Sri Lanka Brief
පුවත්විවරණකොවිඩ් 19: ශ්‍රී ලංකාව 100 පසු කිරීමෙන් පසු කොතැනට ද?

කොවිඩ් 19: ශ්‍රී ලංකාව 100 පසු කිරීමෙන් පසු කොතැනට ද?

by

රොහන්ත එන්.. අතුකෝරාළ විසිනි.

කොව්ඩ් 19 ට මුහුණ දී සිටින්නාක් වැනි අභියෝගයට එල්ටීටීඊය, පාස්කු ප්‍රහාරය හෝ විනාශකාරී සුනාමිය සමඟ යුධ සමයේදී වේවා, ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ නැත.

ඊට ඇති තර්කනය නම් සංචාරක, අපනයන සහ විදේශ ප්‍රේෂණ යන සියලුම ආදායම් උපයන අංශ කෙරෙහි කොවිඩ් 19 වසංගතය බලපෑම් කිරීමයි. පසුගිය සතියේ එක්සත් ජනපද ඩොලරයේ අගය රුපියල් 187.23 දක්වා පහත වැටී ඇති අතර කොටස් වෙළඳපොල 2009 මට්ටම දක්වා පහත වැටී ඇත.

දළ දේශීය නිෂ්පාදිතයේ 2.6% ක වර්ධනයක් සහ ගෘහස්ථ ආදායම -7.4% කින් පහත වැටී ඇති රටක් වන ශ්‍රී ලංකා ආර්ථිකයට කොව්ඩ් 19 දැඩි තර්ජනයක් වන බව නිසැකය.

කොවිඩ් 19 මගින් මෙරට බලපෑමට ලක් වූ මූලික කොටස අප විශ්ලේෂණය කරන්නේ නම්, ඔවුන් ඉතාලියේ හෝ දකුණු කොරියාවේ වැටුප් උපයන්නෙකු සිටින පවුල් වේ. මේවා ගෝලීය වශයෙන් උණුසුම් ස්ථාන දෙකකි. අපි ඔවුන්ගේ වැඩ කරන පැතිකඩ විශ්ලේෂණය කරන්නේ නම්, බහුතරය නිල් කරපටි කම්කරුවන් වන අතර ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවමින් දායකවන්නන් බව පෙනෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පළමු රෝගීන් 50 වාර්තා වූයේ දකුණු කොරියාව, ඉතාලිය, එක්සත් ජනපදය හා ඉන්දියාවට වඩා වේගයෙනි. රෝගීන් තිදෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා ඇත.

කොව්ඩ් 19 හි වක්‍රය සමතලා කිරීම සඳහා ලොව පුරා බොහෝ ආකෘතීන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර වඩාත්ම සාර්ථක වන්නේ හොංකොං සහ සිංගප්පූරුවයි. සමහර රටවල් ‘ලොක්ඩවුන්’ ක්‍රමය අනුගමනය කරයි. එනම් චීනය, ඉතාලිය සහ ප්‍රංශය යනාදී රටවල ය. ‘සමාජ දුරස්ථභාවය’ පිළිබඳ උපායමාර්ගය ද සිත්ගන්නාසුලු ආකෘතියකි.

මේ සම්බන්ධයෙන් රටක වැදගත්ම මූලික කාර්ය සාධන දර්ශකය වන්නේ රෝගය පරීක්ෂා කිරීම සඳහා ඇති සම්පත් ය. නිදසුනක් වශයෙන්, හඳුනාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා දකුණු කොරියාවට පරීක්ෂණ කට්ටල මිලියනයක 3,600 ක අනුපාතයක් තිබුණි. වාහන හිමිකරුවන් සඳහා රථය පදවාගෙන යන අතරම පරීක්ෂා කිරීමේ උපාය මාර්ගයක් මෙයට ඇතුළත් විය. එක්සත් ජනපදයේ එය බියජනක පහළ මට්ටමක් වන මිලියනයක250කි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වූ වහාම ඊට සම්බන්ධ ප්‍රධාන ඒකකය විසුරුවා හැර ඇති බව උපාය මාර්ග විශ්ලේකයින් විසින් අවධාරණය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම දත්ත පිළිබඳව අපට විශ්වාසයක් නැත. මුලින් රජයේ රෝහල් පමණක් මෙම සේවාව නොමිලේ ලබා දුන් අතර බදාදා සවස සිට පෞද්ගලික අංශයේ රෝහල්වලට පවා කොරෝනා පරීක්ෂණය කළ හැකි බව නිවේදනය කළ නමුත් එකී රෝහල් අදාළ රජයේ ආයතනයට රෝග විනිශ්චය දැනුම් දිය යුතුය.

