Sri Lanka Brief
පුවත්විවරණපොතුවිල් මුහුදු මහා විහාරය සහ ඉඩම් අත්පත් කර ගැනීමේ නීති සහ හමුදාව අනිසි ලෙස භාවිතා කිරීම

පොතුවිල් මුහුදු මහා විහාරය සහ ඉඩම් අත්පත් කර ගැනීමේ නීති සහ හමුදාව අනිසි ලෙස භාවිතා කිරීම

by

පොතුවිල් මුහුදු මහා විහාරයේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ඉඩම් අයිතිය සඳහා වූ මහජන සන්ධානයේ ප්‍රකාශය: ඉඩම් අත්පත් කර ගැනීමේ නීති සහ හමුදාව අනිසි ලෙස භාවිතා කිරීම.

අම්පාරේ පොතුවිල් මුහුදු මහා විහාරය ප්‍රදේශයේ සිවිල් ඉඩම් පරිපාලනය සඳහා හමුදාව මැදිහත්වීම මෙන්ම පුරාවිද්‍යාත්මක හිමිකම් විද්‍යාත්මකව යුක්ති සහගත කිරීම හා බලපෑමට ලක්වූ ප්‍රජාවන් සමඟ සාකච්ඡා කිරීම වෙනුවෙන් විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටීන් අනුගමනය නොකර පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් මෙම ඉඩම් නීත්‍යනුකූලව අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමේ වාර්තාවන් පිළිබඳව ඉඩම් අයිතිය සඳහා වූ මහජන සන්ධානය (PARL) තම කණස්සල්ල ගැඹුරින් යොමුකර තිබේ. ඕනෑම ප්‍රදේශයක ඉඩම් ගැටළු සඳහා සංකීර්ණ ඉතිහාසයක් ඇති බවත්, එහි ජනතාවට දිගු කාලීන දුක්ගැනවිලි ඇති බවත්, ඒ සඳහා සංවේදී හා අර්ථවත් විසඳුම් අවශ්‍යවන බවත් ඕනෑම වැඩසටහනක දී සැලකිල්ලට ගත යුතුය.

මෑත වර්ධනයන්

මෑත දී ලැබුණු මාධ්‍ය වාර්තාවකට අනුව, ජනාධිපති රාජපක්ෂ මහතා විසින් තත්වය පිළිබඳව අදහසක් ලබා ගැනීම හා පාලනය කිරීම වෙනුවෙන් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසකට 2020 මැයි 14 වන දින පොතුවිල් මුහුදු මහා විහාරය නැරඹීමට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.[1] මෙම දූත පිරිසට ආරක්ෂක ලේකම්, යුද හමුදා සහ නාවික හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා ද ඇතුළත් විය. “රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන කිහිපයක්ම පුළුල් හා පෙර නොවූ විරූ ලෙස අනවසරයෙන් සිදු වූ අල්ලා ගැනීම් සහ විනාශ කිරීම්”පිළිබඳව චෝදනා කරමින් මෑත කාලීන ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල තිබූ ප්‍රවෘත්ති සඳහා ප්‍රතිචාරයක් වශයෙන් මෙම සංචාරය සිදුව තිබේ. ඔවුන්ගේ එම සංචාරයෙන් පසුව, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගුණරත්න විසින් මුහුදු මහා විහාරය හා ඒ අවට “ආරක්ෂාව පවත්වා ගැනීම”වෙනුවෙන් නාවික උප ඒකකයක් පිහිටුවීමට උපදෙස් දී තිබේ. මෙම මාධ්‍ය වාර්තාවේ සඳහන්වන පරිදි හමුදා දූත පිරිස දීඝවාපී ප්‍රදේශයට සහ නොරොචෝලේ නිවාස යෝජනා ක්‍රමය ද නිරීක්ෂණය සඳහා සංචාරය කර තිබේ.(1) එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1971 දී පොතුවිල් මුහුදු මහා විහාරය ප්‍රදේශයේ අක්කර 72 ක භූමියක් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් ගැසට් කිරීමට කටයුතු කළ බව තවත් මාධ්‍යකින් වාර්තා විය.

