Sri Lanka Brief
පුවත්දේශීය සහ අන්තර් ජාතික නීතියට අනුකූලව පරිපූර්ණ වරමක් සහිත අතුරුදහන්වීම් පිළිබද යාන්ත්‍රණයක් අවශ්‍යයි – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

දේශීය සහ අන්තර් ජාතික නීතියට අනුකූලව පරිපූර්ණ වරමක් සහිත අතුරුදහන්වීම් පිළිබද යාන්ත්‍රණයක් අවශ්‍යයි – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

by

සිය කාර්යාලය පිහිටුවීමේ දෙවන සංවත්සරය වෙනුවෙන්  නිවේදනයක් නිකුත් කරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය “ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ට සම අනුග්‍රරහය දැකවී්මෙන් ඉවත් වීමට රජය මෑතක දී ගත් තීරණය හේතුවෙන් අතුරුදහන් වූ තැනැත්තන්ට අත් වූ ඉරණම පිළිබඳව සත්‍යය දැන ගැනීමේ බලාපොරොත්තුව සාක්ෂාත් වේ දැයි යන්න පිළිබඳ පවුල් වල සාමාජිකයිනට ප්‍රශ්න මතු වී ඇති බවත් එම තත්වය යටතේ පරිපූර්ණ විෂය පථයක් සහ බලතල සහිත යන්ත්‍රණයක් පිහිටුවීමේ  අවශ්‍යතාවය අවධාරණය කරයි. එවැනි යාන්ත්‍රණයක අවශ්‍යතාවය මතුවන්නේ  අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් කෙරෙහි රජයට ඇති නෛතික සහ සදාචාරාත්මක වගකම් තුළින් මෙන්ම අප රටේ නීතීිය යටතේ ශ්‍රී ලාංකිකයි‍නට ඇති අයිතිවාසිකම්, ජාත්‍යන්තර නීතීිය යටතේ ශ්‍රී ලංකාව සතු වගකීම්, පෙර පැවති පරීක්ෂණ කොමිෂන් සභා වල නිර්දේශෙ මගින් බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කරයි.

සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටවීුමේ දෙවන සංවත්සරය.

අතුරුදහන් වූ පුද්ගලයන්ට අත් වූ ඉරණම පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන පළුුල් කාර්යභාරය සහිතව 2018 පෙබරවාරි මස 28 වන දින අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටවීුමෙන් සත්‍යය තහවුරු කිරීමට සහ යුක්තිය පසඳලීමට ඇති වගකීම රජය විසින් පැහැදිළිව පිළිගිනන්නා බව පෙන්නුම් කර ඇත. එය අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවලු් වල සාමාජිකයින් පවත්වා ගෙන ගිය අඛණ්ඩ අරගලයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය වූ විවිධ රජයන් විසින් මෙතෙක් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටුවල නිගමන වී ඇත්තේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැරළි කෝලාහල පැවැති නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු කාල පරිච්ඡේද තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන පිරිස් විසින් අතුරුදහන් කරවීම් සිදු කර ඇති බවයි. මෙම පරීක්ෂණ කොමිෂන් සභා විසින් අනාගතයේ අතුරුදහන් වීම් සිදුවීම වැළැක්වීම සඳහා කළ යුතු ප්‍රත්‍රිසංස්කරණ නිරන්තරයෙන් නිර්දේශ කර ඇති නමුත්, ඒවායින් බොහෝමයක් තවමත් ක්‍රියාත්මක කර නොමැත. රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ නෛතික හා ආයතනික රාමුව ශක්තිමත් කිරීම, අතුරුදහන්වූවන්ට අත්වු ඉරණම තහවුරු කිරීම සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ වූ වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය නිසි පියවර ගැනීම මෙම නිර්දේශිත ප්‍රතිසංස්කරණයන්ට ඇතුළත් විය.