කෙරෝනා වයිරසයේ වර්තමාන හැසිරීම් රටාවට අනුව, රටක කොවිඩ් රෝගීන් 100 ඉක්මවා ගියහොත්, චර්යාත්මක අධ්‍යයනවලට අනුව, රෝගීන් 1000 කරා ළඟා වීමට ගත වන්නේ දින 5 සිට 7 දක්වා කාලයකි. මෙම ගණනය කිරීම, රට සංස්කෘතිය හා ජනගහනයේ නත්වය අනුව වෙනස් විය හැකිය.

රෝගීන් සියයක සීමාවේ සිට 1000 දක්වා යෑමට ඉතාලිය දින හයක්, ඉරානය දින පහක්, ස්පාඥයට දින හතක්, දකුණු කොරියාව දින හයක්, ජර්මනිය සහ එක්සත් ජනපදය දින අටක් ගත විය. චීනය 1000 සීමාව පසු කිරීමට දින හතරක් ගත විය. රට අගුලු දැමීම/ඇදිරි නීතිය පැණවීම මගින් මෙරට රෝගීන් සංඛ්‍යා 100 ට වඩා අඩු මට්ටමක තබා ගන්නා ලෙස තෙරපීම් කැරෙන්නේ ඒ නිසා ය. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින පවුල්නැඹුරුසංස්කෘතිය සහ වයස්ගත ජනගහනය සැළකිල්ලට ගත්කළ විශාල ව්‍යාප්තියකට අප ලක්විය හැකිය.

කෙසේ වෙතත්, ස්ථාන නිශ්චිත ඇඳිරි නීතිය පැණවීම සහ ‘හඳුනාගෙන හුදකලා කිරීම’ යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කැරෙන උපාය බව ජනාධිපතිවරයාගේ දැඩි මතයයි. මෙම උපාය මාර්ගය සාමාන්‍ය ජනතාවගේ සහාය ඇතිව ක්‍රියාත්මක කළහොත් කොවිඩ් වක්‍රය සමතලා කළ හැකි බව ඔහු තවදුරටත් කියා සිටියේ ය.

සමාජ දුරස්ථභාවය

සමාජ දුරස්ථභාවය පිළිබඳ සංකල්පය මත පදනම් වූ බොහෝ ආකෘති තිබේ. රටකට රෝගය ව්‍යාප්තවීමේ ක්‍රියාවලිය අඩු කිරීමට අවශ්‍ය නම් එය ‘සමාජ දුරස්ථභාවය’ යන මූලික මූලික කරුණ අනුගමනය කළ යුතුය. කොවිඩ් 19හි බෝවීමේ අනුපාතය එක් වහකයකුගෙන් තවත් පුද්ගලයන් තුන් හතර දෙනෙකු බවයි. මෙයින් අදහස් කරන්නේ එක් ආසාදිත පුද්ගලයෙකු තුන් හතර දෙනෙකු ආසාදනය කරන බවයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුල් ප්‍රමාණය හතරක් වීම මෙම සාධකයට අනුකූල වේ. එබැවින් ශ්‍රී ලංකාවෙහි රෝගීන් 51 තහවුරු වී ඇති විට තවත් 212 ක් පමණ සැක සහිත ගණයට වැටීම මෙම ගණිතය මගින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම තර්කනය අසාමාන්‍ය සමාජ හැසිරීම් වලදී විශාල ලෙස වෙනස් විය හැකි අතර පසුගිය සතියේ  3,000 ක් පමන තදබද ව ගැසුන ක්‍රිකට් මහ තරඟයේ දී පුළුල් ශාරීරික සම්බන්ධතා පවත්වනු අපි දුටුවෙමු. බලධාරීන් එවැනි කටයුත්තක් කරගෙන යාමට ඉඩ දීම ඉතා කණගාටුවට කරුණකි. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථිකය විනයගරුක වැඩ ආචාර ධර්ම ප්‍රවේශයකට වඩා ශක්තිමත් බවයි.

කොවිඩ් 19 පුපුරා යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින හෙයින්, අගුලු දැමීම මඟහරින ලද බැවින් වයිරසය පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වූ ශ්‍රී ලංකාවට සමාන රටක රෝගය බෝ වූ චර්යා රටාවන් අවබෝධ කර ගැනීම අපට වැදගත් .