“අන්තවාදී කණ්ඩායම්” විසින් මෙම ඉඩම “ආක්‍රමණය”කිරීම සහ “පුරාවස්තු විනාශ කිරීම” පිළිබඳ පැමිණිලි පිළිබඳව ද මෙම වාර්තාව විසින් අවධානය යොමු කර තිබුණි. වාර්තාව මගින් මෙම පසුබිම ඉඩම් අමාත්‍යවරයා මෑතක දී මෙම ප්‍රදේශයේ අක්කර 61 ක ඉඩම පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කරන ලෙස උපදෙස් දීම සමඟ සම්බන්ධ කර තිබේ. පොතුවිල් මුහුදු මහා විහාරයේ ප්‍රධාන නාහිමියන්වන පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රතිස්ස හිමියන් ද අක්කර 72 ක් නැවත අත්පත් කර ගන්නා ලෙස අවධාරනය කළ බව එහි සටහන්ව තිබුණි. (2)

අම්පාරේ ඉඩම් ගැටළු වල සංකීර්ණත්වය

1961 වන තෙක් අම්පාර දිස්ත්‍රික්කය මඩකලපුව දිස්ත්‍රික්කයේ කොටසක් වූ අතර ඉන් පසුව එහි අනන්‍යතාවය දිගමඩුල්ලේ ශිෂ්ටාචාරමය වැදගත්කම සමඟ සම්බන්ධ වී තිබුණි. සියවස් ගණනාවක් පුරා මෙම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙමළ සහ මුස්ලිම්වරුන් පිළිබඳව එහි කිසිදු සඳහනක් නැත. (3) අම්පාරේ ඉඩම් ජනපදකරණය සහ ඉඩම්වලින් ඉවත් කිරීම පිළිබඳ නිදහසින් පසු දීර්ඝ හා කටුක ඉතිහාසයක් ඇති අතර එය ගල් ඔය වාරිමාර්ග යෝජනා ක්‍රමය, 1956 කෝලාහල, යුද්ධය හා පශ්චාත් යුධ වර්ධනයන් සහ සුනාමිය සමඟ සම්බන්ධ වී තිබේ. මෙම සියලු සිදුවීම් මගින් ජනගහන සංඛ්‍යාලේඛනවල සැලකිය යුතු වෙනස්කම් ඇතිකර තිබේ. වර්තමානයේ දී මුස්ලිම් සහ දෙමළ ජනගහනය වෙරළ තීරයේ කේන්ද්‍රගතව වාසය කරන අතර සිංහල ජනගහනය වැඩි වශයෙන් ගොඩබිම දෙසට කේන්ද්‍රගත වී තිබේ. පරිපාලන ආයතනික ව්‍යුහයන්ගේ සංයුතිය අතිශයින් ජනවාර්ගික වී තිබේ.

දේශපාලන අනුග්‍රහය සම්පත් වෙන් කිරීම කෙරෙහි බලපාන අතර එමඟින් එය ද ජනවාර්ගික වී තිබේ. මෙම ප්‍රදේශයේ ප්‍රජාවන් අතර ගැඹුරු අවිශ්වාසයක් අඛණ්ඩව ඇති වී තිබේ. (4) දීඝවාපී ‘පූජා භූමිය’, පොතුවිල් ඉඩම් සහ පුරාවිද්‍යාව පදනම් කරගෙන ඉඩම්වලින් ඉවත් කිරීම, සහ නොරොච්චෝලේ සුනාමි නිවාස යනාදිය සඳහා වෙනස් කොට සැලකීම, බලය යෙදවීම සහ ජනවාර්ගික රේඛා ඔස්සේ බෙදීම පිළිබඳව වූ අම්පාර ප්‍රදේශයේ ඉඩම් ආරවුල් පැමිණිලි සඳහා පැහැදිලි උදාහරණ වේ. පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස පොතුවිල් මුහුදු මහා විහාරය අවට ප්‍රදේශය හා සම්බන්ධ මායිම්වල පැහැදිලි බවක්, මහජන සන්නිවේදනයක් නොමැති අතර, ඉඩම්වලින් ඉවත්කිරීම පිළිබඳ දුක්ගැනවිලි වලින් පිරී තිබේ.

