Sri Lanka Brief
පුවත්කොවිඩ් 19ට ප්‍රතිකාර සොයා ට්‍රම්ප් පස්සෙන් දුවන සජිත්, ජයසුමන සහ අරඹේපොල – සුනන්ද දේශප්‍රිය

කොවිඩ් 19ට ප්‍රතිකාර සොයා ට්‍රම්ප් පස්සෙන් දුවන සජිත්, ජයසුමන සහ අරඹේපොල – සුනන්ද දේශප්‍රිය

by

ජනාධිපති ට්‍රම්ප් විසින් කියා ඇති බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව ද කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකර ඇති පරිදි නව කොරොනා යිරසයට ප්‍රතිකාර කිරීම සඳහා ‘හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්’ ශ්‍රී ලංකාවේ ද භාවිත කිරීමට අවසර දිය යුතු බව සජිත් ප්‍රේමදාස පසුගිය 20 දා ප්‍රකාශ කර තිබුණි.

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්’ අළුත් දෙයක් නොවන අතර මැලේරියාව සහ උග්‍ර ආතරයිට්ස් රොගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කළක් භාවිතා කර තිබේ.

ටත් වඩා හාස්‍ය ජනක කාරණය නම් ඩෙනල්ඩ් ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයෙන් පසු, එයට පෙර කෙරෝනා වයිරසය සිංහල බෙහෙත් මගින් සම්පූර්ණ‍යෙන්ම සුවකල හැකි යයි කියමින් සිටි මහාචාර්යවරයකු වන චන්න ජයසුමන ස්වකීය සොයා ගැනීමක් ලෙස ‘හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්’ නිර්දේශ කර තිබීමයි.

ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් එය වාර්තා කර තිබුණේ මෙ‍සේ ය:කොරෝනා පරදන ඖෂධය ලෝ ප්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….” “කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සික්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.”

න්න ජයසුමන මෙන්ම ගෝඨාභය රාපක්ක්ෂගේ “වියත් මඟ” හි තවත් නායිකාවන වන මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුල්වීම නිසා බස්නාහිර ආණ්ඩුකාර තනතුරින් ඉවත් වූ වෛද්‍ය සීතා අරඹේපොල ද එම කතාවම පුනරුච්චරණය කර තිබුණේ ට්‍රම්ප්ගේ මුසවාදය අනුව ය.

පසුගිය 20 දා ජනාධිපති ට්‍රම්ප් සිය දෛනික පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේ එක්සත් ජනපදයේ ආහාර හා ෂධ පරිපාලනාධිකාරිය (FDA) විසින් කොරෝනා වයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා ක්ලෝරෝක්වීන් අනුමත කර ඇති බවයි. ඇමරිකාවේ ෂධ සඳහා බලපත්‍ර දීම භාරව සිටින ආයතනය එයයි.

එනමුත් කොවිඩ් -19 කෙරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ‘හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්’අනුමත කර නොමැති බව එෆ්ඩීඒ ආයතනය වහාම පැහැදිලි කළේ ය.

කොවිඩ් -19 ප්‍රතිකාර කිරීම, සුව කිරීම හෝ වැළැක්වීම සඳහා FDA විසින් අනුමත කරන ලද චිකිත්සක හෝ ෂධ නොමැත.” යැයි එය කියා සිටියේ ය.

කෙසේ වෙතත්, එෆ්ඩීඒ පවසන්නේ කොවිඩ් -19 ප්‍රතිකාරයේදී ක්ලෝරෝක්වීන් ලදායී විය හැකිද යන්න පිළිබඳව අධ්‍යයනයන් සිදු වෙමින් පවතින බවයි.

පසුව පැවති සාකච්ඡාවකදී ට්‍රම්ප් කියා සිටියේ ක්ලෝරෝක්වීන් “සානුකම්පිත භාවිතය” සඳහා අනුමත කර ඇති බවයි. ජීවිත අනතරුදායක තත්ත්වයක සිටින රෝගියෙකුට රජය විසින් එහ රෝගය සඳහා තවමත් අනුමත කර නොමැති ෂධයක් වෛද්‍යවරයෙකුට ලබා දිය හැකි අවස්ථාව වන්නේ මෙය යි. ඉන් අදහස් වන්නේ මරණීය තත්වයක සිටින රෝගයකුට පමණක් එය ලබා දියහැකි බවයි.