පසුගිය පෙබරවාරි 15 න දිනවන විට ඉතාලියෙහි සිටියේ රෝගීන් තිදෙනෙක් පමණි. 23 වනදා විට එය 157 ක් විය. 29 දා වන විට රෝගීන් 1,128 ක් (ගෙවුණේ දින හයක් පමණි) මාර්තු 7 වන විට එය පුද්ගලයින් 5,883 ක් (දින හතක විසරණය) ඉක්මවා ගොස් ඇති අතර, මාර්තු 10 වන විට එය රෝගීන් 10,149 ක් කරා ළඟා විය. මාර්තු 16 වන විට එම සංඛ්‍යාව රෝගීන් 27,980 ඉක්මවා ඇති අතර, එයින් අදහස් වන්නේ හුදෙක් දින හයක විසරණයකින් මෙම සංඛ්‍යාව ඇති වූ බවයි. මෙය ඉතාලියේ අගුලු දැමීමෙන් පසුව වුවද ඇති වූ තත්වයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමට උත්සාහ කරන ලද්දේ මෙම කතත්වය උඩ ය.

සැලකිල්ලට ගත යුතු තිරණාත්මක ලක්ෂ්‍යයක් නම් පෙනහළු වලට හානි වූ වී කොවිඩ් 19 හි තීරණාත්මක අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇත්තේ රොහල් ඇඳන් 500 ක් පමණක් බවයි. එබැවින් අසාධ්‍ය රෝගීන් කිසි විටෙකත් 2% පරිදි සමස්ත සංඛ්‍යාව 500යෙන් පහළ තබා ගත යුතුය. මෙම ගණනය කිරීම ඉතාලියේ සිදු නොකරන ලදී. එම නිසා එම රටේ වැඩි අවදානමට ලක්විය හැකි වයස්ගත ජනගහනය හේතුවෙන් විශාල හානි සිදුවිය.

ඉතාලියේ භාවිතයට ගත් ආකෘතියට ගැඹුරට සාකච්ජා කිරීමට මට ඉඩ දෙන්න.

අදියර 1: කොවිඩ් 19 කෙරෝනා වයිරසය පවතින බව සියලු දෙනා දැන සිටි අතර පළමු රොගීන් රටෙහි වාර්තා විය. මිනිසුන් එය ‘නරක උණක්’ ලෙස හැඳින්වූ අතර ‘මට වයස 75ට වැඩි නැත. ඉදින් මට කුමක් සිදුවිය හැකිද?’ වැනි දේවල් පැවසූහ. ‘මම ආරක්ෂිතයි, හැමෝම ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරනවා. මම සුපුරුදු පරිදි මගේ ජීවිතය ගත කරන්නෙමි.” යැයි ද කීහ. ’

අදියර 2: රෝගීන් ගණන 50 ක් දක්වා ඉහළ ගිය අතර, ‘රතු කලාපයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද කුඩා නගර එකක් හෝ දෙකක් නිරෝධායනය කරන ලදී. මුලින් රෝගීන් කිහිප දෙනෙකු සොයා ගත් අතර කල්නොයා බොහෝ පුද්ගලයින් ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී. මම විශ්වාස කරන්නේ අපි ශ්‍රී ලංකාවේ දැන් එම තත්වයේ සිටින බවයි. ඉතාලියේ සමහර මරණ පසුව වාර්තා විය. මිය ගියේ ප්‍රධාන වශයෙන් වයස්ගත පුද්ගලයින් සංකූලතා ඇති අයයි. ශ්‍රී ලංකාව මේ දක්වා පරිණත වී නැත.

3 වන අදියර: සංඛ්‍යා වේගයෙන් දෙගුණ වන විට රෝගීන් 100 සීමාව පසුකරමින් වේගයෙන් ඉහළ ගියේය. නිරෝධායන භූමි ප්‍රමාණය රටෙන් 25% ක් දක්වා වැඩි විය. සැකකහිත රෝගීන් 10,000 සීමාව පසු කළ නමුත් ඉතාලියේ ජනගහනයෙන් ඉතිරි 75% ක බහුතරයක් තමන්ගේ ජීවන රටාව දිගටම කරගෙන ගියහ. ඔවුන් තවමත් තත්වයේ බරපතලකම වටහාගෙන සිටියේ නැත. මිනිසුන් අත් සේදීම පුරුද්දක් ලෙස කළ නමුත් විෂබීජ පැතිරීම වළක්වා ගැනීමට උනන්දු නොවීය.

