Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගවසංගත ඉතිහාසය දෘශ්‍යකරණය කිරීම – නිකලස් ලෙපන්

වසංගත ඉතිහාසය දෘශ්‍යකරණය කිරීම – නිකලස් ලෙපන්

by

මිනිසුන් ලොව පුරා ව්‍යාප්ත වී ඇති පරිදි බෝවන රෝගද ව්‍යාප්ත වී තිබේ. නව කොරෝනා වයිරස් (COVID-19) මෙන් සෑම පුපුරා යාමක් ම ගෝලීය වසංගත මට්ටමට ළඟා නොවුනත්, මෙම නූතන යුගයේ දී පවා, වසංගත පුපුරායාම් නියතියකි.

මෙම දෘශ්‍යකරණය මගින් ඇන්ටෝනින් වසංගතයේ සිට වර්තමාන COVID-19 සිද්ධිය දක්වා ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික වසංගතයන් දක්වයි.

තිහාසික වසංගත පිළිබඳ කාල රාමුවක්

රෝග සහ අසනීප මුල් අවධියේ සිටම මනුෂ්‍යත්වයට පීඩා කර ඇත. කෙසේ වෙතත්, මෙම රෝගවල පරිමාව හා ව්‍යාප්තිය වේගවත් ලෙස ඉහළ ගියේ මිනිස් සමාජය කෘෂිකාර්මීය ප්‍රජාවන් බවට තීරනාත්මක ලෙස මාරුවීමෙන් පසු ය.

වෙළඳාම පුළුල් වීම මගින් එවැනි වසංගත වේගවත් ක අතර මිනිසුන් සහතුන් අතර අන්තර්ක්‍රියා සඳහා නව අවස්ථා නිර්මාණය විය. මැලේරියාව, ක්ෂය රෝගය, ලාදුරු, ඉන්ෆ්ලුවෙන්සා, වසූරිය යනාදිය මෙම මුල් අවදියේදී ඇති වූ එවැනි වසංගතයන් ය.

වඩා ශිෂ්ඨ සම්පන්න මිනිසුන් බවට පත් වීම මගින් එනම් විශාල නගර, වඩා වඩා විදේශීය වෙළඳ මාර්ග සහ මානව විවිධ ප්‍රජාවන්, සතුන් සහ පරිසර පද්ධති අතර සම්බන්ධතා වැඩි වීම යනාදිය සමඟ වසංගත ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

කාලයත් සමඟ ඇති වූ ප්‍රධාන වසංගත කිහිපයක් මෙන්න:

නම කාලය පරිච්ජේදය මාදිලිය/ සම්භවය මරණ මිලියන වලින්
ඇන්ටෝනින් වසංගතය 165-180 වසූරිය හෝ සරම්ප යැයි විශ්වාස කෙරේ 5M
ජපන් වසූරිය වසංගතය 735-737 වරියෝලා ප්‍රධාන වෛරසය 1M
ජස්ටීනියානු වසංගතය 541-542 යර්සීනියා පෙස්ටිස් බැක්ටීරියා / මීයන්, මැක්කන් 30-50M
කළු මරණය 1347-1351 යර්සීනියා පෙස්ටිස් බැක්ටීරියා / මීයන්, මැක්කන් 200M
නව ලෝක වසූරිය පැතිරීම 1520 – සිට  වරියෝලා ප්‍රධාන වෛරසය 56M
ලන්ඩනයේ මහා වසංගතය 1665 යර්සීනියා පෙස්ටිස් බැක්ටීරියා / මීයන්, මැක්කන් 100,000
ඉතාලි වසංගතය 1629-1631 යර්සීනියා පෙස්ටිස් බැක්ටීරියා / මීයන්, මැක්කන් 1M
කොලරා වසංගතය 1817-1923 කොලරා බැක්ටීරියා 1M+
තෙවන වසංගතය 1885 යර්සීනියා පෙස්ටිස් බැක්ටීරියා / මීයන්, මැක්කන් 12M (China and India)
කහ උණ  1800 අග වෛරස් / මදුරුවන් 100,000-150,000 (U.S.)
රුසියානු උණ 1889-1890  H2N2 යැයි විශ්වාස කැරේ (ආරම්භයරුල්ලන්ගෙනි) 1M
ස්පාඥ උණ 1918-1919 H1N1 වෛරසය (සූකරයින්ගෙනි) 40-50M
ආසියානු උණ 1957-1958 H2N2 වෛරසය 1.1M
හොංකොං උණ 1968-1970 H3N2 වෛරසය 1M
එච්.අයි.වී / ඒඩ්ස් 1981-අද දක්වා වෛරසය / චිම්පන්සි 25-35M
සූකර උණ 2009-2010 H1N1වෛරසය / සූකරයින් 200,000
සාර්ස් 2002-2003 කොරොන වයිරස් / වවුලන්, ගුහා 770
ඉබෝලා 2014-2016 ඉබෝලා වෛරසය / වන සතුන් 11,000
MERS 2015-අද දක්වා කොරොන වයිරස් / වවුලන්, ඔටුවන් 850
කොවිඩ් 19-19 2019-අද දක්වා නව කොරොන වයිරස් –(නොදනී, සමහර විට පැන්ගෝලින් ) 6,400 (as of Mar 15, 2020)