ක්ලෝරෝක්වීන් රසායනාගාර අධ්‍යයන වලදී කොරොන වයිරසය අවහිර කරන බවක් පෙනේ. එය ප්‍රතිකාර සදහා උපකාරී වන බවක් පෙනෙන්නට ඇති බවට වෛද්‍යමය සාක්ෂි කිහිපයක් තිබේයැයි බීබීසී සෞඛ්‍ය වාර්තාකරු ජේම්ස් ගැලගර් පවසා තිබේ.

එසේ නමුත් චීනය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ස්පාඥය යන රටවල මෙම ඖෂධය සැබෑ රෝගීන් තුළ හැසිරෙන ආකාරය පෙන්වීමට වැදගත් වන සම්පූර්ණ සායනික අත්හදා බැලීම් තවමත් සිදු කර නැති බව ද බීබීසීය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙතෙක් එහි ලදායීතාවය පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති නමුත් එය අඛණ්ඩ පර්යේෂණයන්හි කොටසක් බවයි.

චීනයේ සහ ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 රෝගීන්ට ක්ලෝරෝක්වින් ලබා දී කරන ලද කුඩා පරිමාණ අත්හදා බැලීම් මගින් පෙන්වා ඇත්තේ රෝගයේ ගමන් මග එමගින් කෙටි කරන බවට පමණකි.

ආමෙරිකාවෙහි ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසන්නේ ක්ලෝරෝක්වින් ප්‍රතිකාරය ගැන දැනට ඇති සාක්ෂි අප්‍රමාණවත් බවයි. පර්යේෂණයට ලක් කර ඇත්තේ රෝගීන් 36 දෙනෙකු පමණකි. අධ්‍යයනයේ දී ඇත්ත වශයෙන්ම හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලබා දෙන ලද්දේ 26 කුට පමණි. එය ඉතා කුඩා නියැදියකි. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් හිසරදය, කරකැවිල්ල සහ පාචනය වැනි අතුරු ආබාධ ඇති කළ හැකිය, එබැවින් එය වෛද්‍යවරුන්ට එකවරම ලෙස නියම කළ හැකි දෙයක් නොවේ,” කියාය.

නමුත් වියත් මඟ ප්‍රධානියකු වන චන්න ජයසුමන කියන්නේ “මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදව ඇරඹිය යුතු”ය කියා ය. කිසිදු සායනික පරීක්ෂණයක් මගින් හෝ අන්තර් ජාතික වෛද්‍ය සංවිදායකින් හෝ තහවුරුකර නැති ඖෂධයක් මෙරට රෝගීන්ට දීමට යෝජනා කරන චන්න ජයසුමන එමගින් ඇතිවන අතුරු ආබාධ යනාදියට වග කියන්නේ ද?

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ගෝලීය සෞඛ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඩි ලැන්ග් පවසන්නේ “මෙම වයිරස් ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා කුමන ප්‍රතිකාර ක්‍රම භාවිතා කළ හැකිද යන්න දැන ගැනීම සඳහා සායනික පරීක්ෂණ සිදු කළ යුතු” බවයි.

හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් මගින් කොතරම් දුරට කෙරෝනා වයිරස අසාදනයට ප්‍රතාකර කළ හැකි ද යන්න සම්බන්ධයෙන් දැන් ලොව බොහෝ රටවල සායනික මට්මමේ පර්යේෂණ පැවැත්වේ.

ප්‍රතිකාරකය ෂධ ගණනාවක එකතුවක් විය හැකි අතර අවසානයේ ක්ලෝරෝක්වින් ද කොවිඩ් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වනු ඇතැයි යම් වෛද්‍යවරු පවසා තිබේ.

ක්ලෝරෝක්වින් පමණක් ගැටලුව විසඳන්නේ නැත” කියා කෙන්ට් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යා ජෙරමි රොස්මන් පවසයි.

මේ අතර රජයේ වෛද්‍ය සංගමය 21 දා මහාචාර්ය කමිනි මෙන්ඩිස් විසින් ඉදිරිපත් කරන ලද සංදේශයක් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය වෙත 21 දින ඉදිරිපත් කරන ලදී. එහි සඳහන් වන්නේ “යිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් මත පදනම්ව ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර මාර්ගෝපදේශ” යනුවෙනි.

