Sri Lanka Brief
පුවත්විවරණබලය බෙදා නොහරින බව කී ජනපති රාජපක්ෂට සම්පන්දන් දුන් ආයාචනාත්මක මෘදු පිළිතුර

බලය බෙදා නොහරින බව කී ජනපති රාජපක්ෂට සම්පන්දන් දුන් ආයාචනාත්මක මෘදු පිළිතුර

by

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය රාජාසන කතාව මගින් ඉදිරිපත් කරන ලද බලය නොබෙදීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී ආර්. සම්පන්දන් විසින් දක්වන ලද අදහස් සිංහල පාඨකයා වෙත ළගා වී නැත. සම්පන්දන් ඉතා මෘදු සහ වක්‍ර ලෙස ජනාධිපතිවරයාගේ අදහස් විවේචනයට ලක් කරන්නේ සිත් නොරිදෙන සහ ඒත්තු ගැන්වෙන පරිදිය. ඔහුගේ කතාවෙහි වෛරයක් නැත. ඇත්තේ තර්කාණුකූල අභියෝගයක් සහ ආයාචනයකි. පහත පළ වන්නේ සම්පන්දන් විසින් පාර්ලිමේන්තුවෙහි කරන ලද කතාවෙහි සංස්කරණය කරන ලද පරිවර්තනයකි.

අප හැම දන්නා පරිදි මෙරට කරවටක් දෙස් විදෙස් ණය බරින් කරටක් ගිලී ඇත. විසිපස් වසරක් පුරා යුද්ධය කරගෙන යෑමට මහත් ණය කන්දරාවක් ලබා ගැනුණි. මධ්‍යස්ථ දෙමළ නායකයින්ට දෙන ලද පොරොන්දුවලට ගරු කළේ නම් යුද්ධය වළක්වා ගන්නට තිබුණි. අපේ ආදායම ණය ගෙවීමට අප්‍රමාණවත් ය. අපි එක තැන හිරවී සිටිමු. අපට දේශීය මෙන්ම විදේශීය ආයෝජන අතිමහත් ලෙස අවශ්‍ය ය. දැවැන්ත ආයෝජනයන් ද අපනයනය ඉලක්ක කර ගත් සංවර්ධනයක් ද අවශ්‍ය ය. මෙයට පෙර ද මෙම කරුණු කතා බහකොට ඇතත් සිදුවූ කිසිවක් නැත. අපි අපේ කාරිය හරිහැටි කරන්නට අසමත්ව ඇත්තෙමු. නිදහස ලබා ටික කළක් යත්ම අපි ගැටුමකට අවතීර්ණ වීමු. මෙරටට ද එතෙරට ද දෙන ලද පොරොන්දු කඩ කරන ලදී. ආණ්ඩු එකිනෙකාට වරද පටවති. එනමුත් රට සහ ජනයා මුදා නොගැනිණි.

අද පවා, අප ලොවෙන් ගරුත්වය ලබන්නෙමුද? අඩුම වශයෙන් රටෙහි ජනතාවගෙන් හෝ ගරැත්වය ලබන්නෙමුද? ගැඔුරු වෙනස්කම් ඇති කොට ප්‍රගතිය ලබා ගැනුමට නම් රටට වෙනස් ඉදිරි දැක්මක් අවශ්‍ය ය. මෙරටෙහි ප්‍රධාන රෝගය වී තිබෙන්නේ කුමක් ද?

ලොව බොහෝ රටවල් මෙන්ම අප ද බහුවාර්ගික, බහුභාෂාමය, බහුසංස්කෘතික බහුත්වාවදී රටක් වෙමු. සිංහල බෞද්ධ ජනයා මෙරට බහුතරය වේ. එය අවිවාදිත ය. එය නොසළකා හැරිය නොහැක. එනමුත් මෙරට ජීවත්වන අන් සියළු දෙනා දෙවන පංතියේ යැයි ඉන් අදහස් නොවේ. තමන්ගේ ම ශිෂ්ඨාචාරයන් සහ සම්ප්‍රධායන්ට හිමිකම් කියන අන් ඕනෑම අයෙකු තරම් ම කළක් මෙරට ජීවත්ව සිට ඇති අන් ජනයා ද මෙරට සිටී. මා විශේෂයෙන්ම සඳහන් කරන්නේ, ඓතිහාසිකව මෙරට උතුරු නැගෙනහිර ජීවත්ව ඇති ස්වදේශික දෙමළ ජනතාව ගැන ය. මා මෙම විවාදය තුළ දී ඒ බව ඔප්පු කිරීමට ඉතිහාසීය දත්ත ගෙනහැර පෑමට අදහස් නොකරමි. අපේ අභිලාශය කිසිවකු අභියෝගයට ලක් කිරීම නොව මෙරට මුහුණ දී සිටින ප්‍රශ්ණ සුහුදව විසඳ ගැනීම පිනිස සියලුදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ය.

