Sri Lanka Brief
පුවත්ඉතිහාසයෙන් පාඩමක්: තුනෙන් දෙකේ ‌දේශපාලන උගුල

ඉතිහාසයෙන් පාඩමක්: තුනෙන් දෙකේ ‌දේශපාලන උගුල

by

ඡායාරුපය: දෙදෙනාම එකම උඟුලට වැටුනි.

පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදය තුළ දුර්ලභ ය. එය ශ්‍රී ලංකාවෙහි එය දෙවරක් සිදු විය. මෙම අවස්ථා දෙකෙහි ම, සමස්ත පරාසය ම හරහා එනම් රට, රජය, ආණ්ඩුව, පාලකයින් සහ පාලක පක්ෂය යන සියල්ලන්ට ම එය විනාශකාරී විය. කිසිවකු දිනුවේ නැත. හැම දෙනාම පරාජය විය.

තුනෙන් දෙකක බහුතරයන් ලද කාලයන් තුළ ආධිපත්‍යය දැරූ දේශපාලන කන්ඩායම්  දෘෂ්ටිවාදාත්මක හා වැඩසටහන්මය වශයෙන් බොහෝ දුරට ම එකිනෙකාට වෙනස් විය. එක් පාර්ශවක් බලය කරා ගසාගෙන ආවේ අනෙකාට එරෙහිව නැගුණු රැල්ලක් විසින් ය. එම අවස්ථාවන්හි දී එකිනෙකට වෙනස් පාලන තන්ත්‍ර දෙකකම එකම ව්‍යසනකාරී ප්‍රතිඵලයකට මුළුමනින්ම මුහුණ දෙන්නට සිදු විය. එමගින් තර්කානුකූලව පෙන්වා දෙන්නේ ඊට හේතුව පාර්ශව දෙකට ම පොදු වූවක් මිස එකිනෙකාට ආවේණික වූවක් නොවන බව යි. එම පොදු සාධකය වූයේ අනෙකක් නොව තුනෙන් දෙකක බහුතරය යි. එසේ නම්, මෙතරම් ව්‍යසනකාරී බලයක් ලබා ගැනීමට රජයක් උත්සාහ කළ යුත්තේ ඇයි? ඕනෑම රටක්, සමාජයක්, ජනතාවක් මෙතරම් අනතුරුදායක බලයක් කවර හෝ රජයකට ලබා දිය යුත්තේ ඇයි?

තුනෙන් දෙකෙන් පරාජයවූවෝ

පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බහුතරයක් භුක්ති විදින ලද එක් පාර්ශවයක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛත්වය ඉසුලූ සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දුන් 1970-1977 සමයෙහි මධ්‍යමවාම එක්සත් පෙරමුණු රජය යි. අනෙක නම් ජේ.ආර්. ජයවර්ධන විසින් නායකත්වය දෙන ලද මධ්‍යමදක්ෂිනාංශික එජාප රජය (1977-1988) යි. එම පරිපාලන දෙක ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා සම්මත කිරීම සඳහා එම බහුතරය භාවිතා කළහ. පාලනයන් දෙකම දේශපාලනමය වශයෙන් විනාශකාරී සහ අවසානයේ ආර්ථික අර්බූදකාරී වාර්තාවන් තබමින් දේශපාලන ව්‍යසනයක කූටප්‍රාප්තියක් කරා ගමන් කළෝ.

එය නිසැකවම ඥාණය, අධ්‍යාපනය හෝ අත්දැකීම් නොමැතිකම නිසා සිදුවූවක් නොවේ. එක්සත් පෙරමුණේ ඇමතිමණ්ඩලයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන සහ පීටර් කෙනමන් වැනි අය සිටියහ. එජාප ඇමැති මණ්ඩලයට රණසිංහ ප්‍රේමදාස, රොනී ද මෙල්, ගාමිනී දිසනායක, ලලිත් අතුලමුදලි සහ ඒ.සී.එස්. හමීඩ් යනාදීහු සිටියහ. අදාළ ආණ්ඩු වලබලවත් සහ ජනප්‍රවාදගත නායකයින් දෙදෙනෙකු වූහ. එනම් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ.ආර්. ජයවර්ධන .