මෙම සංදේශයේ සඳහන් වන්නේ ප්‍රංශ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන ඩිඩියර් රවුල්ට් විසින් රෝගීන් 25 දෙනෙකු පමණක් සම්බන්ධ කරගෙන කරන ලද පර්යේෂණයක් සම්බන්ධයෙන් එම මහාචාර්යවරයා විසින් ඊමෙල් මගින් දන්වන ලද තොරතුරුය.

මෙම පර්යේෂනය කොයිතාක් දුරට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි ද යන්න සම්බන්ධයෙන් ඇති ඉතා වැදගත් විවේචනාත්මක තොරතුරු එම සංදේශයට ඇතුළත් කර නැත.

එම පර්යේෂණයට සම්බන්ධ කර ගන්නා ලද රොගීන් පිළිබඳ විස්තර මෙසේ ය: වයස අවුරුදු 12-17 අතර පස්දෙනෙකු, වයස අවුරුදු 18-64 අතර 10 දෙනෙකු සහ වයස අවුරුදු 65 හෝ ඊට වැඩි 10 දෙනෙකු ය. ‌

මර්සෙයිල් හි IHU Méditerranée Infection හි මහාචාර්ය ඩිඩියර් රවුල්ට් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මෙම උපකල්පනය අනෙකුත් ප්‍රකට බෝවන රෝග විශේෂඥයින් විසින් බැහැර කරන ලද අතර ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය ව්‍යාජ ප්‍රවෘත්තියක් ලෙස බැහැර කරන ලද බව www.medscape.com වාර්තා කරයි.

එපමණක් නොව, මෑතකදී දියත් කරන ලද යුරෝපීය සායනික අත්හදා බැලීම්වල කොටසක් ලෙස අධ්‍යයනය කරන ලද ප්‍රතිකාර හතර අතර ක්ලෝරෝක්වීන් ලැයිස්තු ගත කර නොමැත. එයට ප්‍රංශයේ රෝගීන් 800 ක් ද ඇතුළුව රෝහල්ගත රෝගය උත්සන්න වූ රෝගීන් 3200 ක් ඇතුළත් විය.

එම පර්යේෂණය සඳහා ක්ලෝරෝක්වීන් ප්‍රතික්ෂේප කරන ලද්දේ ආසාදිත රෝගීන් පෙළෙන අනෙක් රෝග සඳහා ලබා දෙන වෙනත් ෂධ සමඟ අන්තර්ක්‍රියා කිරීමේ එහි අවදානම සහ සුවවෙමින් සිටින රෝගීන් තුළ ඇති විය හැකි අහිතකර බලපෑම් හේතුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහන් අංශයේ සායනික සත්කාර අංශයේ ප්‍රධානී ජැනට් ඩයස් පෙබරවාරි මාසයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ පැවසීය:

මේ මොහොතේ කොවිඩ්-19 සඳහා පලදායී ප්‍රතිකාර ක්‍රමයක් නොමැති බ පැහැදිලි . කෙසේ වෙතත් මේ මොහොතේ චීනයේ ද සායනික අත්හදා බැලීම් සිදු වෙමින් පවතී. ක්ලෝරෝක්වීන් පලදායී ප්‍රතිකාරයක් බවට කිසිදු සාක්ෂියක් මෙම අවස්ථාවේදී නොමැත. කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පෙන්වීම සඳහා ආචාරධාර්මිකව අනුමත කරන ලද සායනික අත්හදා බැලීම් යටතේ ඖෂධ පරීක්ෂා කරන සේ අපි නිර්දේශ කරමු.

ක්ලෝරෝක්වීන් හෝ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් මගින් කොරොන වයිරසයට ප්‍රතිකාර කළ හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් කිසිදු පිළිගැනීමක් කර නැත.

මෙරට ඉදිරිපත්ව ඇති ඉහත කී මෙම සියලු නිර්දේශ මගින් සිදුවනු ඇත්තේ දේශපාලන වාසි ගැනීම සඳහා රෝගීන් පර්යේෂන මියන් ලෙස භාවිතා කිරීමක් බවට පත් වීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමතයකින් තොර හුදෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඒ පිටුපස යන යන විවිධ දේශපාලනඥයින්ගේ මුසාවාද මත ක්‍රියා කිරීම ඥනවන්ත ආණ්ඩුවක පිළිවෙත නොවිිිය යුතුය..

the-scientist.com , www.medscape.com, www.deseret.com සහ www.vox.com හි පළ කරන ලද ලිපිද ඇසුරෙනි.

Back to Top