Sri Lanka Brief
නිර්මාණපුවත්ගෝලීය වසංගත කාලයෙහි කැමූ ගේ “මහාමාරිය” කියැවිම

ගෝලීය වසංගත කාලයෙහි කැමූ ගේ “මහාමාරිය” කියැවිම

by

JONAH RASKIN විසිනි.

(සංගතය වන වචනයට මෙම පරිවර්ථනයෙහි දී එම අර්ථයම දෙන මහාමාරිය යන වචනය යොදා ගෙන ඇත්තේ ඇල්බෙයා කැමූ ගේ The Plague පොතෙහි සිංහල පරිවර්ථනයෙහි දී එම වචනය යොදා ගෙ ඇති බැවිනි.)

අප සෑම කෙනෙකුම තුළ මහාමාරිය ඇත. මිහිපිට කිසිවෙකු. කවරකු හෝ න් නිදහස් නොවේ. නොසැලකිලිමත් මොහොතක අප යමෙකුගේ මුහුණට හුස්ම හෙළීමෙන් ඒ් තැනත්තාට සැණෙකින් ආසාදනය නොවනු වස් අප ගැනම නොනවත්වාම සැළකිල්ලෙන් සිටිය යුතුය. ”

ල්බෙයා කැමූ, “මහාමාරිය” 1947

මා ජීවත් වන උතුරු කැලිෆෝනියාවේ මිලියන ගණනක් අනෙක් “වසා දැමීම්” මෙන්, මම නිරෝධායනයකට ලක්ව සිටිමි. මම පළමු වරට ඇල්ජීරියාවේ වෙරළ තීරයේ ඕරන් හි සිදු වන ඇල්බට් කැමූගේ මහාමාරියකියවීම අවසන් කළෙි. එය, මුළු ජනගහනයම භීතියෙන් හා කනස්සල්ලෙන් ජීවත්වන හා තේරුම්ගත නොහැකි දේ තේරුම් ගැනීමට උත්සාහ කරන බිහිසුණු චිත්‍රයක් ඉදිරිපත් කරයි.

කැමූ විසින්ම ප්‍රථම වරට 1942 දී ප්‍රකාශයට පත් කරන ලද පිටස්තරයා”ට වඩා දශක ගණනාවක් පුරා ම මහාමාරියට ඇත්තේ අඩු ප්‍රසිද්ධියකි . නමුත් මෙතැන සහ දැන් 2020 දී එය අනතුරු ඇඟවීමක්, සංවේදනයන් ඇති කිීමක් සහ ගෝලීය වශයෙන් රාව ප්‍රතිරාව නැංවීමක් බවට පත් විය යුතු ය. ඇත්ත වශයෙන්ම, එය කියැවීම කොරෝනා වයිරසයේ සමකාලීන වාර්තාවක් කියැවීමක් වැන්න.

මධ්‍යධරණී මුහුදේ ප්‍රධාන වරායක් වූ ඕරන් නගරය ඒ නිසාම 1556, 1678, 1921, 1931 සහ 1944 දී වසංගත වලින් පීඩා වින්දේ . නාසි ආක්‍රමණයෙන් ප්‍රංශය අත්පත් කර ගැනීමෙන් ඉක්බිතිව 1941 දී ඔහු සින්තට ආරම්භ කළ මෙම පොත ලිවීමට කැමූ එකී ‌‌ඓතිහාසික සිදුවීම් දෙස ආපසු හැරී බැලුවා විය යුතු.

1947 දී ප්‍රංශ භාෂාවෙන් ල පෙස්ත් ලෙසත්, 1948 දී ඉංග්‍රීසියෙන් ද ප්ලේග් ලෙසත් ප්‍රකාශයට පත් කරන ලද මහාමාරිය” හි පසුබිම1940 ගණන් . කැමූ නිශ්චිත වසරක් සපයන්නේ නැති නමුත් ඔහු ධනවතුන්ගේ හා දුප්පතුන්ගේ ජීවිතවලට දැනෙන වේදනාව හා දුක් වේදනා එහි පැහැදිලිව විස්තර කරයි. ස්පාඥ ජාතිකයන් සුළු භූමිකාවන්හි පෙනී සිටියද, අරාබි හෝ බර්බර් චරිත කිසිවක් ආඛ්‍යානයේ අඩංගු නොවීම අරැමයක් වැන්න.

කැමූ 1913 දී ඇල්ජීරියාවේ උපත ලැබුවේ “පයිඩ් නොයාර්” නමින් හැඳින්වෙන ජන කණ්ඩායමට අයත් දෙමාපියන්ට ය. ඔහු 1950 සහ 1960 දශකවල ඇල්ජීරියානු නිදහස සඳහා වූ අරගලයට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ප්‍රසිද්ධියේම කියා සිටියේ, “මම යුක්තිය විශ්වාස කරමි, නමුත් මම යුක්තිය ඉදිරියේ මාගේ මව ආරක්ෂා කරමි,” කියා ය. ඔහුගේ මව ස්පා සම්භවයක් තිබූ අතර‍ ඔහුගේ පියා ප්‍රංශඇල්ජීරියානු ජාතිකයෙක් විය. කෙටියෙන් කිවහොත්, ඔහු “ඇල්ජීරියාවේ යුරෝපීයයන් සහ‘ ස්වදේශිකයන්’ අතර අසමානතාවයන්ට එරෙහිව සටන් කිරීමසඳහා ප්‍රථමයෙන් ප්‍රංශ සහ පසුව ඇල්ජීරියානු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ විය.