ජාත්‍යන්තර දේශපාලන සහයෝගයේ අඩුවක් ද නොවීය. බන්ඩාරනායක රජයට සෝවියට් සංගමය, නැගෙනහිර යුරෝපය, චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ බලගතු නොබැඳි ව්‍යාපාරයේ සහාය ලැබුණි. ජයවර්ධන රජය රීගන්, තැචර් සහ බටහිර මෙන්ම ජපානයේ හා ඊශ්‍රායලයේ ආශිර්වාදය භුක්ති වින්දේ ය. ඛේදජනක නාට්‍යයක් කිසි විටෙකත් එය ආරම්භ වන ආකාරයෙන් අවසන් නොනවා සේම, එම ආණ්ඩු දෙකට ම ආරම්භයේදී සෑම දෙයක්ම වාසි දායක වූ නමුත් අවසානයේ දී ප්‍රතිලය විනාශකාරී විය.

දෙමළ ප්‍රශ්නය සදොස් කළමණාකරණය

1971 අපේ‍්‍රල් මාසයේ ඇති වූ පළමු ජවිපෙ කැරැල්ල කම්පනයක් වූවත්, එය මර්දනය කිරීම අධික ලේවැකි සිදුවීමක් බවට පත් සමාජය පුරා පුළුල් කම්පන තරංග ඇති කළේය. දීර් කාලීනව වඩා හානිකර වූයේ දෙමළ ප්‍රශ්නය සදොස් කළමනාකරණය යි.

1970 මහ මැතිවරණයේදී ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ පක්ෂය ජනවාර්ගික බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන ලෙසත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් ක්‍රමයක් සඳහා ඡන්දය දෙන ලෙසත් ඉල්ලා සිට මැතිවරණයෙන් මහ ජයක් ලැබී ය. ඊළඟ මහ මැතිවරණයේ දී, ප්‍රධාන ධාරාවේ දෙමළ එකමුතුවේ එකම සටන් පාය වූයේ “ස්වාධීන, ස්වෛරී, ලෞකික, සමාජවාදී දෙමළ ඊල සඳහා ජනවරමක් . වරද ය මහ ජයක් ලැබී ය. එක්සත් පෙරමුණ ආණ්ඩුවේ පාලන කාලය තුළ එය සිය බහුතරවාදී තුනෙන් දෙකක සන්නාහය තුළ හිර වූ අතර දෙමළ විඥානය ආපසු හැරවිය නොහැකි දුරස්ථ වීමක් සහ රැඩිකල්වීමක් කරා ගමන් කළේ ය.

එක්සත් පෙරමුණ සන්ධානය 1965-1970 කාලයෙහි විපක්ෂයේ සිටියදී, සමාජීය වශයෙන් අසංවේදී, බටහිර ගැති ඩඩ්ලි සේනානායකගේ එජාප පාලක කේන්ද්‍රයට එරෙහි සටන, 1966 දී “ ඩඩ්ලිගේ බඩේ මසළ වඩේ” නම් ජාතිවාදී සටන් පාඨයක් හඳුන්වා දීමෙන් අර්ධ වශයෙන් විකෘති විය. එකී උද්ඝෝෂනය කැරැණේ සේනනායක රජය දෙමළ පක්ෂ සමඟ එකඟ වූ ඇල්මැරුණු, අවම සහන එනම් දිස්ත්‍රික් සභා ක්‍රමය සහ ප්‍රාදේශීය පරිපාලන භාෂාවක් ලෙස දෙමළ බස පිළිගැනීමට විරුද්ධව ය.

