Sri Lanka Brief
පුවත්විවරණසුනිල් රත්නායකට ජනපති සමාව, මිලිටරි සංස්ථාපිතය වසඟ කරගැනීමේ පියවරක් ලෙස – ධනුෂ්ක සිල්වා

සුනිල් රත්නායකට ජනපති සමාව, මිලිටරි සංස්ථාපිතය වසඟ කරගැනීමේ පියවරක් ලෙස – ධනුෂ්ක සිල්වා

by

ජනාධිපති දණ්ඩමුක්තිය: ප්‍රතිමාන, ඇගවුම් හා සමාජ චින්තනය.

මෙරට දැන් ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට මෙරට කවර හෝ අධිකරණයක දී වරදකරුකරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට සමාව ලබාදීමට හැකිය. සංවිධිත රාජ්‍යක යම් චෝදනාවක් ලක්වූ විධිමත් අධිකරණ පරික්ෂාවකින් පසු වරදකරු කොට සමාජ පිටමංකරණය කිරීමේත් ඔහු හෝ ඇය නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස නැවත් සමාජගත කිරීමේ ව්‍යවස්ථාපිත බලයත් යන දෙකම ලැබෙන්නේ එරට අධිකරණයටය.

එහෙත් ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයා පුද්ගලයාට සම්මත අධිකරණ ක්‍රියාවලියක් මගින් දණ්ඩනයට ලක් කරන ලද පුද්ගලයෙකු එම දණඩණයෙන් මුක්ත කිරීමේ (දණ්ඩමුක්තිය බලය) භුක්තිවිදීමේ සමස්ත අධිකරණ ක්‍රියාවලියම නොවැදගත් තැනකට වැටේ. එය අධිකරණයේ ස්වාධීත්වයට බලපෑමකි. අනෙක් අතට, ජනාධිපතිවරයෙකු අන්‍යාකාරයකින් අධිකරණයක් දුන් තීරණයකට මැදිහත් වීම යනු එම රාජ්‍යයේ නීතිය මත පාලනය නීතියේ ආධිපත්‍යට බරපතල ලෙස හානිකිරීමකි. දණ්ඩමුක්තිය රාජ්‍යත්වට ඈදීම ඇමරිකන් නව පනප්‍රියවාදී ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිදුවූවකි.(1) එහිදී ජනාධ්පතිවාදය රාජ්‍යත්වයට දෙස රූපාන්තරණය වී ඇති රාජ්‍යක් ලෙස මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදයටත් නීතියේ ආධිපත්‍යයටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් දණඩ මුක්තිය බලපෑම් කරමින් සිටී.

මෙම පදනම මත 2020.03.26 දින මෙරට වත්මන් ජනපති ගෝඨාහය රාජපක්ෂ, හිටපු හමුදා නිළධාරී සුනිල් රත්නායක නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේ. රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක එ. නීතිපති(2) යන ශ්‍රේෂ්ඨාධිකරණ ඇප අයදුම්පතින් චූදිත වරදකරුකරන්නේ 2019 අප්‍රේල් 23 වැනි දින ය. 2000 දෙසැම්බර් 19 වැනි දින මිරුසවිල්හි නිරායුධ සිවිල් වැසියන් 8 දෙනෙකු චේතාන්විතව ඝාතනය කිරීම ඔහුට විරුද්ධව නගා තිබූ චෝදනාවයි

මෙම කෙටි ලිපියෙන් නඩු තීන්දුව හෝ ඊටම සුවිශේෂී සිද්ධිමය කරුණු විශ්ලේෂණාත්මකව විග්‍රහ නොකෙරෙන අතර ජනාධිපති සමාව වටා ගොඩනැගෙන දණ්ඩමුක්ති සංස්කෘතියේ (Culture of Impunity) ප්‍රතිමාන, ඇගවිම් හා ඊට තදානුබද්ධව බලපෑම් කර ඇති සමාජ චින්තනයේ දෘෂ්ටිවාදාත්මක පැතිකඩ නිරාවණය කෙරේ.