PARL නිරීක්ෂණ

රජය විසින් ඉඩම් අත්පත් කර ගැනීමට හෝ ඉඩම්වල පදිංචිවීමට පෙර ප්‍රදේශයේ හමුදා කඳවුරු පිහිටුවීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුකිරීම පිළිබඳව PARL අවධානය යොමු වී තිබේ. මෙය විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. (5) පුරාවිද්‍යා, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු භාවිතා කරමින් අපැහැදිලි හෝ සුළු සාධාරණීකරණයකින් යුත් ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රවණතාව පිළිබඳව PARL ලේඛනගත කර තිබේ. මෙම අත්තනෝමතික ඉඩම් අත්පත් කර ගැනීම් ස්ථාපිත ප්‍රජාවන් පලවා හැරීමට හේතු වී ඇති අතර ජනවාර්ගික සුළුතරයන් කෙරෙහි අසමාන ලෙස බලපාන ඉඩම් ආරවුල් ඇති කර තිබේ. ජනවාර්ගීකරණය වූ සහයෝගීතාවයේ දේශපාලන අදාළත්වය සහ මැතිවරණ වර්ෂයක් තුළ ‘බුද්ධාගම ආරක්ෂා කරන්නාගේ’ප්‍රතිරූපයක් යෙදවීම ද කැපී පෙනේ.

PARL විසින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අරගල පිළිබඳව අඛණ්ඩව ඉස්මතු කර ඇති අතර මෙම මෑත පියවර මගින් ප්‍රදේශයේ සියලු ජනතාව අතර දුක්ගැනවිලි උත්සන්න කිරීමේ හැකියාවක් ඇති බව ද දකී.

ජනවාර්ගිකත්වය කුමක් වුව ද පදිංචිකරුවන්ගේ පුද්ගලික ආරක්ෂාව හා ජීවිත කෙරෙහි ඇති තර්ජනය ද එය ඉහළ නංවනු ඇති අතර තවදුරටත් අනාරක්ෂිතබව, අවිශ්වාසය සහ ආතතීන් වැඩිකරවනු ඇත. මිලිටරීකෘත මැදිහත්වීම දේශපාලනික වශයෙන් උත්තේජනය වූ හා පක්ෂග්‍රාහී වූ ලෙස සලකනු ලබන අතර, මෙම ප්‍රදේශයේ සියලුම ජනතාව සඳහා දීර්ඝකාලීන යෝජනාවකට එළඹීමේ අභියෝගයන් එමගින් තවත් උග්‍ර කරවනු ඇත.

  1. ඉහත සඳහන් සියල්ල සැලකිල්ලට ගෙන පොතුවිල් ප්‍රදේශයේ නාවික ඒකකයක් පිහිටුවීම කිසිදු ප්‍රමාදයකින් තොරව ඉල්ලා අස්කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් දෙන ලෙස PARL ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මූලික වශයෙන් සිවිල් පරිපාලන ගැටලුවක් සඳහා මිලිටරි මැදිහත්වීම මෙම ගැටළුව වඩාත් සංකීර්ණ කරවනු හා ජනතාව ධ්‍රැවීකරණය කරවනු ඇත. මේ සම්බන්ධයෙන් වූ ඕනෑම නීතිය හා සාමය පිළිබඳ ගැටළුවක් පොලීසියට අයත් විෂය පථය තුළ තිබිය යුතුය.
  2. පවතින සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම, බලපෑමට ලක්වූ පාර්ශවයන්ගෙන් විමසීම් සහ දැනුවත් කිරීම සහ සාධාරණ හා සාධාරණ විසඳුම් ලබා ගැනීම සහතික කිරීම වෙනුවෙන් නිසි සිවිල් නායකත්වයෙන් යුත් ක්‍රියාවලියක් මගින් පරිපාලනය කරන තෙක් පොතුවිල් මුහුදු මහා විහාරය අවට ගැසට් ඉඩම් අත්පත් කර ගැනීම නැවත කැඳවන ලෙස PARL ඉඩම් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
  3. පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා ඉඩම් නම් කිරීම සහ අත්පත් කර ගැනීම තුළ අඳාළ නීතිවල අන්තර්ගතය හා සාරය අනුව පවතින නීති හා ක්‍රියා පටිපාටි පරිපාලනය කරනු ඇති බවත්, එය විනිවිද පෙනෙන ආකාරයට සිදුවන බවත් පැහැදිලි සාධාරණීකරණය මත පදනම්ව බලපෑමට ලක්වූ පුද්ගලයින් සහ ප්‍රජාවන් ක්‍රියාවලිය පුරාම සම්බන්ධකරගන්නා බව සහතික කරන ලෙසත් PARL ඉඩම් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
  4. පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා ඉඩම් නම් කිරීම හා අත්පත් කර ගැනීම වෙනුවෙන් නිසි ක්‍රියාදාමයක් සකස් කරන ලෙස PARL ඉඩම් අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී. නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් මගින් ස්ථාපිත නීතියට අනුව විනිවිදභාවය සහ ආරක්ෂාව සහතික කෙරේ.
  5. සියලු කරුණු තහවුරු කර සත්‍යාපනය වන තුරු ප්‍රකෝපකාරී වචන භාවිතා කිරීමෙන් වළකින ලෙස PARL සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් සහ විශේෂයෙන් මාධ්‍යයෙන් ඉල්ලා සිටී. මෙම වචන සඳහා ඇතුළත් වන්නේ: ‘අනවසරයෙන් අල්ලා ගැනීම’, ‘විනාශකාරී ක්‍රියා’ සහ ‘අන්තවාදීන්’. මාධ්‍ය ආචාර ධර්මවලට ගරු කරමින් කරුණු වගකීමෙන් යුතුව ඉදිරිපත් කළ යුතු අතර දැනටමත් ධ්‍රැවීකරණය වී ඇති පරිසරයක් තුළ අගතියට පත්කිරීමක් සිදු නොවිය යුතුය.
  6. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීම සඳහා ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් සියලුම දේශපාලන පක්ෂ හා සමාජ ව්‍යාපාරවලට ආරාධනා කරන PARL ඒ සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙයි. සැබවින්ම බහුත්වවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්ම තුළ සමාජ, දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මිලිටරීකෘත ප්‍රවේශයක් සඳහා වූ ස්ථානයක් නැත.

