Sri Lanka Brief
පුවත්ලිංගික අධ්‍යාපනය : ලිංගිකත්වය නරක දෙයක් නොවේ. එය නොතිබුණි නම්, අප කිසිවෙකු අද මෙහි නැත.- වෛද්‍ය පබසරි ගිනිගේ

ලිංගික අධ්‍යාපනය : ලිංගිකත්වය නරක දෙයක් නොවේ. එය නොතිබුණි නම්, අප කිසිවෙකු අද මෙහි නැත.- වෛද්‍ය පබසරි ගිනිගේ

by

ලිංගිකත්වය, ගතානුගතික, සාම්ප්‍රදායික සන්දර්භය තුළ තහනම් වචනයක් වී තිබීම නිසා, මෙම තහනම විසින් එය සාකච්ඡා මාතෘකාවක් බවට පත් කර තිබේ. ලිංගික අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ උත්සාහයක් වන ‘හතේ අපේ පොත’ 7 ශ්‍රේණියේ සිසුන් අතර බෙදා හැරීමට සැලසුම් කළ විට මෑතකදී සමාජය විරුද්ධව ප්‍රතිචාර දැක්වීය. ලිංගික අධ්‍යාපනයක් නැතිකම නිසා තරුණ තරුණියන්ට මුහුණදීමට සිදුවන ගැටළු අතරට පොදු ප්‍රවාහන සේවයේ හෝ මාර්ගවල දී ලිංගික හිරිහැර වලට මුහුන දීම, නව යොවුන් ගැබ් ගැනීම්, අනාරක්ෂිත ගබ්සා කිරීම්, එච්.අයි.වී. වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය අනුව වෙනස් කොට සැලකීම යනාදිය ද ඇතුළත් . අවසානයේ දී ඒවා ඔවුන්ගේ ස්වභාවික මනෝ ලිංගික සංවර්ධනයට බාධා බවට පත්වෙයි.

ලිංගික අතවරයට ලක්වූ දරුවන්ගේ ලක්ෂණ, අපයෝජන සිද්ධි හා අපරාධකරුවන්මධ්‍යම ශ්‍රී ලංකාවේ තෘතීයික සායන සාම්පලයකින් කරන ලද අධ්‍යයනයක්” යන මාතෘකාව යටතේ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව, සියයට 94 ක් අවස්ථාවන්හි දී සැකකාර අපයෝජකයා කව්ද යන්න දරුවා දැන සිට තිබේ. ළමයින්ට ලිංගික අතවරයට ලක් කරන්නේ අඳුරු පාරවල දී ආගන්තුකයන් විසින් යැයි යන මිථ්‍යාව දුරු කරන ලෝක දත්ත වලට මෙම මෙරට දත්තයන් ද සමාන ය. මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක අංශයේ ප්‍රධානී හා ජ්‍යෙෂ්කථිකාචාරිනී ආචාර්ය පබසරී ගිනිගේ පහත සඳහන් සම්මුඛ සාකච්ජාවෙහි දී ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය සම්බන්ධ නොපැහැදිළි ප්‍රදේශ පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරයි.

ඔබේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ දෙමව්පියන් සහ දරුවන් අතර දුර්වල සන්නිවේදනයක් ඇති බවයි.‍ එමඟින් හුදකලාවන දරුවන්ට සිය අපයෝජන අත්දැකීම් තමන් තුළම තබා ගැනීමට පොළඹවන බවත් ය. මෙම දෙමාපියළමා සම්බන්ධතාවය ශක්තිමත් කල හැක්කේ කෙසේද?

අපගේ අධ්‍යයනය මගින් විශ්ලේෂණය කරන්නේ ලිංගික අතවරයට ලක්වූ දරුවන්ගේ නිශ්චිත නියැදියක් වන බැවින් එහි ප්‍රති රටේ සාමාන්‍ය ජනතාවට සාමාන්‍යකරණය කළ නොහැක. කෙසේ වෙතත්, දශකයකට වැඩි කාලයක් මනෝ චිකිත්සාවියක ලෙස මා ලද අත්දැකීම් අනුව, අපගේ දේශීය අධ්‍යයනයේ ප්‍රතිල අපේ රටේ තත්වය සාධාරණ ලෙස පිළිබිඹු කරන බව මට කිව හැකි ය.