ජනාධිපති සමාව යනු යම් යම් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ සමස්ත අධිකරණ ක්‍රියාවලියම නැවත ප්‍රතික්ෂේප කිරීමකි. මෙහිදී එකී වරදකරුවාගේ වරදකාරී ක්‍රිරියාකාරීත්වය නිසා අගතියට පත් වින්දිතයන්ට අධිකරණ මාර්ගයෙන් ලැබෙන සහනය ද ඉවතට යයි. එමනිසා ජනාධිපති සමාව ලබාදෙන්නේ ඒ වටා බැදුණු සමාන්‍ය පොදුජන චින්තනය හොදින් තේරුම්ගෙන ජනාධිපතිවටයාගේ ක්‍රියාව සමාජීය, ආගමික හෝ මිලිටරිමය තර්ක මගින් සාධාරණිකරණය කළ හැකි පසුබිමකය. මේ කතුවරයා තේරුම් ගන්නා ආකාරයට නම් ජනාධිපතිවරයා සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙන්නේ ඒ සදහා සුදුසුම මොහොතකය. ඒ තමාගේ ක්‍රියාව තර්ක මාදිලියෙන් ලෙහෙසියෙන්ම සාධාරණිකරණය කරගත හැකි තරමට සමාජීය තත්වයට එකිනෙක ගැළපුණු සිවිශේෂී දේශපාලනික මොහොතකය. එය සාමාන්‍ය සිංහලබෞද්ධ බහුතර චින්තනය මේ මොහොතේ ක්‍රියාකරන ආකාරය සූක්ෂ්ම ලෙස සොයාබලා ගත් සූක්ෂ්ම තීරණයකි.

ජනාධිපති සමා ඉතිහාසය

මෙරට “ජනාධිපති සමා ඉතිහාසය” දෙස විමසිල්ලෙන් බැලීමේදී පැහැදිළිව පෙනෙන එක් කරුණක් වන්නේ ජනාධිපතිවරු මෙම නීතිය ක්‍රියාත්මක කර තිබෙන්නේ තම ධුරකාලය තුළ යම්තාක් දුරකට ශක්තිමත් වීමෙන් අනතුරුව බවය. එසේත් නැතිනම් ධුර කාලය අග්ගිස්සේ බවය. එයින් ද මරණ ඩුවමින් දඩුවම් කර ඇති අපරාධමය ඉතිහාසයක් ඇති අපරාධකරුවකුට ජනාධිපති සමාව ලබා දෙන්නේ නිශ්චිතවම ජනාධිපතිවරයාගේ ධුරකාලයේ අවසන් අවධියේය. උදාහරණ ලෙස මහින්ද රාජපක්ෂ මුල්වරට ජනාධිපති සමාව ලබාදෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගත වූ ඔහුගේ දේශපාලන සගයෙකු වන එස්.බී. දිසානායක මංත්‍රීවරයාටය. මහින්ද රාජපක්ෂ මුල්වරට මෙම නීතියෙන් මරණිය දඩුවම් ලබා තිබූ අපරාධකාරියකට සමාව ලබාදෙන්නේ 2009 වසරේදීය. එනම් ඔහුගේ ධුර කාලයෙන් වසර 4ක් ගෙවීයාමෙන් අනතුරුවය. 2019 මැයි 23 මෛත්‍රීපාල සිරිසේන මුල්වරට මෙම නීතිය යටතේ ජනාධිපති සමාව ලබාදෙන්නේ ගලබොඩ අත්තේ ඥානසාර හිමිටය. මෛත්‍රීපාල සුප්‍රකට රෝයල් පාර්ක් මරණකරුට ජනාධිපති සමාව ලබාදෙන්නෙ ඔහුගේ ධුර කාලයේ අවසන් මාසයේදීය. කතුවරයා මෙම කාල රාමු ගෙනහැර දක්වන්නේ සුවිීශේෂී අනන්‍ය කාරණා ගොඩනැගීමකින් තොරව මෙරට බලයට පත් ජනාධිපතිවරු මෙම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ජන අප්‍රසාදයට පත්වේ ය යන අවිනිශ්චිත හැගීමකින් ක්‍රියාකරන බව දැක්වීමටයි. එය මෙම නීතියට බලපා තිබෙන මනෝමූලික සාධකයයි.

එහෙත් මෙම මනෝමය සාධකය වත්මන් ජනාධිපතිවටයාට බලපාන්නේ අනෙක් ආකාරයට ය. ගෝඨාභය රාජපක්ෂ සිය ධුර කාලයෙන් මාස පහක් ගෙවෙන තැන මෙම නීතිය ක්‍රියාත්මක කරන අතර ධුර කාලයක් තුළ ඉතා ඉක්මණින්ම මෙම නීතියෙන් මරණිය දණඩනයෙන් දඩුවම් ලැබූ අපරාධකරුවෙකු නිදහස් කළ ජනපතිවරයා වශයෙන් ඉතිහාසගත වේ. ගෝඨාභය රාජපක්ෂ මහජන ඡන්දයෙන් බලයට පත් වී මේ ගෙවෙන්නෙ 5 වැනි මසය යි. මේ තරම් කෙටි කලක් තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ධුර කාලය තුළ තමා ඉතා ශක්තිමත් තැනකට පැමිණ තිබේ යන සෘජු හා අජටිල හැගීමක් ඔහු වටා ක්‍රියාකළ යුතුය.