සටහන: ඉහත ලැයිස්තුගත කර ඇති මරණ සංඛ්‍යාව බොහෝමයක් පවතින පර්යේෂණ මත පදනම්ව හොඳම ඇස්තමේන්තු වේ. ජස්ටීනියානු වසංගතය වැනි සමහර ඒවා නව සාක්ෂි මත පදනම්ව විවාදයට භාජනය වේ.

ඉතිහාසය පුරාම රෝග සහ වසංගත නොනැසී පැවතුනද, කාලයත් සමඟ දැකිය හැකි ක් ස්ථාවර ප්‍රවණතාවක් පවතී. එනම් මරණ අනුපාතය ක්‍රමයෙන් අඩු වීමයි. සෞඛ්‍ය ආරක්ෂණය වැඩිදියුණු කිරීම සහ වසංගත රෝගයන්හේතුකාරක වන සාධක අවබෝධ කර ගැනීමත් වසංගතයින්හි බලපෑම අවම කිරීම සඳහා ප්‍රබල මෙවලම් බවට පත් විය.

දෙවිවරුන්ගේ උදහස

බොහෝ පුරාණ සමාජවල මිනිසුන් විශ්වාස කළේ ආත්මයන් හා දෙවිවරුන් ඔවුන්ගේ උදහසට ලක්විය යුතු අයට රෝග ඇති කර විනාශයන් සිදු කරන බවයි. මෙම විද්‍යාත්මක නොවන සංජානනය බොහෝ විට විනාශකාරී ප්‍රතිචාර වලට තුඩු දුන් අතර එහි ප්‍රතිපලය වූයේ මිලියන ගණනක් නොවී නම් අඩුම ගණනේ දහස් ගණන් මිය යාමයි.

ජස්ටීනියානු වසංගතය සම්බන්ධයෙන්, බයිසන්තියානු ඉතිහාසඥ සිසේරියාවේ ප්‍රොකෝපියස්, වසංගතයේ මූලාරම්භය (යර්සීනියා පෙස්ටිස් බැක්ටීරියා) චීනයේ සහ ඊසානදිග ඉන්දියාවේ සිට, ගොඩබිම සහ මුහුදු වෙළඳ මාර්ග හරහා ඊජිප්තුවට පැමිණි මධ්‍යධරණි වරායන් හරහා බයිසන්ටයින් අධිරාජ්‍යයට ඇතුළු වූ බව සොයා ගත්තේ ය.