1970 මහ මැතිවරණය ආරම්භ වන විට, මධ්‍යවාම සන්ධානය සිංහල ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදයට ගැට ගැසූ කේන්ද්‍රයක් ඇතිව තිබුණි. (ඔවුන් අතර නාත් අමරකෝන් සහ වී. ඩබ්ලිව්. කුලරත්න කැපී පෙනෙන පුද්ගලයන් විය). මෙම බලපෑම් කණ්ඩායම එඒක්සත් පෙරමුණෙහි ප්‍රතිපත්තියට විශාල බලපෑමක් කරමින් දිස්ත්‍රික් මට්ටමින් සහ මාධ්‍ය අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලකුණු ප්‍රමිතිකරණය ක්‍රියාත්මක කරන ලදී. එය වඩාම නරක ලෙස බලපෑවේ දෙමළ සිසුන්ට . ඊට විරුද්ධව පැන නැගි ඔවුන්ගේ විරෝධතාවයන් තදින් මර්දනය කරන ලදී.

ස්වොත්තමවාදයේ නැගීම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තත්වය උග්‍ර අතට හැරැණි. ප්‍රධාන දෙමළ පක්ෂය ඉදිරිපත් කළ කරුණු හයකින් සමන්විත වූ මධ්‍යස්ථ යෝජනාව බණ්ඩාරනායක මහත්මිය විසින් නොසලකා හරින ලදී. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යමින්, සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති කර ගත් ව්‍යංග්‍ය සමාජ සම්මුතිය ආපසු හරවා, බහු භාෂාමය සමාජයක් තුළ එක් භාෂාවක සහ එක් ආගමක ආධිපත්‍යය තහවුරු කරන ලදී.

බණ්ඩාරනායක පරිපාලනය 1977 දී පරාජය වන විට දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ධාරාව බෙදුම්වාදය වැලඳ ගෙන සිටියා පමණක් නොව, පුහුණුව ලබාගෙන ආපසු පැමිණි ටැමිල් නිව් ටයිගර්ස්” (TNT) ගරිල්ලා කණ්ඩායම ඔවුන්ගේ සංවිධාන ශ්‍රී ලංකාවේ පිහිටුවා ගෙන තිබුණි. “ටැමිල් නිව් ටයිගර්ස්” (ටීඑන්ටී) 1972 දී පිහිටුවන ලද අතර එය 1976 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) බවට පරිණාමය විය.

1970-1977 සමයෙහි පැවැති දේශපාලන සුසමාදර්ශය සහ මානසිකත්වය මේ දිවයින මානසිකව බෙදීමට හේතු කාරක විය. ම බෙදීම අද දක්වාම බොහෝ දුරට එලෙස ම පවතී.

කතන්දර අවසන් වූයේ ප්‍රබල එක්සත් පෙරමුණ පහළින් ඇති වූ පීඩනයට හසුව බෙදී ගොස්, 1977 මහ මැතිවරණයේදී ඡන්දදායකයින් විසින් වමට ඒකදු පාර්ලිමේන්තු ආසනයක් හෝ අහිමි කරමිනි; බණ්ඩාරනායක මහත්මිය විපක්ෂ නායක ධුරය පවා අහිමි වූයේ එතැනට ටීයූඑල්එ‌ල්ෆ් නායක අමීර්තලිංගම් පත් වීත් සමගිනි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබුණි. හිටපු අගමැතිනියට ඇගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කරන ලදී. බෙදී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 17 ක් විපක්ෂයේ සිටීමට සිදු විය. ඉන්පසු බන්ඩරනායක මහත්මිය යළි කවරදාකවත් රටෙහි නායකත්වයට පත් වූයේ නැත.

පහෙන් හයේ බහුතරය

1970 දී තිබූ ප්‍රමාණයටත් වඩා 1977 දී දේශපාලනය විශාල දෝලනයක් කරා ගමන් කරමින් ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ හය හයෙන් පහක බහුතරයක් දිනා ගත්තේ ය. හුදෙක් තුනෙන් දෙකක් නොවේ.

ජාප ආන්ඩුව හයෙන් පහක පාර්ලිමේන්තු බහුතරයක් භුක්ති විඳි කාලය තුළ, දිවයිනට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ අතර එය වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට වඩා ගුණාත්මකව උසස් ජනාධිපති ආකෘතියක් ඇති කළේ ය. නමුත් විධායක ජනාධිපති ධුරයෙහි බලය අධික ලෙස සංකේන්ද්‍රණය කිරීමෙන් හා අධිකේන්ද්‍රීයකරණයෙන් එය විකෘතියට පත් විය. ප්‍රංශ ජනාධිපති ධුරය හා සබැඳි ද්වීපාර්ශවීය ව්‍යවස්ථාදායකයක් හෝ එක්සත් ජනපද ජනාධිපති ධුරය සිමා කරවන බල විභේදනය සහ තුළන හා සංවරණ සහතික කරන ශක්තිමත් ත්‍රෛපාර්ශ්වීය සීමා කිරීමක් හෝ එම ව්‍යවස්ථාවෙහි තිබුණේ නැත.