ඔහු දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීමට පෙර  පැරිසියට සංක්‍රමණය වී විරුද්ධකම් පැමේ ව්‍යාපාරයට සහභාගි විය.සටන” (Combat) ට ලියමින් එය සංස්කරණය කළ අතර   ශෝන්පෝල් සාත්‍රේ සහ සිමෝන් දි බුවා සමඟ මිතුරු විය. නමුත් ඉක්මණින්ම ඔහු, දේශපාලන වශයෙන් කියන්නේ නම්, තමන්ගේම ගමනක් ආරම්භ කළේ ය.

වසංගතය හරියටම නවකතාවක් නොවේ. ගම්‍යතාව සහ සැකය තිබුණද එයට ශක්තිමත් කාතාන්තරයක් හෝ නාට්‍යානුසාරී බවක් එහි නැත. එය නිදහස, භීෂණය, ආදරය සහ පිටුවහල් කිරීම පිළිබද ආවර්ජනාත්මක මෙන්ම සාක්ෂි දැරීමේ අවශ්‍යතාවය පිළිබද දාර්ශනික කෘතියකි. ප්‍රංශ ප්‍රබන්ධ කතාවන්හි සාම්ප්‍රදායික නීති රීති අනුව යෑම ප්‍රතික්ෂේප කළ ද, එය ප්‍රධාන චරිත හයක් ඉදිරිපත් කරයි.

එහි මිනිසුන් හයදෙනා මෙසේ ය: වෛද්‍යවරයකු වන බර්නා රියූ; වසංගතය පැමිණීමට ඔන්න මෙන්න කියා ඔරාන් වෙත පැමිණෙන පිටස්තරයෙකු වන ශෝන් තාරූ; මාධ්‍යවේදියෙක් වන රේමෝ රොම්බෙයා, රජයේ ලිපිකරුවෙකු වන යෝසෆ් ග්‍රන්ද්; පිස්සු වැටී පාරට පැන මිනිසුන්ට  වෙඩි තබන කොතාද් මහතා; ජේසු නිකායික පූජකයෙකු වන පැනෙලූ පියතුමා. එහි දේශපාලන නායකයන් හා හමුදා නිලධාරීන් නොමැත. ඇත්ත වශයෙන්ම, නායකත්ව රික්තයක් කෘතියෙහි ඇත.

කැමූ ඔහුගේ චරිත ඒමත් යෑමත් නිරීක්ෂණය කරයි. නමුත් පොතේ සැබෑ ප්‍රධාන චරිතය වන්නේ ජීවිතයේ හා මරණයේ අවධීන් හරහා යන කරන මහාමාරිය යි. විචාරකයින්ගේ මතය වී ඇත්තේ මෙම මහාමාරිය යනු නාසි ආක්‍රමණයට එරෙහි ප්‍රංශ ප්‍රතිරෝධය දැක්වීමට යොදා ගත් උපමාවක් බවයි.

එය එසේ විය හැකිය. “සමූල ඝාතනය” ලෙසද හැඳින්වෙන මහාමාරිය ඒකාධිපති සමාජයක් නිර්මාණය කරයි. “හැකි තාක් දුරට, වසංගත සමඟ බලවේගයන්ට සම්බන්ධ නොවීම අපගේ වගකීමයි” යනුවෙන් එක් චරිතයක් සිය නිරීක්ෂණය ඉදදිරිපත් කරයි. හරියට ඔහු සාංදෘෂ්ටිකවාදයේ අනුවාදයක් දේශනා කරන්නාක් වැන්න.

කැමූ අද ජීවතුන් අතර සිටියා නම් ඔහු 1960 දී මිය යන විට වයස අවුරුදු 46 යි සහ ඔහුගේ පොතෙහි වර්තමාන කොරොන වයිරස් වසංගතය ගැන කෙලින්ම කථා කිරීමට අවශ්‍ය වී, එය සංශෝධනය කර යාවත්කාලීන කිරීමට ඔහුට ඕනෑ වන්නට තිබුණි. එසේ වෙතත් එහි සෑහෙන ප්‍රමාණයක් ඔහුට වෙනස් කිරීමට අවශ්‍ය නොවනවා ඇත. ඇත්ත වශයෙන්ම, මිනිස් ස්වභාවය පිළිබඳ අතිශය පැහැදිළි වර්ජනයන් සහිත මහාමාරිය”, 1947 දී පැවති කාලයට වඩා දැන් කාලෝචිත ය. එහි භාෂාව අදටත් ප්‍රබලව ගැලපේ. කැමූ මහාමාරියේ දූතයා” සහ “මහාමාරියේ නපුරු නිදහස” ගැන ලියන්නේ කාව්‍යමය ලෙස .

