Sri Lanka Brief
පුවත්ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පැනවීම ලෝක මට්මටමෙහි එවැනි පළමු අවස්ථාවයි – ද ගාර්ඩියන්, බ්‍රිතාන්‍යය.

ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පැනවීම ලෝක මට්මටමෙහි එවැනි පළමු අවස්ථාවයි – ද ගාර්ඩියන්, බ්‍රිතාන්‍යය.

by

ඡායාරූපය: යුදහමුදාවට බාර දුන් සිය දරුවන්ට කුමක් වීදැයි පිළිතරු ඉල්ලා සිටින මව්වරු තවමත් මඟ දෙපස උද්ඝෝෂණයන්හි නරත වී සිටිති. (පුස්තකාල ඡාජාරූපය ©සුනන්ද දේශප්‍රිය)

2009 දී දෙමළ කොටින්ට එරෙහි ගැටුමේ අවසන් අදියරේදී සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවා තිබේ.

සිල්වාට සහ ඔහුගේ පවුලේ අයට එරෙහි එක්සත් ජනපද සංචාරක තහනම, ශ්‍රි ලංකාවේ සමූහ ඝාතන සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ කවර හෝ සැකකරුවෙකු ලෝක මට්ටමෙහි දී වගවීමට ලක් කිරීම පළමු අවස්ථාව සනිටුහන් කරයි.

මෙම සම්බාධක පැනවෙන්නේ කුරිරු ප්‍රතිකැරැල්ල අතරතුර ආරක්ෂක ලේකම් ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත්වී මාස තුනක් ගිය තැන ය. ඔහුගේ ජයග්‍රහණය විසින් යුද අපරාධ සඳහා ද විනිර්මුක්තිය නැවත ස්ථාපාතවනු ඇතැයි මානව හිමිකම් ආරක්ෂනයන් ඛාදනය වී යනු ඇතැයි ද යන බිය ඉහළ නැවූවේ ය.

2008-09 ගැටුම අතරතුර, ජෙනරාල් සිල්වා හමුදාවේ 58 වන සේනාංකයේ අණදෙන නිලධාරියා විය. අවසාන ප්‍රහාරය සුදානම් වෙමින් තිබූ බැවින් සිවිල් වැසියන් දස දහස් ගණනාවකට රැකවරණය සදහා යන ලෙස රජය දන්වන ලදයුද මුක්ත කලාප” වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට එම සේනාංකයට චෝදනා එල්ල විය.

සිල්වාගේ හමුදාවන්ට යටත් වීමෙන් පසු සිය ගණනක් දෙමළ කොටි සටන්කරුවන් ද අතුරුදහන් විය. ඔහු 2019 ජනවාරි මාසයේදී හමුදා ප්‍රධානියා ලෙස උසස් වීම පුළුල් විරෝධයකට ලක් විය.

ශ්‍රී ලංකාවේ සමූහ අපරාධ සම්බන්ධයෙන් වගවීම වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියේ වැඩසටහන් සම්බන්ධීකාරක ප්‍රාන්සිස් හැරිසන් මෙසේ පැවසයි. “වඩාත්ම කුප්‍රකට නිලධාරරීන්ගෙන් අයකු යුද හමුදාපති බවට පත් කළ විට එහි ප්‍රතිවිපාක නොලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය සිතුවේ කෙසේද?

ශවේන්ද්‍ර සිල්වා හමුදාපති සහ වැඩබලන ආරක්ෂක ප්‍රධානියා ලෙස උසස් කිරීම ජාත්‍යන්තර නීතිය කෙරෙහි උග්‍ර නොසැළකිල්ලක් පෙන්වීමක් මෙන්ම සිවිල් යුද්ධයේ වින්දිතයින්ට අගෞරව කිරීමක් විය.

Still Counting the Dead: Survivors of Sri Lanka’s Hidden War කතුවරිය වන හැරිසන් මෙසේ පැවසීය. යුධ සමයේ අවසන් දින සිය ගණනක් ද්‍රවිඩයන් බාරවීම නැරඹීමට ඔහු පැමිණ සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති. එසේ බාර වූ පිරිස් පසුව හමුදා අත්අඩංගුවේ දී අතුරුදහන් විය. එසේ සිය දරුවන් බාරදුන් මව්වරු සිය දරුවන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීම පිනිස පාර දෙපස දැඩි අව්වේ වාඩි වී සිටිත්.”

මෙය යුක්තිය නොවේ. එය නින්දාවකි. ”

2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදු කරන ලද මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී මිනීමැරුම්” සම්බන්ධයෙන් අණදෙන වගකීමකීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පනවන ලද සම්බාධකය ඔහු බැඳ තබයි.

සමූහ ඝාතනවල වැරදිකරුවන් වගවීමට ලක් කරන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට එකඟ වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත කරන ලද යෝජනා ශ්‍රී ලංකාව විසින් නොසලකා හැර තිබේ.

හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියාවේ අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පවසන පරිදි සිල්වා හමුදාවේ ප්‍රධානියා බවට පත්වී රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ දා සිට වින්දිතයන්ගේ පවුල්වලට සහ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ සාක්ෂිය ඉල්ලා අස්කර ගැනීමට බලපෑම් එල්ල වී තිබේ.

ඉන් පසු, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට ඔවුන්ගේ විරෝධතා නතර කොට සහ පැමිණිලි ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අංශවලින් තර්ජන එල්ල වී තිබේ,” යැයි ගංගුලි පවසයි. ඔවුන්ගේ රැස්වීම් හා සැලසුම් පිළිබඳව විමසමින් ඔවුනට බුද්ධි අංශවලින් දුරකථන ඇමතුම් ලැබෙන්නට පටන් ගෙන තිබේ.

සම්බාධක ප්‍රසිද්ධියට පත් කරමින් නිවේදනයක් නිකුත් ක එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙසේ පැවසීය: “මානව හිමිකම් ප්‍රවර්ධනය කරන ලෙසත්, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් ඒවාට වගවීමට සලස්වන ලෙසත්, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයන ලෙසත් සහ යුක්තිය හා ප්‍රතිසන්ධානය දෙන ලද පොරොන්දු තහවුරු කඑන ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.”

(A translation by SLB of  a story published by The Guardian on 15 Feb 2020)

Back to Top