ළමයින් සමඟ ලිංගිකත්වය ගැන කතා කිරීම දෙමාපියන්ට පහසු නැත. එයට හේතුව දෙමාපියන් කිසිවිටෙක නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා නොතිබීමයි. මෙම කරුණු පිළිබඳව ළමයින් සමඟ කල්තියා කතා කළ යුතු බව ඔවුහු නොදනිති. හුදෙක් කුතුහලය නිසා ළමයකු අහඹු ප්‍රශ්නයක් ඇසූ විට, ලැජ්ජාවට පත්වදෙමව්පියෝ දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කරති. නැත්නම් “ඔයාට ඕවා දන්ම වැඩක් නෑ” වැනි දෙයක් කියා ඔවුන්ව නිහඬ කරති. එම නිසා, අවම වශයෙන් මානව ලිංගිකත්වයේ මූලික කරුණු පිළිබඳව දෙමාපියන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමයක් අපට අවශ්‍ය වන අතර, සිය දරුවන් සමඟ කතා කළ යුත්තේ කෙසේද, කවදාද සහ කුමක් ගැනද යන්න පිළිබඳව ඔවුන්ට මග පෙන්වීමක් ලබා දිය යුතු ය. ලිංගික තේමාවන් පිළිබඳ පහසුවෙන් සංවාදයක් ආරම්භ කිරීමට දෙමාපියන්ට හැකි නම්, සිය දෙමව්පියන් සමඟ වඩාත් සැහැල්ලුවෙන් හා විශ්වාසයෙන් යුතුව කතා කිරීමට දරුවන්ට හැකි වනවා ඇත.

ළමා අපයෝජන 94%ම…

අපයෝජන සිදුවීම් සියයට 94 ක්ම, සිදුකරන්නේ ළමයින් දන්නා කෙනෙකු විසිනි. මෙම තත්වය තුළ ලිංගික අධ්‍යාපනය උදව්වක් වන්නේ කෙසේද?

ලොව පුරා අධ්‍යනයන් විසින් ද මෙම ප්‍රතිපලයම ඉදිරිපත් කර ඇත. අපගේ විශ්ලේෂණය ද එය සනාථ කරයි. බොහෝ අවස්ථාවල අපරාධකරු වන්නේ දරුවෙකු සිය ජීවිතයේදී දන්නා කියන වැඩිහිටියෙකි. සායනික වෛද්‍යවරයකු ලෙස මා ලද අත්දැකීම් අනුව, සමහර ළමයින් ගමේ පන්සලේ හෝ පිරිවෙන භික්ෂුව, මුස්ලිම් පල්ලියක මවුලාවි, සෙමනේරියක පූජක, විදුහල්පති හෝ ගුරුවරයා, ප්‍රාදේශීය දේශපාලනයා, සීයා සහ තමන්ගේම පියා අතින් පවා දරුවන් අපයෝජනය වී තිබේ.

එක් අතකින්, දරුවකු ඔහු හෝ ඇය ගේ ජීවිතයේ වැඩිහිටියන් සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කර ගත යුතු ය. අනෙක් අතට, දරුවන්ට අතවර කරන්නේ සමහර ආගන්තුකයන්ට වඩා මෙකී විශ්වාසවන්ත වැඩිහිටියන් විසින් ම බව සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිය ආරක්ෂාව සළසා ගැනීම පිනිස දරුවන් දැනුවත් කිරීමේදී අප ප්‍රවේශම් විය යුතුය. වඩාත්ම ආදරය කරන මාමා, සීයා හෝ පියා පවා ඔවුන්ව නරක ලෙස ස්පර්ශ කරනු ඇතැයි පවසමින් ඔවුන් බිය ගැන්වීම යහපත් නැත. එසේ වතුදු තමන්ව ආරක්ෂා විය යුත්තේ ඕනෑම කෙනෙකු විසින් කරන අනවශ්‍ය ශාරීරික අතපතගෑම් යනාදියෙන් බව ඔවුන් දැනුවත් කිරීම ද අවශ්‍ය මෙන්ම වැදගත් ය. මෙය අසීරු කටයුත්තකි. අප මෙම අංශ දෙක සංවේදීව සමතුලිත කළ යුතුය. එසේ නොවුවහොත් යහපතට වඩා සිදුවනු ඇත්තේ හානියකි. රටක ලිංගික අධ්‍යාපනය සැලසුම් කිරීම සඳහා පුහුණු වෘත්තිකයන් පමණක් සම්බන්ධ විය යුත්තේ මෙන්න මේ නිසා ය.

