Sri Lanka Brief
පුවත්ඉන්දු-චීන යුද ගැටුම: යුදමය විශ්ලේෂනයක් – මේජර් මොහොමඩ් අලි ෂා

ඉන්දු-චීන යුද ගැටුම: යුදමය විශ්ලේෂනයක් – මේජර් මොහොමඩ් අලි ෂා

by

ඡායාරූපය: ඉන්දු චීන ලඩාක් දේශසීමාව පිහිටා ඇත්තේ අඩි 4,500ත් තරම් ඉහළ ඔක්සිජන් වායුව සාමාන්‍ය තැනිතලාවක මෙන්  60%ක් පමණක් ඇති අති දුෂ්කර භූමියකය.

ඉන්දියානු සොල්දාදුවන් 20 දෙනෙකුගේ මරණයට හේතු වූ, ලඩාක්හිදී ඉන්දියාව සහ චීනය අතර ඇති වූ ගැටුම ඔවුන්ගේ යුද යන්ත්‍ර කෙරෙහි අවධානය යොමු කර තිබේ. කඩදාසි එනම් සංඛ්‍යා ලේඛන මත, චීනය වඩා ඉහලින් සිටී යැයි පෙනෙන්නට තිබුණත්, ඉන්දියාවට උස් භූමිභාගයක යුධ පිටියක් සටන් කිරීම පිළිබඳ වැඩි අත්දැකීම් තිබේ. ඒ ගැන විමසීමකි මේ.

ඉන්දියාවචීන ගැටුමේ ඉතිහාසය කුමක්ද?

කිලෝමීටර් 3,488 ක් දිග ඉන්දියාචීන දේශ සීමාවේ ඇතැම් ප්‍රදේශවල අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ තථ්‍ය පාලන රේඛාවක් (එල්ඒසී) නොමැති අතර දෙපාර්ශ්වයම එහි කොටස් තමන්ගේ යැයි කියා ගනී. චීනයේ සහ ටිබෙටයේ නියෝජිතයින් 1914 දී සිම්ලා නුවරට පැමිණ ටිබෙටයේ තත්වය තීරණය කරන සහ දේශ සීමාව ලදායී ලෙස සමථයකට පත් කරන ගිවිසුමක් සදහා සාකච්ඡා කළහ. මුලදී ගිවිසුම පිළිගත් නමුත් චීන පසුව ඔවුන්ගේ වචනයට වෙනස් කළේය. මෙම අස්ථාවර තත්වය 1962 දී චීනය ඉන්දියාවට පහර දී අක්සායි චින් Aksai Chin කලාපය අත්පත් කර ගන්නා තෙක් පැවතුනි. චීනය තවමත් ලඩාක්හි එම කොටස අත්පත් කරගෙන සිටී. අරුණාචාල් ප්‍රදේශ් Arunachal Pradesh තම භූමියේ කොටසක් බව ද චීනය කියා සිටී.

හමුදාවන් දෙක සැසඳෙන්නේ කෙසේද?සම්පූර්ණ ග්‍රැෆික් රූපය පරාස් ජයින් / මින්ට් විසිනි.

2019 දී ආරක්ෂක කටයුතු සඳහා ඉන්දියාව වැයකළ ඩොලර් බිලියන 71.1 හා සසඳන විට චීනය ඩොලර් බිලියන 261 කට ආසන්න මුදලක් වැය කර ඇත. චීනය ඉන්දියාවට වඩා යුද බලයෙන් සංඛ්‍යාමය වහයෙන් අභිබවා යන අතර, භට පිරිස් සම්බන්ධයෙන් දෙරට අතර සමානාත්මතාවයක් ඇත.

ගැටුම් කලාපයෙහි සිටින චීන සොල්දාදුවන් 200,000-230,000 හා සසඳන විට එම කලාපයේ ඉන්දියානු සොල්දාදුවන් 225,000 ක් සිටින බවට ගණන් බලා තිබේ.

හාවඩ් කෙනඩි පාසලේ විද්‍යා හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ බෙල්ෆර් මධ්‍යස්ථානය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, ඉන්දියානු ගුවන් හමුදාව සතු මිරාජ් 2000 සහ සුඛෝයි සු -30 ජෙට් යානා, චීනයේ ජේ -10, ජේ -11 සහ සු -27 ගුවන් යානා වලට වඩා ගුණාත්මක බවින් ඉහළය. ඉන්දියාවේ ගුවන් යානා සියළුම කාලගුණික, බහුභූමිකාවන්ගෙන් යුත් ගුවන් යානා වලින් සමන්විත වන අතර චීනයේ එම හැකියාවන් ඇත්තේ ජේ -10 ගුවන් යානාවන්ට පමණකි.