මෙම ව්‍යාප්තියට සම්බන්ධ භූගෝල විද්‍යාව හා වෙළඳාම පිළිබඳ ඔහුගේ දැනුවත්කම තිබියදීත්, ප්‍රොකොපියස් වසංගතය පුපුරා යාමේ වරද ජස්ටීනියානු අධිරාජ්‍යයාට පැටවූ අතර, ඔහු යක්ෂයෙකු ලෙස ප්‍රකාශයට පත් කළේය, නැතහොත් ඔහුගේ නපුරුකම් වෙනුවෙන් දෙවියන් දුන් දඩුවමක් බව ප්‍රකාශ කළේ ය. මෙම සිදුවීම විසින් රෝමානු අධිරාජ්‍යයේ බටහිර හා නැගෙනහිර අවශේෂයන් නැවත එක් කිරීමට ජස්ටීනියානු අධිරාජ්‍යයා දැරූ තැත ව්‍යර්ථ වූ බවත් එමගිින් අඳුරු යුගයේ ආරම්භය සනිටුහන් කළ බවත් සමහර ඉතිහාසඥයෝ අදහස් කරති.

වාසනාවකට මෙන්, රෝග හේතු පිළිබඳ මානව වර්ගයාගේ අවබෝධය වැඩිදියුණු වී ඇති අතර, මෙහි ප්‍රතිපලයක් ලෙස මන්දගාමී හා අසම්පූර්ණ වුවද නවීන වසංගත වලට ප්‍රතිචාර දැක්වීමේ විශාල දියුණුවක් ඇතිව තිබේ.

රෝග ආනයනය කිරීම

නිරෝධායන භාවිතය 14 වන සියවසේදී ආරම්භ වූයේ වෙරළබඩ නගර වසංගත වලින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් වශයෙනි. ප්‍රවේශම්කාරී වරාය බලධාරීහු ආසාදිත වරායන්ගෙන් ඉතාලියේ වැනීසියට එන නැව් වරායට ගැනීමට පෙර දින 40 ක් පිටත නැංගුරම් ලා සිටිය යුතු බවට තීරණය කළෝ ය. නිරෝධායන – quarantine – යන වචනයේ ආරම්භය ඉතාලි “ක්වොරන්ටා ජියෝනි” එනම් දින 40 ක් යනු ය.

රෝග තේරුම් ගැනීමට භූගෝල විද්‍යාව හා සංඛ්‍යානමය විශ්ලේෂණයන් මත විශ්වාසය තැබූ පළමු අවස්ථාවක් වන්නේ 19 වන සියවසේ මැද භාගයේදී ලන්ඩනයේ කොලරාව පැතිරීමකි. කොලරාව අපිරිසිදු ජලය හරහා පැතිර යන බව නිගමනය 1854 දී කළ වෛද්‍ය ජෝන් ස්නෝ අසල්වැසි පෙදෙස්හි මරණ දත්ත සෘජුවම සිතියමකට ගැනීමට තීරණය කළේය. මෙම ක්‍රමවේදය මගින් මිනිසුන් තම ජලය ඇද ගන්නා එක් පොම්පයක් වටා රොගීන් පොකුරක් සිටින බව අනාවරණය විය.

වසංගතය පැතිරීම සඳහා වෙළඳාම හා නාගරික ජීවිතය තුළින් නිර්මාණය කරන ලද අන්තර් ක්‍රියාකාරිත්වයන් වැදගත් භුමිකාවක් ඉටු කරන නමුත් වසංගතයක ගමන් පථය එක් එක් රෝග වල වෛරස් මාරක ස්වභාවය අනුව වෙනස් වේ.

බෝවන රෝග සොයා ගැනීම

රෝගයක බෝවන බව සොයා ගැනීමට විද්‍යායින් “ප්‍රජනන අංකය” නමින් හැඳින්වෙන මූලික මිනුමක් භාවිතා කරයි. එය R0 හෝ “R naught” ලෙසද හැඳින්වේ. මෙම සංඛ්‍යාවෙන් අපට කියැවෙන්නේ, සාමාන්‍යයෙන් එක් රෝගී පුද්ගලයකු මගින් කොපමණ පුද්ගලයින් සංඛ්‍යාවක ආසාදනය විය හැකිද යන්න යි.