1977-1988 ඉතිහාසයෙහි (එක්සත් ජාතික පක්ෂයට 2/3 ක් අහිමි වූ නමුත් එය විසින් 1989 දී ජවිපෙ පරාජය කරන ලදී) දැවැන්ත සිවිල් යුද්ධ, සිවිල් යුද්ධ තුළ කුඩා සිවිල් යුද්ධ (අන්ත ජාතිවාදී ජවිපෙට සහ එල්ටීටීඊයට එදිරිව ජාතිවාදී විරෝධී සිංහල සහ දෙමළ වම), අනුක්‍රමික ඝාතන, බාහිර මිලිටරි මැදිහත්වීම සහ ඊළඟ ශතවර්ෂයේ වන තුරු ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය වූ 9/11 දක්නට හැකි විය.‍ෙ

වේගවත් ආර්ථික සංවර්ධනය සඳහා ස්ථාවරත්වය හා අඛණ්ඩතාව අත්‍යවශ්‍යය” යන පදනම මත පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම මගින් තුනෙන් දෙකකටත් වැඩි බහුතරයක් දිගටම පවත්වා ගැනීමට ජයවර්ධන රජය පියවර ගත්තේ ය. 1980 දශකය තුළ මාරාන්තික මෙන්ම භයානක මිථ්‍යාවක් බව සනාථ වූ එම තර්කය එනම් “වේගවත් ආර්ථික සංවර්ධනය සඳහා ස්ථාවරත්වය හා අඛණ්ඩතාව අත්‍යවශ්‍යය”අපි අද නැවතත් අසමින් සිටිමු.

1982 දෙසැම්බරයේ ජනමත විචාරණයෙන් මාස හයකට පසු (එය දිනාගනු ලැබුණේ ප්‍රශ්ණකාරී සහ පුළුල් ලෙස විවේචනය ලක් වූ උපක්‍රම මගිනි) දිවයින මෙතෙක් අත්විඳින ලද වඩාත්ම නිදන්ගත හා ලේ වැකි අස්ථාවරභාවයට ඇද වැටීම ආරම්භ විය. එමඟින් ආර්ථික වර්ධන වේගය දඟර ගැසුණු අතර එය ඉන් පසු කිසි විටෙකත් යථා තත්ත්වයට පත් නොවීය.

දේශපාලන තරඟකාරිත් සහ සංසරණය පද්ධතියේ මෝටර් යාන්ත්‍රණය කඩා බිද නොදැම්මේ නම් අඩුම වශයෙන් විසන්ධි කර දමන ලදී. ප්‍රතිපෝෂණ සිදුරු අවහිර කර ආරක්ෂිත කපාට වසා දැමුණි. එමඟින් අර්බුදය නිදන්ගත වෙමින් තවත් උග්‍ර විය. පද්ධතිය තුළ ගොඩනැඟී තිබූ පීඩනයට ප්‍රජාතන්ත්‍රවාදී විවරයක් නොතිබූ අතර එම පීඩනය දෙමළ ජනයාට එරෙහිව එක්කෝ ප්‍රකාශයට පත්වුණි. නැත්නම් ඒ කරා යොමු කරවන ලදී. අනතුරුව බාහිර මැදිහත්වීම ඇති විය. ක්‍රීඩාවේ නීති ඒක පාර්ශවිකව වෙනස් කරමින් නිරපේක්ෂ ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳ මිත්‍යාමය යක්ෂයකු පසුපස හඹා යාම මගින් ජයවර්ධනගේ එකී බලවත් රිජීමය, උත්ප්‍රාසාත්මක ලෙස, “ස්වයං අස්ථාවර කිරීමේ කදිම කලාව පරිපූර්ණ කර ගත්තේ ය(මගේ දිවංගත පියා මර්වින් ඩි සිල්වාගේ වාක්‍ය ඛණ්ඩය කි.)

