Saturday, October 24, 2020

වයස13න් එල්ටීටීඊයට බැදී කදිරගාමර් ඝාතනයට සිරගතවූ ගනේශසිවම්

(පහත දැක්වෙන තොරතුරු සියල්ල ස්ට්‍රට්ග්‍රාට් හි දෙවන කලාපීය අධිකරණය හමුවේ මසකට පෙර විභාග වූ  ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන නඩුවෙහි දී දී හෙළිදරව් වූ කරුණු ය. නඩුව අවසානයේ දී ගනේශසිවම්ට ස අව්රුදු සහ දස මායක සිර දඩුවමක් නියම කරන ලදී. දැන් ඔහු ස්ට්‍රට්ග්‍රාට් සිර ගෙදරක එම දඩුවම විදිමින් සිටී.)

නවනීදන් ගනේශසිවම් දෙමළ ඊළාම් කොටි සංවිධානයට බැදුණේ 1992 දී යම්තම් වයස 13ක් වූ විට ය. ඔහු අවි අතර ගත්තේ කැමැත්තෙන් ද බලහත්කාරය නිසාදැයි දැන ගන්නට ද නැත.

ළමා විය ඉක්ම වූ වහාම ඔහුට කොටි සංවිධානයේ බුද්ධි අංශ පුහුණුවක් ලබා දෙන ලදුව බුද්ධි අංශයට බදවා ගැනිණ. වසර 2000වන තුරු ඔහු යාපනයේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රියාකාරිත්වය ගැන ඔත්තු සෙවීම සහ බැලීමේ යෙදී සිටියේ ය.

වසර 2000 දී ඔහු යළි වන්නියට කැඳවනු ලදුව ඔත්තු සෙවීම පිළිබඳ උසස් පාඨ මාලාවකට අනුයුක්ත කරන ලදී. ඉන් පසු කොටි සංවිධානයේ දිවුරුම දීමෙන් පසු  සයනයිඩ් සූරයක් ලැබුණි. එකී පුහුණුවෙන් පසු ඔහුගේ තනතුර උසස් විය. පුහුණුව අවසානයෙහි දී ගනේශසිවම්ට ඔත්තු සේවා අංශයේ ප්‍රධානියකු වූ සින්ධූ විසින් තීරණාත්මක කාරියක් පවරණ ලදී. එනම් කොළඹට සංක්‍රමණය වී එවකට විදේශ අමාත්‍ය වූ ලක්ෂ්මන් කදිරගාමර් පිළිබඳ තොරතුරු රැස් කිරීම යි. කදිරගාමර්ගේ හරු පුරුදු, වර්යාවන්, යනනෙ තැන්, සබඳතා ආදිය සොයා බැලීමත් එම තොරතුරු වන්නි ඔත්තු සේවා අංශයන්ට වාර්තා කිරීමත් ඔහුට පැවරැණූ රාජකාරිය විය.

කොළඹට සංක්‍රමණය වී එහි පැලපදියම් විමට අවශ්‍ය පියවර සකස් කර ගැනීමෙන් පසු 2002 දී ගනේශසිවම් සාමන්‍ය දෙමළ ජාතික තරුණයකු ලෙස කොළඹට පැමිණයේ ය. ඉක්මනින්ම ඔහුට වැල්ලවත්තේ කොමිියුනිකේෂන් ආයතනයක රැකියාවක් ලැබුණී. ඔහුගේ වාසස්ථානය බම්බලපිටියෙන් ලැබුණි.

වැල්ලවත්තේ පිහිටි මෙම ටෙලි කොමියුනිකේශන් ආයතනය ගනේශසිවම්ට දෙආකාරයකින් ප්‍රයෝජනවත් විය. එකක් නම් දෙමළ ජනයා විදෙස්ගතව සිටින සිය ඥාතීන් හා පවත්වන සබඳතා දුරකථන මාර්ගයෙන් අසා ගැනීමයි. අනෙක් නම් කදිරගාමර් ගේ නිවෙස ආසන්නයේ ජීවත්වන පවුල් සමඟ ඇයි හොදයිකම් වගා කර ගැනීම යි.