අතුරුදහන් වීම් පුළුල් ලෙස සෑම කලාපයකටම හා ප්‍රජාවකටම බලපා ඇති බව පිළිගෙන ඇති නමුත්, අතුරුදහන් වී ඇති මුළු පුද්ගල සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වාර්තාවක් ශ්‍රී ලංකාවෙහි නැත. නිශ්චිත කාලසීමා සහ කලාප වල සිදුවූ අතුරුදහන්වීම් විමර්ශනය කිරීමට පත් කළ පරීක්ෂණ කොමිෂන් සභා විවිධ සංඛ්‍යා වාර්තා කර ඇත. 1983 සිට 2009 දක්වා කාලසීමාව තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ බව කියන අතුරුදහන් වීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද පරණගම කොමිසම වාර්තා කරන ආකාරයට එම කොමිසමට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 21,000 ක් ලැබී ඇත. එමෙන්ම, 1988 සිට 1997 දක්වා කාලය තුළ බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත්වල සිදු වූ අතුරුදහන් වීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද කලාප කොමිසම වාර්තා කරන ආකාරයට එම කොමිසමට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 8,739 ක් ලැබී ඇත.

අතුරුදහන් වීම් හුදෙක් අතීතයට සීමා‍ වූ ප්‍රශ්නයක් ලෙස ඇතැමුන් විස්තර කළ ද, අතුරුදහන් වීම හේතුවෙන් අත්වන ප්‍රතිවිපාක නිසා අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් වල සාමාජිකයන් නිරන්තරයෙන් පිඩා විඳියි. පරිපාලනමය හේතුන් වෙනුවෙන් තම ආදරණීයන්ගේ මරණ සහතික පිළිගැනීමට හැර වෙනත් විකලප් යක් නොතිබණු මෙම පවුල්වල සාමාජිකයින්, තවමත් තම ආදරණීයන්ට අත් වූ ඉරණම පිළිබඳ සොයා ගත නොහැකිව වේදනාවෙන් ජීවත් වෙති. තවද, මෙම අතුරුදහන්වීම් සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට රජය අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස, තම ආදරණීයයන් ආරක්ෂිතව ආපසු පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තවමත් ඇතැම් අය පසු වෙති. අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුලේ සාමාජිකයින් අතුරුදහන්වූවන් පිළිබඳ ශෝක වීමට හෝ ඔවුන්ගේ ඉරණම පිළිබඳව අවසානයක් දැන ගැනීමට නොහැකිව තවමත් පසුවන අතර, ඇතැමුන් අතුරුදහන් වූ තම පවුලේ සාමාජිකයා වෙනුවෙන් දානයක් පැවැත්විය යුතු ද යන්න සිතමින් දශක තුනකට අධික කාලයක් පුරා බලා සිටිති. බොහෝ පැමිණිලි වලට අනුව මෙසේ අතුරුදහන් වී ඇත්තේ පවුලේ්‍ ගෘහමූලකියා වන, කුඩා දරුවන් සිටින පවුලක ස්වාමිපුරුෂයෙක් හෝ වයස්ගත දෙමාපියන් දෙපළකගේ පුතෙකි. මේ නිසා තම ආදරණීයයන් සෙවීමේ කාර්යයට අමතරව, ආදායමක් ඉපැයීම සහ පවුලේ අයට රැකවරණය ලබා දීම යන අභියෝග ද්විත්වයට ද මුහුණ දීමට මෙම භාර්යාවන්ට සහ දෙමාපියනට සිදු වී තිබේ.