සරම්ප ලැයිස්තුවේ එම ඉහළින්ම සිටින අතර එය වනාහී R0 පරාසය 12-18 අතර වැඩිපුරම බෝවන රෝගයකි. මෙයින් අදහස් කරන්නේ තනි පුද්ගලයෙකුගෙන් සාමාන්‍යයෙන් එන්තන ලබා නැති ජනගහනයක පුද්ගලයන් 12 සිට 18 දක්වා රෝගය ආසාදනය විය හැකි බවයි.

සරම්ප වඩාත් මාරාන්තික විය හැකි නමුත්, එන්නත් කිරීමේ ප්‍රයත්න සහ වරක් වැළදීමෙන් පසු ඇතිවන ප්‍රතිශක්තිය නිසා එහි පැතිරීම වළක්වා ගත හැකිය. මිනිසුන් වැඩි වැඩියෙන් රෝගයකට ප්‍රතිශක්තිය ලබා ගන්නා තරමට එය ව්‍යාප්ත වීමේ අවදානම අඩු වෙයි. එමෙන්ම දන්නා සහ ප්‍රතිකාර කළ හැකි රෝග නැවත ඇතිවීම වැළැක්වීම සඳහා එන්නත් කිරීම ඉතා වැදගත් බවට පත් වෙයි.

COVID-19 හි සැබෑ බලපෑම ගණනය කිරීම සහ පුරෝකථනය කිරීම අසීරු ය. මන්දයත් පැතිරීම තවමත් සිදුවෙමින් පවතින අතර පර්යේෂකයන් තවමත් මෙම නව කෙරෝනා වයිරසය ගැන ඉගෙන ගනිමින් සිටින නිසා ය.

නාගරීකරණය සහ රෝග පැතිරීම

වසංගත පිටුපස ඇැති ගාමක බලවේගයක් ලෙස ඉහළ යන ගෝලීය සම්බන්ධතා සහ අන්තර්ක්‍රියා සමඟ මෙම ලිපිය ආරම්භ කළ ස්ථානයට අපි පැමිණෙමු. දඩයමින් ජීවත් වූ සමූහගත වූ ගෝත්‍රයන්හි සිට මහ නගර දක්වා වු ගමනෙහි දී මානව වර්ගයා එකිනෙකා මත රඳා පැවැත්ම වර්ධනය වීමත් සමඟ රෝග පැතිරීමේ අවස්ථාවන්ට මග පෑදීය.

සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය විසින් වැඩි වැඩියෙන් ග්‍රාමීය වැසියන් තදබදයෙන් පිරි ප්‍රදේශවලට ගෙන යි. අතර ජනගහනය වැඩිවීම පරිසරයට උග්‍ර පීඩනයක් එල්ල කරයි. තවද පසුගිය දශකය තුළ මගී ගුවන් ගමනාගමනය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මෙම සාර්ව ප්‍රවණතා බෝවන රෝග පැතිරීම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි.

ලොව පුරා සංවිධාන සහ රජයන් පුරවැසියන්ගෙන් ආසාදන වේගය අඩු කිරීම සඳහා සමාජ දුරස්ථභාවය භාවිත කරන ලෙස ඉල්ලා සිටින අතර, ඩිජිටල් ලෝකය මිනිසුන්ට වෙන කවරදාටත් වඩා සම්බන්ධතා සහ වාණිජ්‍යය පවත්වා ගැනීමට ඉඩ සලසයි.

ඉංග්‍රිසි ලිපියට ලියූ සංස්කාරක සටහන: COVID-19 වසංගතය එහි මුල් අවධියේ පවතින අතර එහි අනාගත බලපෑම ගැන අනාවැකි කිව නොහැක. මෙම ලිපිය සහ ඉන්ෆොග්‍රැෆික් මගි න්‌ ඉතිතිහාසීය සන්දර්භය සැපයීමට අදහස් කරන අතර, එහි නිරවද්‍යතාවය පවත්වා ගැනීමට පිනිස කාලයයත් සමඟ එය දිගටම යාවත්කාලීන කරන්නෙමු.

සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රිිිිෆ් විසිනි.

ස්තුතිය නිකලස් ලෙපන් හා www.visualcapitalist

Back to Top