බොහෝ දරුවන් තුළ යම් මට්ටමක කාංසාව සහ විශාදය ඇති බව ද පෙනීයි. පංති කාමරයේ ස්වයං හානියක් හෝ ආක්‍රමණශීලී හැසිරීම වැනි අභියෝගාත්මක රෝග ලක්ෂණ නොමැති නම් ළමයින් මනෝ විද්‍යාඥයින් හෝ මනෝචිකිත්සකයින් වෙත ගෙන එන්නේ නැතිතරම් ය. මෙය ළමා මනෝ විද්‍යාව සම්බන්ධයෙන් දෙමාපියන් අතර ඇති නොදැනුම පෙන්නුම් කිරීමක් නොවේ ද?

අතවරයට ලක්වූ හෝ අපයෝජනයට ලක් කිරීමට උත්සාහ දරන ලද දරුවන්ට ස්වභාවිකවම යම් මානසික කැළඹීමක් ඇති වේ. දරුණු අපයෝජනයට ලක් වූ දරුවකු පරීක්ෂා කරන නාරිවේද වෛද්‍යවරයකු හෝ ළමා රෝග විශේෂකු විසින් දරුවා මානසික සෞඛ්‍ය පරීක්ෂනයක් සඳහා යොමු කරනු ඇත. නමුත් ඔබ නිවැරදිව ඇසූ පරිදි, අප රට පුරා මනෝ චිකිත්සකයින් 100 කට වඩා පැතිරී සිටියද, භීතියෙන් හා ශෝකයෙන් පෙළෙන දරුවන් මනෝ චිකිත්සකයින් වෙත ගෙන ඒම මෙරට සාමාන්‍ය සිරිතක් නොවේ. සුදුසුකම් ලත් මනෝ චිකිත්සකයින් ශ්‍රී ලංකාවේ දුර්ලභ ය. මෙම තත්වය හුදෙක් ලිංගික අතවරයට ලක්වූ දරුවන්ට පමණක් විශේෂිත නොවේ. විශාදය සහ කාංසාව වැනි ලක්ෂණ අත්විඳින සියලුම දරුවන් සම්බන්දයෙන් ද එය සත්‍ය වේ.

මානසික සෞඛ්‍යය පිළිබඳ බොහෝ මිථ්‍යාවන් නිසා සහ ඉන් කැළලක් ඇතිවේ යැයි සිතා වැඩිහිටියෝ මනෝ චිකිත්සකයෙකු වෙත පැමිණීමට පසුබට වෙති. ළමයින් අප වෙත ගෙන ඒමට ඇති අකමැත්ත එමගින් තේරුම් ගත හැකි ය. දෙමාපියන්ගෙන් අයෙක් එම අවශ්‍යතාවය හඳුනාගත් විට පවා අනෙකා “ලමයාට නිකන් පිස්සුදන් නැතුව ඉන්න” යැයි කියනු ඇත. ඇත්ත වශයෙන් ම මෙය රටෙහි ඇති අප්‍රමාණවත් මානසික සෞඛ්‍ය සාක්ෂරතාවයේ‍ෙ පිළිබිඹුවකි.

දරුවන් සිතන අන්දම

රජයේ මැදිහත්වීම්වලට අමතරව, අවදානමට ලක්විය හැකි කොටස් අපයෝජනයට ලක්වීම වළක්වා ගැනීම සඳහා මහජනයා අතර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා වැඩිපුර කළ හැක්කේ මොනවා ද?

ලිංගික අධ්‍යාපනය එකවරම පාසල් විෂය මාලාවට ඇතුළත් නොකිරීමට ඉඩ තිබේ. එබැවින්, සංස්කෘතිකමය වශයෙන් උචිත, පුළුල් හා ලදායී ලිංගික අධ්‍යාපනයක් සැලසුම් කිරීම සඳහා, තරුණයින්, දෙමාපියන්, අධ්‍යාත්මික නායකයින් සහ සමස්තයක් වශයෙන් සමාජමය ආකල්ප ගවේෂණය කර ඒවා සැලකිල්ලට ගත යුතුය. මනෝ චිකිත්සකයින්, ළමා රෝග විශේෂයින්, ප්‍රජා වෛද්‍යවරුන්, නාරිවේද විශේෂයින්, පරිවාස නිලධාරීන්, දෙමාපියන්, අතවරයට ලක්වූ ළමුන් හා යෞවනයින්, සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල බලධාරීන් වැනි සියලුම පාර්ශවකරුවන් සමඟ බහු ආංශික ප්‍රවේශයක් මේ සඳහා අපට අවශ්‍ය වන්නේ . මේ ආකාරයේ ලිංගික අධ්‍යාපනික වැඩසටහනක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුය. වැළැක්වීමේ වැඩසටහන් සංවර්ධනය කිරීමේදී ළමයින්ට සහ නව යොවුන් දරුවන්ට ඇහුම්කන් දීම අවශ්‍ය නේදැයි අපට අපෙන් ම අසා ගත යුතු ය.