මෙම කාර්යාලයේ කාර්භාරය ඉටු කිරීමේ දී, වින්දිත පවලු්වල සාමාජිකයන්ගේ, සිවිල් සමාජ සංවිධානවල, රාජ්‍ය ආයතන සහ පෙර පැවති පරීක්ෂණ කොමිෂන් සභාවල සහ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ අත්දැකීම් සහ නිර්දේශ පිළිබඳව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය දැනුවත් වී ඇත. අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවල්වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලයට එරෙහිව විරෝධතාවන්ට සහභාගි වූ රාජ්‍ය ආයතන කෙරෙහි කිසිඳු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති. එම සෑම පවුලක්ම සම්බන්ධ කර ගැනීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජයට ඇති කැමැත්ත සහ හැකියාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය උත්සාහ කර ඇත. තවද, රජය විසින් සත්‍යය තහවරු කිරීමෙන් හෝ යුක්තිය සහතික කිරීමෙන් තොරව වන්දි ප්‍රදානය කරනු ලබන බවට ඇති බිය සැක දුරු කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළබිඳ කාර්යාලය උත්සාහ කර ඇත.

පසුගිය වසර දෙක තුළ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සැක සහිත සමූහ මිනී වලවල් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඒවාට අවශ්‍ය සහාය ලබා දී ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන් වීම් සම්බන්ධ සිද්ධි වලට අදාලව සුදුසු අවස්ථා වලදී අපරාධ නඩු පැවරීමේ යෝග්‍යතාවය පිළිබඳවත් මිනිස් ශරීර කොටස් හඳුනා ගැනීමේ සහ පුද්ගලයින් රඳවා ගැනීමේ ක්‍රියාවලි සම්බන්ධ නීතිවලට අදාල ප්‍රතිසංස්කරන සදහාත් පෙනී සිටියේ ය. වින්දිත පවුල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන එක් පවුලකට මසකට රුපියල් 6000 ක අතුරු සහනයක් ලබා දීමට අතුරුදහන් වූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දෙශ කළ අතර එය 2019 දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වී ඇත.

අපේ රට තුළ අතුරුදහන්වීම් බහුලව සිදුවූ බව පිළිගැනීමට රජයේ යුතුකම වටහා ගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් පසුගිය වසර දෙකේ දී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබීය. තවද, රාජකාරියේ නිරිත වී සිටිය දී අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් ඇතුළු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දැනට පවත්නා වාර්තා මත පදනම්ව, 2020 පෙබරවාරි මාසයේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ තත්කාලීන ලැයිස්තුවක් පිළියෙල කර අතර, අතුරුදහන් වූ තම ආදරණීයයන්ගේ තොරතුරු එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව තහවුරු කරන ලෙසට පවුල් වල සාමාජිකයනට ආරාධනා කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට රජය මෑතක දී ගත් තීරණය හේතුවෙන් අතුරුදහන් වූ තැනැත්තන්ට අත් වූ ඉරණම පිළිබඳව සත්‍යය දැන ගැනීමේ බලාපොරොත්තුව සාක්ෂාත් නොවේ දැයි යන්න පිළිබඳ පවුල් වල සාමාජිකයිනට ප්‍රශ්න මතු වී ඇත. එකී පවුල්වල ඉල්ලීම් සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් කෙරෙහි රජයට ඇති නෛතික සහ සදාචාරාත්මක වගකම් සහ අප රටේ නීතීිය යටතේ ශ්‍රී ලාංකිකයි‍නට ඇති අයිතිවාසිකම්, ජාත්‍යන්තර නීතීිය යටතේ ශ්‍රී ලංකාව සතු වගකීම්, පෙර පැවති පරීක්ෂණ කොමිෂන් සභා වල නිර්දේශ මගින් පරිපූර්ණ විෂය පථයක් සහ බලතල සහිත යන්ත්‍රණයක අවශ්‍යතාවය මතුවන  බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිරීක්ෂනය කරයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට සිය කාර්යභාරය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, සඳහා රජයේ සහ රාජ්‍ය ආයතනවල සීමා නොකරන ලද සහයෝගය අවශ්‍ය බව අපි මෙහි දී සඳහන් කරමු. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ වැඩ කටයුතු කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් කැප වී සිටී.

ජනාධිපති නීතීඥ සාලිය පීරිස්

සභාපති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

03 මාර්තු 2020

Back to Top