4 වන අදියර: රෝගීන් ගණන විශාල ලෙස වැඩි වීමට පටන් ගත්තේය. සියලුම අවන්හල්, මත්පැන්හල් සහ ආහාර ගන්නා ස්ථාන වසා දමන ලෙස ආණ්ඩුව නියෝග කළේ ය. ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලදී. රෝහල් ධාරිතාවය පිරී ගිය අතර කොරෝනා වයිරස් රෝගීන් සඳහා ඉඩකඩ සැලසීම සඳහා රොහල් හි සමස්ත ඒකක ඉවත් කරන ලදී. වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ හිඟයක් පවතින බවට වාර්තා පළ වන්නට පටන් ගත්තේ ය.

5 වන අදියර: රට අනතුරුදායක කලාපයක් ලෙස හැඳින්වූ අතර මිනිසුන් විනය ගත කරවන ලදී. බඩු ගැනීමට යෑමට කාලයක් ද වෙනු කැරැණි. අගුලු දැමීම දැඩි ලෙස බලාත්මක වූ අතර මුළු රටම නිරෝධායනය යටත් කර ඇතැයි ප්‍රකාශයට පත් කරන ලදී. පැහැදිලිවම එහි පරමාර්ථය වූයේ වයිරසය පැතිරීම ප්‍රමාද කිරීම යි. වලංගු හේතුවක් මත මිස මිනිසුන්ට එළියට යෑමට තහනම් කරන ලදී. බහුතරයක් දෙනා මුහුණූ ආවරණ සහ අත්වැසුම් පැළඳ සිටි නමුත් එතෙකුදුත් ඔවුන් අපරාජිත යැයි සිතූ අය සිටියහ.

6 වන අදියර: මිනිසුන් සමාජගත වීම නතර කරන ලද බැවින් නිසා ව්‍යාපාර මෙන්ම බාර් සහ අවන්හල් වසා දැමුණි. වෙළද ම්‍යස්ථාන, සියලු ආකාරයේ විනෝදාස්වාද ස්ථාන වසා දැමුණි.. මිනිස්සු ආරක්ෂාව පතා දෙවියන් වෙතට හැරෙන්න පටන් ගත්. සුපිරි වෙළඳසැල් සහ ෆාමසි හැර අනෙක් සියල්ල වසා දමන ලදී. මිනීමැරුම් සම්බන්ධයෙන් උල්ලඝනය කරන්නන්ට සිර දඩුවම් නියම විය. ඉතාලියට දැන් පැමිණ ඇති තැන මෙය යි.

නිගමනය

ඉහත දැක්වෙන්නේ ඉතාලියේ දක්නට ලැබෙන ආකෘතිය වන අතර සිංගප්පූරුව, හොංකොං වැනි රටවල වෙනත් ආකෘති බලාත්මක කර ඇත. ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා උපායමාර්ගය වෙනස් බවත් තමන් වක්‍රයට වඩා ඉදිරියෙන් සිටින බවත් ය.

ශ්‍රී ලංකාවට කොවිඩ් 19 කළමනාකරණය හා එය සමඟ සටන් කිරීමේ නව න්‍යායක් එකී දැනුමට එකත කිරිමට හැකිදැයි බලමු.

ලොව පුරා රජයන ඔවුන්ගේ පාලන කුසලතා, සෞඛ්‍ය සේවා අංශයේ අත්දැකීම් සහ මානව ප්‍රාග්ධනයේ පොහොසත්කම තක්සේරු කිරීම සඳහා මෙම අවස්ථාව සැබෑ ජීවිත පරීක්ෂණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ නිසා ය. ඉදිරි මාස කිහිපය ගෝලීය වශයෙන් වැදගත් කාලයක් බවට වනු ඇත.

(ලේඛකයා දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර කෘතිම බුද්ධි සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු වන අතර හාවඩ් විශ්ව විද්‍යාලයේ විධායක අධ්‍යාපන ආදි ශිෂ්‍යයෙක් A.P.J. අබ්දුල් කලාම් සම්මානලාභියෙක් ද වේ. මෙම අදහස් ඔහුගේ පෞද්ගලික අදහස් .)

(ඩේලි එෆ් ටී පුවත්පතෙහි පළ වූ COVID-19: Will Sri Lanka cross 100 patients? නම් ලිපියෙහි සංෂිප්ත සිංහල අනුවාදය ලංකා බ්‍රීෆ් විසිනි).

Back to Top