මෙම ක්‍රියාවලියේදී දරුවන් සිතන අන්දම පිළිබඳව වැඩිහිටියන්ට යම් අදහස් ලබා ගත හැකි උදාහරණයක් දෙන්නම්. අවුරුදු 10 ක් වයසැති, තම පාසලේ විදුහල්පති විසින් ඔහුට වසය අවුරුදු 07 දී පටන් ගෙන අවුරුදු 3 ක් පුරා ලිංගික අතවරයන්ට ලක් කළ පිරිමි ළමයෙකු මම පරීක්ෂා කළෙමි. ළමයාගේිතන්නේ කුමක්දැයිැන ගැනීම පිනිස ඉඩ සලසන ප්‍රශ්නයක් මම ඔහුගෙන් ඇසුවෙමි.ඔබට ඇලඩින්ගේ මැජික් ලාම්පුව ලැබුනහොත්, ලාම්පුවෙන් එන භූතයාගෙන් ඔබ ඉල්ලන්නේ කුමක්ද?” දරුවා පිළිතුරු දීමට තත්පරයක්වත් නාස්ති කළේ නැත. මට “අළුත් ජීවිතක්!”. මතක තබා ගන්න, ඔහුට වයස අවුරුදු 10 යි!

2011 දී එවකට අම්පාර මූලික රෝහලේ අධ්‍යක්ෂක වූ වෛද්‍ය ලංකා ජයසිංහ සහ ළමා රෝග විශේෂ වෛද්‍ය වෛද්‍ය නිෂාදි රණසිංහ විසින් කරන ලද දැනුවත් කිරීමේ මැදිහත්වීමකට මම සහභාගී වූවෙමි. ඒ වනාහී, අධි අවදානම් තත්වයන් හඳුනා ගැනීම සහ ළමා ලිංගික අපයෝජනය වැළැක්වීම පිළිබඳව ළමුන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමට එම දෙදෙනාගේ පුද්ගලි මුදලින් නිශ්පාදනය ක “හිරු දුටු වනමල්” නම් වාර්තාමය කෙටි චිත්‍රපටයක් විය. එහි ළමා මනෝ චිකිත්සිකාවගේ භූමිකාව මම රඟපෑවෙමි! ළමා අපයෝජන නඩුවක් සෞඛ්‍ය සේවයට වාර්තා වුවහොත් කළ යුතු දේ පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක ලේඛනයක් ද චිත්‍රපටයට ඇතුළත් ය. එය රූපගත කරන ලද්දේ එකල බොහෝ ළමා අපයෝජන වාර්තා වූ අම්පාරේ දී ය. අනතුරුව එය පාසැල්, ගැමි සමිති මෙන්ම ප්‍රාදේශීය පරිපාලන කාර්යාලයන් වන පරිවාස, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි ස්ථානවල පුළුල් ලෙස ප්‍රදර්ශනය කරන ලදී.

සායනික සගයන් වාර්තා කළේ වාර්තා විත්‍රපටය මහජනතාවගේ හොඳ පිළිගැනීමකට ලක් වූ බවයි. එමගින් ඔවුන් ලිංගික අපයෝජන සිදුවී යම් මට්ටමක පාලනය කර ගැනීමට සමත් වූහ. අප අපේක්ෂා කළ පරිදි එවැනි සිදුවීම් වාර්තා කිරීම ද වැඩි විය. ලිංගික අධ්‍යාපනය සදහා පරිස්සමින් සකස් කළ හා සංස්කෘතිකමය වශයෙන් සංවේදී ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් අවශ්‍ය බව මම විශ්වාස කරමි. අධ්‍යාපනික සම්පත් ලෙස එවැනි මෙවලම්හි පලදායීතාවය ගවේෂණය කිරීම සඳහා නියමු අධ්‍යයනයක් ලෙස අපට දැනටමත් සකස් කර ඇති එක වාර්තාමය චිත්‍රපටය භාවිතා කළ හැකිය. බදු ගෙවන්නන්ගේ මුදල් තමන්ගේ පක්ෂයේ ප්‍රචාරක දැන්වීම් සඳහා අධික ලෙස වියදම් කරනවා වෙනුවට ලිංගික අපයෝජන වැළැක්වීම ප්‍රචාරය කිරීම සඳහා අදාළ රජයේ බලධාරීන් මාධ්‍ය භාවිත කරන්නේ නම් ඉතා යහපත් ය.

