් ගැන කුමක් කිව හැකිද? ඒ මොහොතෙහි ගොඩනැගිල්ලකට අත තබන්නට හෝ නොතබන්නට ඉඩ ඇති අය ගැන මම කල්පනා නොකළෙමි. මට කල්පනා වූයේ අප මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා උද්ඝෝෂන කරමින් අප එතැන සිටියදී එම අවස්ථාහෙිම රජය ආරක්ෂක භටයන්ට ගොඩනැගිලි ආරක්ෂා කරන්න කියා කීම ගැනය.

සුදු පරමෝත්තමවාදය යනු ඇමරිකාවේ දීර්කාලීන පීඩාවයි. නමුත් එය පමණක් නොවේ. මේ පිළිබඳ කළු ජනයාගේ අත්දැකීම අප සියල්ලන් නැති නමුත් මේ රටේ සෑම කෙනෙක්ම පාහේ යම් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පීඩාවට පත්ව ඇති බවට මට සහතික විය හැකිය. ජාතිවාදයේ රෝග රාජ්‍ය ක්‍රමය මගින් වලංගු කළ විට සිදුවන්නේ කුමක්ද යන්න අද අප අත්දකින යථාර්ථයයි. පැතිරයන සමාජ අසාධාරණයන් දෙස නොබලා පහසුවෙන් ඇස් වසා ගන්නා තරමට අන් අයගේ මනුෂ්‍යත්වය කෙරෙහි පි අසංවේදී බවට පත්වෙයි.

මම සෑම දෙයක්ම නොදනිමි. නමුත් මගේ හදවතින් කථා කරන්නේ කෙසේදැයි මම දනිමි. අවම වශයෙන් මම සෑම දිනකම එසේ කිරීමට උත්සාහ කරමි. මා හා සමාන තවත් අය සිටින බව මම දනිමි. ඔවුන්ටද සැම දෙයකටම පිළිතුරු නොමැත. නමුත් අප එකට එක්වී සිටිමු. තමන්ට තනිවම වෙනසක් කළ නොහැකි බව ඔවුහු දනිති. අන්ධකාරය දුරු කරන ආලෝකයක් බබළ කුඩා ගිනි සෑම තැනකම ඔවුහු අවුළවති. මෙම අසාධාරණය හෙළිදරව් කිරීම අප සැම වෙනුවෙන් කැරෙන සටනකි.

මම විප්ලවයක් එනතෙක් මගේ මුළු ජීවිතයම පුරා බලා සිටි බව මම විශ්වාස කරමි. බොහෝ සහශ්‍රකයින් [මෙම ශතවර්ශය ආරම්භවන විට වැඩිහිටියන් බවට පත් වූ අය] සඳහා මෙය සැබැවකියි මට හැඟේ; නීති රීති අනුගමනය කරනු, එක පෙළ සිටිනු ලෙසත් කියැවෙන කතා දැන් ඇසෙන්නේ වෙනස් විදිහකටය. අද එය කියැවෙන්නේ නැගී සිටින්න, අන් අය ඔබ සමඟ නැගිටුවා ගන්න, අධිකාරියට අභියෝග කරන්න, සමාන අදහස් ඇති අය සමඟ එක් රැස්වෙන්න, අනෙකා හදුනා ගනිමින් පෙරට යන්න කියාය.

මේ මොහොත දක්වා අපව අත්දුටු සෑම දෙයක්ම විප්ලවයක් හා හෙළිදරව්වක් සඳහා අපව සූදානම් කර ඇති බව මම සැබවින්ම විශ්වාස කරමි: එනම් පවත්නා ක්‍රමය කඩා බිඳදමා වඩා හොඳ සහ වඩා සාධාරණවූත් ජනතාවගේ වඩා හොඳ නියෝජනයක් සහිතවූත් ක්‍රමයක් යළි ගොඩනැඟීම.

එබැවින් එය බියජනක විය හැකි වුවත්, අප උපත ලබා සිටින්නේ මේ සඳහාය: අප ඉපදුණේ නායකයන් වීමටත් සහ හුදෙක් “නීති අනුගමනය කිරීමෙහිසිරනොවී ඉක් එපිටට යෑමටත්ය. මන්ද යත් නීති අනුගමනය කිරීම පමණක් නොසෑහෙන නිසාය.

අපව දැන් කැඳවනු ලබන්නේ නීති රීති අභියෝගයට ලක් කිරීමටත් ඒවා නිර්මාපකයින්ගේ ලක්ෂණ අභියෝග කිරීමටත්ය.

ඔබගේ සටන ඔබටම විශේෂිත යැයි මට ලොකු විශ්වාසයක් තිබේ. එය ඇත්ත ඇතුලාන්තයෙන් පැමිණිය යුතුය. නැතහොත් එය සාර්ථක නොවනු ඇත. තමන් කිරීමට අකමැති දේ කරන්නැයි මට කිසිවෙකුගෙන් ඉල්ලා සිටිය නොහැකිය. කෙසේවෙතත්, “මම සීමාව අඳින්නේ කොතැනින්ද?” කියා සෑම කෙනෙකුටම තමන්ගෙන්ම අසාගන්නැයි මම හැමගෙන්ම ඉල්ලා සිටිමි. මන්දයත් දැන් නැතිනම් අප නැගිටින්නේ කවදාද යන ප්‍රශ්ණය නිසාය.

Keke Palmer is an actor, musician, daytime talk show host and emerging activist. She was recently nominated for a Daytime Emmy for “Strahan, Sara & Keke.”

ඉංග්‍රිසි බසින් පල වූ ලිපියක් ඇසුරිණි.

Back to Top