අවධානම් සහගත කාලපරාසය

ජනාධිපතිවරයා මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ ඊට හොදම මොහොතක බව කතුවරයා ඉහතින් දක්වයි. එය එක්තරා ආකාරයකින් කුහක තර්කණයකි. අපගේ සමාන්‍ය සමාජ විද්‍යාත්මක දැනුමට ගෝචරවන ආකාරයට අප මේ ගෙවමින් සිටින්නේ මිලිටරි ආධිපත්‍ය පොදු සමාජ අවකාශය පුරා වේගයෙන් සාමාන්‍යකරණය වන අවධානම් සහගත කාලපරාසයක ය. එහෙත් මෙරට බහුතර ජනතාව එම කලාන්තර අවධානම ම සිය සාමූහික සමාජ ජීවිතය පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සළකමින් සිටී. විශේෂයෙන්ම ගෝලීය කොරෝනාකරණ අභියෝගයට ලංකාවේ වැඩි හෝ සක්‍රීය දායකත්ව ලබාදෙමින් සිටින්නේ (සෞඛ්‍ය අංශවලට පසුව හෝ ඒ හා සමානවම) මෙරට මිලිටරි සංස්ථාපිතයයි.

මෙරට ඉදිරියට පැනනැගෙන බෝහෝ ප්‍රශ්න විසදීමට සිදුවන්නේ මිලිටරි සංස්ථාපිතයන් යෝජනා කරන ආකාරයට ඔවුන්ගේ මාවත ඔස්සේය. ඒ සදහා දිගුකාලීනව භාවිත කළ හැකි ජනප්‍රිය තර්කණයක් ඔවුන් සතුව තිබේ. එනම් “යුද්ධය ජයගත් ආකාරයට බෝහෝ ප්‍රශ්න විසදීමට හැකිය.” යන නොමග යවනසුලු වාගාලංකාරයයි. ඒ තර්කය පනගැන්වීමට අවශ්‍ය ජනාධිපතිවරයෙක්ද ආණ්ඩුවක්ද ඔවුන් සොයාගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ සමස්ත ජයග්‍රහණය සිංහල ‌බෞද්ධ අධිපතිවාදයේ තනි ඒකාධිකාරයට යටත් විය. ජනාධිපතිවරයා තමන් ජනපති වූ විගස රණවිරු දඩයමට ලක්වූ සියලු රණවිරුවන් නිදහස් කරන බවට සපථ කළේය. එහෙත් එය හුදු ජන ආකර්ෂණ කියමනක් මිස ප්‍රායෝගික සත්‍යයක් බවට පත් කරගත නොහැකි බව ජනාධිපතිවරයා දනී. එහෙත් එය ප්‍රායෝගික සත්‍යයක් බවට පත්කරගත හැකි නොවූවද ඒ සදහා ජනාධිපතිවරයාට ඇති වුවමනාව මුලුමනින්ම අවසන් වූ බව ඉන් නොකියවේ.

මහජන අවකාශය මිලිටරි සංස්ථාපිතයට යා කිරීම

ඒ සදහා ඔහුට අවශ්‍ය වූයේ පොදු මහජන අවකාශයත් මිලිටරි සංස්ථාපිතයත් එකිනෙකට යා කළ හැකි පාලමකි. ඒ පාලම නිර්මාණය කිරීමට ජනපතිවරයා රජයේ බොහෝ ඉහළ තනතුරු මිලිටරි පදමක් ඇති නිළධාරීන්ට භාර කළේය. එසේම සෑම අර්බූදකාරී අවස්ථාවක්ම සමනය කිරීමේ ආයතනික බලයද මිලිටරියටම භාර දෙනු ඇත. එමගින් උපයාගන්නා සංකේත සමාජ ගරුත්වය මගින් දඩයමට ලක්වූ රණවිරුවන් (ඔවුන්ගේ වචනවලින්) නිදහස් කරගැනීම ඔහුගේ බලාපොරොත්තුව වේ. ධ්‍රැවීයකරණය වූ සිංහලබෞද්ධ ජන පදනමක් ඇති ජනාධිපතිවරයාට මිලිටරි සංස්ථාපිතය තවදුරටත් වසග කරගැනීම අතිශය අවශ්‍යය. පාලකයා සැමවිටම මිලිටරි කවචයන් වසගකරගන්නේ තමා බලාපොරොත්තු වන වෙස්වලාගත් පාලනක් (එය බොහෝවිට කතිපයාධිකාරී පාලනයක් වනු ඇත.) දක්වා සාමාන්‍ය ජන සමාජය දක්කාගෙන යාමට ය. සුනිල් රත්නායකට ලැබෙන නිදහස අප තේරුම්ගත යුත්‌තේ මෙම ගැඹුරු පදමේ සිටය.

Back to Top