රටෙහි මෙම ගැටලුවේ තරම හා ගැඹුර මැන බැලීමට අපට ජාතික මට්ටමේ පර්යේෂණ අවශ්‍ය . සායනික සැකැස්මක් තුළ කරන ලද ළමා ලිංගික අපයෝජනය පිළිබඳ පේරාදෙනිය අධ්‍යයනය හැරුණු විට කුඩා පරිමාණ අධ්‍යයන කිහිපයක් ද තිබේ. ප්‍රාදේශීය ප්‍රජා අධ්‍යයන දෙකක් පමණ ඇත. නමුත් අපට රට පුරා කරනු ලබන අධ්‍යයන අපට අවශ්‍ය ය. අපේ රටේ කළමනාකරණය සහ වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳ හොඳින් ැනුවත්ව සකස් කළ ප්‍රතිපත්ති ඇති කර ගැනීමේ අරමුණින් ජාතික වශයෙන් ගැටලුව පිළිබඳ අවබෝධයක් ලබා දෙන එවැනි අධ්‍යයනයක් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

භාර්යාවට පහර දීම

අපරාධකරුවන්ගේ සම්බන්ධයෙන් බලන කල, අප ලිංගිකව කලකිරුණු සමාජයක් බවට පත්ව ඇත්තේ ඇයි? අප සෙනෙහැති සබඳතා සහ සිතුවිලි අප භ්‍යන්තරයේ ම තබා ගැනීමට නැඹුරුවන නිසා ද?

පිරිමියකු විසින් ලිංගික හිංසනයක් කිරීමේ අවදානම වැඩි කරන සාධක කිහිපයක් තිබේ. ඉන් සමහරක් නම් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, සමාජ විරෝධී පෞරුෂත්ව ප්‍රවණතා, දරුවෙකු ලෙස ලිංගික අපයෝජනයවීමේ අතීතයක් යනාදි පුද්ගලික සාධක වේ. ප්‍රජා හෝ සමාජීය සාධක ද ඇත. දරිද්‍රතාවය, ප්‍රජාව තුළ සිදුවන ලිංගික හිංසනයන් පොදුවේ ඉවසීම, ලිංගික හිංසනයන්ට එරෙහිව දුර්වල ප්‍රජා සම්බාධක යනාදිය එවැනි ය. සමහර සමාජ සම්මතයන් ලිංගික හිංසනයට උපකාරී විය හැකිය. සමහර සමාජයන් පුරුෂයින්ගේ උත්තරීතර භාවය ගැන සහ ඔවුන්ට ලිංගික හිමිකාරකමක් ඇතැයි විශ්වාස කරති. ලිංගික හිංසනය හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට අදාළ දුර්වල නීති සහ ප්‍රතිපත්ති, පුරුෂ ප්‍රචණ්ඩත්වය ඉහළ අවදානම් තත්වයකට නංවයි. පුරුෂයා විසින් භාර්යාවට පහර දීම, “පාරක් ගහලා හරී හද ගන්න එපායැයැයි කියන තත්වයකට පහත හෙළන රටක අප ජීවත් වන බව අමතක නොකරමු.

ලිංගිකත්වය පිළිබඳ දැඩි අදහස් හා ආකල්ප හඳුන්වා දුන් හා වගා කළ වික්ටෝරියානු යුගයට පෙර ශ්‍රී ලංකාව තුළ ලිංගිකත්වය පිළිබඳ පොහොසත් සංස්කෘතියක් තිබුණි. පොහොසත් ලිංගික සංස්කෘතියක් ඇති අපේ විශාල අසල්වැසි ඉන්දියාව, සියවස් ගණනාවක් පුරා දෙරට අතර කැරුණු බොහෝ ආක්‍රමණ හා හුවමාරු තුළින් අපේ සංස්කෘතියට බලපෑම් ඇති කළේය. පසුකාලීනව වික්ටෝරියානු පල්ලියේ බලපෑම අපේ සංස්කෘතියේ තිබූ නිදහස්කාමී, වඩාත් විවෘත ලිංගික භාවිතයන් යටපත් කළේ ය. උදාහරණයක් ලෙස “එක ගෙයි කෑම” ශ්‍රී ලංකාවේ පැරණි සමහර උප සංස්කෘතීන්හි සම්මතයක් ලෙස සලකනු ලැබීය.

