Sri Lanka Brief
පුවත්උදයංග නඩුවෙන් ‌පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් ඉවත් කළ හේතු මෙන්න!

උදයංග නඩුවෙන් ‌පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් ඉවත් කළ හේතු මෙන්න!

by

ඡාායරූපය: උදයංග වීරතුංග.

පසුගිය 17 දින උදයංග වීරතුංග විසින් කරන ලදැයි කියන මහා පරිමාණ වංචාව පිළිබදව පැවැති නජු විභාගයේ දී මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් ඉතා වැදගත් ප්‍රශ්ණයක් මතු කරන ලදී. එනම් වසර පහක් පුරා මෙම පරීක්ෂනය කළ පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් එම නඩුවෙන් ඉවත් කර ඇත්තේ මන්ද යන්නයි

ඔහු අපරාධ පරීක්ෂන දෙපාර්ථමෙන්තුවේ සිට මීගමුවට මාරු කරන ලද හේතු සොයා ගැනීමට ශ්‍රී ලංකා බ්‍රීෆ් තතුදත් පිරිස් විමසා සිටියේ ය.

මෙම සිදුවිමේ මුලාරම්භය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙහි ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර ඉන් ඉවත් කර මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයෙහි ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ඩබ්. තිලකරත්න එම තනතුරට පත් කිරීමය.

මේ වන විට ඩුබායි හි අත් අඩංඟුවේ සිටි උදයංග වීරතුංග තමා ශ්‍රී ලංකිවට පිටුවහල් නොකරන ලෙස ඉදිරිපත් කරන ලද අභියාචනය වමසා අවසන් වී ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබුණි. අභියාචනයෙහි උදයංග කියා තිබුණේ තමා යුක්රේන පුරවැසියකු බැවින් කමා ශ්‍රී ලංකාවට බාර නොදිය යුතු බවයි. පසුගිය ජනවාරි මැද වන විට ඔහු කොයි මොහොතක හෝ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමේ තත්වයක් ඉන් පැන නැගුණි.

උදයංග වීරතුංගට චෝදනා එල්ල වී ඇත්තේ මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවටය. එය රාජපක්ෂ පාලන කාලයේ දී සිදු වූ මහාපරිමාණ වංචාවකි.

මේ තත්වය යටතේ පසුගිය පෙබරවාරි 10 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න එම රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් කළේය.

තිලකරත්න කියා සිටියේ උදයංග වීරතුංග යනු වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීපතම ඥාති සහෝදරයකු නිසා පසුගිය යහපාලන රජය ඔහුගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා මෙම රතු වරෙන්තුව ලබාගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ථමේන්තුවේ අදහස් විමසන ලෙස දැන් වූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය.

ඉන් පසු එකී පරීක්ෂනය බාරව සිටි පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් කැඳවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න වහාම උදයංග නඩුව පිළිබඳව ඇති රතු වරෙන්තුව ඉවත් කර ගැනීම පිනිස තමාට වාර්තාවක් සපයන ලෙස නියෝග කරන ලදී.

ඒ අනුව පිටු දෙකක වාර්තාවක් පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් විසින් සපයන ලද අතර ඊට විමර්ශනයට අදාළ සාක්ෂි ඇමිණුම් 42ක් ද එක් කර තිබුණි. ‌මෙම අමුණුම් අතර මිග් ගනුදෙනුවට සම්බන්ධ විදේශ රටවලින් ලබා ගන්නා ලද සාක්ෂි ද විය.

එම ලියවිල්ලට මගින් රතු වරෙන්තුව ඉවත් කර ගැනීමට නොහැකි නිසා ඊට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ තිලකරත්න ලියැව්ල්ල ප්‍රකික්ෂේප කළේ ය. පසුව එම ලියවිල්ල නීතිපති දෙපාර්ථමේන්තුව වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින නීතිඥ තුසිත් මුදලිගේ වෙත බාර දෙන ලද බව කියැවේ. මෙම ලේඛනය තවමත් අපරාධ විමර්ශන අංශයේ ලිපි ගොනු අතර තිබිය යුතු බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් විමසන ලද පැනයට පිළිතුරු ඇත්තේ එහි ය. මෙම ලේඛනය සකස් කිරීමෙන් පසු වසර පහක් පුරා මෙම විමර්ශනය කරගෙන ගිය පොලිස් පරීක්ෂක ප්‍රැන්සිස් එම නඩුවෙන් ඉවත් කර මීගමුවට යවන ලදී. මන්ද යත් එම ලේඛනය ඉදිරිපත් කර රතු වරෙන්තුව ඉවත්කර ගැනීමට කිසිදු ඉඩක් නොතිබූ නිසා ය.

ඉන් පසුව මෙම නඩුව බාරදෙන ලද පොලිස් පරීක්ෂකවරිය නීතිඥවරියක ලෙස දිව්රුම් දී ඉවත්ව ගියා ය.

මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවෙහි දි අදහස් දැක් වූ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ කියා ඇත්තේ මෙම නඩුව පිළිබදව කරුණු හරියට අධ්‍යයනය නොකර තමන්ට පිළිතුරක් දිය නොහැකි බවය. තවද පැමිණිල්ලක් දාපු පරිදි ම මං හිතන්නෙ නෑ කෙනෙක් වැරදි ානිවන බවය. පැමිණිලි විමර්ශනය කරන ලද නිලධාරීන් ගැන ද දැන් පරීක්ෂනයක් පැවැත්වෙන බව ද ඔහු කියා තිබේ.

ොනා හැරෙන්නේ කෙහෙල් දල්ලට බව දන්නෝ දනිති.

(ශ්‍රි ලංකා බ්‍රීෆ්/19/02/2020)

Back to Top