ව්‍යවස්ථාව රටක මූලික සහ උත්තරීතර නීතිය වේ. බහුත්වාවදී වන බොහෝ රටවල බොහෝ අවස්ථාවල දී ව්‍යවස්ථා සකස්කර ඇත්තේ එම බහුත්වවාදයට ඉඩ සළසනු පිනිස විවිධ ජනයා අතර සම්මුතියේ පදනම මත ය. එවැනි අවසාරණයන් විසින් ස්වකීය සුවිශේෂ අනන්‍යතාවයන් රැකගනිමින් විවිධ ජනයා සමගි කොට එක් රටක් තුළ එක් ජාතියක් නිර්මානය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නව ව්‍යවස්ථාවක් ඇති කිරීම අපේක්ෂා කරයි.මේතාක් දුරට නම් මෙරට කිසිදු ව්‍යවස්තාවක් සියලු ජනයාගේ සම්මුතියෙන් සකස් කර නැත.

1957 සිට 1965 දක්වාත් ඉන් අනතුරුවත් දෙමළ ප්‍රශ්ණය ආමන්ත්‍රණය කිරීමට තැත්දරා තිබේ. පශ්චාත් 1983 විශේෂයෙන්ම පශ්චාත් 1987 යුගයෙහි දී මෙම ප්‍රයත්නයන් උත්සන්න විය. 1988 ඇති කරන ලද 13වන ව්‍යාවස්ථා සංසෝධනය විසින් එක්සත්, නොබෙදුණූ, අභේද්‍ය ශ්‍රී ලංකාවක් තුළ ආණ්ඩුකරණ බලය බෙදන ලද පලාත් සභා සහ ඒකාබද්ධ උතුරුනැගෙනහිර පලාත පිහිටුවන ලදී. 1988 දී 13වන සංසෝධනය නීතිගත කිරීමෙන් අනතුරුව විවිධ ආණ්ඩු සහ විවිධ ජනාධිපතිවරුන් යටතේ බලය බෙදීමේ ව්‍යවස්ථාමය රාමුව ඉදිරියට ගෙන යාම පිනිස විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුණි. මෙම ක්‍රියාදාමයන් තුළ පුළුල් එකඟතාවයන් ගොඩ නැගුණි.

සවිස්තරව නොකීව ද ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ගරු ඩඩ්ලි සේනානායක, ජනාධිපති ජයවර්ධන, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායන කුමාරතුංග, ගරු මහින්ද රාජපක්ෂ සහ ගරු ම‍ෛත්‍රීපාල සේනානායකගේ සහ ගරු රනිල් වික්‍රමසිංහගේ පසුගිය ආණ්ඩුව යන මෙම ප්‍රබල නායක නායිකාවන් සියල්ලෝම 60 වසරක් පුරා පිළිගත හැකි අන්දමකට ජාතික ප්‍රශ්ණය විසඳීමට උත්සාහ දැරෑ බව කි යුතු ය. එබැවින් මෙම ප්‍රශ්ණය පිළිගත හැකි සහ සතුටුදායක අවසානයක් කරා ගෙන ඒම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යටතේ පවත්නා වත්මන් ආණ්ඩුවෙහි වගකීම වේ.

මෙම අදහස් දැක්වීම අවසානයකට ගෙන ඒමට පෙර, වත්මනෙහි අගමැති වන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් ප්‍රකාශ කරන ලද ස්ථාවරයන් කිහිපයක් පමණක් පෙන්වා දීමට කැමැත්තෙමි. මන්ද යත් එතුමා ජනාධිපති වශයෙන් සිටිය දී කී දේ යළි වාර්තාගත කිරීම වැදගත් නිසා ය. දැන් ඔහු අගමැති ය. සහෝදරයා ජනාධිපති ය.