ක්‍රිස්තු වර්ශයෙන් පලමු වැනි සියවසත් හයවෙනි සියවසට් අතරේ ලියැවුනු වාත්ස්‍යායනගේ කාම සූත්‍රය

ඔබේ ප්‍රීතිමය පද්දතිය

කාමුක චිත්‍රපට නැරඹීමෙන් මෙම හැඟීම් සහ ලිංගික කලකිරීම් මුදා හැරීමට උපකාරී වේද?

කාමුක චිත්‍රපට ලොව පුරා නරඹති. ඉඳහිට කාමුක චිත්‍රපට නැරඹීමෙන් සමහරකුට සැලකිය යුතු අතුරු ආබාධ ඇති වන්නේ නැත. ඔව්, හවුල්කරුවන්/කාරියන් නොමැති අවස්ථාවකදී හෝ සහකරු හෝ සහකාරිය සැබෑ ජීවිතයෙහි නොමැති අවස්ථාවන්හි දී මානසික ආතතිය දුරු කිරීමට සහ ලිංගිකත්වය විඳීමට කාමුක චිත්‍රපට උපකාරී වේ. කෙසේ වෙතත්, සිය මොළයවමත් බොහෝ දුරට හැඩගැසෙමින් පවතින නව යෞවයනයින් සහ ළමයින් ද අතුලුව බොහෝ දෙනා අධිවේගී කාමුක චිත්‍රපට වලට ඇබිබහි වී ඇති බව සොයාගෙන තිබේ. එවිට ඔවුන්ගේ ලිංගික රුචිකත්වයන් ඔවුන්ගේ සැබෑ ජීවිතයේ ලිංගිකත්වය සමඟ නොගැළපෙන තත්වයකට පත් වේ.

අන්තර්ජාල කාමුක චිත්‍රපටවලට ඇබ්බැහි වීම ලිංගික දුර්වලතාවයන්ට සහ ආදර සම්බන්ධතා පවත්වා ගැනීම අමාරුවීමට සහ අසාර්ථකත්වයන්ත් හේතු විය හැකි යැයි පෙන්වා දෙන බොහෝ අධ්‍යයන තිබේ. බර්ලින්හි මැක්ස් ප්ලෑන්ක් මානව සංවර්ධනය පිළිබඳ ආයතනයේ සිදු කරන ලද අන්තර්ජාල කාමුක චිත්‍රපට භාවිතා කරන්නන් පිළිබඳ පළමු අධ්‍යයනයේ දී, පැය ගණන් හා අවුරුදු ගණනාවක් ලංගික චිත්‍රපට නැඹීම, සංවේදීතාව හා සම්බන්ධ මොළයේ කලාපවල අළු පදාර්ථ අඩුවීම සමඟ සහසම්බන්ධයක් ඇති බව සොයා ගන්නා ලදී. එමෙන්ම එය නිශ්චල කාමුක, ඡායාරූප වලට ප්‍රතිචාර දැක්වීම අඩු කරයි. අළු පදාර්ථ අඩු වීම යනු අඩු ඩොපමයින් (ප්‍රීතිමත් රසායනිකය) සහ ඩොපමයින් ප්‍රතිග්‍රාහක අඩු වීමයි. “නිතිපතා කාමුක චිත්‍රපට පරිභෝජනය වැඩි වශයෙන් හෝ අඩුවෙන් ඔබේ ප්‍රීතිමය පද්දතිය දුර්වල කර දමන්නේය” යයි” උපකල්පනය කෙරේ.

වැඩෙන මොළයන්හි ඕනෑම ඇබ්බැහි (මත්කුඩු වැනි) ද්‍රව්‍යයකට හෝ හැසිරීමකට ඇබ්බැහි වීමේ වැඩි අවදානමක් ඇත. එමනිසා, යෞවනයන් කාමුක චිත්‍රපටවලට ඇබ්බැහි වීම නුසුදුසු ය. ආදර සම්බන්ධතාවයන් ඇති වැඩිහිටියන්ට ඔවුන්ගේ ලිංගික අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා කාමුක චිත්‍රපට, චිකිත්සක සහ අධ්‍යාපනික මෙවළමක් ලෙස භාවිතා කළ හැකිය. සිය තෘප්තිය සඳහා කාමුක චිත්‍රපටි භාවිතා කිරීම දෙනෙකු හෝ තනි අයකු විසින් ගත යුතු ඔවුන්ට අයත් තීරණයකි. කෙසේ වෙතත්, කාමුක චිත්‍රපට නැරඹීමේ වාසි සහ අවාසි දැන ගැනීම සුදුසු වන අතර කාමුක චිත්‍රපට බැලීම හෝ නොබැලීම සම්බන්ධයෙන් හවුල්කරු හෝ හවුල්කාරියගේ මනාපයන්ට ත්‍යවශ්‍ය වේ.