ඕරාන්හි පිටස්තරයා වන තාරූ නිරීක්ෂණය කරන්නේ, “අප සෑම කෙනෙකුම තුළ මහාමාරිය ඇත. මිහිපිට කිසිවෙකු. කවරකු හෝ න් නිදහස් නොවේ. නොසැලකිලිමත් මොහොතක අප යමෙකුගේ මුහුණට හුස්ම හෙළීමෙන් ඒ් තැනත්තාට සැණෙකින් ආසාදනය නොවනු වස් අප ගැනම නොනවත්වාම සැළකිල්ලෙන් සිටිය යුතුය.” මිනිසුන් අතර මානව විනීත භාවය හා මිත්‍රත්වය පැවතුනද, මහාමාරි තුළ කිසිදු වීරත්වයක් නොමැත.

ඕරාන් හි වසංගත තත්වය ඇතිවීමට පෙර එහි පුරවැසියෝ බොහෝ දුරට වාණිජමය කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සිටිති. එවැවින්ම ඔවුන්ට තමන්වමත් එකිනෙකාත් එපා වී සිටිති. මහාමාරිය කඩා පහත්වන්නේ බලධාරීන් අනපේක්ෂිත අවස්ථාවකදී ය. මහාමාරිය එරෙහිව සටන් කළ හැකි අත්‍යවශ්‍ය රැධිරමය මස්තු හිඟය. මිනී පෙට්ටි අවසන් වි ඇති බැවින් මළවුන් නිසි ලෙස භූමදාන කළ නොහැක. මහාමාරිය උච්චතම අවස්ථාවේ දී එය විසින් ආදරය හා සතුට අත්විඳීමේ හැකියාව නැති කරයි. පුරවැසියන් සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කිරීමේ තත්වයකට ඇද වැටේ. දුම්රිය මාර්ග වේදිකා තහනම් කලාප වෙයි. වීදි බොහෝ විට හිස් ය. දුරකථන ඇමතුම් නීති විරෝධී ය. හොඳ චේතනාවන් නපුර තරම් හානියක් සිදු කරයි.

පුරවැසියන් නිරෝධායනය කරනු ලබන්නේ විශාල පොදු ක්‍රීඩාංගනයක ය. රෝගය බෝ නොවූ අය එය වැළදෙනු ඇතැයි උමතුවෙන් පිරිසිදු සිටීමට උපරිම උත්සාහ දරති. විෂබීජහරණය කිරීමේ අවශ්‍යතාවය ගැන ද ඔවුහු උමතුවට පත්ව සිටිති. “විප්ලවීය ප්‍රචණ්ඩත්වය” පුපුරා යයි. නමුත් එය කිසිවක් අත්පත් කර ගන්නේ නැත.

මහාමාරිය” එක්තරා විදියක සතුටුදායක අවසානයක් ඉදිරිපත් කරයි. වසංගතය එය පැමිණි ලෙසම අභිරහස් ලෙස අතුරුදහන් වේ. සුභවාදී හැඟීම නැවත ඉපදෙයි. නමුත් අවිනිශ්චිතභාවයේ හැඟීමක් ඉතිරි වේ. ඕරාන් හි තවමත් ජීවත්ව සිටින අයට පදක්කම් අවශ්‍ය වන්නේ හුදෙක් දිවි ගලවා ගැනීම සඳහා පමණි. මහාමාරිය ඕනෑම අවස්ථාවක නැවත පැමිණිය හැකිය යන උපකල්පනය ද පාකයා හමුවෙහි ඉතිරි වෙයි. අන්තිම පිටුවෙහි කැමූ “ත්‍රස්තවාදයට එරෙහි කිසිදා නිම නොවන සටන” ගැන ලියයි.

ඔහුගේ භාෂාව යෝජනා කරන්නේ ඔහු “මහාමාරිය” ලියන විට ආගම ගැන සිතමින් සිටි බවත්, එය ඍජුවම ක්‍රිස්තියානි පොතක් නොවුනත්, එය “කරුණාව,” “කුරුසපත්කිරීම” සහ “ගැළවීම” වැනි වචන සහ සංකල්ප ඉදිරිපත් කරන බවත්ය. පොත ඕරන්ගේ කතෝලික පල්ලිය අනුමත නොකරන නමුත් ආගම කතාවෙහි යම් ආකාරයක යටි පෙළක් සපයයි. කැමූට අවශ්‍ය වන්නේ සුවපත් කරන්නන් මිස පූජකයන් හෝ දේශපාලන නායකයන් හෝ වාචාලයන් නොවේ.

ලොස් ඇන්ජලීස් සහ සිඩ්නි සිට ඔඩෙස්සා සහ ඔරන් දක්වා අපට මේ අවස්ථවෙහි එවැනි සුවපත් කරන්නන් මිලියන කිහිපයක්වශ්‍ය ය.

(Reading Camus’ The Plague in a Time of Pandemic   නම් ලිපියෙහි සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ්  වෙතිනි)

 

Back to Top