Sri Lanka Brief
පුවත්සමූල ඝාතනයක වරදකරුවකු වූ සොල්දාදුවෙකු නිදහස් කිරීම ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ බලාපොරොත්තු සුන් කරයි.- හින්දු පුවත්පතෙහි කතුවැකිය.

සමූල ඝාතනයක වරදකරුවකු වූ සොල්දාදුවෙකු නිදහස් කිරීම ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ බලාපොරොත්තු සුන් කරයි.- හින්දු පුවත්පතෙහි කතුවැකිය.

by

ඉන්දියාවෙහි ‌මෙන්ම අන්තර් ජාතික වශයෙන්ම ද ඉමහත් පිළිගැනීමක් ඇති ද හින්දු පුවත්පත ජනාධිපති රාජපක්ෂ විසින් මිරුසවිල් සමූළ ඝාතක සුනිල් රත්නායක නිදහස් කිරීම සම්බන්ධයෙන් 30වන සදුදා පළ කරන ලද කතුවැකියේ සිිංහල පරිවර්ථනය පහත පළවේ.

දෙමළ ගම්වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ ශ්‍රී ලංකා සොල්දාදුවෙකුට බ්‍රහස්පතින්දා ජනාධිපති සමාව ලබා දීම, අතීත අපරාධ සම්බන්ධයෙන් රජයෙන් යුක්තිය ඉල්ලා සිටින අය අතර සාධාරණ කෝපයක් ඇති කර තිබේ. යුධ කාලීන හිංසාවන්ට වගවීම ලබාදීම සඳහා සහයවන වෙනුවට , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය විසින් යුක්තිය ඉටු කිරීම පිළිබඳ දුර්ලභ අවස්ථාවක් අහෝසි කිරීමේ වෙනත් පියවරකට අවතීර්ණ වී තිබේ. සිවිල් වැසියන්ට එල්ල කරන ලද ප්‍රහාරයන් සම්බන්ධයෙන් බොහෝ සොල්දාදුවන්ට නඩු පවරා නොමැත. එහෙත්, ‘මිරුසුවිල් සංහාරය’ ලෙස හඳුන්වනු ලැබූ ඝාතනයේ දී හමුදා පොලිසිය වහාම ඊට සම්බන්ධ සෙබළුන් අත් අඩඟුවට ගෙන ඔවුන්ට  දුර්විපාක නොලබා සිටීමේ අවස්ථාව අහෝසි කරන ලදී.

වින්දිතයින් බවට ලක්වූවන් අතර වයස අවුරුදු 5, 13 සහ 15 යන වයස්වල පසුවන පිරිමි ළමුන් තිදෙනෙක් ද වූහ. 2000 දෙසැම්බරයේදී අභ්‍යන්තරව අවතැන් වූ ගම්වැසියන් පිරිසක් යාපනයේ අර්ධද්වීපයේ මිරුසුවිල් හි යුද්ධයෙන් විනාශ වූ සිය නිවාස  බැලීමට පැමිණහ. ඔවුන් හමුදා භටයන් කිහිපදෙනෙකුට මුණ ගැසුණි. ඔව්හු වින්දිතයින්ගේ ඇස් රෙදිකඩකින් බදින ලදී. පසුව ඔවුන්ගේ සිරුරු  වළදමා තිබී හමුවිය. එම පිරිසෙන් පලාගිය එකම තැනැත්තා හමුදා පොලිසිය එම ස්ථානයට ගෙන ගොස් තීරණාත්මක සාක්ෂිකරුවෙකු බවට පත් විය. සොල්දාදුවන් පස් දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරැණි. විශේෂ විධිවිධාන යටතේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය පැවත්වන ලදී. මෙම නඩු විභාගය 2015 දී අවසන් වූයේ ඔවුන්ගෙන් එක් අයෙකු වන සුනිල් රත්නායක පමණක් වැරදිකරු කරමිනි. ඔහුට මරණ දඩුවම නියම වූ නමුත් 1976 සිට මරණ දඩුවම ක්‍රියාවට නැගීම නතර කර තිබේ.

සමාව දීමේ බලය ක්‍රියාත්මක කිරීම දයානුකම්පිත ක්‍රියාවක් මිස දේශපාලන හෝ මැතිවරණ පණිවිඩ යැවීමේ මෙවලමක් නොවන බව අවධාරණය කිරීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංහලයන් අතර සිටින ඔහුගේ අතිමහත් ආධාරකරුවන් පිරිසකට යවා ඇති පණිවුඩය වන්නේ, “යුද වීරයන්ට” සිරගෙදර රැඳී සිටීමට තමා ඉඩ නොතබන බවය. යුද අපරාධ සම්බන්ධයෙන් දෙමළ ජනයාට කිසිවිටෙක යුක්තිය නොලැබෙන බවට ඉන් කැරෙන බිය ජනක ඇඟවීම ඔහු නොසළකා හරී. යුක්තිය ඉටුවුවද එක් පෑන් පහරකින් එය අහෝසි කළ හැකි බව ‌මෙමගින් ‌‌පෙපෙන්යි..

අප්‍රෙල් 25 වන දිනට නියම කර තිබූ පාර්ලිමේන්තු ඡන්ද විමසීම  ගෝලීය වසංගතය සැලකිල්ලට ගෙන මේ වන විට කල් දමා ඇති නමුත් මෙම තීරණයට මැතිවරණ කෝණයක් ද තිබේ. මෙම සමාව ලබා දීමේ ක්‍රියාවලිය ඡන්ද විමසීම අරමුණු කරගත් එකක් විය හැකි ය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැරදිකරුවෙකුට සමාව දීමට පෙර නඩුව විභාග කළ විනිසුරුවරයා් සහ නීතිපතිවරයාගේ උපදෙස් ද අධිකරණ අමාත්‍යවරයාගෙන් නිර්දේශයක් ලබා ගත යුතුය. කෙසේ වෙතත්, එවැනි උපදෙස් හෝ නිර්දේශයන් ලබා ගතයුතුම බවට නීතියක් නොමැති බව පෙනේ. ශ්‍රීී ලංකාවෙහි ‌දේශපාලන   නායකත්වය සහ සමහර දේශපාලනඥයන්ගේ  ප්‍රකාශයන්ට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සහ අයිතිවාසිකම් ආරක්ෂක ආයතන විසින් මෙම සොල්දාදුවා නිදහස් කිරීම පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර එය වින්දිතයින්ට කරන නිග්‍රහයක් ලෙස නිවැරදිව හදුන්වා තිබේ.

කොවිඩ් 19 සමඟ සටන් කිරීම කෙරෙහි රට අවධානය යොමු කර ඇති අවස්ථාවක දී ලබා දී ඇති සමාව, දේශීය යාන්ත්‍රණයන් තුළින් ශ්‍රී ලංකාව තුළ වගවීම ඇතිකළ හැකිය යන අපේක්ෂාවන්ට බරපතල පසුබෑමක් බවට පත්වේ.

පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් ‌ ‌වෙතිනි.

Back to Top