පෙර ලිපිය මතු වූ තවත් කරුණක් නම් ගුරුවරුන් මෙම මාතෘකා සිසුන්ට ඉගැන්වීමට ලැජ්ජා වන බවයි. ඔබේ ඒ ගැන සිතන්නේ කුමක් ද?

විෂය නිර්දේශයේ දක්වා ඇති පරිදි සිය කාරිය ඉටු කරමින් මුන් ලිංගිකත්වය පිළිබඳව දැනුවත් කරන ගුරුවරු හෝ ගුරුවරියන් ඉඳහිට සිටිති. තවද අවාසනාවකට මෙන්, ගුරුවරයා හෝ ගුරුවරිය විෂය නිර්දේශයේ ලිංගික අධ්‍යාපන පරිච්ඡේදය මඟ හැර ඇති අවස්ථා බොහොමයක් මට හමු වී තිබේ. විෂය නිර්දේශයට අනුව, ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ අවුරුදු 13 ට වැඩි දරුවන්ට පමණකි. එය මගේ මතය අනුව එම වසය ප්‍රමාද වැඩිය.

ගෝලීය සන්දර්භය තුළ ළමුන් සමඟ වැඩ කරන වෘත්තිකයන් පිළිගන්නේ එම අදහස යි. එසේ තිබියදීත්, ගුරුවර ගුරුවරියන් බොහෝ විට ලැජ්ජාවට පත්ව මානව ලිංගිකත්වය පිළිබඳ මූලික කරුණු සිසුන්ට ඉගැන්වීම මඟ හරිති.ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් කිසිවිටෙකත් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා නොතිබීමත් “ලිංගිකත්වය” යන වචනය බරපතල අපකීර්තියක් හා බැඳී තිබීමත්.

ලිංගිකත්වය නරක දෙයක් නොවේ. එය නොතිබුණි නම්, අප කිසිවෙකු අද මෙහි නැත.

පේරාදෙනියෙහි තෘතීයික සත්කාරක මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන ලද ලිංගික අතවරයට ලක්වූ දරුවන් පිළිබඳ මගේ විශ්ලේෂණයට සහභාගි වූ ළමුන්ගෙන් සියයට 9.6 ක් අවුරුදු 6 ට අඩු අය විය. සංවර්ධිත රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව දරුවන්ගේ මානසික ලිංගික සංවර්ධනයට අනුව ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිටින්නේ බොහෝ පසුපසිනි. ලිංගික අධ්‍යාපනය විසින් අපේ සංස්කෘතිය හා අහිංසක දරුවෙකුගේ මනසෙහි පාරිශුද්ධ භාවය විනාශ කරන බව පවසමින් නොදැනුවත් පිරිස් කලබල කරත්. කෙසේ වෙතත්, එම සංස්කෘතිය විසින් සියලුම ආගම්වල පූජකයන්, දේශපාලනයන් සහ වඩාත් බලවත් ප්‍රසිද්ධ පුද්ගලයින් රහසිගතව දරුවන් අපයෝජනයට කිරීමට ඉඩ ලබා දේ. අනතර් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ලිංගික විද්‍යාව පිළිබඳ සංගමය (WAS) සමඟ එක්ව ලිංගික සෞඛ්‍යය නංවාලීම සඳහා අවධානය යොමු කළ යුතු ලිංගික හේතූන් සහ ගැටළු පිළිබඳ දළ විශ්ලේෂණයක් සම්පාදනය කළේය. (PAHO / WHO 2000). “ලිංගික සෞඛ්‍යය නංවාලීම සඳහා ප්‍රජාව තමන් දෙසම හැරී ස්වකීය සම්ප්‍රදායන් වෙනස් කිරීමට එකඟ විය යුතුය” යනුවෙන් එ සඳහන් කරයි.

වෙනස් විය යුතු සංස්කෘතිය යි

හතේ අපේ පො’ ගැන ඔබ ස්ථාවරය කුමක්ද?