——————————————————————————–

1 සියලුම ආගමික හා ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ප්‍රතිඥා දෙයි http://www.defence.lk/Article/view_article/1514 & ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි.

2 පොතුවිල් මුහුදු මහා විහාර භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික අනු කණ්ඩයක් https://www.youtube.com/watch?v=4aBbBMOJHK4

3 උදාහරණයක් ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙබ් අඩවිය බලන්න http://www.ampara.dist.gov.lk/index.php/en/about-us/overview.html

4 මර්ජ් (1999) දීඝවාපිය: මිථ්‍යාව සහ යථාර්ථය, කේ.සී.ජේ. රත්නායක, මාධ්‍ය සමීක්ෂණ අංක 01, අන්තර් වාර්ගික යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය; සහජීවනය සඳහා පදනම, යූඑන්එච්සීආර්, ෂාහුල් එච්. හස්බුල්ලා, පී. බාලසුන්දරම්පිල්ලෙයි සහ කාලිංග ටියුඩර් සිල්වා(2005), ගැටුමේ මූල හේතු ආමන්ත්‍රණය කිරීම: ඊසානදිග ශ්‍රී ලංකාවේ ඉඩම් ගැටලු, 2005නොවැම්බර්; ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත: ඉඩම්, සංවර්ධනය, ගැටුම්, ආසියා වාර්තාව 159,බ්‍රසල්ස්, ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම (2008); භවානි ෆොන්සේකා සහ මිරැක් රහීම් (2010),“නැගෙනහිර පළාතේ ඉඩම්: දේශපාලනය, ප්‍රතිපත්ති සහ ගැටුම්”, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය,කොළඹ; ජොනතන් ස්පෙන්සර්, ජොනතන් ගුඩ්හෑන්ඩ්, ෂාහුල් හස්බුල්ලා, බාර්ට් ක්ලෙම්,බෙනඩික්ට් කෝර්ෆ් සහ කාලිංග ටියුඩර් සිල්වා (2015), “මුරපොල, පන්සල, දේවස්ථානය සහ මුස්ලිම් පල්ලිය”, ප්ලූටෝ ප්‍රෙස් ලන්ඩන්, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ; හලික් අසීස්, ඉරෝමි පෙරේරා, කුසලා වෙත්තසිංහ සහ සරලා එමානුවෙල් (2015), “පූජනීය ස්ථාන සහ අසභ්‍ය දේශපාලනය: ආගමික ස්ථාන හා ජනවාර්ගික සබඳතා වෙළුම II වෙළුම”, මුස්ලිම්වරුන් සඳහා වූ ලේකම් කාර්යාලය, කොළඹ

5. උදා. මුල්ලිකුලම්, සිලාවතුර, කෙප්පපිලාවු, පල්ලිමුනායි, කන්කසන්තුරේ, පලාලි, පානම, අෂ්රෆ් නගර් ආදිය.

 

 

Back to Top