Sri Lanka Brief
පුවත්19 සංසෝධනය අහොසි කළොත් නීතියේ ආධිපත්‍යයත් ජනයාගේ අයිතීනුත් දුබල වේවි! – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජිනීවාහි දී කියයි.

19 සංසෝධනය අහොසි කළොත් නීතියේ ආධිපත්‍යයත් ජනයාගේ අයිතීනුත් දුබල වේවි! – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජිනීවාහි දී කියයි.

by

ජිනිීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසි වාරය හමුවෙහි පසුගිය 27 දා  වීඩියෝ තාක්ෂනය මගින් ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ව්‍යවස්ථාවෙහි 19වන සංසෝධනය අගය කිරීම ගැන මහ කොම්සාරිස්වරියට තුති කරමින් රටෙහි ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත්ව පැවැතීමට නම් එම සංසෝධනය දුර්වල නොකළ යුතු බව ප්‍රකාශ කළා ය.

එසේ නමුත් වත්මන් ආන්ඩුව ප්‍රකාශ කරන්නේ තමන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගෙන 19වන සංසෝධනය ද ස්වාධීන කොමිෂන් සභාවන් ද අහෝසි කරන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම විසින් කරන ලද ප්‍රකාශයේ දළ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ. එම ඉංග්‍රීසි ප්‍රකාශය කියවීමට මෙතැන කොටන්න.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කෙරෙහි අඛන්ඩවම බැඳී සිටිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිළිගනී. පෙර වර්ෂයේ දී මෙන්, මහ කොමසාරිස්වරිය විසින් එම වගකීම් ඉටුකිරීමට මූලික වැදගත්කමක් ගන්නා ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම සඳහා 19 වන සංසෝධනය ඉටු කළ කාර්යභාරය පිළිගැනීම අපව දිරිමත් කරයි.

19වන ව්‍යවස්ථා සංසෝධනයෙහි එන එම ප්‍රතිපාදනයන් දුර්වල කිරීම විසින් තුළන සහ සංවරණයන් සහ නීතියේ ආධිපත්‍යය යටතේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දුර්වල කරනු ඇත.

ඇත්ත වශයෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය අපක්ෂපාතී, නිර්පාක්ෂික ලෙස කටයුතු කිරීම එහි සාරය වේ.

මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රතිසන්ධානය සහ අතීතය සංවේදනයන් සමඟ කටයුතු කිරීම යන සියල්ලම එකිනෙකට සම්බන්ධ . එබැවින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය ය.

දේශපාලන හෝ හුදු තාක්ෂණික කෝණයකින් පමණක් මැන බැලිය නොහැකි මානව හා මානුෂීය ගැටලු රැසක් ඒවා විසින් ආමන්ත්‍රණය කරනු ලැබේ.

එසේම, මානව හිමිකම් ආරක්ෂාකයින් සහ මාධ්‍යවේදීන්ට අහිතකර ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි  බියෙන් තොරව කටයුතු කිරීමට නිදහස තිබිය යුතුය.

වාර්ගික සමගිය සඳහා වැඩි ආයෝජනයක් කරමින් සමඟ මහජන ආරක්ෂක පියවරයන් පරෙස්සමින් සමතුලනය කරන අතර සියලු ආකාරයේ අන්තවාදයන් පරාජය කිරීමේ වැදගත්කම අපි නැවත අවධාරණය කරමු.

Back to Top