අවසානයේ තීරණත්මක වන්නේ සංඛ්‍යාත්ම ඉහළ මට්ටම?

දශක ගණනාවක් තිස්සේ පාකිස්තානය සමඟ ඇති අඩු තීව්‍රතා ගැටුම්වලට ස්තූතිවන්ත වන ඉන්දියාව වඩාත් පළපුරුදු සහ පන්නරය ලද පාර්ශවයකි. 1979 වියට්නාම් යුද්ධයෙන් පසු චීනයේ ජනතා විමුක්ති හමුදාව මෙවැනි සටන් අත්දැකීම් ලබා නැත. ඉන්දියාවට උස් ප්‍රදේශයන්හි (උන්නතාංශයන්හි) සටන් කිරීමේ වාසියක් ඇත. එයට චීනයේ දේශ සීමාව අසල ගුවන් යානා දියත් කළ හැකි ස්ථානයන්හි සිට ගුවන් කඳවුරු මාලාවක් පවත්වාගෙන යන බව බෙල්ෆර් අධ්‍යයනය පවසයි.

යුද හමුදා කලාපයේ ස්ථානගත කර ඇත්තේ කෙසේද?

ටිබෙට් සහ ෂින්ජියැන්ග්හි ඇති චීන ගුවන් කඳවුරු වල ඉහළ උන්නතාංශය සහ දුෂ්කර භූගෝලීය හා කාලගුණික තත්ත්වයන් නිසා චීන ප්‍රහාරක ගුවන් යානාවන්ට සිදුවනු ඇත්තේ බර අඩක් අඩු කොට සහ අඩු ඉන්ධන ඇතිව සටන් වැදීමටය. ඉන්දියාව දේශසීමාව ආසන්නයේ සිය කඳවුරු ඉදිකර ඇති අතර අධෝරක්ත කිරණ, කදවුරු ශක්තිමත් බව, වඩා හොඳ විධානය, සන්නිවේදන පද්ධති සහ ගුවන් ආරක්ෂාව යන කරුණු ගැන අවධාරණය කර තිබේ. චීන ගුවන් හමුදාව කලාපයේ කඳවුරු අටක් භාවිතා කරන නමුත් ඒවායින් බොහොමයක් දුෂ්කර උන්නතාංශවල පිහිටි සිවිල් ගුවන් තොටුපලවල් වේ. අහසේදී නැවත තෙල් පිරවීම මගින් චීන ගුවන් යානා වලට වැඩි බරක් ගෙනයා හැකි නමුත් ඔවුන්ට ප්‍රමාණවත් තරම් අහසේදී තෙල් පොම්ප කළ හැකි බවුසර් ගුවන් යානා නොමැත.

මෙම ගැටුම ව්‍යාකූල වන්නේ කුමන හේතූන් උඩද?

දෙරටම න්‍යෂ්ටික ජාතීන් වුවද තාක්‍ෂණය හා නව ආයුධ සම්බන්ධයෙන් චීනය ශක්තිමත් ය. එහි ආර්ථිකය ඉන්දියාවේ මෙන් පස් ගුණයකි. නමුත් ඉන්දියාව එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාස සඳහා සහභාගී වේ. මහා පරිමාණ ගැටුමක දී, එක්සත් ජනපද බුද්ධි අංශය මගින් ඉන්දියාවට යුධ පිටි පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගත හැකිය. චීනය එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය ඇතුළු බොහෝ රටවල් සමඟ ආරවුල් ඇති කරගෙන තිබේ. කොවිඩ් -19 පැතිරයාමේ චීනයේ භූමිකාව විසින් එහි ප්‍රතිරූපය හෑල්ලු කර තිපේ.

මේජර් මොහොමඩ් අලි ෂා (විශ්‍රාමික) ආරක්ෂක හා උපාය විශේෂයෙකි.

උපුටාගෙන පරිවර්ථනය කරන ලද්දේ www.livemint.com වෙතිනි

 

Back to Top