2006 ජූලි 11 දින සර්ව පාක්ෂික නියෝජිත කමිටුව සහ බහුවාර්ගික විශේෂඥ කමිටුව හමුවෙහි ඔහු මෙසේ කීවේ ය:

අප දේශයෙහි සමගිය, භෞමික අඛන්ඩතාවය සහ සෛවරීත්වය රැක ගත යුතු ය. මෙය කේවල් කළ හැකි නොවේ. අපේ ප්‍රවිශ්ඨය අන්තර් ජාතික ප්‍රජාව විසින් ද විශේෂයෙන්ම ඉන්දියාව සහ සම සභාපති රටවල් විසින් අනුමත කර තිබේ. මෙම රට කිසිම අයුරකින් බෙදා වෙන්කීරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අපේ අරමුණ විය යුත්තේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ සාධාරණ විසදුමක් ඇති කිරීම .’

ඔහු මෙසේ ද කීවේ ය:

ස්වකීය ප්‍රදේහයන්හි ජීවත්වන ජනයා සිය ඉරණම ගැන වගබලා ගනිමින් තම දේශපාලනය ආර්ථිකය සහ පරිසරය පාලනය කළ යුත් ය. අසමානුපාතික ලෙස සම්පත් බෙදා හරින මධ්‍යගත තිරණ ගැනීමේ ක්‍රමය සෑහෙන කාලයක් පුරා ප්‍රශ්ණයක්ව තිබේ. ඊට අමතරව, මධ්‍යම ආණ්ඩුව මත ඕනැවට වඩා රදා පවතින්නේ නැතිව,න්‍යායාත්මකව බලය බෙදා හැරීම විසින් අනන්‍යතාවය මෙන්ම ආරක්ෂාව සහ සමාජ ආර්ථික සංවර්ධනය ආමන්ත්‍රණය කළ යුතු ය. මේ අරභයා ම ප්‍රාදේශීය සුලුතරයන් පිළිඳ ප්‍රශ්ණ ද ආමන්ත්‍රණය කළ යුතු ය.’

රටෙහි සෛවරීයත්වය කැපකිරීමෙන් තොරව, එළඹෙන ඕනෑම විසඳුමක් හැකි උපරීම බලය බෙදා හැරීමක් කරා යෑමක් විය යුතු ය. ගැටුමෙහි සන්දර්භය සළකමින්, විශේෂයෙන්ම සාමය සදහා සක්‍රීය ලෙස ක්‍රියාකරමින් අනෙක් ප්‍රජාවන්ට ඉඩ සැළසීම සදහා දෑත් දිගු කිිරීම බහුතර ප්‍රජාව මත පැවරේ.’’

මා මෙම ප්‍රකාශය උපුටා දක්වන්නේ එමගින් ජනාධිපති මහන්ද රාජපක්ෂ සිය පක්ෂයේ ස්ථාවරය දැක් වූ නිසා ය.

අනන්‍යතාවය මෙන්ම ආරක්ෂාව පිළබඳ ප්‍රශ්ණ ආමන්ත්‍රණය කළ යුතු ය. එක්සත්, නොබෙදුණු, අභේද්‍ය ශ්‍රී‍රී ලංකාවක් තුළ හැකි උපරිම බලය බෙදීම ද ආමන්ත්‍රණය කළ යුතු ය.

මෙය මතකයේ තබා ගැනීම, නෝනාවරුනි, මහත්වරුනි, මූලධාර්මික ය. මෙම සියලු ප්‍රයත්නයන් දරන ලද්දේ ජාතික ප්‍රශ්ණය විසදීමට ය. එය අවසානයක් කරා ගෙන යෑම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීම වේ.

තව ද අන්ර් ජාතික ප්‍රජාව ට විහේසයෙන්ම ඉන්දියාවට සහ සමසභාපතිවරුන් වෙත දෙන ලද පොරොන්දු ද තිබේ. ඒවා ද ඉටු කළ යුතු ව තිබේ.

ජායාරූප ගෝඨාභය රාජපක්ෂගේ ටිවිටර් ගිනුමෙනි.

 

 

 

Back to Top