තුනෙන් දෙකේ බහුතරය

තුනෙන් දෙකක බහුතරයක් දේශපාලන තරඟකාරිත්වය ඉවත් කරයි. එමඟින් පද්ධතිය අස්ථිර හා අසමතුලිත වේ. එය තමන්ගේ ම හඩ රාවප්‍රතිරාව නංවන කුටියක් නිර්මාණය කරයි.

තුනෙන් දෙකක බහුතරයක් සමබරතාවය සහ හික්මීම ඉවත් කරන අතර ප්‍රමාණවත් සංඛ්‍යා ඇති බැවින් ඒකපාර්ශ්විකව දේවල් කිරීමේ හැකියාවක් ඇති කරයි; තුනෙන් දෙකේ බහුතරයක් නොමැත්තේ නම් නොකරන හෝ වෙනස් ආකාරයකින් කරන හෝ දේවල් මෙන්ම සංවාද, සාකච්ඡා සහ අන්‍යෝන්‍ය සම්මුතියක් තුළින් සියලු පාර්ශවකරුවන් ඒත්තු ගැන්වීමෙන් පමණක් කරන දේ එවැනි බහුතරයක් ඇති විට ඒකපාර්ශවිකව කළ හැකි ය. තුනෙන් දෙකක බහුතරයක් යන්නෙන් අදහස් කරන්නේ දේශපාලන බර පැටවුණු ආරක්ෂිත සන්නාහය තුළ ප්‍රායෝගිකත්වය හා විචක්ෂණ භාවය තුළින් එකඟතාවකට පැමිනීම අනවශ්‍යය යන්නයි.

තුනෙන් දෙකක බහුතරයක් යනු පද්ධතිමය සමතුලිතතාවයේ අවසානය වන අතර එය එහි ප්‍රතිවිරුද්ධය යි. එය අවදානම් ගැනීමට කැරෙන ආරාධනයකි. එය තිරිංග ඉවත් කර ලිස්සා ගොස් අනතුරකට මුහුණ දෙන පරිදි සීඝ්‍ර‍ගාමිත්වය දිරිගන්වයි. තුනේන දෙකේ බහුතරයක් මඟ පෙන්වන්නේ යතාර්ථවාදයට  නොවේ. එය මඟ පෙන්වන්නේ මායාවට හා මහන්තත්වකමට යි.

නැවුම් ලෙස තේරී පත් වූ “කළ හැකි” ජනාධිපතිවරයකුගේ වේගය, අගමැතිවරයාගේ ස්වාභාවික ජනප්‍රියත්වය, පිළිකුලෙන් පෙලෙන මහජනතාව විසින් පැරණි නව ලිබරල් දේශපාලන ප්‍රභූ පැලැන්තිය සහ එහි භාවිතය පිළිකෙව් කිරීම, සම්ප්‍රදායික ජාතිකවාදයට ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ධාරාවේ විකල්පයක් නොමැතිකම සහ ජනතා විමුක්ති පෙරමුණ එහි සම්මුතිවාදී නායකත්වය නව්‍යකරණය කරගැනීමෙන් සිය දේශපාලන ආයාචනය නැවුම් කිරීමට ප්‍රතික්ෂේප කිරීම යන කාරණාවන්හි සයෝජනය මගින්, ශ්‍රී ලංකාව, මූලික වශයෙන්ම විරුද්ධ පක්ෂයක් නැතිකම නිසා, ඛේදජනක තුනෙන් දෙකේ උගුලට හසු වනු ඇත.

(The tragic two-thirds trap නමින් ඩේලි එෆ් ටී පුවත්ප‌ෙතෙහි පළ වූ Dayan Jayatlleka විසින් ලියන ලද ලිපියෙන් උපුටාගෙන ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් කරන ලද සිංහලානුවාදයකි. සම්පූර්ණ පෙළ පරිවර්ථනයක් නොවේ.)

Back to Top