පොත සම්පාදනය කරන ලද්දේ ප්‍රධාන වශයෙන් ප්‍රජා වෛද්‍යවරු සහ වරියන් කණ්ඩායමක් විසිනි. ඔවුන් මේ සදහා පවතින මාර්ගෝපදේශ අනුගමනය කර ඇති බව පෙනෙන්නට තිබේ. ම පොත ලබා දෙන ලද්දේ 7 වන ශ්‍රේණියේ පාසල් ළමුන් සඳහා අතිරේක කියවීමේ පොතක් ලෙස . මා ද ආරාධනයකින් සහභාගි වූ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව රුස්වීමක දී, එම වයස් කාණ්ඩයේ සිසුන් නිර්දේශිත විෂය නිර්දේශයට අනුකූලව පොත සකස් කර ඇති බව තහවුරු විය. මගේ මතය අනුව එය විශිෂ්ට ආරම්භයකි. තාක්ෂණික කරුණු සියල්ල නිවැරදි ය. අපගේ සංස්කෘතියට ගැලපෙන සේ සමහර වචන වැඩිදියුණු කළ හැකි යැයි සමහරුකු සිය මතයන්ට අනුව බරපතල කනස්සල්ලට පත්ව ඇත. ඔව්, අපි සංස්කෘතිකමය වශයෙන් සංවේදී විය යුතුයි. නමුත් සංස්කෘතිය විසින් සුද යාම” (සයාේනිය) ගැන කතා නොකරන ලෙස ඉල්ලා සිටින විට, එම සංස්කෘතියේ තරුණ ගැහැණු ළමයින් නව සහස්‍රයේ දෙවන දශකය තුළ පවා එම සාමාන්‍ය කායික විද්‍යාත්මක තත්වය සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පැමිණේ නම්, මගේ අදහස වන්නේ අපේ සංස්කෘතිය සංවේදී, තාර්කික හා විද්‍යාත්මක මනසක් ඇති සංස්කෘතියක් කරා පරිණාමය විය යුතු බවයි.

සමාජයේ තරුණ හා අවදානමට ලක්විය හැකි පිරිස් වලට ඔබ දෙන පණිවිඩය කුමක්ද?

සියලුම වැඩිහිටියන් නරක අය නොවේ. අනිසි ලෙස ඔබව ස්පර්ශ කිරීමට සහ ඔබේ ශරීර කෙළසමින් ඔබට ශාරීරිකව හා මානසිකව රිදවීමට කිසිවකුට අයිතියක් නැත. එහෙත් එළෙස හැසිරෙන වැඩිහිටියෙකු සිටිය හැකිය. ඔවුන් හඳුනා ගන්නේ කෙසේද යන්නත් එවැනි පුද්ගලයින්ගෙන් ඔබව ආරක්ෂා වන්නේ කෙසේද යන්නත් දැන සිටීම වැදගත් ය. එය ඔබේ අයිතිය යි. ඔබේ ශරීරයේ යම් යම් වෙනස්කම් සිදුවන්නේ ඇයිද යන්න දැනගැනීමත් ඔබේ අයිතියකි. විරුද්ධ ලිංගික හෝ සම ලිංගික අය පිළිබඳ ඔබේ හැඟීම් සමහරක් වැරදි ද නැද්ද යන්න දැන ගැනීම ඔබේ අයිතියක් වන අතර, ඔබට පෙලඹීමක් ඇත්නම් ඔබේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීම සුදුසු ද නැද්ද යන්න දැන ගැනීම ඔබේ අයිතිය යි. වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන්ගෙන් මෙවැනි දෑ විමසීමට ලැජ්ජා නොවන්න. ඔවුන් පිළිතුරු නොදෙන්නේ නම්, සමහර හොදින් සංවර්ධිත රටවල යෞවන යෞවනියන්ට ලිංගික කාරණා පිළිබඳව දැනුම ලබා ගැනීම සඳහා ඇති අධ්‍යාපන වෙබ් අඩවි වෙත යොමු වන්න. දැනුවත් වන්න, නිහ දුක් නොවන්න. ඔබ නව පරම්පරාවයි. බුද්ධිමත් වන්න, ඉගෙන ගෙන ආරක්ෂිතව සිටින්න!

(වෛද්‍ය පබසරි ගිනිගේ සමඟ කමන්ති වික්‍රමසිංහ විසින් කරන ලද මෙම සාකච්ජාව උපුටා ගනු ලැබූයේ ඩේලි මිරර් පුවත් පතිනි. පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීප් වෙතිනි.)

 

Back to Top