නඩුව විමසන ලද ස්ට්‍රට්ග්‍රාට් හි විශේෂ අධිකරණය

ගනේශසිවම් ඉක්මනින්ම ඩග්ලස් දේවානන්දා ගේ නායකත්වයෙන් යුතු ඊපීඩීපී සංවිධානයේ පිරිස් සමඟ මිතුරු විය. එමගින් කොළඹ නගරය තුල බාධාවකින් තොරව ගමන් කිරීමට ඔහු මාර්ගයක් පාදා ගත්තේ ය. ඊපීඩීපී කාර්යාලය පිහිටා තිබුණේ වැල්ලවත්තට ආසන්නයේ ය.

දහවල් කාලයේ කොමියුනිකේශන් ආයතනයේ රැකියාව කළ ගනේශසිවම් සවස් කාලයේ පා පැදියකින් අවට සැරි සරන්නට ගියේ ය. කදරිගාමර් ජීවත් වූ බුලර්ස් මාවත ද මෙම පාපැදි සවාරිවල ඉලක්කයක් විය. කදිරගාමර්ගේ නිවෙසට නුදුරින් ඇති දෙමළ ජාතික නිවසක් පිළබඳ ඔහුට ඉව වැටුණි. එහි නිවැසියෝ ද දුරකථන ඇමැතුම් දීම සඳහා ඔහු සේවය කළ කොමියුනිකේශන් එකටම ආගිය අය වූහ. ඔවුන්ට විවිධ උදව් සහ ලාබ ප්‍රයෝජන අත්කරදී ගනේශසිවම් ඔවුන් සමඟ මිතුරු වීමට වග බලා ගත්තේ ය. පසුව මෙම මිත්‍රත්වය උඩ එම නිවැසියෝ සවස්තේ යාමයෙහි  බීමට එන ලෙස ඔහුට ආරාධනා කළහ. මෙම නිවසෙහි උඩු මහළ තිබුණේ හිස්ව ය.

එවැනි එක් සැන්දෑවක දී ගනේශසිවම් තමාට ලැබුණු දුරකථන ඇමැතුමට පිළිතුරු දීමට උඩුමහළට නැගුණි. උඩු මහළෙහි එක් ජනේලයකින් දිරගාමර්ගේ නිවෙසත් ඔහුගේ නාන තටකයත් ඊට බසින පඩි පෙළත්  හොදින් පෙනෙන බව ඔහු සටහන් තර ගත්තේ ය. ඇත්ත වශයෙන්ම නම්  දුරකථන ඇමැතුමකට පිළිතුරු දෙන නියායෙන් ඔහු ඉහළ මාලයට නැගුනේ එම කදිරගාමර් නිවස පිළිබඳ ඔත්තු බැලීමට ය. මේ අතර වෙනත් දිනක දී එම නිවසේ දෙරක යතුරක හැඩය සබන් කෑල්ලක ඔබා ලබා ගැනීමට ද ඔහු සමත් විය.

මුද්‍රිත පොත්පත්හි විවිධ ජේද වර්ණ ගැන්වීම මගින් ඔහු මෙම තොරතුරු වන්නා මූලස්ථානයට යවන ලදී.

” ඩේ ඔෆ් ද ජැකල්” විත්‍රපටය කදිරගාමර් ඝාතන සැළසුම හා යම් දුරකට සමාන බව විත්තිය කියා සිටියේ ය.

මෙම කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ කරැණු දැක්වීම කළ නීතිවේදියා අධිකරණයට කියා සිටියේ කදිරගාමර් ඝාතනය 1973 වසරෙහි දී නිශ්පාදනය කරන ලද “ඩේ ඔෆ් ද ජැකල්” නම් චිතුපටියට සමාන වන ආකාරයකින් ක්‍රියාවට නගා ඇති බවයි. එම චිත්‍රපටය ගෙතී ඇත්තේ ප්‍රංශ ජනාධිපතිවරයකු වූ ඩිගෝල් ඝාතනය කිරීමට දරන ලද ප්‍රයත්නයක් වටා ය. එහි දී යතුරෙහි අනුරුවක් සාදා ගැනෙන අතර වෙඩි තැබීම සිදු කැරෙන්නේ අසළ හෝටලයක ජනේලයකිනි.

කදිරගාමර් ඝාතනය කිරීම සැළසුම් කිරීම සඳහා තවත් එල්ටීටීඊ බුද්ධි අංශ වෙනම කටයුතු කරමින් තිබූ නමුත් ගනේශසිවම්ට ඔවුන් හදුන්වා දී නැත. ඔහු එක් කර ගත් සියලූ තොරතුරු අලුතින් කොළඹට එවූ සුමන් නම් වෙනත් බුද්ධි අංශ සාමාජිකයකුට දී 2004 වසානයේ දී ඔහු යළි වන්නි මූලස්ථානයට පැමිණෙන ලෙස ඔහුට නියෝග කැරැණි.

2005 අගෝස්තු මාසයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ගනේශසිවම් සපයන ලද තොරතුරු සහ සබඳතා ප්‍රයෝජනයට ගනිමින් ඉහත කී නිවසේ සිට ය.

ඉන් අනතුරුව ගනේශසිවම් එල්ටීටීඊ ක්‍රියාකාරකම් පිනිස මලයාසියාවට යවන ලදී. යුද්ධයේ අවසන් දින වලදී එල්ටීටීඊ ප්‍රධානීන් ගනනාවක්ම රහසිගතව කොළඹට ගෙනැවිත් මලයාසියාවට පිටත් කිරීමට ද ගනේශසිවම් සමත් විය. මේ සඳහා කොලඹ දී ඔහු ගොඩගඟා ගත් දේහපාලන සබඳතා ඔහුට ප්‍රයෝජනවත් විය.

මෙම සියලුම කරුණු ගනේශසිවම් විසින් දේශපාලන රැකවරණ පතා ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක දි පහළ අධිකරණයක් හමුවෙහි කරන ලද ප්‍රකාශයක ඇතුළත් වෙයි. ඔහුගේ රැකවරණ ඉල්ලීම මුල් වටයේ දී ප්‍රතික්ෂේප විමෙන් පසු අභියාචනයේ දී මෙතරම් දීර්ඝ විස්තරයක් කරන ලද්දේ මන්දැයි එතරම් පැහැදිළි නැත. නිල නොවන ආරංචි මාර්ග කියන්නේ සමහර විට ලංකාවෙහි ජිවත්වන ඔහුගේ බිරිඳ සහ දරුවාට ජර්මනියට පැමිනීම පිනිස වීසා ලබා දෙන පොරෙන්දුවක් ඔහුට දී තිබෙන්නට ඇති බවයි. එසේ නමුත් ජර්මානු විදේශ අමාත්‍යංශය ඔවුන්ට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කලේ යැයි ද වාර්තා වේ.

මෙම නඩුව වෙනත් රටක විදේශ ඇමැතිවරයකු ඝාතනය කිරීම පිළිබඳ ජර්මනියෙහි විභාග වී ඇති එකම නඩුව ය. මෙම නඩුව ආවරණය කිරීමට කිසිදු ශ්‍රී ලාංකික ජනමාධ්‍යයක් හෝ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ පියවර ගෙන තිබුනේ ද නැත.

කදිරගාමර් ඝාතනය සිදු වූ දිනවල ශ්‍රී ලංකාවෙහි සිටි ජර්මානු තානාපති වරයා ද ඇතුළු සාක්ෂිකරුවන් ගණනාවක්ම නඩු විභාගයට සහභාගි විය. ජර්මානු බුද්ධි අංශ වෙනුවෙන් සාක්ෂි දීමට පැමිණි නිලධාරියා චන්ද්‍රිකා ජියාරූප මාර්ගයෙන් ඝාතනය විස්තර කළේ ය. එම ඡායාරූප ගෙන තිබුණේ ඝාතනයට පසු දා උදෑසන ය. එම ඡායාරූප විශාල කර දැක්වීමේ දී පරීක්ෂනය පවත්වන රහස් පොලිස් නිලධාරීන්ගේ අත් ඔරලෝසු වල වේලාව පවා පැහැදිලිව දර්ශනය විය.

විදේශ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකුවීම සහ මිනීමැරුමකට නවනීදන් ගනේශමූර්ති වරදකරු බව අධිකරණය නිගමනය කළේ ය. ඔහුට ලිහිල් දඩුවමක් ලබා දෙන්නේ ඔහු, ඔහු විසින්ම සපයන ලද කරුණූ උඩ වරදකරු කරන ලද නිසා යැයි අධිකරණය කියා සිටියේ ය. ගනේෂසිවම්ගේ නීතිවේදීන් කියා සිටියේ ඔහුගේ ප්‍රකාශයේ දෙමළ පරිවර්ථනය දොස් සහිත බව ය. මෙම නඩු විභාගයේ දී ද ඔහු දෙමළ- ජර්මානු පරිවර්ථතකයිනට දොස් පැවරීය.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඔහුට තිබේ.

(c) SLB

Archive

Latest news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

Related news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...